මේ දින වල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති ටෙලි නාට්‍යකි.මේ දින වල ටෙලි නාට්‍ය මෙසේ ගලාගෙන යනවා.පන්සලට පැමිණෙන සර සහ යහළුවන් හාමුදුරුවන් හමු වී තමන් කසිප්පු රස්සාව නවත්තන බව කියනවා.ඉන්පසු එය කිරීමෙන් තමන් හට මුදල් සොයා ගැනීමටහැකිද කියා පවසනවා.ඉන්පසු සියලු දෙනා කැදවා දාන ශාලාවට ගෙන ගොස් ආහාර කෑමට දෙනවා.මේ අතර කලායතනයට පැමිනෙන සුරංග සහ යහළුවා දැක සියලු දෙනා ඔවුන්ව නැවත කලායතනයට නොගන්නා ලෙස කියනවා.නමුත් ඔවුන් තමන් හට සරා සමාව දුන් බවත් පවසනවා.ඔහු සමාව ලබා දුන් නමුත් පාඨලි එයට අකමැති බව කියනාව.ඉන්පසු මාස්ටර් සුරංග හට පන්තියේ කොනකින් වාඩි වී සිටින බව කියනවා.මේ අතර පන්සලේ කෑම කා රාල හාමි සහ හාමුදුරුවන් සිටින තැනට පැමිණෙනවා ඉන්පසු ඔවුන් කසිප්පු නතර කල එක රාලහාමි විශ්වාස නොකරනවා.ඉන්පසු කරුණු පහදා දෙන හාමුදුරුවන් ඔවුන් හට පොත් තුනක් ලබාදී තමුන් හට ඇති ශක්තින් හට දුර්වලකම් ලිවීමට කියනවා.මේ අතර කුකුළා මුදලාලි උළු මොලේ වැඩ පාටන් ගැනීමට කැකුළා හට බාර දෙනවා.

ඔවුන් සියලු දෙනා සරා හට කිසියම් හෝ දෙයක් කිරීමට උවමනා බව කියනවා.මේ අතර පාඨලි අංජලි සහ ගීතිකා පාරේ එන විට කලායතනයෙන් ගිය තරුෂි දකිනවා.නැවතත් කලායතනයට එන බව කියනවා. මේ අතර රාත්‍රියේදි බුද්ධ පුජාව කන්නේ කවුරුන්ද කියා පන්සලේ හාමුදුරුවන් සොයනවා.පාඨලි නිවසට පැමිණ අම්මා හට සුරංග පන්තියට ගත් දේට බනිමින් ඉන්නවා.මේ අතර උදෑසන සරා වාඩියේ සිට සියලු දෙනාම කරන්නේ කුමක්ද කියා විමසමින් ඉන්නවා.ඉන්පසු කවඩියා තමා සතු මාළු දෙදෙනා විකුණන බව කියනවා.මේ අතර සරාගේ අක්කා තම ස්වාමියා සෙවීමට දරුවා සමඟ කුරුණෑගල යන බව පවසා නිවසින් පිට වෙනවා.කවඩියා තම මාළු දෙදෙනා රැගෙන එන විට එතැනට මාලන් පැමිණෙනවා.ඉන්පසු ඔහු මාළු දෙදෙනා දැක මාළු දෙදෙනා තමා ගන්නා බව පවසා මොවුන් දෙදෙනා කීයද කියා අසා මාළුන් දෙදෙනා මාලන් ගන්නවා.

ඉන්පසු ඔහු මාළු දෙදෙනා රැගෙන යනවා.මේ අතර පාඨලි සහ ගීතිකා පාරේ යන විට ඔවුන්ගේ ඇඟට පැන ඔවුන් බිය ගන්නවනවා.ඉන්පසු සරා හට වැදගත් කාරණාවක් පැවසීමට ඇති බව පවසා දැන් ඔහු කසිප්පු පෙරීම නතර කර ඇති බව කියනවා.මේ අතර කවඩියාගේ මාළු දෙදෙනා රැගෙන ජානු බැලීමට පැමිණෙනවා.එම මාළු ඇයට ගෙනා බවත් එම මාළු දෙදෙනා රුපියල් 10000න් වූ බවත් පවසනවා.සරා සහ පාඨලි කතා කරමින් එනතැනට ලේඛම් මහතා පැමිණ සරා හට හොඳ කියනවා.මේ අතර කඩේට පැමිණෙන සරාගේ පියා හට මුදලාලි සරා කසිප්පු පෙරන එක නැවැත්වූ බව කියනවා.පාරේ එන සරා සහ කවඩියා හට කුකුළා මුදලාලි හමු වෙනවා.ඉන්පසු නාට්‍යට ගල් ගැසු එකට පලි ගන්නා බව කියනවා.මේ අතර මාස්ටර්ගේ නිවසට පැමිණෙන සුරංග මාස්ටාර්ගේ බිරිඳගෙන් සමාව ගැනීමට පැමිණ සිදු වූ දේට සමාව ගන්නවා.ඉන්පසු තමාට සමාව දෙන නමුත් කලින් මෙන් නිවසට පැමිනිමට අවසර නොදෙන බව කියනවා.කේන්තියෙන් උළු මොලට පැමිණෙන මුදලාලි කැකුලා හට ඔවුන් සරාට කිරීමට යන දේ විමසනවා කෙසේ හෝ සරාට කුමක් හො කල යුතු බව කියනවා.මේ අතර පන්සලේ දානේ පිළියෙල කරන අවස්ථාවේදි ලොකු හාමුදුරුවන් වැඩියෙන් බුද්ධ පූජාව වැඩියෙන් තබන බව කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *