මේ දිනවල සිරස ටීවී තුලින් රාත්‍රී 7.30 ට විකාශනය වන කිසා ටෙලි නාට්‍යය හොඳම කොටස් කිහිපය තමයි විකාශනය වන්නේ. ඉතින් මේ නාට්‍යය බොහෝ දෙනාගේ ප්‍රතිචාර මත ඉතාමත් හොඳින් ගලාගෙන යනවා.

ඉතින් ඔන්න මේ වෙද්දි පිරල් දැනගත්තා ඇයගේ ෆෝන් එක බහාර් සහ දරු දෙදෙනා විසින් අර ගත් බව. නමුත් ඇය ඒ ගැන ඔවුන්ට හැඟ වූයේ නැහැ. ඉතින් ඔන්න මේ වෙලාවේ දී බහාර් කුස්සියට වෙලා කෑම සකස් කරමින් ඉන්න අතරතුර එතනට සාප් පැමිණ ඇය දෙස බලා සිටිනවා. ඒත්තෙක්කම මිසනුත් බහාර් ලඟට පැමිණෙනවා. ඒ වෙලාවෙදි මිසන් බහාර් ළඟට පැමිණ ඇය අලි සහ අමර් නාවන අවස්ථාවේ ඇයත් ලෙයිලාට උදව් කළ බව පවසනවා. ඉතින් මේ වෙලාවේ මිසන් කල්පනා කරමින් හිඳ එකපාරටම  බහාර්ගෙන් ප්‍රශ්නයක් අසනවා. ඒ තමයි ඇය අරිෆ් සමග විවාහ වූවාට පසු අලුත් ළමයින් ගෙනෙනවා ද යන්නයි. ඒ වෙලාවේ සාප් හිත රිදවා ගෙන එතැනින් යන්නට ගියා. මේ වෙලාවේ නිදාගෙන සිටින බහාර්ට කතා කර දොරුක් යමක් කියන්නට යනවා. ඒ වෙලාවෙ ඔහු පිරල්ගෙ කාමරයට ගොස් ඇයගේ චාජරය සෙව්වත් ඔහුට එය සොයාගැනීමට නොහැකි වූ බව බහාර් සමගින් පවසනවා. මේ වෙලාවේ බහාර් යලි වතාවක් එවැනි දෙයක් කරන්නට එපා කියා දොරක්ට අවවාද කරනවා.

ඉතින් ඔන්න පසුදා උදෑසන බහාර් සප් ළඟට පැමිණ දරුවන්ගේ සතුට ගැන ඔවුන් සිතිය යුතු බව පවසනවා. ඒ වෙලාවේ බහාර් ඇය එම නිවසින් යනකන් ඔහුටවත් ඔහුගේ බිරිඳටවත් කිසිම විදියකින් වරදක් නොකරන බව පවසා සිටිනවා. ඒ වගේම ඇය ඔහුට පවසනවා ඔහුව කිසිදිනක ඇයට අවශ්‍ය නොවන බවත් සාප් සමගින් පවසනවා. ඒ වෙලාවෙහි එසේ කළේ අරිෆ් හින්දා ද කියා බහාගෙන් සාප් ප්‍රශ්න කරනවා.ඒවිට බහාර් එය ඔහුට අදාල නොවන දෙයක් බව පවසා සිටිනවා. ඉතිං ඔන්න එදින උදෑසන බහාර් සියලුම කෑම සකසා සියලුදෙනාට කෑම සඳහා පහළට එන ලෙස දැනුම් දෙනවා. මේ වෙලාවේ පිරල් විසින් බහාර් සියලුම කෑම තනිව සාදා ඇති බව කියමින් ඇයව අගය කරනවා. ඉතිං ඔන්න මේ වෙලාවෙදිම එකපාරටම දොරුක් යළිත් කාමරේට යනවාත් සමඟම ඒ වෙලාවේ පිරල්ගෙ කාමරය දොර ඇර තිබෙන බව දකින දොරුක් කාමරය ඇතුලට ගොස් යළිත් චාජරය සොයා ගන්නවා. ඉන්පසු ඔහු එය සිය සාක්කුවට දමා ගෙන යළිත් කෑම ගැනීම සඳහා පහලට යනවා.

 

ඉතින් ඔන්න සේයිඩා සහ ආනිස් කොෆි ෂොප් එකේ වැඩ කරමින් සිටින ඉන්න අතරතුර සේයිඩාගේ අත කැපී ලේ ගලන්න පටන් ගන්නවා. ඉතිං ඒ ත් සමගම එතැනට පැමිණෙන එම්රෙ එය දැකීමත් සමඟම ඇයව රෝහලකට එක්කන් යාමට සූදානම් වෙනවා. ඉතිං ඒ වෙලාවේ සේයිඩා ඔහුට එන්නට එපා කියා ඇය ආනිස් සමගින් බෙහෙත් දාගන්නට යන්නම් කියා පවසා ඔවුන් දෙදෙනා එතනින් පිට වෙනවා. ඉතිං ඔන්න ඒත් සමගම එම්රෙ එතන ඉන්න අතරතුරදීම සේයිඩාගේ දුරකථනයට බහාර් දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. ඉතිං එය දැකපු එයට පිළිතුරු දෙනවා. ඒ වෙලාවෙ ඔහු ඇයට සේයිඩාගෙ අත කැපි ඔවුන් dispensary එකට ගිය බව පවසනවා. ඉතිං ඒත් සමගම එම්රෙ සිදු වූ මරණය ගැන කණගාටු බව බහාර්ට පැවසීමත් සමගම ඇය පුදුමයට පත්වනවා. ඇයට කිසිවක් සිතාගැනීමට නොහැකි වෙනවා. ඒ වෙලාවෙ එම්රෙ දැනගෙන සිටිය නැහැ බහාර් ඒ ගැන නොදන්නා බව. ඉන්පසු එම්රෙ ඒ ගැන නොකියා වෙනත් දේවල් කියන්නට උත්සාහ කරත් බාහාර්ට තේරුණා ඒ කීවේ යෙලිස් ගැන කියා. ඒත් සමගම බහාර්ට කතා කර ගන්නට බැරි වී ඇය මහ හයියෙන් කෑගසමින් හඩන්නට පටන් ගත්තා. මේ වෙලාවේ මිසන් සහ දොරුක් ගොඩක් බය වුනා. ඇය ඉන්පසු දොරුක් සහ මිසන්වත් කාමරයෙන් එළියට දමා දොර වසා මහ හයියෙන් හඩන්නට පටන් ගත්තා. එතැනට පැමිණි සාප් ඇයට දොර විවෘත කරන්න කියා කිව්වත් ඇය දොර විවෘත කරේ නැහැ.

 

ඉතින් ඔන්න මේ වෙලාවේ බහාර් අරිෆ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. ඒ වෙලාවේ බහාර් අරිෆ්ගෙන් යෙලිස් කොහෙද සිටින්නෙ කියා අසනවා. ඒ වෙලාවේ ආරීෆ්ට කියා ගැනීමට දෙයක් නැති වී ඔහු ගොළු වුණා. ඔහුට තේරුණා ඇය මෙසේ අසන්නේ ඇය ඒ ගැන දැනගෙන බව. ඒ වෙලාවේ අරිෆ් කිසිම දෙයක් කතා නොකර බහාර් කියන දේ පමණක් අසාගෙන සිටියා. ඉතින් මේ වෙලාවේ දී බහාර් ඇයව යෙලස්ගෙ සොහොන ලඟට එක්කගෙන යන මෙන් ඉල්ලීම් කරනවා. ඉතින් ඉන්පසු ආරිෆ් ඇය සිටින තැනට ඒමට සූදානම් වනවා. ඉතින් ඔන්න බෙහෙත් දාගෙන ආ සෙයිඩාට එම්රෙ විසින් සිදු වූ සියල්ල පැවසුවා. ඒ වෙලාවේ ඔවුනුත් කලබල වී යේලිස් ගැන බහාර්ට ඔහු කීවා ද කියා ඇසුවා. ඉතින් ඒ වෙලාවෙ එම්රෙ ඒ ගැන බහාර්ට පැවසුවාට සමාව ඉල්ලා සිටියා.

 

ඉතින් ඔන්න මේ වෙද්දි අරිෆ් ඔහුගේ වාහනයත් රැගෙන බහාර් සිටින ස්ථානයට යමින් තමයි සිටින්නේ. ඉතිං හඬමින් සිටින බහාර්ට යළිත් යෙලිස්ගේ මතකයන් සිහිවෙනවා. ඒත් සමගම ඇයට තවත් එය දරාගත නොහැකි වෙනවා. ඉතින් ඉන්පසු කාමරෙන් එළියට පැමිණෙන බහාර් සාප්ට ඔහු නිසා යේලීස් ජීවිතෙන් සමු ගත් බව කියමින් ඔහුට චෝදනා නගනවා. ඒ වෙලාවෙ ඔහු සැබැවින්ම මැරුණේ නැත්තේ ඇයි දැයි විමසනවා. ඉතින් එලෙස යෙලිස් මියගියේ ඔහු හින්දා කියමින් දිගින් දිගටම චෝදනා නැගුවා. ඉතින් මේ වෙලාවේ බහාර් දොරුක් සහ මිසන්ව වැළඳගෙන හඩමින් යෙලිස්ට කරදරයක් සිදු වී ඇති බව පවසනවා. ඉතිං ඒත් සමගම ඇය අරිෆ් සමඟින් ගොස් සිදු වූ දේ ගැන සොයා බලා එන්නම් කියා දොරුක් සහ මිසන්ට පවසනවාත් සමගම සාප් කලබලයට පත් වනවා.

 

මේ වෙලාවේ බහාර්ට අරිෆ්ගේ දුරකථන ඇමතුමක් ලැබෙනවා ඒ ඔහු ඇය කියූ තැනට පැමිණි බව කියමින්. මේ වෙලාවේ සාප් බහාර්ට අරිෆ් සමගින් නොයන්න කියා ඉල්ලීම් කළත් ඇය ඒ එය ප්‍රතික්ෂේප කරමින් එතනින් පිට වෙනවා. ඉතින් අරිෆ් පැමිණ සිටිනවා දකින මිසන් සහ දොරුක් ඔහු ළඟට පැමිණ ඔහුව වැළදගන්නවා. ඒත් සමගම බහාරුත් පැමිණ ඔහුව වැළදගෙන හඩන්නට පටන් ගන්නවා. එය දකින සාප්ට දරා ගත නොහැකි වෙනවා. ඉතින් ඉන් පසු අරිෆ් සමගින් බහාර් එතනින් පිට වෙනවා. ඉතින් මේ වෙලාවේ සෙයිඩා සහ ආනිස් සමගින් යේලිස්ගේ සොහොන තිබෙන ස්ථානයට පැමිණෙමින් තමයි සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *