මේ දින සිරස ටිවී නාළිකාව තුළ විකාශනය වන නීල පබළු ටෙලි නාට්‍ය ඉතා රසවත් කොටස් වලින් ගලාගෙන යනවා..  ඉතිං මේ වෙද්දී නිල පබළු නාට්‍යයේ පූජාට සිදූ වූ අනතුර දැනගත් ඇයගේ පියා කොත්මලෙ මාලන් සමඟින් පැමිණෙනවා.. ඉතිං මේ අතරේ වෙද මහත්තයා පූජාව බේරා ගැනීමට කල හැකි සියළු වෙදකම් කරමින් තමයි සිටින්නේ. ඉති ඔන්න ඔ්‍ය අතරෙ විහාර එළියට වී සිටින විට හර්ෂ ඇය ළඟට පැමිණ කතා කරමින් සිටින අතරතුරේ එකපාරටම කුරුළුගේ බෙල්ලෙ තිබු ඇඟිලි පරවල් දකිනවා. ඉතිං ඒ අවස්ථාවේ ඇයට කුමක්ද සිදු වුයේ කියා විමසද්දී ඇයත් කලබලයෙන් පූජා අමාරුවෙන් සිටි නිසා ඇගේ බෙල්ලෙන් ඇල්ලූ බව හර්ෂ සමඟින් පැවසුවා. නමතු හර්ෂට මේ ගැන සැකයක් මතු වෙනවා.

මේ අතරේ පූජාට සිදු වූ කරදය ගැන දැනගත් ලොයිඩ් ඒ ගැන ගෙදර වැඩ කරන වාසනාට පවසද්දී ඇය එය දැනගෙන සතුටු වුවා. මොකද ඇය දන්නවා පූජා කියන්නේ හොඳ කෙනකු නොවන බව. එ නිසා ඇය ඒ ගැන අසා සතුටු වුවා. ඒ වේලාවේ ලොයිඩ් ඇයට කෙනකුට කරදරක් වූ විට එසේ සතුටු වන්න එපා කීයා පවසනවා.ඉතිං ඇය ඉන්පසු මේ ගැන කුරුළුගේ නැන්දා වන රේෂ්මාටත් කොල් කර පවසනවා. ඇයත් පුදුම වී ඇය කරපු දේවල් වලට ඇයට දඬුවම් ලැබුනේ කියා වාසනා සමඟින් පවසනවා. කෙසේ වුවත් තවමත් කුරුළුව මැරුවේ පූජා කියා කිසි කෙනෙකු දන්නේ නැහැ. ඉතිං මේ දේ රේෂ්මා සුභද්‍රාගේ අක්කාට පැවසීමත් සමඟිම ඇයත් බියට පත්වෙනවා. මන්දස ඇයත් කුරුළුට වැරදි කරපු නිසයි. මේ වේලාවේ ඇයට එකපාරටම යළිත් කුරුළුගේ තාත්තා වන මලින්තගේ ඡායාරූපය ළඟින් නාගයව පෙනෙන්නට මතුවෙනවා. ඉතිං මේ වෙනකොටත් පූජාගේ තත්ත්වය ඒච්චර හොඳ අතක නෙමෙයි තියෙන්නේ කියා වෙද මහතා පවසනවා.

එත් එක්කම වෙදගෙදරට මාලන් සහ පූජාගේ තාත්තා පැමිණෙනවා. ඒ වේලාවේ කලබලයෙන් පූජා ලගට පැමිණෙන ඇයගේ තාත්තා ඇයට කුමක්ද සිදුවුයේ කියා අසමින් දුක් වෙනවා. ඒ වේලාවේ ඔහු පිස්සුවෙන් වගේ පූජාට සිදුවු දේ ගැන සිතමින් එතැන සිටින අයට දොස් කියනවා. ඉතිං ඔන්න කුරුළු වෙද ගෙදර පිටුපසට වී බෙහෙත් කොටමින් සිටින අතරතුරේ මාලන් ඒ අසළය මුහුණ සොදා ගැනීමට පැමිණෙනවා. ඉතිං ඒ වේලාවේ පසනුත් ඔහු සමඟින් සිටිනවා. මාලන් ඒ වේලාවේ පිටුපසින් කුරුළුව දකිනවාත් සමගම ඒ කවුරුන්ද කියා පසන්ගෙන් විමසනවා. ඒ වේලාවේ ලොකු සර් ඥාති දුවක් බව පසන් පවසනවා. ඉතිං ඒ වේලාවේදීත් මාලන්ට කුරුළු අසළින් සිටියාත් ඇයව හඳුනාගන්නට නොහැකි වනවා. ඉන්පසු කුරුළුවත් රැගෙන් ඉස්කෝල නෝනා වෙද ගෙදරින් පිටව යද්දී එතැන ජනනාත සිටිනවාත නමුත් ඔහුත් ඇය එතැනින් දික්නනේ නැහැ.

ඉතිං ඔන්න ඉන්පසු එකපාරටම පූජාට සිහිය එනවා.. ඉත් සමගම හර්ෂගේ ගෙදරට පොලිසිය පැමිණෙනවා. ඒ කුරුළු ගැන සෙවීමටයි. ඒ වේලාවේ පොලිසිය හර්ෂට පවසනවා කුරුළු වගේම කෙනෙක් කොළඹදී අතුරුදන් වී ඇති බව. ඉතිං අපිට නම් හිතෙන්නේ ඉක්මනින්ම කුරුළු ගැන පොලිසීය මොනවා හෝ දෙයක් ළඟදීම සොයා ගනියි කියායි. ඉතිං මේ වෙද්දී පූජාට සිහිය ආව නිසා ජනනාත ඇයවත් රැගෙන කොළඹ යෑමට සූදානම් වෙනවා..ඉතිං මේ අතරේම ලොයිඩ් අභිමන්ට පූජාට සිදු වන අනතුර ගැන පවසනවිට කලබල වුණ අභිමන් ඔහුට එ ගැන කලන් කීවේ නැත්තේ ඇයි දැයි අසමින් ඔහු කබලබයට පත්වෙනවා. ඉතිං අභිමන් පූජාව සොයාගෙන කොත්මලේට යයිද?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *