මේ දින වල රාත්‍රි 9.30ට  විකාශය වන නීල පබළු ටෙලි නාට්‍ය ඉතා රසවත් කොටස් වලින් ගලාගෙන යනවා.. ඔන්න මේ වෙලාවේ වාසනා අබිමන් ළඟට පැමිණ ඔහු කල්පනා කරමින් ඉන්න අතරතුර දී ඔහු කල්පනා කරන්නේ පූජා ගැන ද කියා විමසනවා. ඒ අවස්ථාවේ අබිමන් එයට ඔව් කියමින් පිළිතුරු දෙන විට වාසනා ඇය ගැන ඔහු කල්පනා කරන්නේ කුමකටද කියා අසනවා. ඒ වෙලාවේ අබිමන් වාසනාට පූජා කියන්නේ පුදුම හයියක් තිබෙන කෙනෙක් බව පවසනවා. ඒ වෙලාවෙ ඔහු පූජා ගැන හොඳ කියමින් ඇය ගැන වර්ණනා කරා. ඔහුට ඇයට කරදරයක් වූ අවස්ථාවේ ඈ ලඟින් සිටීමට නොහැකි වූ නිසා ඔහුගේ හිතට හරි නැති බව වසනා සමගින් පවසනවා. ඒ වෙලාවේ එක සැරේටම වාසනා පූජාට සිදුවූදේ හොඳ යැයි කියමින් පූජා කරපු දේවල් වලට කර්මය විසින් දුන්න දඬුවමක් කියා අබිමන්ට පැහැදිලි කර දෙනවා. ඒ වෙලාවේ මිනිස්සු කොයිතරම් නම් වැරදි කළත් මනුස්සයෙක්ට වැරදුණ අවස්ථාවකදී කරදරයක් වූ අවස්ථාවකදී මෙලෙස සතුටු විය නොහැකි බව වාසනාට පවසනවා.

ඔන්න පසුදා උදෑසනම අබිමන් පූජා බැලීමට යාමට සූදානම් වෙනවා. ඒ වෙලාවෙ ඔහු ලොයිඩ් ළඟට පැමිණ පූජා බැලීමට ඔහු යන බව පවසනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ අබිමන් පූජගෙ ගෙදරට පැමිණෙනවා ජනනාත දකිනවා. ඒ අවස්ථාවේ ඔහුව දකින ජනනාත ගේ ඇතුලට යන්න හදන විටම අබිමන් ඔහුට කතා කරනවා. ඉතින් මේ වෙලාවේ කේන්තියෙන් සිටින ජනනාත අබිමන් පැමිණියේ ඇයි දැයි විමසනවා. ඒ වෙලාවෙ ඔහු පූජාට සිදුවූ කරදරය ගැන කිසිසේත්ම නොදැන සිටි බව ජනනාත සමගින් පවසනවා. ඔහු ඒ ගැන දැනගත්තා නම් ඔහු අනිවාර්යයෙන්ම ඔවුන් සමඟින් කොත්මලේ යාමට පැමිණෙන බවත් ජනනාත සමගින් පවසනවා. ඒ කිසිම අවස්ථාවක අබිමන් කියන කිසිවක් විශ්වාස කිරීමට ජනනාත කැමති වූයේ නැහැ. ඉන්පසු කොහොමහරි ජනනාත පූජාව බැලීමට අවශ්‍ය නම් ඇය කාමරයේ සිටින බව අභිමන් ට පවසනවා. ඉන්පසු කාමරයට පැමිණෙන අභිමන් පූජා ඉතාමත් වෙදනාවෙන් නිදා සිටිනවා දකිනවා. ඒත් සමගම ඇය දකිනවත් සමගම ඔහුට ඇය ගැන දුකක් ඇතිවනවා.ඔහු පූජාගෙ නම කියමින් ඇයට කතා කරන විට පූජා අබිමන් දෙස බලනවා. ඔහු පූජාගෙ ගුණ වර්ණනා කරමින් ඇයට කිසිම කරදරයක් සිදුවන්නේ නෑ කියා පවසනවා. ඒ වෙලාවේ  ඔහු ඇය ශක්තිමත් විය යුතු බවත් පවසනවා. ඒ වෙලාවේ ඇයගේ ඕනෑම දෙයකට ඔහු ශක්තියක් වෙලා සිටින බව පවසනවා. මේ වෙලාවේ පූජා කදුළු ඇස්වල පුරවාගෙන අභිමන් කියන සියලු දේ අසා සිටිනවා කියා අභිමන් පවසනවා. ඉතිං මෙලෙස කතාකර අභිමන් පූජාට ඉක්මනින් සනීප වෙන්න කියමින් එතනින් පිටව යනවා. ඔන්න ඔය අතරදිම මහිමා පූජාට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ ඇය නිසා පූජාට කරදරයක් සිදු වුණ නිසයි. ඒ වෙලාවේ පූජා ඒ ගැන සිතන්නට එපා කියා මහීමාට පවසනවා.

ඉතින් ඔන්න මේ වෙලාවේ කුරුලුගේ නැන්දා වන රෙෂ්මා සිටින නිවෙසට කුරුලුගේ හොඳම යහළුවෙක් වන ආදිත්‍ය කාලෙකට පසු පැමිණෙනවා. ඉතිං ඔහු දන්නේ නැහැ තවමත් කුරුලු ජීවිත සමුගත් බව. ඔහු ඒ ගැන නොදැනයි මෙලෙස කුරුලුව සොයා පැමිණෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගෙදරට පැමිණෙන ආදිත්‍ය සමගින් රෙෂ්මා ඔහු නැති කාලේ ගොඩක් දේවල් සිදු වූ බව ආදිත්‍ය  සමගින් පවසනවා. මේ වෙලාවෙදි ආදිත්‍ය සිතාගෙන සිටින්නේ කුරුලු විවාහ වී ගෙදරින් ගොස් ඇති බවයි. ඒ වෙලාවේ රෙෂ්මා හඩමින් කුරුලු මියගිය බව ආදිත්‍යට පැවසුවා. ඒ වෙලාවේ ඒය අදහගනන්ට බැරි වුන ආදිත්‍ය ඒය පිළිගන්නට කැමති වූයේ නැහැ. ඔහුට ඒය දරා ගැනීමට නොහැකි වූවා.ඉතින් ඒ දැනගත් පසු ආදිත්‍ය අසනීපයෙන් සිටින කුරුලුගෙ අම්මා වන සුභද්‍රාව බැලීමට කාමරේට පැමිණියා. ඒ වෙලාවේ සුභද්‍රා ආදිත්‍යව හඳුනාගෙන කුරුලු යහලුවෙක්ගේ ගෙදර ගිය බව ආදිත්‍ය සමගින් පවසනවා. ඉතින් මේ වෙනකොටත් සුභද්‍රා ඉන්නේ හොඳ සිහියෙන් නෙමෙයි.ඇය කුරුළුගෙ මරණයෙන් පසු තවමත් කම්පනයෙන් සිටින්නේ. ඒ වෙලාවේ ආදිත්‍ය ඇයගේ හිතට හදමින් කුරුලු ඉක්මනටම ගෙදරට පැමිණෙයි කියා පවසනවා.ඉතිං අසනීපයෙන් සිටින පූජා මේ වෙලාවෙදිත් නයා නිසා කුරුලු බේරුණ බව සිතමින් නැතහොත් මේ වෙනකොටත් ඇය මේ ලෝකෙන් ගොස් ඇති බවත් පූජා සිතනවා. ඒ වෙලාවේ සියලු දේට වගකිව යුත්තේ කුරුලු බව සිතමින් පූජා තව තවත් කුරුලු ගැන වෛරයක් ඇති කර ගන්නවා. ඉතින් ඔන්න ඔය අතර දී ලොයිඩ් සහ වාසනා පූජාව බැලීම සඳහා පූජාගේ ගෙදරට පැමිණෙනවා. ඉතිං ඔන්න මේ වෙලාවේ ලොයිඩ් වාසනා සමගින් පූජාගෙ කාමරයට ගොස් ඇයගේ සැපදුක් විමසනවා. ඉතිං ඒ වෙලාවේ ලොයිඩ්  ඇයට  ඉක්මනින් සනීප වෙයි කියමින් එතැනින් පිටව යනවා. ඒ වෙලාවේ වාසනා පූජා සමගින් කතාකර එන්නම් කියා පවසනවා. ඒ වෙලාවේ රහසින් වගේ වාසනා ඇය මැරෙන්න ගිහින් යාන්තම් වගේ බේරිලා ඉන්නවා ෙන්ද  කියා පූජාට අමුතුවට පවසනවා. ඒ වෙලාවේ ඇය මැරෙනවා නම් මැරෙන්නෙ විදවලා බව වාසනා පූජාට පවසනවා. ඒ වෙලාවේ පූජා කේන්තියෙන් වාසනාට එතනින් පිට වෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් වාසනා එතැනින් පිටව යන්නේ නැතිව තව තවත් පූජාට විවිධ දේවල් පැවසුවා. ඒ වෙලාවේ වාසනා පූජාට ඇය කරපු දේවල් වලට නයා නොව මහා නයා ගැහුවත් මදි කියමින් එතනින් වාසනා පිටවෙනවා.

ඉතින් ඔන්න ඔය අතරෙදි මහිමා කුරුළුත් සමගින් වත්තට වී කතා කරමින් ඉන්න අතරතුර දී කුරුලු ඇයට යමක් ගැන කියනවා. ඒ වෙලාවේ මහීමා එක සැරේටම කුරුලුගෙන් ඇය පූජා ගැන මොනවාද සිතන්නේ කියා අසනවා. ඒ වෙලාවේ කුරුලු පූජා කියන්නේ අමුතු කෙනෙක් බව ඇය සමගින් පවසනවා. ඒ වෙලාවේ පූජා ඇයට හැම අවස්ථාවකදිම සැරෙන් කතා කරන බව මහීමාත් සමගින් පවසනවා. ඒ වෙලාවේ එදා පූජාට නයා දෂ්ඨ නොකරා නම් ඇයට ලොකු ප්‍රශ්නයක් වෙන්නට ඉඩ තිබුණු බවත් මහීමා සමගින් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *