ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය මේ දින වල ඉතාමත් කුතුහලයන් රාශ්‍රියක් සමඟ ගලාගෙන යනවා.ඇන්ඩ්‍රියා විවාහ වී සිටින පුද්ගලයා නිවසට පැමිණෙනවා මේ අතර නිවසට සුලලිත සහ චන්දන පැමිණ ආ කෙනාගේ රියදුරා සමඟ කතා කරනවා.මේ අතර ඔවුන් දෙදෙනා ඔහුගේ මාර්ගයෙන් ඉතාලි යාමට සූදානම් වෙයි.මේ අතර චන්දන ඇයට වෙන කෙනෙකු හා විවාහ වීමට නොදෙන බව කියනවා.මේ අතර චන්දන එතැනට පැමිණ ඇන්ඩ්‍රියා හා කතා කරයි එවිට කෝප වෙන ඇන්ඩ්‍රියා ඔහුට බැන වදි.ඉන්පසු ඇය අසල තිබූ කොට්ටෙන් චන්දනට පහර දෙයි එම පහර ඇන්ඩ්‍රියා බැලිමට ආ මනමාලයා වන ගගනගේ හසේ වැදී දමාසිටි බොරු කොන්ඩය ගැලවී වැටෙනවා.ඉන්පසු එයටත් කේන්ති යන ඇන්ඩ්‍රියා ඔහුට බැන එලවා ගන්නවා.ඉන්පසු ගේට්ටුව අසල සිටින සුලලිත ඔහු හමු වී විවාහය හරි ගියාද කියා විමසනවා.ඉන් පසු ඔහුට සුලලිත උදව් කරන ලෙස පවසනවා.ඉන්පසු ගගනගේ නම්බර් එක සුලලිතට දෙනවා.මේ අතර ප්‍රියංවදා පාරේ යන විට පුද්ගලයෙක් මුනගැසි චන්දන කතා කලේ නැතිද බවත් යාළුවෙක් ඇවිත් සුලලිතගේ නිවසට තෑගි එවූ බවත් කියනවා.ඉන්පසු ගමේ ණය මුදල් ප්‍රියංවදාට එවන බව ගමේ මිනිසුන් කතා බව බව ඔහු කියනවා.මේ අතර ගගන මුණ ගැසි ඉතාලියට යාමට පුළුවන් බව සුලලිත චන්දනට කියනවා.මේ අතර ඇන්ඩ්‍රියා සහ චන්දන පාරේ යන විට අපරාධයක් වු තැන සොදිසි කරමින් සිටි තැනට පැමිණෙනවා එහි සිටි පොලිස් බල්ලා චන්දන ගාව නතර වෙනවා ඉන්පසු චන්දනව පොලිසියෙන් අරගෙන යනවා.මේ අතර සුලලිත ගගනගේ නිවසට පැමිණෙනවා පසුව ඔහුට බලා පොරොත්තු නැති කර නොගන්වා ලෙස කියනවා.ඉක්මනින් නිවසට පැමිණෙන ඇන්ඩ්‍රියා මේ විස්තරය කියනවා.

චන්දන බේරා ගැනීමට මුදලාලි සහ ඇන්ඩ්‍රියා පැමිණෙන චන්දනව බේරාගන්නවා.චන්දන සහ සුලලිත මුදලාලිගේ නිවසට පැමිණෙනවා.පැමිණ සියලු දෙනාම අළුතින් ආරම්භ කිරීමට යන දේ ගැන කතා කරමින් ඉන්නවා.මේ අතර ප්‍රියන්වදා විවාහ වීමට පැමිණෙන රසික ඇගෙන් ඉදිරියේදි කිරිමට යන්නේ මොනවාද කියා අසනවා.හිතට හොඳයි කියා සිතෙන දේ කරන්න කියා ඇයට කියනවා.සුලලිත ඇන්ඩ්‍රියා හමු වී ඉදිරියේදි කරන්න තියෙන දෙ කතා කරනවා.ඉන් පසු ඔවුන් දෙදෙනාට බයිසිකල් දෙකක් අරන් දෙන බව කියනවා.පසුව සුලලිත ගගන ගැන තිබෙන අදහස අත හැර නොගන්නා ලෙස කියනවා.පසුව සුලලිතට බැන එතැනින් එළවා ගන්නවා.ප්‍රියංවදාගේ නිවසට පැමිණෙන රසික අම්මා මුණ ගැසි නැවත නොඑන බව පවසනවා.රසික නිවසින් බැස යාමට සූදානම් වන විට ප්‍රියංවදා නැවත ඔහුට පැමිණෙන ලෙස කියනවා.මේ අතර බයිසිකලයක් මිලදි ගැනීමට සුලලිත සහ චන්දනට බයිසිකලයක් මිලදි ගැනිමට යනවා.පාරේ පැමිණෙමින් සිටින ප්‍රියංවදා හට රසිකව මුණ ගැසෙනවා.ඉන්පසු ප්‍රියංවදා රසික වෙත දෙදෙනාම ටික දවසක් යහළුවන් ලෙස සිටින ලෙස කියනවා.ඇන්ඩ්‍රියා පටන් ගැනීමට යන කේටරින් සර්විස් එක ආරම්භ කිරීමට යනවා.මේ අතර ටිකිරා සුලලිතගේ නංගි සමඟ කතා කරමින් ඉන්නවා.චන්දන කෑම රැගෙන යන අතරතුර පාරේ සිටින ඔවුන් සොයන පුද්ගලයන් දෙදෙනා දකිනවා.ඉන්පසු ඔහුව ඔවුන්ට අල්ලා ගැනීමට නොහැකි වෙනවා.කාමරයට වී කතා කරමින් සිටින චන්දන සහ සුලලිතට ටිකිරා ගේ දුරකථනයට ඇමතුමක් ලබා ගන්නා බව දකිනවා.මේ අතර සුලලිත ගගනගේ කොණ්ඩේ වැවීමට තෙල් එක්ක ගෙනවිත් දෙනවා.

සුලලිත් එම නිවසින පිටව යන විට සුලලිතව සොයන දේශකවරයා ද එතැනට පැමිණනවා.පසුදිනත් සුලලිත ගගනගේ නිවසට පැමිණ ඔහු හා කතා කර යනවා ඒ යන අවස්ථාවේ ගගනගේ නිවසට ඔවුන් සොයන පුද්ගලයා හමු වෙනවා.ඔහු ගගනගේ ලොකු මාමයි.ඔහු ගගනගෙන් ඒ ගිය පුද්ගලයා කවුද විමසනවා.පසුව නැවතත් හැරි ඔහු සුලලිතගේ පසු පස යනවා.නමුත් ඔහුට සුලලිත සොයා ගැනීමට නොහැකි වෙනවා.මේ අතර කෑම ඕඩර් එකක් ලබා දීමට පැමිණෙන චන්දන ඒ නිවසට පැමිණෙනවා ඉන්පසු ඔහුට ඒ නිවසේ සිටින ආශා බීම එක්ක සාදා දෙනවා.ඉන්පසු ඇය විවාහ වී නොමැති බව චන්දනට කියනවා

පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *