කිසා ටෙලි නාට්‍ය මේ දිනවල බෝහෝ අය අතර ජනප්‍රිය නාට්‍යක් බවටත් පත් වී තිබෙනවා. ඉතිං මේ වෙද්දී කිසා නාට්‍යයෙ මොනවද සිදු වන්නේ?

ඉතින් මේ වෙලාවේ දී ඒන්වර් සහ අරිෆ් බහාර් කලින් වැඩ කරපු කොෆි ෂොප් එකට පැමිණෙනවා. ඒ එම්රෙව හමුවීමටයි. එම්රෙ කියන්නේ සෙයීඩාගෙ පුතාගේ තාත්තා. නමුත් ඔහු එය දන්නේ නැහැ. ඉතින් ඉන්පසු එම්රෙ එන්වර් සහ අරිෆ් සිටින තැනට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ සේයිඩාට සිදුවුණු කරදරේ ගැන  එම්රෙ සමගින් පවසනවා. ඉන්පසු ඔහු ඇයට ඔහුගේ කොෆි ෂොප් එකේ වැඩ කිරීමට එන ලෙස දැනුම් දෙනවා.

ඉතින් මේ අතරදි මුනිර් පැමිණ පිරල්ගේ තාත්තාට සාප් විසින් පිරල්ගෙන් kidnap එක සිදුවූ ආකාරය ගැන විමසූ බව පවසනවා. ඒ වෙලාවේ දී එය මුනිර් ගෙන් දැනගත් බව පිරල් කියා ඇති බවත් පිරල්ගේ තාත්තාට පවසනවා. ඉතින් ඔය අතර දි සාප් මූනීර්ට කතාකර ඔහු හමුවීමට කෙසේ හෝ පැමිණෙන ලෙස දන්වා සිටිනවා. ඉතින් මේ විදිහට සාප්  මුනීර්ට එන ලෙස දැනුම් දුන්නේ ඒ පැහැරගැනීම ගැන ඔහුට නොකීවේ ඇයිදැයි විමසීමටයි.

ඉතින් එම්රෙ සෙයීඩාව සොයාගෙන  නිවසට පැමිණෙනවා. ඉතින් එසේ පැමිණ ඔහු ඇයට ඔහුගේ කොෆි ෂොප් එකේ වැඩ කරන්නට එන ලෙස ඉල්ලා සිටිනවා.  ඉතිං ඔන්න මේ අතරදි බහාර් ඇගේ දරුවන් දෙදෙනා සමග කතා කරමින් ඉන්න අතරතුර දී මුනිර් දොරට තට්ටු කරනවා. ඉතින් මේ වෙලාවේ බහාර් දොර ඇර ඔහු කවුරුන්ද කියා විමසනවා. ඒ වෙලාවෙදි මුනිර් ඔහු සප්ගේ ගෝලයෙක් බව පවසා සිටිනවා. ඉතින් මේ වෙලාවේ සාප් මුනිර්ට බහර් සහ දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීම පිළිබඳව ඔහුට ස්තූති කරනවා. ඉතින් ඔන්න මේ වෙලාවේ බහාර් මිසන් සහ දොරක් සමග එළිමහනට වී සිටියදී දොරක් එතැන තිබූ වාහනය දැක වාහනේ ඇතුලට ගොස් සිටිමට අවශ්‍ය බව පවසනවා.  ඉතින් මේ ඉල්ලීම මත  මිසන් සහ නොරොක් වාහනේ ඇතුල්ට නැග එහි ලස්සන බලමින් සිටින විටදී මිසන් දකිනවා වාහනේ ඇතුළත රූපවාහිනියක් තිබෙනවා. ඉතින් ඒ රූපවාහිනිය ක්‍රියාත්මක කරනවාත් සමගම ඇය දකිනවා යෙලිස්ගේ ඡායාරූපයක් එහි පෙන්වනවා. ඇය ඒ වෙලාවේ ඒ යෙලිස්ව පෙන්වන්නේ ඇයි දැයි  ඇය කල්පනා කරනවා. ඉතින් එත් එක්කම කවුරුන් හෝ පිරිසක් එක සැරේටම වාහනවලින් එතැනට පැමිණෙනවත් සමඟම වාහනේ ක්‍රියාත්මක වී ඉදිරියට යනවා. බහාර් එය දැකීමත් සමඟ කලබල වී කෑ ගසනවා.

කොහොමහරි ඔවුන් සිතුවේ ඒ පැමිණියේ මැර පිරිසක් කියායි.නමුත් ඒ මැර පිරිසක් නොවෙයි. ඉතිං මේ වෙලාවේ සාප් සහ මුනිර් එතනට පැමිණ දොරක් සහ මිසන්වත් රැගෙන බහාර්ට නිවසට යනමෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙලාවේ මුනීර්ගේ කටහඬ ඇහෙනවාත් සමඟම බහාර්ට යම් දෙයක් මතක් වෙනවා.ඒ  ඇයට ඔහුගේ කටහඬ අහල පුරුදු බව මතක් වෙනවා.  ඉතින් නිවසට පැමිණි බහාර්ට මිසන් ඇය වාහනය තුළ දී රූපවාහිනිය තුළින් යේලිස්ව දැකපු බව පවසනවා. ඒ වෙලාවේ බහාර් කල්පනා කරනවා  යෙලිස්ව කෙසේද රූපවාහිනිය තුළින් ඇය දැක්කේ කියා. ඉන්පසු කලබල වුණ බහාර් ඇයට එය බැලීමට අවශ්‍ය බව පවසා ඇය වාහනය ළඟට යනවා. ඒ වෙලාවෙදි  ඇය රූපවාහිනිය ක්‍රියාත්මක කර ඒ දෙස බලා සිටියත් ඒ අවස්ථාවේ යේලිස්ව  පෙන්වූවේ නැහැ. ඒ වෙලාවේ ඇය සාප්ට යෙලීස් සමගින් ඇයට කතා කිරීමට අවශ්‍ය බව පැවසුවත් සාප් එයට ඉඩ දුන්නේ නැහැ. ඉතින් එත් එක්කම  සාප් යළිත් මුනිර් සමගින් කතා කරනවා බහාර් අහගෙන ඉන්නවා.

ඒ වෙලාවෙදි ඇයට ඒ කටහඬ හොඳට අහල පුරුදු යලිත් බව සිහි වෙනවා. ඉතින් මුනීර් ගෙදරින් පිටත් වෙනවත් සමඟමබහාර් ඔහු පසුපසින් පැමිණ ඔහුව අල්ලාගෙන ඔහුට පහර දෙනවා. ඒ ඇගේ ළමයින්ව ඔහු පැහැරගෙන ගිය බව කියමින්. මේ වෙලාවේ සාප් ඒතැනට පැමිණ රණ්ඩුව බේරාගැනීමට උත්සාහ කලත් එය පහසු වූයේ නැහැ. මේ වෙලාවේ දී සාප් දන්නෙත් නැහැ ඇත්තටම ඔවුන්ගේ දරුවන්ව පැහැරගත්තේ මුනිර් කියා. ඉතිං මේ රණ්ඩුව වෙන අවස්ථාවේපිරල් ඈතට වී බලා සිටිනවා බහාර්  දකිනවාත් සමගම ඇය පිරල් පසුපස ගොස් ඇයට පහර දීමට උත්සාහ කරනවා. ඉතින් බහාර් ඒ ගැන අසමින් පිරල්ට පහර දෙන විට මිසන් සහ දොර ඒ දෙස බයෙන් බලා සිටිනවා.

ඉතින් බහාර්a ඇගේ දරුවන් දෙදෙනා දැකීමක් සමග පිරල්ට පහර දෙන එක නතර කළා.  මේ වෙලාවේ දී බහාර් සප්ට ,පිරල් මීට මාසෙකට කලින් ළමයින්ගේ ඉස්කෝලේ ළඟට ආවේ ඇයි දැයි විමසන්න කියා කියනවා . ඉතින් මේ වෙලාවේ දී පිරල් ගොඩක් බයෙන් තමයි සිටින්නේ. මේ වෙලාවේ මුනීර් සහ පිරල්ව එක ලඟ තියලා මේ ගැන සාප් විමසුවා. ඒ වෙලාවේ තමයි සාප් දැනගන්නේ බහාර් සහ දරුවන් දෙදෙනා ජීවත් වනවා කියා පිරලුත් දැනගෙන සිටි බව. එය දැනගෙනත් ඔහුට නොකීවේ ඇයි දැයි අසමින් සාප් පිරල්ට දොස් කියනවා. ඒ වෙලාවේ පිරල්  ඇයගේ දරුවන් දෙදෙනට තාත්තා කෙනෙක් අවශ්‍ය නිසයි ඇය මේ බව පැවසුවේ නැත්තෙ කියා සාප්ට පවසනවා. ඒ වෙලාවේ පිරල්ට  ඇයගේ පවුල ආරක්ෂා කරගැනීමටයි අවශ්‍ය වූයේ කියා සාප්ට පවසනවා.  මේ වෙලාවෙදි සාප් පිරල්ට අලි සහ අමර්ගෙ තාත්තා ඔහු වූයේ කෙසේ ද කියා වත් ඔහුට මතකයක් නැති බවත් පවසනවා.

ඉතිං ඔන්න ඔය අතර දී බහාර් ඇගේ දරුවන් දෙදෙනාත් සමග එකතුවෙලා පිරල්ගෙ ෆෝන් එක සොයා ගැනීමට උත්සාහ කරනවා. ඒ බහාර්ට ගෙදර අය සමඟින් කතා කිරීමට අවශ්‍ය නිසයි. ඉතින් කොහොමහරි ඔවුන් ෆෝන් එක සොයාගෙන යෙලිස්යට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. ඒ වෙලාවෙදි ඇයගේ දුරකථන අංකය වැඩ කරන්නේ නැති බව දොරක් සහ මිසන් සමගින් පවසනවා. ඉන්පසු බහාර් සෙයිඩාට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. මේ වෙලාවේ සෙයිඩා  සහ ආනිස් එම්රෙගේ coffee shop එකේ වැඩ කරමින් තමයි සිටින්නේ. ඒ වෙලාවෙදි බහාර් ඔවුන් සියළුදෙනා හොදින් ඉන්න බව පවසමින් මිසන්  යෙලිස්ගේ ඡායාරූපයක් රූපවාහිනියේ දැක තිබෙන බව පවසනවා. ඉතින් මේ වෙලාවේ සෙයිඩාට සහ ආනිස්ට කියා ගන්නට දෙයක් නැති වෙනවා. ඉතිං එදා දවසෙදිත් බහාර්ට යෙලිස් ගැන කිසිවක් දැන ගන්නට හැකිවූයේ නැහැ. මන්ද ඔවුන් දුරකථනයෙන් කතා කරමින් සිටින අතරතුරදීම දුරකථනය බැටරි නැතුව විසන්ධි වූ නිසා. ඉතින් මේ වෙලාවේ පිරල්ගේ කාමරයට පැමිණෙන වැඩ කරන කෙනා බහාර්  සහ ඇගේ දරුවන් දෙදෙනා පිරල්ගේ කමාරයේ සිටිනවා දැකපු බව පවසනවා. ඉතිං ඒ වෙලාවේ ඇය දැනගත්තා ඇයගේ දුරකථනය ඔවුන් විසින් අරගෙන තිබෙන බව. ඉතින් එය දැනගත් පිරල්  මොනව කරයිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *