දෙරණ නාළිකාව ඔස්සේ සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාශනය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ මේ දවස් වල මොකද වෙන්නේ සහ ඉිදිරයට මොනවාගේ දේවල් සිද්ධ වෙයිද කියන කාරණය මේ කතාව නරඹන ප්‍රෙක්ෂකයාගේ හිතට ප්‍රශ්නාර්ථයක්…

දැන් මේ වෙද්දී නම් අක්ෂා අනතුරකට ලක්වෙලා රෝහල් ගත කරලා තමයි ඉන්නේ… ඉතිං එදා මේ සිද්ධිය ගැන අනුහස් දැනගෙන හිටියේ නැහැ. ඔහු හිතුවේ අක්ෂා ඔහු සමඟ තරහෙන් ගෙදර යන්නැති කියයි.. නමුත් ඊටපසුදා උදෑසනම ලිහිණි රදීෂ් සමඟින් අනුහස්ගේ ගෙදරට පැමිණෙනවා… ඇත්තටම ඔවුන් ආවේ ඇයි? ඔවුන් ආවේ අක්ෂාට සිදුවුන කරදරය ගැන අනුහස්ට කීමටයි.. ඉතිං හිත රිදවාගෙන ආපු ලිහිණි මේ බව අනුහස් සහ උදේනි ඉදිරියේ කීමත් සමඟම අනුහස් ඉතා කලබල වී රෝහල වෙත පැමිණෙනවා… ඉතිං මෙතට අක්ෂාගේ අම්මත් එනවා.. ඇය අනුහස් සමඟින් සිදු වු සිද්ධිය ගැන කතා කරමින් සිටින විටදී එක සරේටම අක්ෂා ඇස් දෙක අරිනවා.. ඒ වේලාවේ අනුහස් අක්ෂා ලඟට ගොස් ඇගේ හිස අතගමින් ඇගේ දිහා බලා සිටනවා.. එ අවස්ථාවේ අක්ෂාගේ මව විසන් අක්ෂාගෙන් ප්‍රශ්නයක් අසනවා එ තමයි අනුහස් එක්ක තරහින්ද කියලා.. ඉතිං එදා ඉඳන් හැම දවසකම අනුහස් තමයි අක්ෂා ළඟ නැවතිලා හිටියේ.. ඇයට කැව්වේ පෙව්වෙත් අනුහස්… ඉතිං මේ වෙද්දී නම් අක්ෂා අනුහස් සමඟ යළු වෙලයි ඉන්නේ…අනුහස් ඇයව හොඳන් ආදරයෙන් මේ කාලය තුළදී රැක බලා ගන්නවා..

ඉතිං ඔන්න මේ වෙනකොට ලිහිණි හිතාගෙන ඉන්නේ ඇය නිසා අක්ෂාට මෙවැනි අනතුරක් සිදුවුවා කියායි. ඉතිං ඇය දුක සේ කාමරයට වී සිටින විට දෙව්මි ඇය හමුවන්නට පැමිණෙනවා.. ඒ ඇය හිත රිද්දගෙන සිටි නිසයි.. ඉතිං දෙව්මි ඇයට මේ ගැන පැහැදිලා කරලා ඒ ගැන හිතන්න එපා කියලා ඇගේ හිත හදාලා යනවා.. ඉටපසසේ ඔන්න දේවිම් ගෙදර ඇවිත් අවන්තයට දුරකථන ඇමතුම්ක් ලබා දෙනවා……ඉතිං අවන්ත මේ වෙනකොටත් ඉන්නේ අමීෂා සමඟින් ඇගේ අසනීපයට බෙහෙත් කරන්න ඕන නිසා පිටරටයි… ඉතිං ඒ නිසා දේව්මි මේ දවස් වල කාලය ගත කරන්නේ ටිකක් දුකින්.ඒ අවන්ත ළග නැති නිසයි.. ඉතිං ඇයට සැරින් සැරේට අවන්තව මතක් වෙනවා.. ඇය බලා සිටින්නේ අවන්ත ඉක්මනින්ම ආයෙමත් ලංකාවට එන්නේ කවදාද කියලයි.. කතා කරන හැම දවසකම ඇය අවන්තගෙන් විමසන්නෙත් එයමයි…

ඉතිං ඔන්න අනුහස් අක්ෂාට කියනවා ලිහිණි ඇයව බැලීමට එනවා කියා.. එත් සමඟම ඔහු ඇයගේන් ඉල්ලීමක් කරනවා ලිහිණි ඇය බැලීමට ආ පසු ඇයට කිසිවක් කියන්නට යන්න එපා කියා.. ඒ අවස්ථාවේ අක්ෂා එයට එකඟ වෙනවත් සමඟම ලිහිණි අක්ෂා සහ අනහස් සිටින රෝහල් කාමරයට පැමිණෙනවා.. ලිහිණි අක්ෂා ළඟට පැමිණ ඇගේ සුව දුක් ගැන විමසනවා.. ඉතිං මේ වේලාවේ ලිහිණි අනුහස් දෙස බලමින් ඇයට තනිවම අක්ෂා සමඟින් කතා කිරීමට යමක් තිබෙන බව කියා අනුහස්ට එතනින් පිටත්ය යන ලෙස ඉල්ලීමක් ඇය විසින් කරනවා.. ඉන්පසු අනුහස් එතනින් පිටව යනවා.. දුකෙන් වගේ අක්ෂාගේ ඇඳ මත වාඩි වුන ලිහිණිගෙන් සමාව ඉල්ලා සිටිනවා..අක්ෂා ඒ අවස්ථාවේ එ දේවල් අමතක කරන්න කියා ලිහිණිගෙන් ඉල්ලා සිටිනවා. ඊටපසු ලිහිණි අක්ෂාගෙන් තවත් ඉල්ලීමක් කරනවා එ තමයි ඇයට අක්ෂා ලඟ නැවතී හිඳ ඇයව බලා ගන්නට ඉඩ දෙන්න යැයි කියමින්. ඉතිං එයට අක්ෂා කැමතිවෙයිද? ඔව් ඇය දෙවරක් නොසිතාම එයට කැමති වෙනවා..

ඉතිං ඉටපස්සේ ලිහිණි අනුහස් සමඟ රෝහල ඇතුළදී කතා කරමින් යන ගමන් අනුහස්ගෙනුත් ඉල්ලීමක් කරනවා.. එ අක්ෂා ළඟින් නවතින්නද කියායි.අක්ෂා එයට කැමති වු බවත් ලිහිණි අනුහස්ට කියනවා.. ඉතිං අනුහසුත් ඒ වේලාවේ එකට කැමති වෙනවා. ඉතිං ඔන්න මේ වේලාවේ අහුහස් අක්ෂාට කෑම කවමින් සිටින විටදී එකපාරටම අනුහස්ට ඔහුගේ අතීතය මතක් වෙනවා. එ සමල්කා අනුහස් අසනීප වී රෝහලේ සිටින විට ඔහු ළඟටවිත් සමල්කා කෑම කවපු හැටි ඔහුට සිහි වෙනවා… එත් එක්කම අක්ෂාගේ අම්මාත් එතනට පැමිණෙනවා…අනුහස් අක්ෂාව ආදරයෙන් බලා ගන්නා හැටි දැකපු අක්ෂාගේ අම්මාට අනුහස් ගැන හිතේ පුදුම ආදරයක් ,සතුටක් ඇති වුනා…

ඉතිං ටික දවසකින් පසුව ඔන්න අක්ෂාව බලන්න උදේනිත් රෝහලට එනවා… ඇවිත් සැප දුක විමසා බලා ඇයත් සමඟින් කතාබහ කරනවා.. ඉතිං ඒ අවස්ථාවේ උදේනි අමුතු ප්‍රශ්නයක් අනුහස්ගෙන් අහනවා. එ තමයි ගෙදරි ඔහුට බත් කවන්නේ ඇය නේද අහනවා.. නමුත් දැන් ඔයා කටද බත් කවන්නේ කියා සිනාසෙමින් අනුහස්ගෙන් ඇසුවා… අනුහස් ඒ වේලාවේ ලැජ්ජාවෙන් බල සිටියා.. ඉතිං උදේනිගේ හිතේ අක්ෂා ගැන පැහැදීමක් මේ වෙද්දී ඇති වෙලාද? උදේනි ඇගේ ලේලි විදියට කවදාහරි අක්ෂාව පිළිගන්නට කැමති වෙයිද ?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *