මේ දින වල කාගේත් අතර ප්‍රසිද්ධ නාට්‍යක් වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය  නොදන්නා කෙනෙක් නොමැත.මෙය සෑම සතියේ දිනකම් රාත්‍රි  9.30 ට ස්වර්ණවාහිණි නාලිකාවේ විකාශය වනවා.සිල් සමාදන් වීමට ගිය සරා සහ යහළුවන් භාවනා කරමින් සිටින විට එතැනින් පැන යනවා.එය දකින ගීතිකා කවඩියා යනවා දුටු පසු ඔහු රවා නවතින ලෙස හඟවනවා.සරා සුද්දා සහ කිරිපුතා පන්සලෙන් පැන කඩයට යනවා.පසුව ඔවුන් සියලු දෙනා කඩයට එනවා.මේ අතර පන්සලට එන ලේඛම් මහත්තයා ඔවුන් පැන ගිය බව පවසනවා.සරා පන්සලට පැමිනීම හොඳ නැති බව ඔහු කියනවා.මේ අතර SCREEN එකක සොයා ගැනීමට මාලන් ඔහුගේ යාළුවන් අමතනවා.SCREEN එකක නොමැති නිසා සියලු දෙනා කතා වී සාරි එල්ලීමට කතා කරගන්නවා.ඉන්පසු පාඨලී ගීතිකා අංජලී සහ කවඩියා සිල් පවාරණය කොට එමින් සිටියා.සරා කල වැඩේ නරක බව ඔවුන් පවසනවා.ඉන්පසු දියොග බදු සාරි එල්ලමින් සිටිනවා.මේ තැනට කුකුළා මුදලාලි සහ ජානු පැමිණෙනවා.ඉන්පසු මෙතැනට මාලන් PROJECTERඑකක රැගෙන පැමිණෙනවා.සරා සහ යහළුවන් වාඩියට පැමිණ වෙසක් කූඩු එල්ලා සරසනවා.මාලන් සහ කුකුළා මුදලාලි ඉන්නතැනට හාමුදුරුවන් පැමිණෙනවා.චිත්‍රපටය පෙන්වීමට සැලසුම් හොඳන් කෙරීඇතිද කියා විමසනවා.රාත්‍රියේදි මාලන්ගේ නාට්‍ය බැලිමට වාඩියට වී යහළුවන් කතා වෙමින් සිටිනවා.ඉන්පසු කවඩියා පාඨලි සහ ගීතියා එනවා කී බවත් පවසනවා.ඉන්පසු සියලු දෙනාම යමු ලෙස සරා කියනවා.සරා රත්‍රියෙදි නිවසට පැමිණෙයි.ඉන්පසු තමාට රුපියල් 35ක් ණය බව සරාගේ මව කියනවා.මේ අතර පාඨලී සහ අංජලි නාට්‍ය බැලිමට යාමට අම්මාගෙන් අවසර ඉල්ලා සිටිනවා.

ඉන්පසු සුරංග නාට්‍ය පටන් ගැනීමට නිවේදනය කරමින් සිටිනවා.පඨලිසහ අංජලි ගීතිකා එන තුරු බලා සිටිනවා.ඉන්පසු එතැනට සරා සහ යහළුවන්ද එතැනට පැමිණෙනවා. නාට්‍යට පැමිණිමට සියලු දෙනා කතා වී ඇති බව අංජලි පවසා පාඨලීට විහිළු කරනවා.මේ අතර නට්‍ය පෙන්වන ස්ථානයේ තිරය වෙනුවට එල්ලු සාරි හුලගේ යනවා.ඉන්පසු සියලු දෙනා ඔවුන්ට හූ කියනවා.පසුදින උදෑසන නාට්‍ය පෙන්වීමට නොහැකි වීම ගැන කතා වෙමින් ඉන්නවා.ඉන් පසු පසුදින නාට්‍ය පෙන්වීමට තීරණය කරයි.මාස්ටර්ගේ නාට්‍යට උදව් කිරීමට සරා සහ යහළුවන් යනවා.මේ අතර ඔවුන්ට මාලන් මුණ ගැහෙනවා.ඉන්පසු අද දින එන ලෙස කියනවා.උදව්වට පැමිණෙ සියලු දෙනා හට රණ්ඩු නොවී උදව් කරන ලෙස මාස්ටර් කියනවා.ඉන්පසු ඔවුන් උදව් කරමින් සිටි තැනට පාඨලි ගීතිකා සහ අංජලි තේ රැගෙන පැමිණෙනවා.තේ බොමින් සිටින අතරතුර සරා සහ යහළුවන් කවදාවත් වේදිකාවකට නැග නොමැති බව පවසනවා.මේ අතර කවඩියා දෙස ගීතිකා බලාගෙන සිටිනවා.එය කවඩිය දකිනවා.මේ අතර හාමුදුරුවන් මෙම වේදිකාව ගසන තැනට එනවා පැමිණ සරා සහ යහළුන් මේ වැඩේට සම්බන්ධ වීම ගැන සතුටු බව පවසනවා.සරා සහ යහළුවන් පාරේ එන විට මාලන් මුණ ගැසෙනවා.කුකුලා මුදලාලිගේ නිවසට පැමිණෙන මාලන් හට ඇමතුමක් ලබා දී ඔහුගේ යාළුවෙක් තිරයක් ඇති බව කියනවා.සරා සහ යහළුවන් නාට්‍යට නොමැති වීම දුක බව සුද්දා පවසනවා.සියලු දෙනා ඇඳ පැළඳගෙන නාට්‍ය බැලිමට සුදානම් වෙනවා.පාඨලි අංජලි සහ ගිතිකා නාට්‍යයේ ඇඳුම් රැගෙනපාරේ යනවිට මාලන් පැමිණ ඔවුන්ගේ අත තිබු ඇඳුම්ද කාර් එකට දමා ගන්නවා.ඉන් පසු ඔවුන්ට කාර් එකට නගින ලෙස කිව්වත් ගීතිකා සහ පාඨලි එයට අකමැති උවත් අංජලි කාර් එකට නැග යනවා.මාස්ටර්ගේ නාට්‍ය පෙන්වන තැනට එන මාලන් ඔවුන්ට උදව් කිරීමට එනවා.මේ අතර කුකුළා මුදලාලිගේ නාට්‍ය පෙන්වන තැනට එන ලේඛම් මහත්මයා පැමිණ මාලන් මාස්ටර්ගේ නාට්‍ය පෙන්වන තැන වැඩ කරන ලෙස පවසනවා.එතැනට පැමිණෙන මාලන් ලේඛම් කියන්නේ බොරු බව කියනවා.සරාගේ තාත්තා සහ අක්කා ද නාට්‍ය නැරඹීමට යනවා.

මේ අතර නාට්‍යයේ ප්‍රධානචරිතය වන සත්තුකගේ චරිතය රඟපාන සුපුන් අසනිප වී ඇති බව පවසනවා.ඉන්පසු සත්තුකගේ ඇඳුම් ටික සරාඅතට දි සත්තුකගේ චරිතය රඟපාන ලෙස කියනවා. මේ අතර මාලන්ගේ සහ මාස්ටර්ගේ නාට්‍ය පටන්ගෙන තිබුනා.මේ අතර මාස්ටර්ගේ නාට්‍ය පෙන්වන තැනට කැකුළා සහ පිරිස පැමිණෙයි.ඉන් පසු ඔවුන් එතැනට පැමිණ හූ කියා කෑ ගසනවා.එවිට එතැනට පැමිණෙන ලේඛම් මහත්මයා ඔවුන්ට බැන වදිනවා.ඉන් නොනවතින ඔවුන් වේදිකාවට ගල් ගසනවා.ඉන් පසු ඔවුන් ගසන ගලක් පාඨලීගේ ඔළුවේ වදිනවා.ඉන් කෝප වන සරා නාට්‍යය අතරතුර පැමිණ ඔවුන්ට ගැසීමට යනවා.ඉන්පසු ලේඛම් මහතාද මැදිහත් වී සරාට නැවත නාට්‍යට යන බවත් සියල්ලෝම එය බලාගන්නා බවත් පවසා සිටියා.ඉන්පසු නැවතත් ඉතාම ලස්සනට සරා සහ පාඨලී නාට්‍ය නිමා කරනු ලැබුවා.මේ අතර මාස්ටර් සහ ඇගේ බිරිඳත් සරාගේ නර්ථනය පිළබඳ කතා කරමින් සිටිනවා.

පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *