නීල පබළු ටෙලි නාට්‍ය මේ දවස් වල ගොඩක් දෙනා ආස කරන ටෙලිනාට්‍යක්..ඉතිං මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ කුරුළු සහ අබිමන්. එ කියන්නේ ටනාෂා සහ සුමිරාන්.. ඉතිං මේ දෙන්නාගේ ආදර කතාව තමයි මේ කතාව තුළින් ගෙන එන්නේ… කෙසේ වුවත් කුරුළු අභිමන් ආදරයට ලොකු බාධකයක් සිටිනවා.. එ තමයි පූජා. එ කියන්නේ නයෝමි තක්ෂිලා.ඇය මේ කතාව තුළ ඉතාමත් නපුරු චරිතයක් තමයි රඟ දක්වන්නේ.. ඇය ඉමහත් සේ අභිමන්ට ආදරය කරනවා එ අතරතුරදී තමයි කුරුළු කියන කෙනා මේ අතරට පැමිණෙන්නේ. එ පැමිණීමත් සමඟ සියළු දේ වෙනස් වනවා. කුරළුට අභිමන් කෙරෙහිත් අභිමන්ට කුරුළු කෙරෙහිත් ආදරයක් ඇතිවෙනවා. එය දැනගත් පූජා හැමවිටම උතසහා කලේ කරුළුට වෛර කරමින් අභිමන්ගේ ආදරය ඇය ළඟම තබා ගැනීමටයි.. නමුත් ටික දිනක් යන විට අභිමන්ගේ සිත කුරුළු කෙරෙහි ආදරයෙන් බැඳුනා.. නමුත් එය දැනගත් අභිමන්ගේ පියා එයට විරුද්ධ වෙනවා.. ඔහු කැමති වුයේ පූජාත් සමඟින් අභිමන් විවාහ වෙනවටයි.. නමුත් ටික දිනක් ගත වෙද්දී ඔවුන්ගේ ආදරයට කොයිතරම් නම් බධා මතු වුවත් ඔවුන් එ සියළු දේ ජයගෙන ඔවුන්ගේ ආදරයට අභිමන්ගේ තාත්තාගෙන් පවා කැමැත්ත ලබා ගන්නවා..

ඉන්පසුව පූජාගේ තරහව, වෛරය තව තවත් දිනෙන් දින වැඩි වෙන්නට පයන් ගන්නවා..ඔහොම ගෙවී යද්දී පූජාට දැනගන්නට ලැබෙනවා ඇය මේ වෛර කරන හතුරුකම් කරන කුරළු කියන්නේ ඇගේ නැඟණිය බව. එය දැනගන්වාත් සමඟම ඇය තවත් කුරුළු කෙරෙහි වෛර බැඳගන්නවා. පූජා කියන්නේ අම්මා තාත්තා නැතිව තනිව හැදි වැඩුණු කෙනෙක්. ඒ නිසා ඇය ඉතාමත් දරදඬු කෙනෙක්. ඉතිං ඔහොම කාලය ගත වී යද්දී පුජා සිතනවා කුරුළු මේ ලොකෙන් ඈත් කරන්න. එ තමන්ගේ ආදරය තමන්ටම ලබා ගැනීමේ අරමුණ නිසයි.. ඉතිං එ නිසා පූජා තීරණය කරනවා කුරුළුව මරන්නට.. එය සිදුවන්නේ කුරුළුව චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම සඳහා තිලක් නම් වු අධ්‍යක්ෂකවරයා විසින් තෝරා ගනු ලබනවා.එ සඳහා කුරුළු සමඟ එම කණ්ඩායම දුර පළාතක රූගත කිරීම් සඳහා යනවා. එසේ යන අවස්ථාවේදී පූජා ප්ලෑන් කරනවා එ අතරතුර ඇයව මරා දැමීමට.ඇය කුරුළු ගමන් කරපු වාහනයේ රියදුරුට කරුළුව මරන්න කියා උපදේස් දෙනවා. ඉන්පසු කුරුළුව ඟඟට වාහනය පිටින්ම එම රියැදුරා ඇඳ දමනවා.. එ අවස්ථාවේදී පූජා සිතුවේ කුරුළු මියගොස් ඇති බවයි.

නමුත් නොසිතු දිනයක කුරුළු ඈත පළාතක වෙනත් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ළඟ ජිවිත් වනවා.. නමුත් සියලු දෙනාම සිතගෙන ඉන්නේ කුරුළු ජිවිතෙන් සමුගෙන ඇති කියායි..කුරුළුගේ ආදරණීය අම්මා මානසිකව වැටී ලෙඩෙක් බවට පත්වෙනවා. එ අතරතුර මහිමා නම් වු කෙනෙකු කුරුළු සේවය කරපු සේවා ස්ථානයට පැමිණෙනවා ඒ රැකියාවක් සොයාගෙන.. මහිමාට එ අයතනයේ ඉන්න අය කුරුළු ගැන විස්තර තියනවා. ඉන්පසුව ඇඟේ පින්තුරයක් දුටුවිටම මහිමාට සිතා ගත නොහැකි වෙනවා. ඒ මන්ද කුරුළුගේ රුව ඇති කෙනෙක්ම තම ගමේ විහාරා නමින් සිටින නිසයි. ඇය එදින සිටම ලොකු සැකයකින් සිටිනවා එ ඉන්නේ කුරුළුද කියා..මෙසේ කාලය ගෙවී යද්දී මහිමා වැඩ කරමින් සිටින අතරතුරේ මහිමාගේ පෙම්වතාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. එ ඇගේ අම්මාට අසනීපවී රෝහල් ගත කළ බව කියා.. එවිට කලබලයට පත් වු ඇය කුමක් කරන්නද කියා සිතාගන්නට නෙහැකිව සිටියදී පූජා ඇයට උදව් කිරීමට පැමි‍ණෙනවා..

මහිමාට ගෙදර යන්න වුවමනා වූ වේලාවේ පූජා ඇයත් සමඟ ඇගේ ගෙදර යාමට එන්න කැමති වෙනවා.. එසේ යන අතරතුරදී මහිමා කුරුළු ගැන සියළු විස්තර හෙළි පූජාට හොළි කරනවා.. එ කුරුළු වගේම කෙනෙක් ඇඟේ ගමේත් සිටිනා බව කියමින්.. පූජා ඒ අවස්ථාවේ විස්මයට පත් වෙනවා. මන්ද ඇය ඇගේ ඇස් දෙකෙන්ම කුරුළු මියගොස් සිටිනවා දැකපු නිසාවෙනි.. නමුත් ඇය මහිමා සමඟ ගොස් ඇයව ගෙදරින් බස්සවා හොටලයකට ගොස් නැවතී හිඳ ඉන්පසු දිනයේ කොළඹ යෑමට සිතුවත් එය එසේ නොවුනා.. එතන සිටි කුරුළුව ගෙදර තියාගෙන සිටිනා ලොකු සර් නම් වු තැනැත්තා ඇයට ඔහුගේ ගෙදර සිටිමට හැකි බව පවසනවා. එම නිසා ඇය ඔහුත් සමඟින් ඔහුගේ නිවසට යනවා. ඉන්පසුව පසුවදා උදේ ඇය එළියට එන විට මල් කඩමින් සිටින කුරුළුව දකිනවා.. එ අවස්ථාවේ ඇය ඉතා බියට පත්වෙනවා.. ඇය කුරුළු කියා නම කීවත් කුරුළු දන්නේ නැ කරුළු කියන්නේ ඇයට කියා. මන්ද ඇයට සිදුවූ අනතුර හේතුවෙන් ඇගේ මතක ශක්තිය නැති වී ගියා. එම නිසා ඇය පූජාව අඳුන ගත්තේ නැහැ.. ඉතිං ඉදිරියේදී කුමක් සිදුවෙයිද? අභිමන්ට කුරුළුව මුණ ගැසෙයිද? කුරුළුගේ මතක ශක්තිය ලැබෙයි ද කියන මේ සියළු දේම අප හැමෝටම කුතුහලයකි..

ඉතිං පූජා මේ වෙද්දී ඉස්කොලේ මහත්තයාගේ ගෙදර නැවතිලා තමයි ඉන්නේ.. ඉතිං එක්වරකදී පූජා ඉස්කොලේ මහත්තයාට සහ නෝනාට ඇයටත් මේ වගේම නංගි කෙනෙක් සිටියා ඇය නැති වුන බව ඔවුන්ට පවසා සිටිනවා.. ඉතිං කුරුළුට කෙහොම උනත් පූජා ගැන කිසිම මතකයක් නැහැ.. ඇය විවිධ දේවල් ඇගෙන් ඇහුවත් කුරුළුට ඒ දේවල් මතක් වෙන්නේ නැහැ. ඉතිං මේ ගෙදර ඉන්න විටත් පූජා විටින් විට කුරුළුව මරන්න සැලසුම් හදන්න පටන් ගන්නවා..

මේ අතරම අභිමන්ට පොලිසියෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.. එහිදි පොලිසියෙන් පවසන්නේ කුරුළු සිටිනවා දැක්ක කියපු ගැටබේ පන්සල ළඟ තිබ්බ සිසිටිවි දර්ශන පොලිසියට සොයා ගැනීමට හැකි වු බව අභිමන්ට පවසනවා… ඊටපසු එම සිසිටිවි දර්ශන ඇතුළත් විඩියෝ පට කිහිපයක් අභිමන්ට පරීක්ෂා කර බලන්න ඇයි කියා පොලිසිය එ්වා අභිමන්ට යවනවා.. එ අවස්ථාවේ අභිමන් එවා පරීක්ෂා කර බලන විටම ඔහුට තේරේනවා එතන සිටින්නේ වෙන කිසිවෙකතු නෙමෙයි කුරළු බව ඔහුට ඔප්පු වෙනවා.. ඔහුට අදාහගත නෙහැකිව ඔහු ගොඩක් සතුටට පත්වෙනවා.. ජූජාත් පසුදා උදේ ලොකු සර්ගේ ගෙදරින් කොළඹට එනන්ට පිටත් වෙනවා.. එ අවස්ථාවේදීත් පූජා කුරුළුව දැක ඇයට කියනවා මම අපහු එන්නම් කියා ඇය බලා යෑමට..එසේ පවසමින් ඇය ගෙදරින් පටත්ව යනවා. මේ අතරදී පොලිස් මහත්තයෙක් එ අසළට මොටර් බයික් එකෙන් පැමිණ ඉස්කෝල මහත්යාව දැක කතා කරනවා. ඒ අවස්ථාවේදී පූජාත් ඒ අසළම සිටිනවා. එ අවස්ථාවේ ඒ පොලිස් මහත්තයා ඉස්කෝල මහත්යාට කියනවා අර දුවගේ report එකත් ගෙනවා කිව්වා කියනවා. පුජා ඒ අවස්ථාවේදී ඒ කුමන report එකක් ගැනද කියන්නේ කියලා කල්නා කරනවා. ඊටපසසේ ඒ ගැන පූජා ඉස්කෝල මහත්යාගෙන් ඇසු විට ඔහු පවසනවා දුවගේ MRI එකක් කලා එකෙ report එක කියලා ඇයට පවසනවා.

ඉන්පසු පූජා ඒ ගැන සිත සිත වාහනයට නගිනවා.. ඇය එ අවස්ථාවේ සිතනවා ඉස්කෝල මහත්යා කුරුළුට Treatments පටන් ගන්න කලින් මොනවා හෝ දෙයක් කරන්නට වෙනවා කියා ඇය සිතනවා.. එ අතරදීම පූජාට අභිමන්ගෙන් දුරකථන ඇමතුමක් එනවා.. එ වේලාවේ අභිමන් ඇයට කියනවා කුරුළු ජිවිත්ව සිටින බව.. ඔහු ඇයගෙන් ඉල්ලා සිටනවා නුවර අවට ඇය සිටිනවාද කියා සොයා බල්නන කියා.. පූජා ඒ අවස්ථාවේ කලබලයට පත් වී කුමක් කරන්නද කියා සිතා ගැනීමට නෙහැකිව සිටිනවා… ඇය ආයිමත් සැරයක් ඉස්කොල මහත්යාගේ ගෙදරට යන්න හේතුවක් හදගන්නේ කෙහොමද කියලා සිතනවා.. ඇය ටික දුරක් මෙහෙම ගිහින් එක තැනකදී වාහනය නතර කරලා ආයෙමත් කල්පනා කරනවා.. ඊටපස්සේ ඇය වාහනයේ බැටරියක් ගලවනවා. ඇය සිතනවා මේ දේ කිරිම තුළින් ආයෙමත් වතාවක් කුරුළු ඉන්න තැනට යාමට හැකිවෙයි කියා..

ෙමේ අතරේදී තව අමුතු දෙයක් සිද්ධ වෙනවා…එ තමයි කුරුළුගේ මිය ගියා තාත්තාගේ සොහොන මතින් නගයෙක් එ සොහාන අසළින් මතුවෙනවා… එ නගයා එතනින් පිටව ගොස් කුරුළුගේ අම්මා සහ නැන්දා සිටින නිවස වෙත පැමිණෙනවා.. එත් එක්කම පූජාත් ආපසු ගමේ සිටින ඉස්කෝල මහත්යාට හිතවත් කොල්ලෙක් පැමිණ ඇයව ඉස්කෝල මහත්යාගේ ගෙදරට මෝටර් සයිකලයකින් රැගෙන යනවා.. මේ වනකොට මහිමා අසනීප වී රෝහල් ගත කරපු ඇගේ මවත් සමඟින් ගෙදරට එනවා.. මේ අතරදී කුරුළුගේ මව සිටින නිවසේ සුභද්‍රාගේ අක්කත් නැවතිලා සිටින්නේ..ඇය ගෙදර අතුගාන ගමන් සිටින විට ඇය දකිනවා.. කුරළුගේ තාත්තා එහෙමත් නැත්තම් මලින්තගේ photo එක තියන තැනින් නාගයෙක් මතු වෙනවා සුභාද්‍රාගේ අක්කා දැකීමත් සමඟ ඇය මහ හයියෙන් කුරුළුගේ නැන්දාගේ නම පවසමින් කෑ ගසනවා..එ අවස්ථාවේ කලබලයෙන් දුවගෙන එන කුරුළුගේ නැනදාට සුභාද්‍රාගේ අක්කා පවසන්නේ නායෙක් කියා මලින්තගේ photo එක පෙන්වනවා.. කුරුළුගේ නැන්දා වන රේෂ්මා ඒ අවස්ථාවේ සුභාද්‍රාගේ අක්කාට පවසන්නේ ඔහුට බය වෙන්න දෙයක් නැ නමුත් කවුරුහරි වරදක් කරලා තියනවා නම් තමයි බය විය යුතු බයව ඇය සුභාද්‍රාගේ අක්කාට පවසන්නේ අමුත්වටයි.

පුජා මේ වෙද්දී ආයෙමත් ඉස්කෝල මහත්යාගේ ගෙදරට ඇවිත් සිටින්නේ.. ඇය කුරුළුවත් ළඟ තියාගෙන ඇයගේන විවිධ ප්‍රශ්න අසනවා.. ඒ අවස්ථාවේදී පූජාට දුරකථන ඇමතුමක් එනවා. එ මිහිමාගේන්. ඒ අවස්ථාවේ කුරුළු වාඩි වී සිිටි තැනින් නැඟිට යාමට උත්සහ කරද්දී පූජා කකුළක් ඉස්සරහට කරමින් කුරුළුව වැට්ටවීමට උත්සහ කරනවා..නමුත් එය ගණන් නෙගෙන කුරළු එතනින් යනවා.. ඔන්න ආයිමත් පූජා කුරුළු සමඟ එළියට වී කතා බහා කරමින් සිටිනවා.. එ අවස්ථාවේ පූජා කුරුළුගෙන් අසනවා මේ හරියේ ලොකු කන්දක් හෝ හෙළක් නැද්ද කියා ඇගෙන් අසනවා..කුරුළු ඒ අවස්ථාවේ තිබෙනවා කියා පැවසීමත් සමඟම පූජා කුරුළුගෙන් අසනවා එ අසල මිනිස්සු ගැවසෙනවද කියා.. කුරුළු ඒ අවස්ථවේ නැහැ යැයි පවසනවා.. ඉතිං පූජා අයෙමත් සැරයක් කුරුළුට අනතුරක් කිරීමටද සැරසෙන්නේ කියන කාරණය හැමෝටම සිතෙනවා…ඉතිං ඔන්න මේ අතරේ මහිම ඇගේ පෙම්වතා සමඟ මෝටර් බයික් එකේ ලොකු සර්ගේ ගෙදරට යනවා.. එ පූජාව හමුවී ඇයට මඟදී සිදුවු කරදරය ගැන දැනගැනීමටයි…ඉතිං මහිමා මේ විදියට ලොකු සර්ගේ ගෙදරට විහාරවත් , පුජාවත් සොයා ගෙන අවස්ථාවේ ඔවනු දෙදෙනාම ගෙදර සිටියේ නැහැ… ලොකු සර් ඇයට පැවසුවේ ඔවුන් දෙදෙනා ඇවිදින්න ගිය බවයි.. එත් සමඟම ඇය ලොකු සර් සමඟින් කතා කර කර ඉන්න අවස්ථාවේ විහාරයි, පුජායි ඈත එනවා මහිමා දුටුවා..ඉතිං එතනට පැමිණෙන පුජාට මහිමා විහිළුවෙන් වගේ කියනවා විහාරට හොඳ කොල්ලෙක් කොළඹින් හොයලා දෙන්න කියා… ඒ වේලාවේ විහාර ලැජ්ජාවෙන් වගේ අනේ පිස්සුද කියලා අහනකොටම පුජා අහනවා විහිරට ගමේ කොල්ලෝ නැද්ද කියා… ඒ වේලාවේ මහිමා ගමේ කොල්ලෝ හිටියාට විහරා කැමති නැති බව පුජාට සිනාසෙමින් කියනවා..ඒ වේලාවේ පුජා තනිවම සිතනවා මංගල ඇඳුම අඳින්න කලින් මරණ ඇඳුම තමයි අඳින්න වෙන්නේ කියා.. ටික වේලාවකතින් මහිමා පුජා ළඟට ඇවිත් අසනවා ඇත්ත නේද ඇය කියපු කතාව කියා.. මේ ඉන්නේ කරුළු මිස් නේද කියා පුජාගෙන් මහිමා අසනවා. පූජා ඒ වේලාවේ කියනවා කටහඬයි හැඩරුවයි එක සමානයි වුනාට විහාරගේ හැසිරීම් අමුතුයි කියා පූජා මහිමාට පවසනවා..

ඔන්න මේ අතරේ අභිමන්ගේ මල්ලි මිදුලට වෙලා ගිටර් එක වාදනය කරමින් සිංදු කියමින් සිටින අවස්ථාවේ ඒ අසලට ගෙදර වැඩ කරන යසෝ බිම වීදුවක්ද රැගෙන ඔහු ළඟට පැමිණ පූජාගේ ජිවිත කතාව සහ ඇය මොනවගේ කෙනෙක්ද කියලා අභිමන්ගේ මල්ලට පැහැදිලි කර දෙනවා.. ඔහු මෙතෙක් කල් සිතාගෙන සිටියේ පුජා කියන්නේ හොඳ කෙනෙක් කියායි.. නමුත් යසෝ කියපු දේවල් ඇසීමත් සමඟ ඔහු පුදුමයට පත්ව පූජා කියන්නේ එතරම් නපුරු කපටි කෙනෙක්ද කියා යසෝගෙන් විමසනවා.

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *