මේ වේද්දී දෙවැනි ඉනිමේ මොකද වෙන්නේ? ඉතිං මේ වේලාවේ මේ නාට්‍ය බලන හැමෝම ඒ ගැන දන්නවා..

ඉතිං ඔන්න රදීෂ් නැවතවතාවක් අනුහස්ව සොයා ඔහුගේ ගෙදරට පැමිණ ලිහිණිට ඔහු ආදරය කරන බව පවසමින් ඇයව ඔහුට යාළු කරලා දෙන ලෙස ඉල්ලීම් කරනවා.. ඉතිං රදීෂ් ඒ ගැන කියලා පිට වෙනවාත් සමඟ අනුහස් උදේනිට ලිහිණිට රදීෂ් ආදරයට කරන බව පවසනවා. ඒ වේලාවේ උදේනි අනුහස්ට ඒ දේවල් වලට මැදිහත් නොවී සිටින්න කියා පවසනවා. ඒ වේලාවේම මලින්තත් අනුහස්ගේ ගෙදරට පැමිණෙනවා.. එ කුමක් හෝ දෙයක් අනුහස්ට පැවසීමටයි.. ඉතිං ඒ වේලාවේ මලින්ත ලිහිණි අනුහස්ට ආදරය කරන බව පවසනවා. නමුත් අනුහස් එය තේරුම් ගන්නේ යාළුකමට ආදරය කරන බවයි. ඒ වේලාවේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කියා අනුහස් මලින්තට පවසනවා..

ඉතිං මේ වේලාවේ රදීෂ් අවන්තත් සමඟින් ලිහිණි ගැන කතා කරමින් සිටිනවා. ඒ වේලාවේ ලිහිණිට ඔහු ආදරය කරන බව රදීෂ්ගේ තාත්තාත් දන්නා බව අවන්ත කියනවා. ඒ වේලාවේ ඔහු ටිකක් බය වෙනවා. ඉතිං අවන්ත මේ වේලාවේ ලිහිණිගේ ආදරය දිනා ගන්න අවශ්‍ය කරන උපදෙස් ටිකක් ලබා දෙනවා. ඉතිං ඔන්න පහුවදා උදේ උදේනි දේවිමිගේ ගෙදරට ආපු වේලාවක දේව්මිගේ අයියා ධනුක විසින් අනුහස් සහ අක්ෂා ඇත්තටම විවාහ වෙනවාද කියා උදේනිගෙන් ඇසුවා. ඒ වේලාවේ උදේනි ඒ බව දන්නේ නැති බව ටිකක් අකමැත්තෙන් වගේ ධනුකට පැවසුවා.. උදේනිගේ හිතේ කොච්චර කලත් අක්ෂා ගැන පැහැදීමක් තිබුනේ නැහැ. ඇයගේ හිතේ කැමැත්ත තිබෙන්නේ ලිහිණි වගේ කෙනකු අනුහස්ට විවාහ කරදීමටයි. ඒ වේලාවේ අක්ෂා වගේ කෙනකු අනුහස්ට ගැලපෙන්නේ නැති බව ධනුක සහ ඔහුගේ බිරිඳ සමඟින් උදේනි පවසනවා.

ඉතිං ඔන්න අනුහස් අක්ෂාවත් අල්ලාගෙන පාරේ ඇවිදමින් යනවා. ඒ වේලාවේ ඔහු රට ගිය නිසා ඇයට පළිගන්නට අවශ්‍ය බව විහිළුවෙන් පවසනවා.. ඉතිං ඒ වේලාවේ අනුහස් පළිගත්ත පළිගැනීම හොඳටම ඇති බව අක්ෂාට පවසනවා.. ඒ වේලාවේ එකපාරට අක්ෂා අනුහස්ගෙන් විවාහ වෙමුද කියා අහනවාත් සමඟ ඔහුට එය සිතා ගත නොහැකි වෙනවා. ඒ වේලාවේ දෙව්මිගෙ සහ අවන්තගේ විවාහයෙන් පසු විවාහ වෙමු කියා අනුහස් අක්ෂාට පැවසුවා.

ඉතිං පසුදින උදෑසනින්ම අනුහස්ව අක්ෂාව බැලීමට ඇගේ ගෙදරට පැමිණෙනවා. ඒ වේලාවේ අක්ෂා විසින් ඇගේ අතේ දමා තිබෙන බැන්ඩෙජ් එක ගලවන්නට අවශ්‍ය බව අනුහස්ට පැවසුවත් එය දැන්ම කල නොහැකි බව අනුහස් අක්ෂාට පවසනවා. ඒ වේලාවේ එතනට පැමිණෙන අක්ෂාගේ අම්මාත් තව ටික දවසක් එය තියාගෙන සිටින්න කියා පවසනවා.

ඉතිං ඔන්න මේ වෙලාවේ රදීස් ඔහුගේ සීයා සමඟින් ලිහිණි ගැන ඉංග්‍රීසියෙන් කතා කරමින් සිටිනවා. ඒ වේලාවේ එතන අතුගාමින් ඉන්න ලිහිණිටත් ඔහු කියන දේවල් ඇහුනා. ඒ වේලාවේ රදීෂ් ලිහිණි ලස්සන බව සීයා සමඟින් කියනවාත් සමඟ ලිහිණි හොරෙන් මද සිනාහාවක් පානවා. ඒ වේලාවේ රදීෂ් ලිහිණිට ඔවුන් කතා කරන කිසිදෙක් නොතෙරන බව සීයාට පවසනවාත් සමඟිම ලිහිණි එතන පැමිණ ඔහු කියු සියළු දේ ඇසුන බව ඉංග්‍රිසියෙන්ම පවසනවා. ඒ වේලාවේ රදීෂ් බය වී පුදුම වී ඇය කතා කරන දිහා බලා සිටිනවා.

ඔන්න මේ වේලාවේ අවන්ත දේව්මිගේ ගෙදරට පැමිණ ඇය සමඟින් කතා කරමින් සිටින අතරතුරේ එතනට දේව්මිගේ තාත්තා වන අනාන්දත් පැමිණෙනවා. ඒ වේලාවේ අනාන්ද ඔවුන්ගේ විවාහය සැලසුම් කිරීමට අවශ්‍ය බව අවන්ත සමඟින් පවසද්දී දේව්මි ඉතා සතුටින් සිනාසීගෙන එ දෙස බලා සිටින විට අනාන්ද ඇයට විහිළු කරනවා.. ඒ වේලාවේ අවන්ත ඔවුන්ගේ විවාහය ඉක්මනින් කරනවාට කැමති බව අනාන්ද සමඟින් පවසනවා.

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *