මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ රාත්‍රි 8.30ට විකාශය වන පාර දිගේ ටෙලි නාාට්‍ය ඉතාමත් ඉක්මනින් ප්‍රෙක්ෂක ආදරය දිනාගනු ලැබුවා.පසුගිය සතියේ සිදු වූ දේ විමසා බලමු.බන්ටි සොයා පැමිණෙන බන්ටිගේ තාත්තා හට බොරු කියා බණ්ඩා ඔහුව හරවා යවනවා.ඉන්පසු බන්ටි බණ්ඩාගේ නිවසට එනවා ඉන්පසු තාත්තා එසේ පැමිණියේ ඇයි දැයි බන්ඩා ඇගෙන් විමසනවා.ඉන්පසු අළුවිහාරේගේ නිවසට බානු බන්ටි සහ බන්ඩා පැමිණෙනවා.ඉන් පසු ඔවුන්ට ඇඳුම් මාරු කරගැනීමට කාමරයක් සකසා දෙන බව රෙක්සි ආරියසේනට කියනවා.මේ අතර නිවසට පැමිණෙන ටුටු සියලු දෙනා පාටියට ගිය බව සිකුරා සහ ඩාලිං අක්කා හට පවසනවා.ඉන්පසු සිදු වූ දේ ගැන ඔවුන් කතා කරනවා.මේ අතර අළුවිහාරේගේ නිවසට වත්සලා පැමිණෙනවා.රෙක්සි පැමිණ බන්ඩා හට කාමරයේ දොර වසා සිටින ලෙස පවසා යනවා.මේ අතර වත්සලා රෙහාන් සමඟ රෙහාන්ගේ නංගි එන බව පවසනවා.මේ අතර වත්සලා තම කාමරයට එක්කගෙන යන ලෙස රෙක්සි රෙහාන්ට පවසනවා.ඉන් පසු රෙහාන් වත්සලාව තමා හට ඇඳුමක් තෝරා දෙන ලෙස ඇයට කියනවා.ඉන්පසු රෙක්සි ඔවුන් කාමරයෙන් එළියට යාමට එක්කගෙන යනවා.ඔවුන් එළියට යද්දිම රෙහාන්ගේ නංගි පැමිණෙනවා.ඉන්පසු බන්ඩා සහ සියලු දෙනා නැවත කාමරයට යවනවා.මේ අතර වත්සලා රෙහාන්හට කමිසය අන්දමින් ඉන්නවා.එතැනට පැමිණෙන රුවිනි මේ සිදුවන්නේ කුමක්ද කියා විමසනවා.ඉන්පසු රුවිනි සහ වත්සලා කාමරයට ආ විට රෙක්සි බන්ඩා බානු සහ බන්ටිව නිවසින් පිටතට යවනවා.

ඉන්පසු රෙහාන් සමඟ ඔවුන් යන ගමන් මගින් බස්සාගෙන යන ලෙස කියනවා.ඉන්පසු එතැනින් යන රෙහාන්ගේ කාර් එකට බන්ඩා අත දානවා.ඉන්පසු රෙහාන් කාර් එක නොනවත්වා යනවා.ඉන්පසු කේන්ති යන බන්ටි ත්‍රීවිල් එකක නැඟ නැවත පැමිණෙනවා.නැවත රෙහාන් හා රෙක්සි කාර් එකෙන් පැමිණෙනවා.ඉන්පසු බන්ඩාවත් කාර් එකේ දමාගෙන බන්ටි සෙවීමට යනවා.ඉන්පසු බන්ටි සොයා මේ සියලු දෙනා පැමිණෙනවා.බන්ටි සහ බානු සමඟරෙක්සි පැමිණෙනවා.මේ අතර රෙහාන්ගේ බොස් සහ දුව පාටි එකට පැමිණෙනවා ඔවුන් සමඟ ඇගේ යහළුවෙක් වන නානායක්කාරගේ දියණිය පැමිණෙනවා.මේ අතර බන්ටි සොයා බානු පැමිණෙනවා.බන්ටි මුහුද අසලට වී සිටින බන්ටිව හමුවෙනවා.බන්ටි නැවත පැමිණෙන බවත් පවසා රෙක්සිව ඔවුන් සිටින තැනින් පිටත් කර යවනවා.ඉන්පසු රෙහාන්ගේ බොස් ඔවුන් පරක්කු වීමට හේතුව ඇමතුමක් ලබා දි විමසනවා.ඉන්පසු ඔවුන් එන බව කියනවා.බන්ටි සහ සියලු දෙනා පාටි එකට පැමිණෙනවා.ඉන්පසු රෙක්සි බානු හට කතා කර සිංදුවක් කීමට ආරාධනා කරනවා.පාටිය අවසන් වී බන්ටිව නිවසට දැමීමට රෙහාන් පැමිණෙනවා.පසුදින කාර්යාලයට ගිය රෙහාන් හට තම බොස් ඔහුගේ බිරිඳ සරණිව බැලීමට කැමැත්තෙන් සිටින බව කියනවා.ඉන්පසු ඔවුන්ට දිනයක් දී නිවසට පැමිණෙන ලෙස කියනවා.බානු බන්ඩා සමඟ පාටි එකේදි නානායක්කාරගේ දියණිය ඔහුව දුටු බව කියනවා.නානායක්කාරගේ දියණිය බානුව දුටු බව මවට කියනවා.

මේ අතර රෙහාන්ගේ නිවසට පැමිණෙන රෙහාන්ගේ මව කාමරයේ තියෙන ගැහැනු ඇඳුම් දැක ආරියසේනට බැන වදිනවා.ඉන්පසු රෙහාන් හට කතා කර සිදු වු දේ කුමක්ද පවසනවා.ඉන්පසු රෙහාන් රෙක්සි හට කතා කර සිදු වූදේ සමතය කරන ලෙස කියනවා.ඉන්පසු රෙක්සි රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.මේ අතර නානායක්කාර ඇප ලැබි නිවසට පැමිණෙනවා ඉන්පසු කෝප වන පුෂ්පා ඔහුට බැන මෙතැනින් යන ලෙස කියනවා.නිවසට පැමිණෙන රෙක්සි තමාගේ උවමනාවටක ගෙනා ඇඳුම් බව පවසනවා.ඔහු කරන්නේ බොරුවක් බව රෙහාන්ගේ මව කියනවා.මේ අතර නානායක්කාරවත් රැගෙන ඩේමියන්STUDIO එකට පැමිණෙනවා.
පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *