මේ දින වල හිරු ටීවි නාළිකාව තුළින් විකාශන කරනු ලබන දිවිතුරා ටෙලි නාට්‍යයෙ හෝඳම කොටස් ටිකක් තමයි මේ දින වල විකාශනය වන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවෙදි අගස්ති සහ වින්ඩි වර්ක්ෂොප් ඒක ගැන කතා කරමින් සිටිනවා. ඒ වෙලාව දී අගස්ති ඊෂාට කරපු දේ හොඳ බව වින්ඩි අගස්ති සමගින් පවසනවා. ඉතින් වින්ඩි මේ විදියට කියන්නේ අගස්ති ඊට කලින් දින වර්ක්ෂොප් එකට ගොස් ඊෂාව ගණන් නොගෙන අනිත් අයට ගීත ගායනා කරන්න අවස්ථාව දුන් නිසායි. ඉතිං ඔය අතරදිම අගස්තිගෙන් වින්ඩි තරුපති ගැන අහනවා. අගස්ති හැම වෙලාවෙම තරුපති ගැන අහන විට දී ඒ ගැන කිසිවක් කියන්න කැමති වුණේ නැහැ. ඊෂා සහ තරුපති අතර ඇති සම්බන්ධය කොයි වගේ එකක්ද කියලා අගස්තිගෙන් විමසද්දී අගස්ති වින්ඩිගෙන් අසන්නේ ඒ ගැන ඇය දන්නේ කෙසේද කියායි. ඒ වෙලාවෙදි අගස්ති තරුපති කියන්නේ මියුසික් උගන්වන කෙනෙක් කියමින් ඔහුගේ ගෝලයෙක් වෙන්නැති කියා ඒ ප්‍රශ්ණය මඟහරිනවා. නමුත් වින්ඩිට ඇත්තටම පොඩි සැකයක් අගස්ති ගැන තියෙනවා.

 

ඔන්න ඔය අතරේ සමාධි සමගින් ඊෂාගෙ සීයා තාත්තා වත්තෙ වැඩ කරමින් සිටින අතරතුර එකපාරටම ඔහුට අසනීප වෙනවා. ඒත් එක්කම ඊෂාට එතැන වැඩ කරන කෙනෙක් පැමිණ magazine එකක් සඳහා photo shoot එකක් කිරීමට අවශ්‍ය බව පවසනවා. ඉතිං ඒ වෙලාවේ ඇයටත් එයට සහභාගි වෙන්න කියා ආරාධනා කලත් ඇය එයට එක පාරින් කැමති වන්නේ නැහැ. ඊට පසු කොහොම හරි ඇයව ඔහු කැමැති කරවා ගන්නවා. ඉතින් මේ magazine එකට photo shoot එක කරන්න තිබුනේ ඊෂාට සහ විෂාල්ටයි. ඉතින් මේ ගැන ඊෂාගෙ අම්මා වන සමාධිවවත් ඇය දැනුවත් කරන්නේ නැහැ. ඉතින් මෙය කවදා හෝ දිනක උදුල් දැනගත් විට මොන වගේ දෙයක් වෙයිද. ඉතිං අසනීප වුණ ඊෂාගෙ සීයා තාත්තව රැගෙන සමාධි ඉක්මනින්ම රෝහල වෙත යන අතරතුරේ දී ඇයට දුරකථන ඇමතුමක් ගන්නවා. ඒ වෙලාවේ සිය තාත්තට අසනීප බව සමාධි පැවසීමත් සමඟම ඊෂා කලබල වෙනවා. ඉතින් මේ වෙලාවේ තරුපතිටත් සමාධිගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා ඒ ඇගේ තාත්තාට අසනීප බව කියා ඔහුට රෝහලට පැමිණෙන්න හැකිද කියා අසමින්. ඒ වෙලාවෙදි තරුපතිත් රෝහලට ඉක්මනින්ම යනවා.

 

ඉතින් ඔන්න ඔය වෙලාවෙදි ටීනා ඊෂාව සොයමින් සිටිනවා. ඒ වෙලාවෙදි විෂාල් ඔහුත් ඇයව සෙව්ව බව පවසනවා. නමුත් ඇයව දකින්න ලැබුණු නැති බවත් ටීනාට පවසනවා. ඉතින් මේ වෙද්දි ඊෂා සිය තාත්තා බැලීම සඳහා වර්ක් ෂොප් එකෙන් ඇවිත් සිටින්නේ. ඉතිං මේ වෙලාවෙදි තරුපති සහ සමාධි රෝහලෙන් එළියට වී කතා කරමින් සිටින අතරතුරේදී ඊෂාත් එතැනට පැමිණෙනවා. ඊෂාව දැකීමත් සමගම සමාධි පුදුම වෙනවා. ඉතිං මේ වෙද්දි විෂා ල් තමන්ගේ යාලුවත් සමගින් කතා කරමින් සිටින අතරතුර දී ඊෂාගේ තරහකාරියක් එතැනට පැමිණ ඊෂා ගැන විවිධ කේලම් විෂාල් සමගින් පවසනවා. නමුත් විෂාල්ට නම් ඒවා ගැන වැඩි විශ්වාසයක් තිබුණ බවක් පෙනුනේ නැහැ.

ඉතිං ඔන්න සමාධිත් ඊෂා තරුපතිත් ඉන්න තැනට වෛද්‍යවරයා පැමිණ සියාගේ තත්ත්වය බරපතල නොවන බව පවසනවා. ඒ වෙලාවෙදි වෛද්‍යවරයා සමාධිගෙන් තරුපති කියන්නේ ඇයගේ හස්බන්ද කියා විමසද්දී ඇය කියනවා මේ සිටින්නේ ඇගේ දුව ඊෂා සහ තරුපති බව. ඉතිං වෛද්‍යවරයා සිතාගෙන සිටින්නේ තරුපති කියන්නේ සමාධිගේ හස්බන්ඩ් කියයි. ඉතිං ඒ වෙලාවෙදි වෛද්‍යවරයා හස්බන් ගැන විමසූ විටදී හස්බන් නැති වුන බව සමාධි ඔහු සමගින් පවසන විට ඊෂාත්, තරුපතිත් පුදුමයෙන් වගේ සමාධි දෙස බලනවා. ඉතින් මේ වෙලාවෙදි වර්ක්ෂොප් එකේ ඉන්න කවුරුත් ඊෂා කොහෙද ගියේ කියා දන්නේ නැහැ. ඊෂා ඔවුන්ව දැනුවත් කරලා නෙමෙයි මේ ගමන යන්නේ.

 

ඉතිං ඔන්න අගස්ති කාමරයට වී ලැප්ටොප් එකේ වැඩක් කරමින් සිටින විට දී වින්ඩි යමක් පෙන්වමින් ඔහු ළඟට පැමිණෙනවා. ඇය එසේ පෙන්වන්නේ ඊෂාගෙ සහ විෂාල්ගේ photo shoot එකයි. ඉතිං ඒ දෙස අගස්තිත් හොඳින් බලා සිටිනවා. ඉන්පසු ඒ දේවල් තේමිය විසින් සැලසුම් කර කරන දේවල් බව වින්ඩිත් සමගින් පවසනවා. ඉතින් මේ වෙලාවෙදි සීයගෙ තත්ත්වය හොඳ අතට හැරුණු නිසා තරුපතිත් සමාධිත් ඊෂාත් ගෙදර යමින් තමයි සිටින්නේ. ඉතින් පසුදින උදෑසනම ඊෂාත්, සමාධිත් වත්තෙ වැඩ කරමින් සිටිනවා. මේ වෙලාවෙදි වර්ක්ශොප් එක මැද දාලා ආපු එක ගැන ප්‍රශ්නයක් නැද්ද කියා සමාධි ඊෂාගෙන් අසනවා. ඒ වෙලාවේ වර්ක්ශොප් එකට වඩා ඇයට සීයාව වටින බව සමාධිත් සමගින් පවසනවා. ඉතින් මේ අතරදිම උදුල් තරුපතිගෙ ගෙදරට පැමිණෙනවා. ඒ අවස්ථාවේ තරුපති ඔහුගෙන් අසනවා ඊෂා ගෙදර ආපු බව දන්නවාද කියා. ඉතිං තරුපති දන්නවා උදුල් ඊෂාට ආදරය කරන බව..නමුත් ඒ ගැන කිසිවිටක උඳුල් තරුපති සමගින් පැවසුවේ නැහැ. ඉතින් මේ වෙනකොට තෙමියත් ,ටීනා සහ අගස්ති ,වින්ඩි එළියට පැමිණ වින්ඩිගේ සහ අගස්තිගේ විවාහය ගැන කතා කරමින් සිටිනවා. ඒ වෙලාවේ දී වින්ඩි ඉක්මනින්ම ඔවුන්ගේ විවාහය සිදුකරන බව තෙමියත් සමගින් පවසනවා. තෙමියත් ඔවුන්ට ඕනෑම උදව්වක් ඒ වෙනුවෙන් කරන්නට කැමැති වනවා.

 

ඉතින් ඔන්න මේ වෙලාවෙදි එකපාරටම වින්ඩිගේ අම්මා සහ තාත්තා ආයෙමත් වජිරාගේ ගෙදරට වින්ඩිව සොයා පැමිණෙනවා. ඉතින් වින්ඩිගේ අම්මා සහ තාත්තා සිතාගෙන සිටින්නේ ඇත්තටම මේ ගෙදර වින්ඩිගේ කියයි. ඉතිං ඒ වෙලාවෙදි වින්ඩිගේ අම්මව සහ තාත්තව දැකපු වජිරා කලබල වෙනවා. ඉන්පසු වින්ඩිට දුරකථන ඇමතුමක් ලබාදී ඇයගේ අම්මා සහ තාත්තා පැමිණ සිටින බව පවසනවාත් සමගම වින්ඩිත් බය වෙනවා. ඉතින් ඉන්පසු කලබල වුණ වින්ඩි ඉක්මනින්ම වජිරාගේ නිවසට පැමිණෙනවා. ඉතින් ඔන්න මේ අතරෙම අගස්තිත් වින්ඩිත් පසුදා ආයෙමත් සැරයක් වර්ක්ෂොප් එකට පැමිණෙනවා. ඒ අවස්ථාවදි තමයි අගස්ති දැනගන්නේ ඊෂා වර්ක්ෂොප් එකෙ නෑති බව. ඒ වෙලාවේ සීයාට අසනීප නිසා ඇය කාටවත් නොකියා ගිහින් කියා ටීනා අගස්තිට පවසනවා. ඉතින් ඔන්න මේ වෙලාවේ ඊෂා වත්තෙ වැඩ කරමින් සිටින අතරතුර දී විෂාල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ වෙලාවේ ඇය කොහෙද සිටින්නෙ කියා අසා ඇය නැවත වර්ක්ෂොප් එකට පැමිණෙන්නේ නැද්ද කියා විමසද්දී ඇය වර්ක්ෂොප් එකට වඩා සිය ළඟ සිටීම ඇයට වැදගත් බව විෂාල් සමගින් පවසනවා. ඔන්න ඔය අතරදිම උදුන් එනවා දකින ඊෂා විෂාල්ට ඇයගේ යහළුවෙක් එන බව පවසමින් දුරකථනය තියෙනවා. ඉතිං මේ වෙලාවෙදි ඊෂා විෂාල් ගැන උදුල්ට මොනවා හෝ දෙයක් කියයිද?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *