දිවිතුරා නාට්‍ය මේ වෙද්දි ප්‍රේක්ෂකයන් ගොඩක් අතරින් වැළඳගත් නාට්‍යක් බවට පත් වී තිබෙනවා. ඉතින් මේ දිවි තුරා ටෙලිනාට්‍ය මේ දවස්වල නම් ගොඩක් උණසුම් කොටස් කිහිපයක් තමයි විකාශනය වන්නේ. ඉතින් ඔන්න මේ වෙද්දි සමාධිත්, ඊෂා සමගින් චැනල් එකේ anniversary  එක සඳහා කොළඹට යාමට පිටත් වෙමින් තමයි සිටින්නේ. ඉතිං ෂො එක දවසට අගස්තිත් වින්ඩිතං ෂෝ එකට පැමිණෙනවා. ඉතින් එදා දවසෙදි මොන වගේ දේවල් සිදු වෙයිද?

ඉතිං ඔන්න සමාධි ඊෂා සමගින් හෝටලයේ තිබෙන කාමරයට යන අතරතුරදී අගස්ති එතැනට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ දී ඊෂා සහ සමාධි අගස්තිව අහම්බෙන් මගේ දකිනවත් සමගම ඔහුත් ඔවුන් දෙදෙනාව අහම්බෙන් දකිනවා. ඉතිං ඒ වෙලාවේ අගස්ති සමාධි දෙස එක දිගටම බලා සිටිනවා. ඉතිං ඉන්පසු ඊෂා සහ සමාධි ඔවුන්ගේ කාමරයට පැමිණෙනවා. ඒත් සමගම සමාධි වාඩිවී සිටින අතරතුර කාමරේ දොරට කවුරුන් හෝ කෙනෙක් පැමිණ තට්ටු කරනවා. ඒ වෙලාවේ සමාධි දොර අරිනවාත් සමග ම එතැනට පැමිණ සිටියේ අගස්ති. ඇය ඔහු දැකීමත් සමඟ පුදුමයට පත්වනවා. ඒ වෙලාවේ ඔවුන් දෙදෙනා මද වේලාවක් එකිනෙකා දෙස බලා සිටිනවා. මේ වෙලාවේ ඊෂා හැංගී සිට සිදුවන්නේ කුමක්ද කියා බලා සිටිනවා. ඉතිං එසේ කාමරේ තුළට පැමිණි අගස්ති සමාධිව ඔහුට මතක බව පවසනවා. ඒ වෙලාවේ සමාධි ඉතා සතුටින් ඔහු දෙස බලා සිටිනවා. ඒ වෙලාවේ සමාධි අවුරුදු විස්සකට කලින් සිදු වූ දේවල් කෙසේ ඔහුට කියන්න ද කියා ඔහු සමගින් පවසනවා. ඒ වෙලාවේ එකපාරටම අගස්ති ඔහුගෙන් ඇයට මොනවාද අවශ්‍ය බව පවසා සිටිනවා. ඒ අවස්ථාවේදී ඊෂා මෙම තරගාවලියෙන් ඉවත් කර ගැනීමට සමාධිට කොපමණ මුදලක් අවශ්‍යයි ද කියා අගස්ති අහවනවාත් සමඟම ඊෂාත් පුදුම වී සමාධිත් පුදුමයට පත්වනවා. ඇයට කියා ගන්නට දෙයක් සිතාගත නොහැකි වෙනවා. ඒ වෙලාවෙ කෝපයට පත්වන සමාධි ඔහුට බැණ වදිමින් ඔහුව කාමරයෙන් එලියට යවනවා.

ඉතිං ඔන්න මේ වෙලාවේ ෂෝ එක පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතිං ඊෂා සමාධිත් සමගින් එන අතරතුර දී අගස්ති වින්ඩිත්  ඒ අසළින් යනවා ඔවුන් දකිනවා. වින්ඩි ඒ අවස්ථාවේ අගස්තිගේ අතින් අල්ලා ගෙන ඔවුන් දෙස බලමින් එතනින් පිට වෙනවා. ඉතිං ඔන්න මේ වෙලාවෙදිම සමාධිට තරුපතිගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ වෙලාවේ සමාධි අගස්ති ඇයව හඳුනා ගෙන සිට ඇති බවත් සිදු වූ සියල්ලක්ම තරුපතිත් සමගින් පවසනවා. ඉතිං ඒ ගැන දැනගත් තරුපති හිත අවුල් කරගෙන කාටවත් නොකියාම වාහනයෙ නැග බාර්  එකකට ගොස් හොදටම බොනවා. ඉතින් මේ වෙලාවේ අගස්ති ගීත ගායනා කරනවා වේදිකාවේ ඊෂා සහ සමාධි බලා සිටිනවා. ඉතින් ඒත් සමගම තරුපති යළිත් ගෙදර එන ගමන් සිටියදී මගදී කවුරුන් හෝ පිරිසක් විසින් ඔහු එන මඟ නවතා දමමින් ඔහුට හොඳටම පහර දෙනවා. ඉතින් මේ වෙලාවේ උදුල් ඔහුගේ යහවාත් සමගින් තරුපති සොයමින් යමින් තමයි සිටින්නේ. ඒ අවස්ථාවේදී උදුල් සහ ඔහුගේ යහළුවන් දකිනවා තරුපතිගේ වාහනය මග නතර කර තිබෙනවා. ඉන්පසු දිව ආ ඔවුන් තරුපති බිම වැටී සිටිනවා දැක ඔහුවත් වාහනයට දාගෙන රෝහල වෙත රැගෙන යනු ලබනවා.

ඔය අතරදිම ඊෂා අගස්ති එලියට වී සිටිනවා දැක ඔහු ළඟට පැමිණ ඔහු සමාධිට කියූ දේවල් වලට ඔහුට කවදාහෝ දිනයක දී වන්දි ගෙවීමට සිදු වනවා කියා තරහෙන් යුතුව අගස්තිට පවසනවා. ඉතින් ඔන්න ඊෂා සහ සමාධිත් නිලූත් තේ බොමින් සිටින අතරතුර දී උදුල්ගෙන් සමාධිට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ වෙලාවේ තරුපතිට සිදු වූ අනතුර ගැන සමාධිත් සමග උදුල්ට පවසනවා. ඉතිං මේ ගැන දැන ගැනීමත් සමගම එය වෙලාවෙම සමාධිත්,ඊෂාත්, නිලූත් යළිත් නුවරඑළියට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ තරුපති ඔහුට සිදුවුන පහරදීම නිසා බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කරලා තමා සිටින්නේ. ඔන්න මේ වෙලාවේ ඊසා හා සමාධි තරුපති බලන්න පැමිණෙනවා. ඒ වෙනකොට තරුපතිට සිහිය තිබුණේ නැහැ. ඒ වෙලාවෙදි උදුලුත් එතැනට පැමිණෙනවා. ඒ වෙලාවේ තරුපතිට කුමක්ද සිදුවූයේ කියා ඊෂා උදුල්ගේ අසනවා. ඒ වෙලාවෙ සිදු වූ කිසි දෙයක් ගැන ඔහු කිසිම දෙයක් නොදන්නා බව ඔවුන් සමඟින් පවසනවා.

ඔන්න පසුදා උදෑසන ඊෂා උදුල් හමුවීමට පැමිණ එදා දවසේ සිදුවූ සියලු දේ ගැන විස්තර ඔහුත් සමගින් පවසනවා. මේ වෙලාවේ අගස්ති සමාධිට ඇයව තරගයෙන් අයින් කර ගන්නට ඇයි කියමින් ඉල්ලන ඕනෑම මුදලක් ලබාදෙන්නම් කියූ බවත් උඳුල් සමගින් පවසනවා. ඉතින් මේ වෙලාවේ ගොඩක් සංවෙදි උණ ඊෂා ඇයට දුක ඔහු එවැනි  දෙයක් කීම ගැන නොව ඔහු  ඇය ඔහුගේ දුවෙක් නොවන බව කීම කියා උදුල් සමගින් හඬමින් පවසනවා. ඒ වෙලාවේ ඒ උඳුල්ටත් එය හිතාගන්නට බැරි වෙනවා.  ඉතිං ඔන්න අගස්ති තෙමිය සමගින් ඊශා ගැන කතා කරමින් සිටින අතරතුර එකපාරටම තේමිය ඔහුගෙන් තරුපතිට කවුරුන් හෝ පිරිසක් පහරදී ඇති බව දන්නවාද කියා අසනවා. ඒ වෙලාවේ අගස්ති කිසිවක් නොදන්නවා වගේ ඔහු ඒ බව නොදන්නා බවත් තෙමිය  සමගින් පවසා සිටිනවා. ඉතින් මේ වෙලාවේ තේමිය මෙසේ අහන්නේ ඔහුටත් අගස්ති ගැන සැකයක් තිබෙන නිසයි. මොකද තෙමිය  දන්නවා අගස්ති සහ තරුපති සමඟ ආරවුලක් ඇති බව. ඉතිං ඔහු සිතන්නේ අගස්ති විසින් මෙවැනි දෙයක් ඔහුට සිදු කරන්නැති කියායි. නමුත් අගස්ති තරුපති ගැන කවුරුන් හෝ කෙනෙක් විමසන හැම අවස්ථාවකදීම එය ප්‍රශ්නය මග හැර ඒ ප්‍රශ්නයෙන් පලා යෑමට උත්සාහ කරනවා.

ඉතින් ඔන්න පසුදා උදෑසනම යලි වතාවක් ඊෂා සමාධිත් සමගින් තරුපති බැලීමට රෝහලට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ තරුපතිට සිහිය එමින් තිබෙන්නේ. ඒ වෙලාවෙ ඔහු එකපාරටම යමක් කියන්නට හදනවා. නමුත් එය ඔවුන් කිසිවෙකුටත් ටික වෙලාවක් යනකම් පැහැදිලි වන්නේ නැහැ. ඉන්පසු ඊෂාට තේරෙනවා ඒ අසන්නේ ඔහුගේ සුරතලා වන කොකො ගැන කියා. ඒ වෙලාවේ ඔහු බය වී සිටින්නේ කොකොටත් අනතුරක් සිදු වෙන්නැති කියයි. ඉතින් ඉන් පසු එතැන සිටින තරුපතිට ගෙදර වැඩ කරන රාජා කොකො හොඳින් සිටින බවත් කොකො තරුපති නැති නිසා කිසිම කෑමක් බීමක් නොගන්නා බවත් ඒ සහ සමාධි සමගින් පවසා සිටිනවා.  ඉතිං ඔන්න මේ වෙලාවෙදි අගස්ති සහ වින්ඩියි ඊෂා ගැන කතා කරමින් ඉන්න අතරතුර දී ඇයට කිසිසේත්ම ඊලග වටේ දී ඉදිරියට යාමට ඉඩ නොදෙමු කියා කතා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *