හිරු ටීවි නාළිකාවේ මේ දවස් වල විකශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය මේ දවස් වල ගොඩක්දෙනා අතරේ ජනප්‍රියයි. ඉතිං දිවිතුරා ටෙලිනාට්‍ය යේ මේ දවස් වල මොනවාද අලුත් විස්තර කියන දේ මේක බලන ප්‍රේක්ෂකයින් දන්නවා.

ඉතිං ඔන්න මේ වෙද්දී සමාධි කොළඹ ඉඳන් ගමට යන්න සූදානම් වෙමින් තමයි ඉන්නේ. ඉති ඔය අතරේ වින්ඩි සහ අගස්ති workshop එක තියෙන තැනට පැමිණෙනවා..ඇවිත් තරඟකරුවන් සමඟින් කතා බහ කරමින් සිටිනවා. එ අතරදී සමාධි එළියට වෙලා කවරුන් හො කෙනෙක් සමඟින් කතා බහ කරමින් සිටින විටදී අගස්ති එකපාරටම ඇය අසලින් යනවා…එය දුටු සමාධිගේ හිත ආයේමත් රිදෙනවා..ඔහු එදාත් සාමාධිව හඳුනා ගත්තේ නැ. ඇයට එත් සමඟ අතීතය සිහිවෙනවා… ඇය ඔහු යන දිහා දුකින් බලා සිටිනවා.

ඇය යලිත් ඊශාගේ කාමරය පැමිණ හඬමින් සිටිනවා ඊෂා දැක ඒ ඇයි ඇගෙන් විමසනවා.ඒ වේලාවේ අගස්ති තරන කියන දේයක් අදාළ කරගන්න එපා කියා ඊෂා සමාධිට පවසනවා. ඔය අතරේ උඳුල් එළියට වී ඊෂා ගැන කල්පනා කරමින් ඉන්න අවස්ථාවේ එතනට පැමිණෙන තරුපති ඔහුගේ හිත හදන්න උත්සහා ගන්නවා.එලෙස උදුල්ගේ හිත හදා තරුපති උදුල් සමඟ පංති කාමරය යනවා…

ඉතිං ඔන්න ඔය අතරේ තරඟකරුවන් සියලුදෙනා එක් තැනකට එක්රැස් කරගෙන තරඟයේ නීතිරිති ගැන වගෙම ගායකයෙක් වීමට අවශ්‍ය කරන දේවල් පිළිබඳ අගස්තිත්, වින්ඩිත් පැහැදිලි කරමින් සිටිනවා. ඒ වේලාවේ එතන ඊෂා සහ සමාධිත් සිටිනවා. ඉතිං ඔන්න ඊෂා පැත්තකට වෙලා ඉන්න අවස්ථාවක විෂාල් ඇය ළඟට පැමිණ ඇයත් සමගින් කතා බහ කරමින් සිටිනවා.ඉතිං ඇත්තටම විෂාල්ට ඊෂා ගැන කැමැත්තක් ඇතිවෙලා කියලා අපි හැමෝටම හිතෙනවා. මොකද ඔහු ඇය යන පස්සෙන්ම ඇය සමඟ යනවා.

ඔන්න මේ වේලාවේ ඊසා සමාධිත් සමඟින් ඇවිදගෙන එන විට ඔවුන්ගේ ඉස්සඑහට වින්ඩිව මුණ ගැහෙනවා. ඒ වේලාවේ ඇය ඊෂාගේ කට නම් හොඳට තියනවා කියා සමාධි සමඟින් පවසනවා. ඉතිං වින්ඩි මේ විදියට ඇයට එක එක දේවල් කියමින් ඇයව අපහසුතාවය පත් කරනවා. ඔන්න වින්ඩි පසුදින අගස්ති සමඟින් වජිරාගේ නිවසට පැමිණෙනවා. ඒ වින්ඩිගේ අම්මා සහ තාත්තාව අගස්තිට හඳුන්වා දීමටයි. ඉතිං අගස්තිගේ විස්තර ගැන වින්ඩිගේ අම්මයි තාත්තායි අසනවා. ඒ වේලාවේ වින්ඩිගේ අම්මා අගස්තිට ඔශුගේ අම්මා සහ තාත්තා සමඟින් විවහාය ගැන කතා කිරීමට පැමිණෙන්න කියා ඉල්ලීමක් කරනවා.

ඉතිං ඔනන් එදා රැ workshop එකේ ඉන්නක හැමොම එකතුවෙලා සිංදු කිය කිය රෑ නටමින් ඉන්න අතරදී ඊෂා පැත්තකට වෙලා එ දිහා ලබා සිටිනවා.විෂාල් ඒ වේලාවේ සැරින් සැරේ ඊෂා දෙස බලමින් සිටිනවා. ඔන්න මේ වේලාවේ ඊෂා ළඟට ගිය විෂාල් ඇයට නටන්න එන්න කියා අරාධනා කලත් ඇය පළමුසැරේ එයට අකමැති වෙනවා. ඉන්පසු විෂාල්ගේ බලකිරීම මත ඇය ඔහු සමඟින් නටනවා.

ඉතිං කොළඹ ගිහින් ගෙදර ආපු සමාධි ඇගේ මිතුරියක සමඟින් කොළඹදී අගස්තිව දැකපු බව පවසනවා. එදත් ඇයව අගස්ති හඳුනා නොගත් බව ඇය ඇගේ මිතුරිය සමඟින් පවසනවා.ඉතිං මේ වේලාවේ ඊෂා ඇගේ මිතුරිය සමඟින් කාමරයට පැමිණෙනවා. ඒ වේලාවේ විෂාල් ඊෂා දෙස බලනවා වැඩි කියා ඇය ඊෂා සමඟින් පවසද්දී ඊෂා ලැජ්ජාවෙන් වගේ එහෙම දෙයක් නති බව පවසනවා.. ඉතිං ඇතත්ටම ඊෂාගේ හිත විෂාල් ගැන කැමැත්තක් ඇතිවෙලාද? ඉතිං මේ වේලාවේදීම උඳුල්ගෙනුත් ඊෂාට කෝල් එකක් එනවා. ඒ වෙලේ ඔහු ඇයගේ සැප දුක විමසා තියනවාත් සමඟම ඊෂාගේ මිතුරිය ඇයට උඳුල් ඇගේ පෙම්වතා බව කියමින් විහිළු කරන්න පටන් ගන්නවා. ඉතිං ඔන්න පසුදා උදෑසන සමාධිට මඟදී තරුපතිව මුණ ගැසෙනවා. ඉතිං ඒ ආගිය තොරතුරු ගැන විමසන අතරදී තරුපති අගස්තිත් එදින පැමිණියාද කියා සමාධිගෙන් විමසනවා. ඒ වෙලේ සමාධි ඇවිත් සිටි බව පැවසුවා.

ඉතිං එදා දවසේ workshop එකප පටන් ගැනීමට සියදෙනාම එක තැනකට පැමිණ වාඩි වී සිටියා.එදා දවසේ ලංකාවේ ගායකයන් කිහිප දෙනෙකුත් ඇවිත් සිටියා. ඔන්න මේ වේලාවේ අගස්ති පුංචි ළමයි ඉනන් ළමා නිවාසයකට එනවා. ඔහු එනවා දැකපු ඒ පුංචි ළමයි ටික ඔහු වට කරගෙන සිටියා. ඒ වේලාවේ එතන සිටිය දරුවෙක් අගස්තිගේ ගීතයක් ගායනා කරනවා දැකපු අගස්ති හරිම සතුටින් ඔහුට අත්පුඩි ගසනවා. ඉතිං එතන සිටි සියලු දෙනාටම ඒ වෙලේ අගස්ති තෑගි ලබා දෙනවා. ඉතිං අගස්ති තමයි මේ ළමා නිවාසයේ සිටින සෑම දරුවෙක්ගේම වියදම් දරන්නේ.

ඉතිං ඔන්න වින්ඩි අගස්ති කතා බහා කරමින් ඉනන් අවස්ථාවේ වින්ඩි නැවත වතාවක් ඔවුන්ගේ විවාහ ඉක්මනින් කරමු කියා අගස්තිට පවසනවා. ඒ වේලාවේ අගස්ති විාහය තව ටික කාලයක් කල් දමු කියා වින්ඩිගෙන් ඉල්ලීම් කරනවා. ඔනන් මේ වේලාවේ විෂාල් දකුණින් පැමිණි පිරිසක් සමගින් වලියක් දගන්නවා. ඒ වේලාවේ ඔහු එහි සිටි තරුණයින් සමඟ රණ්ඩු වී ගහ ගන්නවා. ඒ වේලාවේ එතනට පැමිණෙන සමීර ඔවුන් දෙගොල්ලන්ටම බැන වැදි රණ්ඩුවක ඉතාමත් අමාරුවෙන් නවත්වා ගන්නවා,

ඉතිං ඔන්න සමාධි ඇගේ මිතුරිය නිලු සමඟින් එළියට වී කතා කරමින් සිටන විටදී ඇයට තරු ගැන විස්තර කතා කරමින් සිටිනවා. එ වේලාවේ තරුපතිට අකමැති වෙනන්ට කිසි කෙනෙකුට හේතුවක් නැති බව සමාධිට ඇය සිනාසෙමින් පවසනවා. ඒ වේලාවේ ලැජ්ජවෙන් වගේ නිලු දෙස බැලු සමාධි එතනින් පිට වෙනවා. ඉතිං ඔන්න ඔය අතරේ ඊෂා ඇගේ යහළුවන් කිහිපදෙනෙක් සමඟින් පිය ගුණ ගැන කියැවෙන ගීතයක් ගායනා කරමින් සිටියදී එ අසළට අගස්තිත් පැමිණෙනවා. ඔහු ඒ වේලාවේ ටික දුරක් ගොස් නැවත වතාවක් හැරී ඊෂා දෙස බලනවා.. ඉතිං අගස්තිට ඒ අවස්ථාවේ ඊෂා ගැන දුකක් ඇතිවෙලාද?

ඉතිං ඔන්න පහුවදා උදැසන අගස්ති workshop එකට එනවා. ඇවිත් එතන සිටි තරඟකරුවන් සහ තරඟකාරිනියන් සමඟින් තරඟය ගැන කතා කරමිනක් සිටින අතරේ එතන සිටි තරඟකරුවන් කිහිපදෙනකුට ගීතයක් ගායනා කරන්න කියා අගස්ති ඉල්ලීම් කරනවා. ඒ වේලාවේ විෂාල්ටත් ඔහු ගීතයක් ගායනා කරන්න කියනවා. අවසාන වශයෙන් ඔහු ඊෂා දෙස බලමින් වෙනත් කෙනෙක්ට ගීතය ගායනා කරන්න අරාධනා කරන විට ඇගේ හිත රිදෙනවා.. ඉතිං ඉන්පසු ඊෂා ඇග් යහළුවත් සමඟින් කතා කරමින් එළියට එද්දී විෂාල් එනවා දැකපු ඊෂාගේ යළුවා ඇයට විෂාල්ගෙන් බේරීමක් නැති බව පවසා ඊෂාට විහිළු කරනවා. ඉතිං ඊෂා ඇතත්ටම විෂාල්ට ලං වෙයිද? ඇයටත් ඔහු කෙරෙහි ළඟදීම කැමැත්තක් ඇතිවෙයිද?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *