මේ දින වල රාත්‍රි 9.00ට  විකාශය වන මුතු අහුර ටෙලි නාට්‍ය පසුගිය සතියේ ගලාගෙන ගියේ මෙසේයි.කදර් අතින් බිමට වැටෙන යාවුස් සහ යහළුවන් ඉන්න තැනට නසාන් මැඩම් පැමිණෙනවා.සිදු වූ දෙය ඇය ඔවුන්ගෙන් විමසනවා.කිසිවෙකුටත් කලබල නොවන ලෙසත් මොහුව කෙහේ හේ වල දැමිය යුතු බවත් නසාන් කියනවා.පසුව සොංගුල් සහ මෙරාල් සිටින ගොඩනැගිල්ලේ ඔහුගේ සිරුර වල දැමීමට තීරණය කරනවා.ඔවුන් එහේ යන අතර මග පොලිසියෙන් ඔවුන්ව අල්ලා ගන්නවා.නමුත්පොලිසිය සෙවූ අපරාදකරු ඔවුන්ට හමු වූ නිසා නසාන් සහ ළමුන්ට එතැනින් යාමට හැකි වෙනවා.පසුව පිරිමි ළමුන් කදර්ගේ නිවසට පැමිණ ඔවුන්ව සොයනවා ඊදර් සහ සේරා ද ඔවුන් දැක නොමැති බව කියනවා.පසුව නසාන් වෙත ඇමතුමක් ගන්න සර්කන් තම ගැහැණු ළමුන් ගැන විමසනවා එතැනදි කදර්ගේ අත කැපි ඇති බවත් ඇය එක්කගෙන ආ බවත් ඇය කියනවා.ඉන්පසු නසාන් සහ ගැහැණු ළමුන් යාවුස් වල දමනවා ඒ අවස්ථාවේ යාවුස්ගේ ෆෝන් එකට සර්කන් අමතනවා.යාවුස්ගේ සාක්කුවෙන් එය ගනිද්දි සිම්රේගේ අතේ තිබු බේස්ලට් එක වැටෙනවා.නිවසට පැමිණෙන සියලු දෙනා බියෙන් සිටිනවා.ගුසේ සොංගුල් වෙත මාලයක් දෙනවා.සොංගුල් එයට ස්තූති කර ඔහුව වැළඳගෙන අඬනවා.ඉන්පසු මෙරාල් සිම්රේ සහ එව්ලිල් ද අඬනවා එය දකින පිරිමි ළමුන් එයට හේතුව අසනවා.මේ අතර සෙම්රේගේ කමිසයේ ගෑවී ඇති ලේ පැල්ලම මෙරාල් දකිනවා.

එය සිම්රේට කී විට ඇය දිව ගොස් එය සේදීමට හදනවා.ඔවුන්ගේ මේ රහස ඔවුන් සමඟම මිය යා යුතුයි බව සොංගුල් කිව්වා.පසුදින විද්‍යාලයට යන ඔවුන් සමග සර්කන් තම පියා අතරුදහන් වී ඇති බවත් ඔවුට කුමක් හෝ වී ඇතැයි ද කියා පවසමින් සිටියා.සර්කන් සහ මෙරට් තාත්තා නැති වී ඇති බව පොලිසිය දැනුවත් කිරිමට යනවා.මේ අතර සොංගුල් සහ ගුසේගේ නිවසට පැමිණෙන සේරා ඇයව ඔවුන්ගේ නිවසේ තියාගන්න කියා බල කරනවා.නමුත් ඔවුන් එයට අකමැති වන සොංගුල් ඇයව එලවා ගන්නවා.මේ අතර සර්කන් අලිව සහ තවත් කීපදෙනෙක් කැටුව නසාන් මැඩම්ගේ නිවසට එනවා.අලි නසාන්ගෙන් CCTV කැමරා බැලීමට අසයි නමුත් කැමරා කැඩී ඇති බව ඇය පවසනවා එවිට වෙඩික් පැමිණ කදර්ගේ නිවසේ CCTV බැලීමට පුළුවන් බව කියනවා.නසාන් කදර්ට කතා කර ඔවුන් එන බව පවසනවා.ඔවුන්ඇය සියලු තොරතුරු මකන ලෙස පවසනවා.එවිට ඔවුන් පහලට යන විට අලි සහ පිරිස ඒ වන විටත් නිවසට පැමිණ තිබුනා.ඔවුන්ව පරක්කු කිරිමට සිතා ඔවුන්ව කෝපි බොන ලෙස කැදවාගෙන ගියා.නමුත් ඔවුන්ට එය නැවැත්වීමට නොහැකි වෙනවා.ඉන්පසු ඔවුන් කැමරා චෙක් කරද්දි ඒවගේ කිසිදු තොරතුරක් නොමැතිව තිබුනා.කදර්ගේ නිවසට පැමිණෙන නෙරිමන් මැඩම් ඔවුන්ට ඇගේ ගොඩනැගිල්ලේ කුලියට නිවසක් දෙන බව කියා සිටිනවා.මාසිකව කුලියක් ලබා දී එහි සිටිමට කදර් කැමති වෙනවා.පසුව ඔවුන් සියලු දෙනා එම නිවසට යනවා.ඔවුන් එතැනට යනවා.ඊදර් එතැන සිටින විට සෙලින් මැඩම් එතැනට එනවා.සර්කන් මෙරට් එව්ලින් මෙරාල් සහ කදර් සියලු දෙනා පාරේ පෝස්ටර් අලවමින් තාත්තා සොයනවා.
පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *