මේ දිනවල සතියේ දින පහේම රාත්‍රි 7.30ට සිරස නාළිකාවේ විකාශය වන කිසා ටෙලිනාට්‍යෙයේ මේ දිනවල සිදුවන දේවල් ගැන මේ ටෙලිනාට්‍ය නරඹන සියළු දෙනාටම විස්මයජනකයි. එ හැමෝම නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉදිරියට කුමක් සිදුවේවිද යන්න පිළිබඳවයි..

ඉතිං මේ වෙද්දී සාප් සමඟින් ඔහුගේ කලින් බිරිඳ බහාර් සහ වාර්තමාන බිරිඳ පිරලුත් එක නිවසක තමයි ජිවත් වෙන්නේ.. ඒ කියන්නේ බහාර් දවසක ඇැගේ ගෙදරට කතා කිරීමට සඳහා එළියට ගිය අවස්ථාවකදී පිරල් ඇගේ දරුවන් දෙදෙනාත් රැගෙන සාප් සහ බහාර් ඉනන් නිවසට පැමිණියා. ඉතිං මේ වේලාවේ නිවසට පැමිණෙන පිරල් සහ ඇගේ දරුවන් දෙදෙනාව දැකපු මිසන් සහ දොරුක ඒ දෙස පුදුමයෙන් බලා සිටිනවා. ඒ වේලාවේ ඒ ඉන්නේ සාප්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා බව දැනගත් මිසන් සහ දොරුක්ගේ හිත රිදුනා.. ඉතිං සාප් පිරල්ට එම නිවසට පැමිණියේ ඇයි දැයි පවසමින් ඇයට දොස් නගන අතරදී එළියට ගිය බහාර් යළි නවසට පැමිණෙනවා.

ඒ අවස්ථාවේ පුංචි දරුවන් දෙදෙනවා දකින බහාර් දැනගත්තා පිරලුත් එම නිවසට ඇවිත් ඇති බව. ඇය පිරිල් සමඟ හොඳින් කතා කල ඇයව හඳුනාගෙන ඇය එකපාරටම එතනින් යළිත් එළියට යනවා. ඇයට ඒ දැකපු දේ දරා ගැනීමට නොහැකිවයි ඇය එතනින් පිටව ගියේ. ඒ වේලාවේ ඒ පසුපස ආපු සාප් ඇයට සිදුවු දේ ගැන තේරුම් කරන්න හැඳුවත් ඇය එය තේරුම් ගැනීමට උත්සහා නොකල ඔහුට එකපාරටම කම්මුල්පාරක් ගහනවා. ඉතිං එකපාරටම බහර්ව සාප් වැළගන්නවා පිරල් දැකීමත් සමඟ ඇයට ඒ ගැන ඉරිසියාවක් කරහවක් ඇතිවෙනවා. ඉතිං ඉන්පසු නිවසට පැමිණෙන බහාර් පිරල්ගේ පුංචි දරුවන් දෙදෙනාත් සමඟින් සෙල්ලම් කරනන් කියා දොරුක්ගෙන් සහ මිසන්ගෙන් ඉල්ලීමක් කරනවා. නමුත් ඔවුන් දෙදෙනාම එයට කැමති වන්නේ නැහැ.

ඉතිං මේ වෙද්දී හැමෝම දන්නවා බහාර්ගේ හොඳ මිතුරිය යෙලිස් ජිවිතෙන් සමගත් බව.. ඉතිං මේ සිදුවීම නිසා යෙලිස් සමඟින් එක ගෙදරට සිටිය සෙයිඩාත් ඉතාමත් දුකෙන් වේදනාවෙන් තමයි සිටින්නේ.. ඇය යෙලිස් සිටි නවසට පැමිණ ඔවුන්ගේ මතකයන් සිහි කරමින් හඩා වැලපෙනවා.. ඇයට ගෙදර හැමතැනම යෙලිස්ව මැවී පෙනෙනවා. ඇය ගෙදර ඉස්සරහ බිම තිබු ඇයගෙ ඇගෙන් පිටවුණු ලේ පැලල්ම් දෙස බලමින් ඇයට වෙඩි වැදුණු හැටි සිහි කරනවා… ඉන්පසු ඇය ඒ ලේ පැල්ලම් සෝදා ඉවත්කර ගෙදරින් යළිත් එළියට පැමිණෙනවා.

ඉතිං ඔන්න පහුවදා උදේ බහාර් ඇගේ ගෙදර අයට කතා කිරීමට අවශ්‍ය වු නිසා සාප්ගෙන් දුරකථනයත් රැගෙන එළියට යනවා. ඒ වේලාවේ ඇය එන්වර්ට කොල් කරත් ඔහු පිලිතුරු නොදුන් නිසා ඇය අරිෆ්ට කෝල් එකක් ගන්නවා. ඒ වේලාවේ අරිෆ්ගෙන් ඇගේ පවුලේ අයගේ සැප දුක ගැන විමසු බහාර්ට අරිෆ් සිදු වු කිසි දෙයක් ගැන කිවේ නැ.ඔහු සියළු දෙනා හොඳින් සිටින බව බහාර්ට පැවසුවා. ඔහු එදා යෙලිස්ට සිදුවු දෙ ගැන නොකියා සිහියේ එය ඇයට දරා ගැනීමට නොහැකි නිසයි.. නමුත් මේ දේ හැමදාමත් සඟවාගෙන සිටිමට පුළුළවන් දෙයක් නෙමෙයි.

ඉතිං පහුවදා රැ ක්ලාබ් එකේ සිංදු කියන්න ගියා සෙයිඩාට සැරින් සැරේ යෙලිස්ව මතක් වෙමින් ඇගේ හිත පැරෙනවා.. ඇයට ඇගේ කිසිම වැඩක් ඔළුව කෙලින් තියාගෙන කරගන්න බැරි වෙනවා. ඉතිං එදා රැ වේදිකාවේ ගීත ගයමින් ඉන්න සෙයිඩා දකිනවා ඇය සිංදු කියනවා බලන්න අරිෆ්, යෙලිස්, බහාර් පැමිණෙනවා. නමුත් ඇය එසේ මැවී පෙනුනත් එය ඇත්තක් නොවෙයි. මොකද දැනටමත් යෙලිස් ඇගේ ජිවිතෙන් සමුගෙන අවසානයි. ගීතය ඉවරවෙනවත් සමඟම ඇය දකිනවා යෙලිස්ගේ රූපය එතනින් ඉවත්ව යනවා.. ඇය එය දැකීමත් සමඟ එය දරාගත නොහැකිව වේදිකාව මත ඇඳ වැටෙනවා.

ඉතිං තවතමත් බහාර් ඇගේ මිතුරිය යෙලිස් ජිවතෙන් සමුගත් බව දන්නෙ නැහැ. ඉතිං මේ දේ ඉදිරියේද් ළඟදීම දවසක ඇය දැනගත් විට බහාර්ගෙන් සාප්ට සමාවක් ලැබෙයිද? ඇය කුමක් කරයිද?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *