ඉතින් මේ දවස් වල දෙවනි ඉනිම නාට්‍ය මොකද වෙන්නේ ඒ ගැන දෙවැනි නම බලන අය නම් දන්නවා ඇති. ඉතිං ඔන්න මේ වෙද්දි රදීශ් අනුහස්ගෙ ගෙදරට පැමිණ ආයෙමත් ලිහිණි ගැන කියමින් ඔහුට ඇයව යාළු කරලා දෙනමෙන්  ඉල්ලා සිටිනවා. ඉතිං ඔන්න එදා දවසේ දී මලින්තත් අනුහස්ගෙ ගෙදරට පැමිණ ඔහුට යමක් කියන්නට සූදානම් වනවා. ඒ ආක්ෂා සහ ලිහිණි ගැනයි. ඒ වෙලාවේ මලින්ත කෙලින්ම ඔහු ලොකු වැරදි වැටහිමක සිටින බව පවසමින් ලිහිණි ඔහුට ආදරය කරන බව පවසනවා. ඒ වෙලාවෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නට එපා කියා අනුහස් මලින්තගෙන් ඉල්ලා සිටිනවා. ඔහු කිසි දින ලිහිණි ඔහුට ආදරේ කරන බව පිළිගන්නේ නැහැ. ඔහු ඇය ඔහුගේ හොඳම මිතුරියක් බවයි පවසා සිටින්නේ. ඉතිං ඔන්න මේ වෙලාවේ උදෙනි  දෙව්මිගේ ගෙදරට පැමිණෙනවා. ඒ වෙලාවේ දෙව්මිගේ අයියා වන ධනුක තේ බොමින් එතැන සිටිනවා. ඒ වෙලාවෙදි ධනුක උදේනිගේ ප්‍රශ්නයක් අහනවා. ඒ අනුහස් සහ ආක්ෂාගේ විවාහය ගැන. ඒ වෙලාවේ වැඩි කැමැත්තක් නැතුව වගේ උදේනි ඒ ගැන නොදන්නා බව ධනුක සමගින් පවසනවා. ඉතින් මේ වෙනකොටත් උදේනි ඇත්තටම ආක්ෂා ගැන එච්චර පැහැදීමකින් නෙමේ සිටින්නේ. ඇයට ඕන උනේ ලිහිණි වගේ කෙනෙක් සමගින් අනුහස් විවාහ වෙනවා දකින්නයි. ඒ වෙලාවේ ඇය අනුහස්ට ආක්ෂාව ගැලපෙන්නෙ නැති බව ධනුක  සමගින් පවසනවා. ඒ වෙලාවේ එයට හේතු ලෙස ඇය පවසන්නේ ආක්ෂා වගේ කෙනෙක්ට අනුහස් සමගින් සිටින්න අමාරු බවයි.

ඉතින් ඔන්න මේ වෙලාවේ අනුහස් සහ ආක්ෂා පාරේ ඇවිදමින් කතාබහ කරමින් යනවා ඒ වෙලාවේ ආක්ෂාට ඔහු ගෙන් පළි ගන්නට බැරි වුන බව සිනාසෙමින් පවසනවා. ඒ වෙලාවෙදි අනුහස් ඇය accident වී පලි ගත්ත පලි ගැනිල්ල හොඳටම ඇති බව ආක්ෂාට පවසනවා. ඔන්න ආක්ෂා එක සැරේටම ඔහුගෙන් බදිමුද කියා අහද්දි අනුහස්ට සිතාගත නොහැකිව සිනාසෙමින් ඇය දෙස බලනවා. එය අවස්ථාවේ   අවන්තගේ සහ දෙවුමිගේ විවාහයෙන් පසු ඔවුන්ට විවාහ වීමට හැකි බව ආක්ෂාට පවසනවා.  ඉතින් ඔන්න අනුහස් වැඩ ඉවර කර අක්ෂාගේ ගෙදරට පැමිණ ආක්ෂාගේ අතේ දමා තිබෙන බැන්ඩේජ් එක තව ටිකක් ඒ ආකාරයෙන්ම තියන්න කියා ඇගෙන් ඉල්ලීම් කළත් ඇය ඊට එකඟ නොවී ඔහුත් සමගින් වාද කර කර සිටිනවා. ඒ වෙලාවෙදි අක්ෂාගේ අම්මත් එතැනට පැමිණ රණ්ඩු කරන්නේ ඇයි දැයි විමසනවා. ඒ වෙලාවේ අනුහස් බැන්ඩේජ් එක දැන්ම ගලවන්න එපා කීවට ආක්ෂා රණ්ඩු කරන බව ඇය සමගින් පැවසුවා. ඒ වෙලාවේ අක්ෂාට අම්මා කිව්වේත් බැන්ඩේජ් එක තව ටික දිනක් තබන්න කියායි.

ඔන්න පසුදින උදෑසන යළිත් ලිහිණි රදීෂ් සිටින නිවෙසට පැමිණ ගෙදර අස් කරමින් සිටිනවා. ඒ වෙලාවේ රදීෂ් සහ සීයා අතර පොඩි කතාබහක් යනවා. ඒ කතාබහ ඉංග්‍රීසියෙන් තමයි යන්නේ. ඒ වෙලාවෙදි මොවුන් කතා කරමින් සිටින්නේ ලිහිණිගේ ගම ගැනයි. ඒ වෙලාවේ රදීෂ් ලිහිණිගේ ගම වගේම ඈයත් ලස්සන බව සීයා සමගින් පවසනවා ලිහිණිට ඇසෙනවා. රදීෂ් මෙහෙම පවසන්නේ ලිහිණි ඉංග්‍රීසි දන්නෙ නැති බව සිතමිනුයි. නමුත් ඇය ඒ කියන සියලු දේ අහගෙන සිටිනවා. ඒ වෙලාවේ ඇයට කිසිවක් නොතේරෙන බව සීයා සමගින් රදීෂ් පවසද්දී ලිහිනි ඒතැනට පැමිණ ඉංග්‍රීසියෙන් ඔහුට බැණ වදිනවා. ඒ වෙලාවේ රදීෂ්ට කර කියා ගන්නට දෙයක් නැතිව ඇයගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඉතිං ඔන්න ඔය අතරදිම ආනන්ද ගෙදරට පැමිණි අවන්තත් දෙව්මිත් සමගින් ඔවුන්ගේ විවාහය ගැන කතා කරමින් සිටිනවා. ඒ වෙලාවේ ආනන්ද දෙව්මිගේ මුහුණ දෙස බලමින් ඇයට විහිළු කරනවා. මේ වෙලාවෙදි අවන්ත ඔවුන්ගේ විවාහය ඉක්මනින් කරමුයි කියා ආනන්දගෙන් ඉල්ලීම් කරනවා.

 ඔන්න ඉතින් පසුවදා උදේ උදෙනි තේ එකක් බොමින් වාඩි වී සිටින විට ආක්ෂා එතැනට පැමිණෙනවා. ඉතින් ආක්ෂාසමගින් කතා කරමින් ඉන්න අතරතුර උදේනි එක සැරේටම  ආක්ෂාට ඇයට ගෙදර දිගටම නැවතී සිටි ඉන්න කියා ආක්ෂාට පවසන විට ඇයට අදහාගත නොහැකි වෙනවා. ඉතින් මේ වෙලාවෙදි ආක්ෂා ලිහිණි වගේ විමට ඇයටත් අවශ්‍ය බව උදේනි සමගින් පැවසුවා. ඒ වෙලාවේ උදේනි ඒ අසා ගොඩක් සතුටු වූවා. ඉතින් ඔන්න ඔය අතරේ රදීශ් සහ ඔහුගේ තාත්තා ඉන්න තැනට අමීෂා පැමිණ ඔහුට විහිළු කරමින් ඔහු ලිහිණිට කැමතියි නේද කියා විමසනවා. ඒ වෙලාවේ රදීෂ් ලැජ්ජා වෙන් එහෙම දෙයක් නැති බව පවසනවා. ඉතිං මේ වෙද්දි අමීෂාත් රදීෂ්ගෙ තාත්තාත්   කැමති වෙලයි සිටින්නේ. නමුත් මේ වෙනකන්ම ලිහිණිට නම් රදීෂ් ගැන වැඩි කැමැත්තක් තිබෙන බව පේන්නේ නැහැ.

ඉතිං ඔන්න උදෑසන ආක්ෂා වැඩට යන්න සූදානම් වෙද්දී එතැනට අනුහස් පැමිණෙනවා. ඉන්පසු අනුහස් සහ ආක්ෂා දෙස බලන ආක්ෂාගේ අම්මා ඇයට තිබෙන එකම ආසාව ඔවුන් දෙදෙනා එක වහලක් යට සිට වැඩට යනවා දකින්න බව පවසනවා. ඒ වෙලාවෙදි අනුහස් ඒ විදියට යන්න පුළුවන් වෙන්නේ ඇයගේ ගෙදර සිට නොවන බවත් ආක්ෂා සහ ඔහු විවාහ වූ පසු අනුහස්ගේ ගෙදර ආක්ශාගේ අම්මත් සිටිය යුතු බවත් පවසනවා. ඒ වෙලාවේ අම්මලා දෙන්නම එකම ගෙදරක සිටිය යුතු බව ආක්ෂාත් පවසනවා. ඉතිං ඔන්න වැඩ කරල අවසන් වී ගෙදර පැමිණි ආක්ෂා සහ අනුහස් කතා කරමින් සිටින අතරතුර දී ආක්ෂා ඇය පුදුම සිහිනයක් දැකපු බව අනුහස් සමගින් පවසනවා. ඒ වෙලාවෙදි ආක්ෂා අනුහස් සහ ඇය ඔවුන්ගේ විවාහය වෙනුවෙන් අවශ්‍ය කරන බඩු ගන්නට එහෙ මෙහෙ යනවා දැකපු බව අනුව සමගින් පවසනවා. ඒ වෙලාවෙදි අනුහස් සිනාසෙමින් ඒ වගේ දෙයක් ඔහු නම් හිතලවත් නැති බව පැවසුවා. ඉතින් මේ වෙලාවෙදි අනුහස් ආක්ෂාට ළංවීලා හොරැහින් වගේ බදින්න ඕනේ ද කියා ඇගෙන් විමසනවා. ඒ වෙලාවෙදි ආක්ෂා ඔව් කියනවාත් සමගම අනුහස්ටත් අවශ්‍ය බව පවසනවා.ඉතිං ඔන්න ලිහිණි ඇගේ බෝඩිමේ සිට පාර පැත්තට ඇවිදමින් එන විටදී රදීෂ්ව ඇයට මුණ ගැසෙනවා. ඒ වෙලාවේ රදීෂ්   ඇයගෙන් ඇය කොහෙද යන්න කියා විමසද්දී ඇය ගමේ යන බව පැවසීමත් සමඟම ඔහු  ඒ ඇයි දැයි විමසනවා. ඒ වෙලාවෙදි ඇගේ වැඩ වගේකට ඇයට ගමේ යන්න සිද්ධ වෙන බව ඔහුට පවසනවා. ඉතිං ඒ වෙලාවේ රදීෂ්  ඇයත් සමගින් ඇගේ ගමට යාමට කැමති බව පැවසුවත් ලිහිණි නම් ඒයට  එච්චර කැමති වන්නේ නැහැ. ඉතිං ඔන්න මේ වෙලාවෙදි ලිහිණි බස් රථයට ගොඩ වෙලා ගමේ යමින් සිටින්නේ. ඒ වෙලාවෙදි ඇය පසුපසින් රදීෂ් ඔහුගේ වාහනෙන් පැමිණෙනවා. ඉතින් ඔන්න එකපාරටම ලිහිණි බස්රථයේ කවුළුවෙන් ඔළුව දමා පිටිපස්ස බලන විට ඇය දකිනවා රදීෂ් වාහනෙන් ඇය පසුපසින් පැමිණෙනවා. ඇය ඔහු දකිනවත් සමගම ඇයටත් මොනවා හෝ දෙයක් දැනෙනවා. ඇය සිනාසෙමින් අනිත් පැත්ත බලා සිටිනවා. ඇය සැරින් සැරේ ජනේල කවුළුවෙන් ඔහු එනවාද කියා බලනවා.ඉතින් දැන්වත් ලිහිණිට රදීෂ් ගැන කැමැත්තක් ඇති වෙයිද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *