මේ වෙද්දී දිවිතුරා ටෙලි නාට්‍යය හොඳම කොටස් කිහිපය තමයි විකාශනය වන්නේ.. ඉතින් ඔන්න මේ වෙලාවේ දී ඊෂාට සමීරගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ වෙලාවෙදි ඇය ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ  සියාට අසනීප වූ බව දැනගත් විට ඔවුන්ට නොකියා ගිය නිසයි. ඉතින් මේ වෙලාවේ සමීර ඔවුන්ගේ channel එකේ anniversary  එක වෙනුවෙන් ෂෝ එකක් කරන බව පවසමින් ඒ සඳහා ඇයවත් ගීත ගායනා කිරීම සඳහා තෝරාගත් බව පවසනවා. ඉතින් ඉන්පසු ඊෂා එයට කැමැති වනවා. ඉතින් මේ ගැන ඇය සමාධිවත් දැනුවත් කරනවා.  ඔන්න මේ වෙලාවේ උදුල් ඊෂාගෙ ගෙදරට පැමිණෙනවා. ඉතින් ඒ වෙලාවේ සමාධි එතැනට පැමිණ ඊෂා සමගින් කොළඹට ඔහුට යන ලෙස ඉල්ලීම් කරනවා. ඉතිං ඉන්පසු පසුදින ඊෂා උඳුල් සමගින් කොළඹට පැමිණෙනවා.

ඉතින් මේ වෙලාවේ රෙහානා සහ විෂාල්එළියට වී කතා කරමින් ඉන්න අවස්ථාවේ රෙහානා  දකිනවා ඊෂා උදුල් සමගින් පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ ඊෂා ඔවුන්ට උදුල්ව හදුන්වා දෙනවා. ඉතින් මේ වෙලාවේ එක සැරේටම පැමිණෙන විෂාල් ඊෂාව වැළදගන්නවා. ඉතින් මේ වෙලාවෙදි උදුල්ගේ හිත ටිකක් රිදෙනවා. ඉතිං ඉන්පසු උදුල්ට රෙහානා සහ විෂාල් සමගින් සිටින්න කියා ඇය තේමිය හමුවීමට ගොස් ෂෝ එක ගැන කතා කරනවා. ඉතින් ඉන් පසු ඇය කතා කරගෙන එනවාත් සමගම විසාල් එතැනට පැමිණෙනවා. මේ වෙලාවේ විෂාල්  ඊෂාව ඔහුට ඔහුගේ යාලුවෙක්ට හඳුන්වා දෙන්නට අවශ්‍ය බව කියමින් ඇයගේ අත අල්ලගෙන යනවා උදුල් දකිනවා. ඉතින් මේ වෙද්දි නම් උදුල්ගේ හිත හොඳටම රිදිලයි තිබෙන්නේ. ඉතිං ඊෂා සමග යළිත් යන අතරතුරදීත් උදුල් කිසිම දෙයක් ඊෂා සමගින් කළේ නැහැ. ඊෂා විවිධ ප්‍රශ්න ඇහුවත් ඔහු ඒවාට හරියට උත්තර  දුන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ඊෂා කල්පනා කරනවා උඳුල් ඒසේ සිටින්නේ ඇයි දැයි කියා.

ඉතිං ඔන්න ඔය අතරේ විෂාල් ඔහුගේ යාළුවන් සමඟින් ඇවිද යන ගමන්   ඊෂා ගැන කතා කරනවා. ඒ වෙලාවේ ඔහුගේ යහළුවන් විසින් ඔහුට ඊෂාට විෂාල් කැමති බව පවසමින් විහිළු කරනවා. ඒ වෙලාවෙදි ඔහු ඊෂාට ආවංකවම ආදරය කරන බව විෂාල් පවසනවා. ඉතිං ඔන්න පසුදා උදෑසන ඊෂා නැගිට දුරකථන ය අරගෙන උදුල්ට යළිත් කෝල් ගත්තත් ඔහු ඒවාට පිළිතුරු ලබා දුන්නේ නැහැ. ඉතින් ඔන්න මේ වෙලාවේ උඳුල් තරුපතිත් සමඟින් එළියට වී කතාබහ කරමින් සිටින විටදී ඊසා එනවා උඳුල් දකිනවත් සමගම එතනින් ඔහු නැගිට යනවාත් සමගම ඊෂා ඔහුගෙන් ඇයගේ දුරකතන ඇමතුම් වලට පිළිතුරු ලබා නොදෙන්නේ ඇයි දැයි විමසනවා. නමුත් ඔහු ඒවාටත් හරියට උත්තර නොදී ඇයව මඟ හැර යනවා. ඊෂා උදුල්ගේ නම කියමින් ඔහුට කතා කළත් උඳුල් එය නොඇසුන ගානට එතනින් පිට වෙනවා. ඉතින් ඉන්පසු තරුපති සමගින් ඊසා පන්ති කාමරයට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ තරුපති ගීතය ගායනා කළ යුතු ආකාරය ගැන කියලා දුන්නත් ඇය සිටියේ වෙනම ලෝකයකයි. ඉතිං තරුපති  ඇයට ඇගේ තිබෙන ප්‍රශ්න විසඳාගෙන පන්තියට එන ලෙස පවසනවා. ඉතින් ඉන්පසු ඊෂා උදුල්ගේ යහළුවන් සමගින් උදුල්ගේ ආච්චිගේ ගෙදරට යෑමට පිටත් වෙනවා. ඉතින් ඉන්පසු ඊෂා නැවතත් උදුල්ගෙන් ඇගේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොදෙන්නේ ඇයි දැයි විමසනවා. ඉතින් ඉන් පසුව කොහොමහරි ඊෂා උදූල්ව යාළු කරගන්නවා.

ඉතින් මේ වෙලාවේ සමාධි සහ ඊෂා ෂෝ එකට යෑමට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ලෑස්ති කරමින් ඉන්නවා. ඉතිං ඒ වෙලාවේ එතැනට පැමිණෙන ඊෂාගේ  සීයා ඔවුන් සමඟින් ඔහුත් යන්නට එන්න දැයි විමසනවා. ඒ වෙලාවේ සමාධි ඔහුට ගෙදර ඉන්න කියා පවසනවා. ඉතින් මේ වෙලාවේ  ඊෂාගෙ සීයා ගොඩක් බය වෙලා තමයි සිටින්නේ ඒ ඒතැනට අගස්තිත් පැමිණෙන නිසයි. ඉතිං ඔන්න පසුදින උදෑසනම ඊෂාත් සමාධිත් නිලූ සමගින් කොළඹ යෑමට පිටත් වනවා. ඉතින් එතැනදී අගස්ති සමාධිත් මුණගැහෙයිද? අගස්ති එදා දවසේ සමාධිව හඳුනා ගනීද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *