ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 8.30 ට විකාශනය කෙරෙන පොර්ක් වීදිය කියන ටෙලි නාට්‍යය කාගෙත් ප්‍රතිචාර මැද ඉතාමත් හොඳින් ගලාගෙන යනවා. ඉතින් මේ කතාවේ හැටියට දෙව් සහ චේනූ කුලී නිවසක තමයි නැවතී සිටින්නේ. ඔවුන් යන එන වාහනය පවා ලෝන් දමා තමා මිලදී ගෙන තිබෙන්නේ. ඉතින් මේ වගේ බොහොමයක් ප්‍රශ්න මැද ඔවුන් ජීවිතේ ගොඩනඟා ගැනීමට නොයෙකුත් රැකියාවන් කරමින් ජීවිතය සාර්ථක කර ගන්න උත්සහ කරනවා. ඉතින් දෙව් සහ චේනූ විවාහ වෙලා මේ වෙද්දි මාස හයක් ගතවී හමාරයි. ඉතිං ඔන්න ගෙදරට පැමිණෙන දෙව් දුරකථනය අරගෙන ෆේස්බුක් වෙත යනවිට ඔහු දකිනවා චේනූ සහ ඔහු මන්දාකිණි සමගින් ගත් ඡායාරූපයට විශාල වශයෙන් කැමැත්ත පළ කර තිබෙනවා. ඉතින් මේ වෙනකොට චේනූ ගොඩක් මහන්සි වී තමයි ඉන්නේ. ඉතින් ඒ ඔවුන් වැඩ නිමකර ගෙදර එනකොට සෑම දිනකම රාත්‍රී 12 පසු වෙනවා. ඉතින් මේ මහන්සියත් නිසා චේනූ දේව්ට ඔවුන්ගේ භාජන හෙට උදෑසන පිරීසුදූ කරමු කියා පවසනවා. ඒ වෙලාවේ දී දෙව් ඒ කළ නොහැකි බවත් දැන්මම ඒ අස්පස් කරමු කියාත් චේනූට පවසනවා. ඉතින් ඔවුන්ට මේ විදිහට කරන රැකියාවට අමතරව තවත් රැකියාවල් කර මුදල් සොයා ගන්නට වී ඇත්තේ ඔවුන් කුලී නිවසක සහ ලෝන් දමා වාහනයක් අරගත් නිසයි.

ඉතින් මේ නාට්‍ය රංගනයෙන් දායක වන සුජානි මේනකා කියන්නේ පාසලක උගන්වන ගුරුවරියක්. ඉතිං ඇයත් විවාහවී ඇයට පුංචි දරුවන් දෙදෙනෙක්ද සිටිනවා. ඉතින් මේ විදියට උදේ කාලයේදී පාසලට ගොස් ඒ රාජකාරිය නිම කර නිවසට පැමිණ යළි වතාවක් ඔහුගේ සැමියා සමඟින් ඇය රාත්‍රී  කාලයේ මේ විදියට කෑම සාදා ගෙන ගොස් පොරක් වීදිය තුළ කෑම විකුණනු ලබනවා.   ඉතින් ඒ සියලු කටයුතු අවසන් වී ගෙදර එන්නේ ඔවුන් පසුවදා පාන්දරයි. ඒ කියන්නේ රෑ දොළහ පසුවී තමයි මේ සියලු දෙනාම සිය නිවෙස් වලට පැමිණෙන්නේ. ඒ වෙද්දී ඔවුන්ගේ දරුවන් පවා නිදාගෙනයි සිටින්නේ. ඉතින් ඇත්තටම ඔවුන්ගෙ ජීවිත හරි අමුතුයි. මුළු කාලයම රැකියාවන් වෙනුවෙන් කැපවී ගෙදර පැමිණ යළි වතාවක් පසුවදා උදෑසන වනවිට යළි රාජකාරි වලට පිටත් වෙනවා. ඉතින් මේ නාට්‍යයේ රඟපාන දමිතා අබේරත්න  සහ ධර්මප්‍රිය ඩයසුත් අන්න ඒ වගේ ජීවිතයක් තමයි ගත කරන්නේ. හැබැයි මොවුන්ගේ ජීවිත නම් අනිත් අයට වඩා වෙනස්. ඒ කියන්නේ මොවුන් ජීවත් වෙන්නේ නිවසක් තුළ නොව ඔවුන් කෑම බීම හදාගෙන රාත්‍රි කාලයේ ඒවා විකුණන ඒ පුංචි වාහනයම තමයි ඔවුන්ගේ නිදියහන බවටත් පත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ සියලු දෙනාම ජීවිතේ හරි අමාරුවෙන් තමයි සියළු දේවල් කර ගන්නේ. හැබැයි මේ මොනදේ උනත් ඔවුන්  දෙදෙනා හරිම ආදරෙන් ජීවත් වෙනවා.

ඉතින් ඔන්න මේ වෙනකොට පසුදා උදෑසන සූජානි සිය දරුවන් දෙදෙනාවත් ලෑස්ති කර ගනිමින් ඈයත් ලෑස්ති වී පාසලට යෑමට සූදානම් වෙමින් තමයි සිටින්නේ. ඉතින් මේ වෙලාවේ ඇගේ සැමියා වන ඩිලාන් කෑම හදමින් හරිම කලබලයෙන් තමයි සිටින්නේ. ඉතිං මොවුන් දෙදෙනාගේ වාහනත් ලෝන් දමා තමා මොවුන් මිලදී ගෙන තිබෙන්නේ. ඉතින් ඔන්න මේ වෙද්දි  දෙව්ත් ඔහුත් රාජකාරී කරන ස්ථානයට යන්නට සූදානම් වෙමින් තමයි ඉන්නේ. ඒ අවස්ථාවේ ඔවු ඔහුගේ බිරිඳ වන චේනූට අලුතින් පෝක් සෑදීමට ඇති recipes ගැන සොයා බලන්න කියනවා. ඉතිං ඔය අතරදීම ඔවුන් දෙදෙනා කතා වෙනවා ඔවුන් සමඟින් පොර්ක් වීදිය තුල වෙළඳාම් කරන අනිත් අය පොක් සාදන ක්‍රමය සොයා ගන්නට අවශ්‍ය බවත්. ඉතින් ඔන්න මේ වෙලාවේ පාසලේ ඉන්න සුජානි ගුරුවරුන්ගේ විවේක කාලය ගත කරන එම කාමරය තුළත් රාත්‍රියේ දී සාදන කෑම වර්ග වලට අවශ්‍ය කරන දෑ එම කාමරයට වී සූදානම් කරමින් තමයි ඉන්නේ.

ඉතිං ඔන්න මේ කතාවෙ හැටියට නිළියක් වී ඉන්න මන්දාකිණි කෑම සෑදීමට අවශ්‍ය කරන බඩු බාහිරාදිය රැගෙන පොර්ක් වීදියට පැමිණෙනවා. ඒ වෙලාවේ එතැනට පැමිණෙන පුද්ගලයෙක් ඒය දකිනවත් සමගම ඇය මෙලෙස මෙතනට පැමිණියේ ඇයි දැයි විමසන විට ඇය  පොර්ක් වීදිය තුළ කඩයක් ආරම්භ කරන්නට යන බව ඔහු සමගින් පවසනවා. ඉතිං ඔන්න මේ වෙලාවේ එම පුද්ගලයා විසින් සේනකට සහ ඔහුගේ බිරිඳට කතා කරනවා. එලෙස කතා කර මන්දාකිණි barbecue විකිණීම සඳහා මෙතන තෝරාගෙන ඇති බව ඔවුන් සමඟින් පවසනවා. ඒ වෙලාවෙත් සේනක විසින් මෙතන බිස්නස් සිදු කරන්නේ අහිංසක මිනිස්සු බව ඇය සමගින් පවසා සිටියා. ඉතින් මේ වෙද්දි එතැන වෙළදාම් කරන කිසිවෙකුත් මන්දාකිණි එතැනට පැමිණ වෙළඳාම් කරනවාට කැමති වූයේ නැහැ. මන්ද ඇය එසේ වෙළදාම් කරද්දී ඔවුන්ට එයින් පාඩුවක් සිදු වෙයි කියයි ඔවුන් සිතන්නේ. ඉතිං ඔන්න වෙනූ මේ වෙලාවේ යූටියුබ් එක තුලින් පොර්ක් කරිය සාදන ආකාරය බලමින් ඒ සාදමින් තමයි සිටින්නේ. ඔය අතරෙදි දෙව් වැඩ ඇරී නිවසට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ දෙව් කුස්සියට පැමිණ පොර්ක් කරිය  රස බලමින් ඒය සාදා තිබෙන ආකාරය හොඳයි කියා  චෙනූට පවසනවා. නමුත් අනිත් අයගේ රස වගේ නැති බවත් දෙව් පවසනවා. ඉතිං ඉන්පසු සියලු දේ ලෑස්ති කර ගනිමින් මේ අවස්ථාවේ ඔවුන් පොර්ක් වීදියට යාමටයි සූදානම් වෙන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *