ආදිට පහර දුන්නේ වෙල්මාගේ කීමටකට යැයි සිතා ආදිගේ යහළුවන් පොලිසියේ පැමිණිල්ලක් දැමීමට යනවා.මේ අතර වෙල්මා ත්‍රී රෝද රථයක නැග ඉස්පිරිතාලය වෙත යනවා.රෑ බෝ වෙන තුරුමවෙල්මා නිවසට නොපැමිණි නිසා ඇගේ මව ඇය සොයා සමාධිගේ නිවසට පැමිණෙනවා.රෑ බෝ වී වෙල්මා සොයා යන ඇයට පිරිමින් දෙදෙනෙකු පැමිණ කරදර කීරීමට සූදානම් වෙයි.එතැනට පැමිණෙන වෙල්මා ඔවුන්ට පොල්ලකින් පහර දෙනවා.වෙල්මාගේ මව හඩා වැටෙමින් ඇගෙන් ගිය තැන අසනවා නමුත් ඇය කිසිවක් නොකියා මෙතැනින් යමු ලෙස පවසනවා.පසුදින වෙල්මාගේ නංගි කොළඹ ඉස්කොලෙකට යාමට සුදානම් වී නිවසට පැමිණි වෑන් රථයකින් පාසල් යාමට මවට වැද පිටත් වෙනවා.උදෑසනම වෙල්මා පොලිසියට යාමට නිවසින් එළියට එනවා ඇය යන්නේ කොහේද කියා ඇගේ මව විමසුවත් ඇය එයට උත්තර දුන්නේ නැහැ.ටික වේලාවකට පසු වෙල්මාගේ යාළුවන් ඇගේ නිවසට එනවා.ඔවුන්ගෙන් වෙල්මා ගිය තැන ඇසුවද ඒ බව නොදන්නා බව ඔවුන් ඇයට පවසා එතැනින් පිට වෙනවා.මේ අතර අදිගේ මව ආදි ළඟ උන් කුකුළෙකුත් කැටුව රතු මහත්තයාගේ නිවසට ගොස් කුකුළා තියාගෙන රුපියල් 5000ක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

නමුත් ගෙනා කුකුළා ඊට වඩා වටින බවත් ඔහු රුපියල් 10000ක් ඇයට දී නැවත ඒ මුදල්වත් ගෙනා කුකුළාවත් එපා බව ඔහු කියනවා මෙය අසා සිටින රතු මහත්තයාගෙ බිරිඳ එසේ කලේ ඇය විමසා ඔවුන් දෙදෙනා රණ්ඩු වෙනවා.වෙල්මා සොයා යන යහළුවන් හට ඇයව හමු වෙනවා ඇය මෙසේ කරන්නේ ඇයි දැයි ඔවුන් ඇයගෙන් අසනවා.නිවසට පැමිණෙන වෙල්මාගෙන් ඇය ගියේ කොහේදැයි ඇගේ මව විමසනවා.ඉන් පසු වෙල්මා ගියේ පොලිසි බවත් අම්මාට කලින් කිව්වානම් යන්න නොදෙන බව පවසනවා.මේ අතර රතු මහත්තයා කුකුල් සංදර්ෂණයකට සුදානම්වෙනවා එයට ධර්මේ සහ පිරිසක්ද සහභාගි වනවා.ගමේ පොලිසියෙන් එනවා දුටු ඔවුන් සියල්ලොම් එතැනින් දිව ගියා.මේ අතර වෙල්මා සහ යහළුවන් ආදි සහ ගාමා නැවත පැමිණෙන සතුටට කබඩි ගසමින් සිටිනවා.ඒ අතර එතැනට පොලිසියෙන් පැමිණෙනවා.ඉන්පසු වෙල්මාගේ දෑතට මාංචු දමා ඇයව රැගෙන යනවා.මේ අතර රතු මහත්තයාගේ සහ පිරිසගේ සල්ලි රැගෙන ගාමිණි කැලෑවේ සැඟවෙනවා.වෙල්මාව පොලිසියෙන් රැගෙන ගිය බව වෙල්මාගේ මවට ඇගේ යාළුවන් පැමිණ පවසනවා.නිවසට පැමිණෙන ගාමිණි නිවසේ එම මුදල් සඟවනවා.ආදි සහ ගාමා නැවතත් නිවසට පැමිණෙනවා.නිවසට පැමිණෙන ඔවුන් ගුටිකෑ ගල් තලාව වෙත ගොස් ඔවුන්ගේ මතකය ආවර්ජණය කරනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා රතු මහත්තයාගේ නිවසට පැමිණෙ රතු මහත්තයා මේ දේට සම්බන්ධ වී ඇති බව පවසනවා.ගාමිණි නිවසේ සැඟ වූ මුදල් ඔහුගේ දියණියට හමුවෙනවා ඇය ඒ මුදල් තම මවට පෙන්වනවා.මේ අතර වෙල්මාගේ යහළුවන් වෙල්මා බේරා දෙන ලෙස මන්ත්‍රිවරයෙක් හමු වී මේ බව ඇයබේරා දෙන ලෙස පවසනවා.ඉදිරියේදි කුමක් සිදුවේවිද .සිදු දේ ඇත්ත ආදි කවදා දැන ගනීවිද..මේ ප්‍රශ්ණ සියල් ඉතුරු කරමින් කතාව ඉදිරියටත් ගලාගෙන යාවි.

පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *