හිරු ටීවි නාළිකාවේ මේ දවස් වල විකශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය මේ දවස් වල ගොඩක්දෙනා අතරේ ජනප්‍රියයි. මේ ටෙලිනාට්‍ය ගීත ගායන තරඟයක් මුල්කොට ගනිමින් හැදුනු ටෙලිනාට්‍යක්. මේ ටෙලිනාට්‍යෙය් අපි ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පින් දෙතුන් දෙනකුත් සිටීම ඇත්තෙන්ම විශේෂත්වයක්… එහි අපේ ජනප්‍රිය ගායකයෙක් වෙන හේක්ටර් ඩයස් සහ අතුළ අධිකාරීත් , චන්ද්‍රිකා සිරිවර්ධනත් රඟන්යෙන් දායක වෙනවා..මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඊෂා හෙවත් ශනුද්‍රි ප්‍රියසාද්.. ඇගේ අම්මා තමයි සමාධි හේවත් හිමාලි සයුරංගි. ඉතිං අගස්ති හේවත් හේක්ටර් ඩයස් කියන්නේ මේ ටෙලිනාට්‍ය තුළත් තරුණයින්ගේ අකාර්ෂණය ලබාගත් කෙනෙක්.. සමාධි හෙවත් හිමාලි කියන්නේත් හොඳින් සංගීතය ඉගෙන ගත්ත ලස්සනට සිංදු කියන්න පුළුවන් කෙනෙක්. මේ නාටයේ හැටියට… මෙහි සිටින තරුපති හෙවත් අතුළත් අගස්තිත් දෙදෙනාම සමාධිට ආදරය කරනවා… නමුත් සමාධිගේ හිතේ ආදරයක් ඇතිවෙන්නේ අගස්ති කෙරෙහි..සමාධි, අගස්ති, තරුපති කියන්නේ එකම සංගීත පන්තියේ ඉගෙන ගත්තු යහළුවෝ තුන්දෙනකේ. එක්දිනක මොවුන්ට සංගීත පංතියේ වැඩකටයුත්තක් සඳහා ඉන්දියාවේ යෑමට සිදුවෙනවා.. ඒ වෙද්දී සමාධි සහ අගස්ති කියන්නේ පෙම්වතුන්..ඉතිං එහිදි තමයි සමාධිට ඊෂාව ලබෙන්න එන්නේ..

ඉතිං ඊෂා කියන්නේ සමාධිගේත් අගස්තිගෙත් එකම දියණියයි..නමුත් මේ බව කිසිසෙත්ම අගස්ති දන්නේ නැහැ. අඩුම තරමින් සමාධිව දැකපු අවස්ථාවකවත් ඔහුට සමාධි කියන්නේ ඔහුගේ හිටිය පෙම්වතිය බවවත් මතකයට එන්නේ නැ.. එ වෙද්දී අගස්ති හැමෝම අතරේ නමක් හදාගත් තරුණයින්ගේ අකාර්ෂණ බොහෝ සේ දිනාගත් ජනප්‍රිය ගායකයෙක් වී හමරයි… එක් දවසකදී සමාධිගේ දුව ඊෂාට දැන ගන්නට ලැබෙනවා අගස්ති කියන්නේ ඊෂාගේ තාත්තා බව.. ඇය එවේල්ම rising stars කියන ගීතා ගායන තරඟාවලියට තරඟකාරිනියක් ලෙස ගොස් අගස්තියට සියළුදෙනා ඉස්සරහා බැන වදිනවා.. එ බැණ වදින එක එම නාලිකාවෙන් තේමිය කියන කෙනා පටිගත කරන්න කියා ඒහි සිටින කණ්ඩායමට පවසනවා… එත් සමඟම ඒ විඩියෝව සමාජ මාධ්‍ය පුරාම සැරිසරන්නට පටන් ගනන්වා… එය දැකීමත් සමඟ අගස්තිට තව තවත් ඊෂා කෙරෙහි ලොකු වෛරයක් ඇතිවෙනවා. නමුත් ඔහු දැනටත් දන්නේ නැහැ ඇය ඔහුගේ දියණිය බව… එ වේද්දී අගස්තිට අලුත් පෙම්වතියක් සිටියා එ තමයි වින්ඩි. වින්ඩි විදියට මේ නාට්‍යෙය් එ චරිතය නිරූපණ කරන්නේ නිලුෂි පවන්‍යා විසින්…

මේ ගායන තරඟයේ විනිශ්චකරුවන් විදියට අගස්ති, වින්ඩි සහ චන්ද්‍රිකා සිටින්නේ…ඉතිං මේ විඩියෝ එක සමාජ මාධයට යෑමෙන් පසු තේමියට අවශ්‍ය වෙනවා ඊෂාව මේ ගායන වැඩසටහනේ තරඟකාරිනියක් විදියට ඉිදිරියට ගෙන ය්නන. නමුත් එයට ඊෂාගේ අම්මා සහ සීයා කිසිසේත් ඉඩ දුන්නේ නැහැ.. මේ වේද්දී ඊෂා තරුපතිගේ සංගීත පන්තියට යමින් තමයි සිටියේ. නමුත් ඇය රයිසින් ස්ටාස් තරඟයට යෑමත් සමඟම තරුපතී ඊෂාව පන්තියෙන් අයින් කිරීමට තීරණය කලා… ඊෂා සැරින් සැරේ පැමිණ තරුපති සර්ට ඇත්ත පැහැදිලි කලත් ඔහු ඇයව පන්තියට අරගත්තේ නැහැ. ඊෂාගේ හොඳම යළුවා තමයි උඳුල්.. ඇය තමන්ගේ දුක හැමිටම උදුල් සමඟින් පැවසුවා.. නමුත් උඳුල්ට නම් ඊෂා කියනනෙ හොඳ යළුවෙක් නෙමෙයි.. මන්ද ඔහු ඊෂාට මහත්සේ ආදරය කරනවා.. නමුත් එය ඊෂාට ඔහු කියන්නේ නැහැ.

ඉතිං තාලය ගත වේද්දී රයිසින් ස්ටාර්ස් තාණ්ඩායම සැරින් සැරේ ඊෂාව හමුවීටම පැමිණ ඇය තරඟකරිනියක් ලෙස එයට සහභාගී වෙන්න කියා පවසනවා. ඉතිං එක දවසකදී ඊෂා ඒ ඉල්ලීමට කැමති වනවා. නමුත් ඇගේ අම්මා වන සමාධී සහ සීයාගෙන ඇයට කැමත්තක් ලැබුණේ නැහැ.නමුත් අවසානයේදී ඊෂා කෙසේ හෝ එයට ඔවුන් දෙදෙනාව කැමති කරවා ගන්නවා..ඉතිං ඇය මේ තරඟයට යාම නිසා ඇයව තරුපති පංතියේ අයින් කරත් ඇය සෑම දිනකම ගෝස් තරුපතිට ඇයව පංතියෙන් අයින් කරන්නට එපා යැයි පවසනවා..

ඉතිං මේ වෙද්දී ඇය රසියින් ස්ටාර්ස් තරඟයේ තරඟ කරන තරඟකාරිනියක්..ඉතිං ඇය සමාධිත් සමඟ මේ තරඟයට සහභාගි වීමට කොළඹට පැමිණෙනවා.. ඉතිං ඇය එදින ඇගේ පළමු ගායනය රියිසින් ස්ටාර්ස් වේදිකාව මත ගායනවා කරනවා.එදින ඇය වේදිකාවට පැමිණෙනවත් සමඟද අමුතු දෙයක් සිදු වනවා.. ඒ ඇය අගස්තිට බැණ වදින වීඩියෝව ඇය වේදිකාවට පැමිණෙවත් සමඟම සියලුදෙනාටම ඇසෙන්නට පෙනෙන්නට wall එකේ පෙන්නවා.. එය දැකීමත් සමඟ ඇය කලබලයට පත් වෙනවා.. අගස්තිත් ඒ අවස්ථාවේ නැවත වතාවක් අපහසුතාවයට පත් වෙනවා. නමුත් ඇය හිත ශක්තිමත් කරගෙන ඇය ගායනා කරන ගීතය ඉතාමත් ලස්සනට ගායනා කරනවා.. මේ අතර මේ වැඩසටහන නරඹන තරුපති ඇගේ ගෝලයන් වන උඳුන් සහ ඔහුගේ යළුවා සමඟින් පවසනවා ඊෂාව ගැලපෙන්නේ ඒ වගේ තැනකට කියා.. ඉතිං ගීතය අවසන් වීමේන් පසු ඇයට විනිශ්චමණ්ඩලයේ තීරණය ලබා ගැනීමට ඇය වේදිකාව මත රැදී සිටිනවා..ඉතිං පළමුව ඒ තීරණය ලබා දෙන්නේ විනිශ්චමණ්ඩලයේ සිටින විනිශ්චකාරියක් වන වජිරා විසිනි. ඇය එහිදී පවසනේනේ ඇගේ කටහඬ උපතින්ම ජානමයෙන්ම ලැබුණු කටහඬක් බවයි..ඉතිං ඇය ඊෂාව ඉදිරියට ගෙන යන්නට කැමැත්ත පළ කරනවා.. ඒත් සමඟම දෙවැනුම එම තීරණය ලබා දෙන්නේ අගස්ති. ඔහුගේ තීරණය වන්නේ ඇය මේ තරඟයෙන් ඉදිරියට නොයයුතුය කියලයි..ඉතිං අවසාන වශයෙන් වින්ඩිගේ තීරණය ලබා දේනනට යන අවස්ථාවේදී තේමීය ඇයට පවසනවා ඊෂාව තරගයෙන් ඉිදිරියට යැවිය යුතු බව.. එම බලපෑම මත වින්ඩිට එම තීරණයට එකඟ වී ඇයව ඉිදිරියට ගෙනයන්නට කැමති බව පවසන්නට සිදු වනවා.. ඒ අවස්ථාවේ අගස්ති ඉතාමත් කේන්තියෙන් වින්ඩි දෙස හැරෙනවා.. ඉතිං වින්ඩිගේ තීරණය සහ වජිරාගේ තීරණය මත ඇයට තරඟයෙන් ඉදිරියට යෑමේ වසනාව ලැබෙනවා.

ඉතිං මේ හේතුව නිසා අගස්ති වින්ඩි සමඟ තරහෙන් එයින් පිටත්ව යන්නට සූදානම් වනවිට අගස්තිගේ පසුපසින් වින්ඩි පැමිණෙනවා.. නමුත් ඔහු ඇය මහමඟ දමා යනවා… පසුවදා උදේ වින්ඩි අගස්ති ළගට පැමිණ පවසනවා එදා දවසේදී ඇයට කරන්නට කිසි දෙයක් නොතිබුනු නිසා තේමීයගේ බලපෑම මත එ තීරණය ඇයට ලබා දෙනනට සිදු වූ බව ඇය අගස්තියට පවසනවා.නමුත් අගස්ති දිගින් දිගටම පවසන්නේ ඔහුට ආදරයක් තිබුණා නම් ඔහුගේ පැත්ත ගත යුතුයි කියායි..

ඉතිං පසුවදා උදේ ආයෙමත් වතාවක් ඊෂා තරුපතිව හමුවන්නට සංගීත පන්තියට යනවා. එ අවස්ථාවේ තරුපති ඊෂා ලඟට ගිටාර් එකත් රැගෙනවිත් ඇය ගායනා කරපු ගීතයේ අවසානයේ මෙසේ ගායනා කලා නම් ලස්සනයි යැයි පැවසුවා.. ඇය ඒ අවස්ථාවේ පුදුමයට පත්වෙනවා..ඇයට අදහාගත නෙහෙැකිව එ දෙස බලා සිටිනවා. ඒසේ කියා තරුපති එතනින් පිට වෙනවා.

ඉතිං එක අවස්ථාවකදී අගස්ති හෝටලයකට වෙලා සිටින විට තරුණයන් දෙදෙනෙක් ඔහු ලඟට පැමිණ ඔහු සමඟින් කතාබහ කරනවා.. එ අවස්ථාවේ එහි සිටි එක් තරුණකු පවසනවා ඔහු එදා තරඟයේ සිටි ඊෂාට හොඳ රිටන් එකක් ලබා දුන්නේ කියා..ඒ අවස්ථාවේ අගස්තිට කෙන්ති ගොස් ඔවුන් අතර බහින්බස්වීමක් ඇති වනවා. ඒ අවස්ථාවේ අගස්ති එතන සිටි එක් තරණයකුට බැන වදිමින් පහර දෙනවා..එය දකින තවත් තරුණයකු මේ සිද්ධිය ජංගම දුරකථනයෙන් විඩීයෝ ගත කරගන්නවා..

මේ අතරදී ආයෙමත් සැරයක් ඊෂා තරුපති සොයාගෙන පැමිණෙනවා.. එ අවස්ථාවේ ඊෂා පනසන්නේ ඇයට පංතිය දාලා එකපාර යන්නට බැහැ කියයි.. ඇයට තරුපතිගේ උදව් අවශ්‍ය බව ඇය තරුපති ඉදිරියේ කියා සිටිනවා. එත් සමඟම ඔහු නවැතත් පවසන්නේ ඔහුට ඇයට පංතියට ගැනීමට නොහැකි බවයි.. නමුත් ඔහු කියනවා ඇය කැමති නම් පංතිය අවසන් වු පසු ඇයව train කරන්නට කැමති බව ඊෂා ඉදිරියේ තරුපති පවසනවා…ඇය ඉතාමත් සතුටින් එයට කැමති බව තරුපතිට පවසනවා. ඉිතං මේ අතරදී අගස්තිව සොයා අගස්ති සිටිනා හේටලය වෙත පොලිසිය පැමැණෙනවා…ඒ අවස්ථාවේ පොලිසිය අගස්තිට පවසන්නේ ඔහු තරුණයෙක්ට බරපතළ ලෙස පහරදීම හේතුවෙන් පැමිණිල්ලක් ලැබි ඇති බව පොලිසිය විසින් අගස්තිට පවසනවා.. පැමිණිල්ල ඉවත් කර ගැනීමට නම් එම තරුණයා විසින් ලක්ෂ 2ක මුදලක් ඉල්ලන බවද පොලිසිය පවසනවා..

ඉතිං එක දවසක අගස්ති වින්ඩි සමඟින් රෑ කෑමකට එළියට යනවා.. ඒ අවස්ථාවේ වින්ඩි අගස්ති ලගට මුදුවක්ද රැගෙන ගොස් ඇයව විවාහ කරගැනීමට කැමැතිද කියා ඔහුගෙන් විමසනවා.. අගස්ති ඒ අවස්ථවේ පුදුම වී සතුටින් කැමැත්ත ඇය වෙත ලබා දෙනවා.ඉතිං ඊටපසු දින අගස්තිව පුදුම කරවමින් වින්ඩි මල් කළබයක්ද රැගෙනවිත් ඔහුගේ උපන්දිනයට සුබ පතනවා..

ඉතිං මේ වෙද්දී තරුපති ඊෂාව තරඟයෙන් ඉිදිරියට යෑම සඳහා අවශ්‍ය මගපෙන්වීම කරනවා.. ඔහු ඇය ඊළඟ වටයේ ගායනා කල යුතු ගීතයත් තෝරා දී එය ඇයට පුරුදු කරවනවා..ඉතිං මේ අතර අගස්ති සහ වින්ඩි එකතරා වැඩසටහනකට සහභාගී වෙනවා.. ඒ අවස්ථාවේ ඔවුන් දෙපළගෙන් නිවේදිකාව විසින් ප්‍රශ්නයක් යොමු කරනවා.. එ තමයි ඔවුන් විවාහ වෙන්න සූදානම්ද කියන පැනය.. එ අවස්ථාවේ වින්ඩි එකලෙසම ඔවුන් විවාහ වීමට සූදනාම් බව පවසනවා.. නමුත් අගස්ති ඒ අවස්ථාවේ එයට හරිලෙස උත්තරයක් නොදී මද සිනාවකින් යුක්තව සිටිනවා.. මේ අවස්ථාවේම සමාධිත් රූපවාහිනිය ළඟටවිත් එම වැඩසටහන නරඹනවා.. ඉතිං මේ අවස්ථාවේ වින්ඩි ඔවුගේ ආදර කතාව ගැන විස්තර වැඩසටනේදී කියනවා.. සමාධි ඒ අවස්ථාවේ ඉතාමත් දුකින් කඳුලු ඇස් වල පුරාවාගෙන එ දිහා බලා සිටිනවා.. ඉතිං මේ වෙද්දී අගස්ති සහ වින්ඩි ඔවුගේ විවාහය සඳහා සූදනාම් වෙමින් සිටින්නේ… නමුත් විවාහය ඉක්මනින් සුදු කරන්නට අගස්තිගේ හිතේ නම් වැඩි කැමත්තක් නැති බව තමයි පෙනේන්නේ.. ඉතිං අගස්ති සහ වින්ඩි වාවහ වීමට සූදානම් බව දැනගත් තේමීය කියන්නේ විවාහ ටිකක් කල් දාන්න කියායි. එයට හේතුව විදියට ඔහු පසන්නේ රියිසින් ස්ටාර්ස් වැඩසටහන තව මාස දෙකකට වඩා තිබෙන බවයි. එය ඇසීමත් සමඟ කලබලයට පතු වුණු වින්ඩි තේමීය බැන වදිනවා.. ඉන්පසු අගස්ති සමඟද ඒ පිළිබඳ වින්ඩි වාද කරනවා.. නමුත් අගස්තිගෙත් කැමැත්ත තිබෙන්නේ විවාහය කල් දැමීමටයි..

ඉතිං නැවතත් ඊෂා සහ සමාධි රයිසින් සටාර්ස් ඊළඟ තරඟ වටය සඳහා කොළඹ යෑමට බස් නැවතුම්පොළට යනවා.. එ අවස්ථාවේ එතනට පැමිණෙන තරුණයන් දෙදෙනෙක් ඊෂාට සහ සමාධිට එක එක දේවල් කියනවා.. ඒ අවස්ථාවේ ඊෂා සහ සමාධි එතනින් පිට වෙන්න යද්දී එක සැරේටම ඊෂාව අතින් එක් තරණකු අල්ලාගනෙ ඇයට කරදර කරනවා.. ඒ අවස්ථාවේ එතනට පැමිණෙන තරුපති ඔවුන්ට හොඳටම පහරදී ඔවුන්ගෙන් සමාව ගන්න කියා පවසනවා..

මේ අතරේ ඉ ඔන්න ආයෙමත් වතාවක් අගස්ති තරුණයෙක්ට පහර දීපු සිද්දධිය මතුවෙනවා.. එදා ඔවුන් ලක්ෂ 2ක දුන් පසු එ විඩියෝ එක ඩිලිට් කරා කියලා කිව්වත් එහෙම කරලා තිබුනේ නැහැ. ඔහුට නැවතත් එම විඩියෝ එක තිබනෙ තරුණයාගෙන් දුරකථන ඇමතුමක් එනවා.. ඔවුන් ඒ අවස්ථාවේ විඩියෝ එක අයින් කරන්නට නම් ලක්ෂ 5ක් ලබා දෙන්න යැයි අගස්තිගෙන් ඉල්ලීම් කලා. නමුත් අගස්ති ඔහු ළඟ එතරම් මුදලක් නැති බව ඔවුන්ට පැවසුවා.. ඉන්පසු අගස්ති ඔවුන් හමුවීමට යනවා.. ඒ අවස්ථාවේ එම තරුණයා සල්ලි ටික දුන් පසු විඩීයෝ එක ඩිලිට් කරන්නම් කියා අගස්තිට බව පසනවා. එ අවස්ථාවේ එම තරුණයා විඩියෝ එක ඩිලිට් කරත් අගස්ති ඔහුට සල්ලි ලබා දෙන්නේ නැහැ. එ අවස්ථවේත් ඔවුන් දෙදෙනා අතරේ බහින්බස්වීමක් ඇති වී අගස්ති එම තරුණයටත් පහර දෙනු ලබනවා.. ඉන්පසු අගස්ති පහර දී එතින්න පිටත් වෙන්නට හැදුවත් එය එතරම් ලේසි වුනේ නැහැ. පොලිස් ජීප් රථය ඔහු පසු පස පැමිණ ඔහුගේ වාහනය ඉස්සර කර නැවැත්වුවා. ඉන්පසු අගස්තිට බැන වැදුන පොලසිය ඔවුන් සමඟ පොලිසියට යෑමට එන ලෙස අගස්තිට පැවසුවා.. ඉන්පසු අගස්තිව පොලිසියට ඔවුන් රැගෙන ගියා.

මේ අතරදී තේමීයට දුරකතණ ඇමතුමක් ලැබෙනවා අගස්තිව පොලිසිය අත්අඩංගුවට ගත් බවට. මේ අවස්ථාවේදී වින්ඩි සහ තේමීය කලබලයෙන් පොලිසියට පැමිණෙනවා.. ඒ අවස්ථාවේ තේමීය අගස්තියට ඔහු මොනවාහරි දෙයක් කරලා ඔහුව බේරා ගන්නම් යැයි පවසා එතනින් පිටවෙනවා. නමුත් වින්ඩි ඔහු ළඟට වී හඬමින් සිටිනවා. එතන සිටි පොලිස් නිලධාරීයා හමු වු තේමීය ඔහුගෙන් ඉල්ලා සිටිනනේ ඔහුගේ වැඩසටහනට අනිවාර්යෙන්ම අගස්තිව අවශ්‍ය බවයි. නමුත් එය ප්‍රතික්ෂේප කල පොලිස් නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේ ඔහුව ඔවුන්ට නිදහස් කිරීමට කොහොමටවත් නොහැකි බවයි.

කේසේ වුවත් වැඩසටහන කරගෙන යාමට අවශ්‍ය නිසා තේමීය ඔවුන්ට කළ හැකි වෙනත් උපක්‍රමයක් ගැන සිතුවා.. ඒ අවස්ථාවේ තේමීයට අදහසක් ආවා තරඟය තිබෙන්නේ කාන්තා දිනය දවසේදී නිසා එදින කාන්තාවන් තිදෙනෙක්ම විනිශ්චමණ්ලයේ තබනන්ට.. ඉතිං එදා තරඟය දවසේදී අගස්ති වෙනුවට එම අසුනේ වාඩි වුයේ ගායන ශිල්පීනි සුභානි හර්ෂණි.. මේ අවස්ථාවේදී අගස්ති සිටින තැනට පොලිස් නිලධාරියෙක් පැමිණ ඔහු නැතුව රයිසින් ස්ටාර් වැඩසටහන යනවා යැයි ඔහුට පවසනවා.. ඉති මේ වේද්දී රයිසින් ස්ටාර්ස් තරඟාවලිය ආරම්භ වී දැන් වෙද්දී දෙවැනි තරඟකරුවා තමයි වේදිකාවේ ගීතය ගායනා කරන්නේ. ඒ අවස්ථාවේ අගස්තිගේ ගීතයක් තමයි එම තරුණයා එහි ගායනා කරන්නේ.. එහ අවස්ථාවේ එම ගීතය අසමින් වින්ඩි ඉතා සංවේදී වුවා.. විනිශ්චමණ්ඩලයම එදා ඒ විෂාල් තියන තරුණයා විස්මයට පත් කලා. එ තරමට එ ගායනය මිහිරි…එදා විනිශ්චමණ්ඩලයේ සියලුදෙනාගේන්ම හොඳ ප්‍රතිචාර ඔහුට ලැබුනා.

වින්ඩි තමන්ගේ අදහස පවස්න්නට උත්සහා කලත් ඇයට එය පවසා ගැනීමට තරම් ශක්තියක් තිබුනේ නැහැ. ඇය කඳුළුපිරි දෙනෙතින් පැවසුවේ එම ගීතය හැදෙන අවස්ථාවේ ඇය අගස්ති සමඟින් සිටි බවයි.. ඉතිං ඔහුගෙන් පසුව ඊෂා තමයි වේදිකාවට පැමිණෙන්නේ.. ඉතිං එදිනත් වජිරාගෙන් ලැබුනේ ඇයට හොඳ ප්‍රතිචාරයකි.. සුභානිත් ඇයට එ විදියටම ඇගේ ගායනයට හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නා.. එදිනත් වින්ඩිගේ අදහස ගැන අසිමේදී වින්ඩිට එදිනත් තේමීය බලපෑම් කලා ඇයට ඉදිරියට යවන්න කියා.. ඒ අවස්ථාවේ ඇය කෙලින්ම yes ලෙස පවසමින් ඇයව ඉදිරි වටය සඳහා රැගෙන ගියා. ඉතිං මේ වැඩසටහන ඉවර වුනාට පස්සේ විෂාල් ඊෂා ලඟට පැමිණ ඇය ඉතාමත් ලස්සනට ගීතය ගායනා කල බව පැවසුවා… ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීඹ සිදුවුනා. ඔවුන් දෙන්නට දෙන්නා හඳුනා ගත්තා.. ඉතිං අපට සිතෙන විදියට නම් විෂාල්ට ඊෂා ගැන හිතේ කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ..

මේ අතරදී නැවත වතාවක් අගස්ති ලඟට පැමිණෙන පොලිස් නිළධාරීයා ඊෂා ඊළඟ වටයට තේරුණ බව අගස්තිට පැවසුවා.. වින්ඩිත් ඇයට වෝඩ් කළ බව අගස්තිට පැවසීමත් සමඟ ඔහුට කේන්ති ගියා… ඉතිං එදිනම ඔහුගේ ලෝයර් පෙිලිසියට පැමිණ අගස්තිට ඇප දී ඔහුව බේරා ගත්තා..ඉතිං එදින අගස්ති නිදහස් වී කෙලින්ම ආවේ තේමීය සිටින තැනට ඔහුව සොයාගෙනයි.. එ අවස්ථාවේ තේමීය ටීනාත් සමඟින් කතා බහක යෙදෙමින් සිටියේ..එ අවස්ථාවේ එතනට පැමැණි අගස්ති කෙන්තියෙන් තේමීය පහරදීමට උත්සහා කලා..අගස්ති ඔහුට චෝදනා කලේ ඊසාව ඉදිරියට යැවීමට අවශ්‍ය වු නිසා ඔහුව හිරේ දැම්මා කියායි…ටීනා එයට මැදිහත්ව රණුඩුව බේරීමට මහත් උත්සහයක් දැරුවා.. ඉතිං අගස්ති ඉතා කෙන්තියෙන් එතනින් පිටව ගියා..

ඉන්පසු දවසේ අගස්ති සිටින කාමරයට වින්ඩි පැමිණෙන විට ඔහු සිටියේ නැහැ.. ඇය ඔහුට දුරකථන ඇමතුම් දුන්නත් ඒවාට උත්තර දුන්නේ නැහ. අවසානයේදී වින්ඩි තේමීයට දුරකථන ඇමතුමක් ලබා දී ඔහුට මේ බව පවසනවා.. අගස්ති ඒ වේද්දී ඔහුගේ සියළු දේවල් රැගෙන වෙනත් තැනක නැවතීම සඳහා පිටත් වෙලයි තිබුනේ.. තේමීය සහ වින්ඩ් අගස්තිගේ හිත මිතරන්ට කතා කර ඔහු ඉන්න තැනක් දන්නවා දැයි කියා විමසුවත් කිසි කෙනෙක් එය දැනගෙන සිටියේ නැහැ..තේමීය වින්ඩි සමඟ අගස්තිව සොයා ඔවුන් දන්නා හැම තැනකටම ගියත් ඔහුව සොයා ගැනීමට නොහැකි වුවා.. මේ අතරම වින්ඩිට ඇගේ අම්මාගෙන් ඇමතුමක් ලැබෙනවා..වින්ඩි අගස්ති සමඟින් විවාහා වෙනවා කියලා දැනගත් ඔවුන් කොළඹට එන බව පවසනවා… ඉතිං මේ වෙද්දී එ හේතුව නිසා වින්ඩි තවත් කලබලයට පත්වයි සිටින්නේ.

ඉතිං ඔන්න මේ වෙද්දී ඊෂා සමාධිට රයිසින් ස්ටාර්ස් එකේ සිටින අයට workshop එකක් සති දෙකක් එක දිගට තිබෙන බව පවසනවා…සමාධි ඒ අවස්ථාවේ ඇයව තිනව එ workshop එකට යවන්නේ නැති බව පවසනවා..මේ අවස්ථාවේ සමාධි සහ ඊෂා අතර බහින්බස්වීමක් සිදුවෙනවා. එවිට ඊෂා තරහින්න එතින් පිටව යනවා..

ඉතිං දවසේ වැඩකටයුතු අවසන් වී ගෙදර එන තේමීයට හිතපු නැති දෙයක් මෙන්න මේ වේලාවේ සිදුවෙනවා.. තේමීය කියන්නේ විවාහක කෙනෙක්. ඇය බිරිඳ විඳියට මෙ නාට්‍යයේ ඉන්නේ දූලීකා මරපනයි..ඉතිං ඔවුන් දෙනොට නිවුන් දරුවන් දෙදෙනෙක් මේ කතාවේ හැටියට සිටනවා.. තේමීය දරුවන් දෙනො සමඟ සෙල්ලම් කර කර ඉන්න අවස්ථාවේ දූලීකා වාහනයේ සීට් එකේ තිබුන කේස් කැල්ලක් රැගෙනවිත් තේමීයට පෙනවා අසනවා කෙස් ගස කාගෙද කියා.. එවිට තේමීයත් එ දිහා පුදුමයෙන් වගේ බලනවා.. ඉතිං මේ වේලාවේ දෙදෙනා අතර රණ්ඩු සරුවක් යනවා.. ඉතිං තේමියගේ බිරිඳ වන දිව්‍යා හිතනේනේ ඒ කෙස් ගස ඔහු වැඩ කරන තැන සිටින ටීනාගේ කියායි..

ඉතිං ඔන්න ඔය අතරේදී වජිරා මිස්ට වින්ඩිගෙන් දුරකථන ඇමතුමක් එනවා.. ඇය ඒ කතා කරන්නේ වජිරාගේ උදව්වක් ලබා ගැනීමටයි.. ඒ අවස්ථාවේ ඇය කියා සිටින්නේ ඇගේ අම්මයි තාත්තයි ඇයව බැලීමට කොළඹ එනවා කියායි.. ඉතිං ඔවුන්ට වජිරාගේ ගෙදර නැවතීමට ඉඩ දෙන්න පුළුවන්ද කියා වින්ඩි ඉල්ලීමක් කරනවා.. ඉතිං එ වේලාවේ වජිරා අකමැත්තෙන් වගේ එම ඉල්ලීමට කැමති වනවා…ඔය අතරේ අගස්ති ඔහු සිටන තැනට වෙලා රයිසින් ස්ටාර් වැඩසටහනේ ඊෂා ගායනා කරපු ගීතය අසනවා.. ඔහුට එක සැරේටම මොකක් හෝ මතක් වෙනවා… තරුපති අගස්ති කියන්නේ එ කාලේ හොඳම යාළුවෝ දෙන්නෙක්. ඉතිං මේ වේලාවේ අගස්තිට තරුපති ඒ ගීතයේ කොටසක් පන්තියේ ගායනවා කරපු හැටි මතක් වෙනවා.. ඉතිං මේ වේලාවේ අගස්ති කවුරුන් හෝ කෙනෙක්ට දුරකථන ඇමතුමක් ලබා දෙනවා.නමුත් එ ඇමතුම තාට දුන්නද කියා අප දන්නේ නැ…

ඉතිං ඔන්න මේ වේද්දී වින්ඩි වජිරාගේ ගෙදරට එනවා ඇගේ සියළු බඩු බාහිරාදියත් රැගෙන.. ඇය ඇගේ ලොකුවට ෆේම් කරලා තිබුණු පිංතුර හතරක් පහකුත් රැගෙන විත් වජිරාගේ ගෙදර බිත්තිවල ගහලා තිබුනු ඒ ලොකු පිංතුර ගලවමින් ඇගේ පිංතුර ටික බිත්තියේ එල්ලනවා.. ඒ ඇගේ දෙමාව්පියන්ට මේ නිවස ඇගේ කියලා පෙන්වීමට ඕනෑ නිසයි…නමුත් වජිරා නම් මේකට එච්චර කැමති වෙන්නේ නැ..

ඔන්න තේමීය මේ වේලාවේ අගස්තිට ඇමතුමක් ගන්නවා..එ අවස්ථාවේ තේමීය ඔහු ඉන්න තැන ගැන විමසුවත් ඔහු එයට උත්තරයක් නොදී ඔහු දිගින් දිගටම පවසන්නේ තේමීය ගහපු ප්ලෑන් එකක් කියලයි.. ඔහු ඒ වේලාවේ තේමීයට කියනවා ඊෂා කියන්නේ තරුපතිගේ ගෝලයෙක් බව. ඉතිං ඔන්න එදා දවසේත් වින්ඩි තේමීයත් සමඟින් අගස්තිව සොයන්න යනවා. නමුත් එදා දවසේත් ඔහු ඉන්න තැනක් ගැන තොරතුරක් දැන් ගන්න ලැබෙන්නේ නැ…

ඉතිං ඔන්න මේ වෙද්දී වින්ඩිගේ අම්මයි තාත්තායි ත්‍රීවිලරයකින් වජිරාගේ ගෙදරට එක්කගෙන එනවා… ඉතිං වින්ඩිගේ අම්මලා මේ ඇවිත් තියෙන්නේ අගස්තිව හමුබ වෙලා ඒ දෙන්නාගේ විවාහය ගැන කතා කරනන්යි. නමුත් වින්ඩිට මේ වෙනකන් අගස්ති ඉන්න තැන ගැන තොරතුරක් ලැබිලා නැහැ..

ඔන්න දැන් ඊෂා workshop එකට යන්න කලින් අවසන්වතාවට උඳුල්ව හමුබ වෙන්න එනවා… ඉතිං මේ වේලාවේ ඊෂා මේ තරඟේ ගැන විස්තර කියලා ඉක්මනටම ආයෙමත් එන්නමැ කියා පවසලා එතනින් පට වෙන්න හදනවා… එ වේලාවේ උඳුල් ඊෂා යන දිහා ගොඩක් දුකෙන් බලාගෙන සිටිනවා.. නැවතත් ඊෂාට ඔහු කතා කර පරිස්සමට ගිහින් එන්න කියා පවසනවා… ඊෂාත් මඟ හැරි හැරි උදුල් දෙස බලමින් එතනින් පිට වෙනවා….ඉතිං මේ workshop එකට යන ඊෂාට උඳුල්ව අමතක කර විෂාල් ගැන ඊෂාට කැමැත්තක් ඇතිවෙයිද? ඊෂාගේ අම්මා සමාධිට වු දේම ඊෂාට සිදුවෙයිද කියන කාරණය ගැන මේ කතාවට ආදරය කරන ප්‍රෙක්ෂකයන්ගේ හිතට ප්‍රාශ්නාර්ථයකි…

ඉතිං මේ වෙද්දී සමාධිත් ඊෂා සමඟින් workshop එක තියෙන තැන නැවතිලා තමයි සිටින්නේ.. ඉතිං මේ වේලාවේ සමාධියි ඊෂායි ඉන්න තැනට රේහානා කියලා කෙනෙක් ඇවිත් ඇයව හඳුන්වලා දීලා ඇය ඊෂාත් එක්ක එකට කාමරයේ සිටින කෙනා බව පවසනවා. ඉතිං ඔන්න මේ වේලාවේ අගස්ති වින්ඩි සමඟින් workshop එක තියෙන තැනට පැමිණෙමින් තමයි සිටින්නේ. එත් එක්කම සමාධිත් මේ වේලාවේ ගෙදර යන්න ලැස්ති වෙන ගමන් තමයි සිටින්නේ.

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *