මේ මේ වේද්දී දෙවැනි ඉනිමේ මොකද වෙන්නේ? ඉතිං මේ වේලාවේ මේ නාට්‍ය බලන හැමෝම ඒ ගැන දන්නවා.. ඉතිං ඔන්න මේ වෙද්දි අක්ෂා රෝහලෙන් පිටවී ගෙදර යන්න ලැස්ති වෙනවා. ලිහිණිත් ඇයගේ සියළු බඩු ආදිය හරිගස්සවනවා. ඒ අතරදී අනුහසුත් රෝහලට එනවා. ඉතිං මේ වේලාවේ අනුහස් අක්ෂාව අල්ලාගෙන ලිහිණිත් සමඟ රෝහලෙන් පිටව ගෙදරට යනවා. ඒ වෙලාවේ අක්ෂාගේ අම්මා පුදුම වී බනිනවා. ඒ ඇයට නොකියාම එකපාරට ගෙදරට පැමිණි නිසයි. ඔන්න ඉන්පසු දිනයේ උදේනි අසනීපපන් සිටින අක්ෂාව බලන්න අගේ ගෙදරට පැමිණෙනවා.ඇවිත් ඇගේ සැප දුක විමසනවා. ඒ වේලාවේ මාස හයක්වත් යනකන් ඇය පරිස්සම් විය යුතු බව අක්ෂාට පවසනවා.ඒ වේලාවේ සිනාහවෙන අක්ෂා උදේනිට පවසනවා අනුහස්තු ඒ දේවල් ඒ අකාරයෙන්ම කියු බව.. උදේනි ඒ අවස්ථාවේ සිනාසෙමින් ඔහු ඇගේ පුතා නිසා ඔහු ඇය වගෙම බව පවසනවා. ඒ වේලාවේදී අවන්තත් ළඟදීම දවසක එයි කියා ඇය අක්ෂාට පවසනවා.

ඔන්න ඔය අතරේ උදේනි සමඟින් අවන්ත අමීෂා සමඟින් හෙට දින එන බව අනුහස් පවසනවා. ඒ වේලාවේ උදේනි එය අසා අදහා ගත නොහැකිව පුදුමයට පත්වෙනවා. හැබැයි මේ වෙනක්ම දේවිමි දන්නේ නැ අවන්ත එන බව.මේ ගැන අක්ෂාටත් අනුහස් පවසනවා.

ඔන්න පසුදා උදෑසනම රදීස්වත් අවන්තගේ සීයාවෙත් පුදුම කරවමින් අවන්ත සහ අමීෂා පැමිණෙනවා. මේ වේලාවේදීම අවන්තට දුරකතන ඇමතුමක් අවනත්ට ලැබෙනවා. ඒ වේලාවේ අවන්ත ඇයට කියනවා අමීෂාට ආයෙමත් අසනීප වු බව කියමින් ඔහු දුරකථනය තියනවා. ඇය එදින රාත්‍රියේ අනාන්දගේ ගාරාජ් එක අසලට දුකින් පැමිණ අවන්තගේ සහ ඇගේ මතකයන් සිහි කරමින් හඬනවා. එ අතරදීම එක සැරටෙම වර්ෂාවක් ඇඳ හැලෙනවා.. එත් එක්කම අවන්තත් මේ වේලාවේ දෙව්මිව පුදුම කරවන්න එන ගමන් තමයි සිටින්නේ. ඉතිං මේ ඇදහැලුන වැස්සත් එකක් ඇයට මැවී පෙනෙනවා අවන්ත ඇය ළඟට කුඩයකුත් රැගෙන එනවා.. ඇය ඒ වෙලේ සතුටු වෙනවා… නමුත් එක සැරේටම ඇයට අවන්තගේ රූපය මැකී යනවා දකිවනවා. ඉන්පසු නැවත මඳ වේලාවකින් නැවතත් අවන්ත ඇයට පෙනෙන්නට එනවා. ඒ වේලාවේ ඇය සිතන්නේ එයත් ඇය දකින සිහිනයක් කියායි..

ඉන්පසු අවන්ත ටික ටික ඇය ළඟට පැමිණෙද්දි ඇය ඔහු දෙස බලා සිනාසෙමින් ඔහු ළඟට දිවවිත් ඔහුව වැළඳ ගනිමින් හඬනවා.. එවිටයි ඇය දැන ගන්නේ ඇය දකින්නේ සිහිනයක් නොව සැබෑවක් බව. ඔන්න ඉන්පසු දවසේ දෙව්මි ඇගේ පුංචි කාලේ ඡයාරූප වගයක් බලමින් සිටින අතරතුරේදී දෙව්මිගේ ගෙදරට උදේනි එනවා. ඉතිං ඇයත් දෙව්මි ළඟට පැමිණ ඇයත් සමඟින් දෙව්මිගේ පුංචි කාලේ මතකයන් ගැන සිහි කරමින් සිනා සීසී සිටිනවා. ඉතිං මේ වේලාවේ ලිහිණි අමීෂාගේ ගෙදරට එනවා. ඇවිත් රදීෂ් සමඟින් කතා කරමින් සිටින විටදී එතනට අමීෂා සහ සීයා පැමිණෙනවා. ඒ වේලාවේ ලිහිණි ඔවුන් වෙනුවෙන් කරපු උදව් ගැන රදීෂ් අමීෂා සමඟින් පවසනවා. ඒ වේලාවේ අමීෂා ඇය ඔවුන් වෙනුවෙන් කල උදව් වලට ඇයට ස්තුතියි කරනවා.

ඔන්න පසුදින අක්ෂාව බලන්න අනුහස් ඇගේ ගෙදරට පැමිණෙනවා. ඔහු ඒ අවස්ථාවේ කතා කරමින් සිටින ගමන් ඇයව ලිහිණි මතක් කරන්න කියු බව පැවසීමත් එක්ක අක්ෂා ටිකක් අවුල් යනවා. ඇය ඒ වේලාවේ කොයි වේලද කියුවේ කියා අනුහස්ගෙන් විමසනවිට ඔහුට කෝල් කල වේලාවේ එය පැවසු බව අක්ෂාට කියනවා. ඒ වේලාවේ අනුහස් අක්ෂාගෙන් අසනවා ඇයට ලිහිණි ගැන ඉරිසියාවක් තිබෙනවාද කියා. අක්ෂා එයට කෙලින් තියනවා කියනවා. අනුහස් ලිහිණිට ඕනවාට වඩා සලකන විට ඇයට ඉරිසියවක් දැනෙන බව ඇය අනුහස්ට කියනවා.

එවිට අනුහස් අක්ෂාට පැහැදිලි කර දෙනවා ලිහිණි කියන්නේ හොඳ කෙනෙක් බව. එ වගේ කෙනෙක්ට ඇයිදැයි අකමැති කියා අනුහස් අක්ෂාගෙන් විමසනවා. ඇය එවිට කියන්නේ ලිහිණි ගැන ඇයට අකමැත්තක් නැති බවයි. ඔන්න පසුදින දෙව්මි කෑම කමින් සිටන විටදී එකපාරට අවන්ත ඇයව බැලීමට පැමිණෙනවා. ඒ පැමිණෙන්නෙත් ඇයට නොකියා ඇයව පුදුම කරවන්නයි. මේ වේලාවේ අවන්ත හිමින් සැරේ ඇය ළඟට පැමිණ ඇගේ දෑස් වසනවා. ඒ වේලාවේ දෙව්මි සිතන්නේ ඒ ආවේ ඇගේ අයියා බවයි. නමුත් ටික වේලාවෙකින් ඇයට තේරේනවා ඒ ඇවිත් තිබෙන්නේ අවන්ත බව.. ඒ වේලාවේත් ඇය ඔහුව දැක ඇයට නොකියා ආවේ ඇයි දැයි අවන්තගෙන් විමසනවා.

ඉතිං අවන්ත ඉන්පසු දෙව්මිට ඔහුට බඩගිනි බව පවසා ඇගේ කෑම එකෙන් ඔහුටත් කවන්න කියා පවසනවා. ඊටපස්සේ දෙව්මි ඔහුට කෑම කවන අතරේදී එක සැරේටම උදේනි එතනට පැමිණ විහිළු කරමින් එක එක දේවල් කියනවා.ඉතිං මේ වේලාවේදී දේව්මි අවන්තට කියනවා ටවුන් එකට ගිහින් මොනවාහරි කලා එමු කියා. එ වෙලේ අවන්තත් එයට එකඟවෙලා එළියට යන්නට දෙන්නා සූදානම් වෙනවා.

ඉතිං ඔන්න මේ වෙද්දී පිටරට ගියපු අමීෂාත්, අවන්තත්, අනුහසුත් ඔක්කොමලාම ලංකාවට ඇවිත් තමයි ඉන්නේ… ඉතිං ළඟදීම දේව්මිගේ සහ අවන්තගේ විවාහය සිදුවෙයි කියලා අපි හිතනවා..

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *