මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය දිනෙන් දින ප්‍රෙක්ෂක ආදරය දිනා ගනිමින් මේ දින වල විකාශය වෙයි.නගරබද බවින් මිදි ග්‍රාමිය පරිසරයක ගෙතෙන මෙම ටෙලි නාට්‍ය සැබවින්ම හිත් ඇඳ බැඳතබා ගන්නා ටෙලි නාට්‍යකි.පසු ගිය සතියේදි මෙහි එන චලෝ ත්‍රීවිල් රථයකින් හප්පාගෙන යයි.රෝහල් ගත කෙරුණ චලෝ නැවතත් එම ත්‍රීවිල් රථයෙන්මා නිවසට පැමිණෙයි.මේ අතර එතැනට පැමිණෙන පූර්ණ ඔහුට යලිත් එසේ සිදු උවහෝත් යහතින් සිටිමට නොදෙන බව පවසයි.චලෝ ඔහු යහළුවෙකු සේ සිතුවද ඔහු තුල ඇත්තේ චලෝ ගැන ආදරයකි.චලො අසලට පැමිණෙන ඔහු මවගේන බත් පාර්සලයක් ගෙනා බවත් එය ඔහුගේම අතින් ඇයට කවයි.මේ අතර නිශ්ශංක සර් සහ යමුනා මිස් චලෝගේ පාසලේ කණ්ඩායමට චිත්‍රපටය සහ ඔවුන්ව පුහුණු කරමින් සිටී.මේ අතරතුර කතාව දිව යන්නේ පූර්ණගේ වර්තමාන කාලයටයි ඒ අතර පූර්ණ සහ යම් පුද්ගලයෙකු කතාබස් කරමින් සිටි.ඔහු පෙර චලෝව හප්පාගෙන ගිය ත්‍රීවිල් රථයේ අයිතිකරුයි ඔහු සහ පූර්ණ අතර කතා බහක් සිදු වෙයි එහි දී පූර්ණ ඔහුට අමතන්නේ මන්ත්‍රීතුමා නමිනි.සිදු වූ දේවල් නැවත හැදිමට නොහැකි බවත් තව කතා කිරීමට කිසිවක් නොමැති බවත් ඔහු පවසයි.මේ අතර මන්ත්‍රීතුමා සිදු වූ දේවල් හොඳ උනත් නරක උනත් ඒ දේවල් අමතක කළ නොහැකි බව පවසයි.මෙහිදි කතාවෙහි අප තේරුමක් නොමැතිව අතරමංවෙයි.මේ මන්ත්‍රී කවුද ඇයි ඔහු මේ විදිහට පූර්ණගෙන් සමාව ගන්නේ මේ සියලු කුතුහලයන් ඉතුරු කරමින් කතාව තව තවත් රසවත් වෙමින් ඉදිරියට ගලාගෙන යයි.පාසලේ ඒමේ අත යන පුර්ණ ඔහුගේ මතකය ආවර්ජනය කරයි.

චලෝ සහ පූර්ණ කතා බස් කරමින් සිටන අතරතුර චලෝ පාපන්දු කණ්ඩායමට නොය බව දන්නා පූර්ණ ඔහු කුඩා අවදියේ කකුළක් දැමු පසු පාසල් යාමට අකමැති වූබවත් තම පියා ඔහුව ධෛර්යමත් කළ ආකාරයත් ඉන්පසු ඔහු පරාජය බාර නොගෙන ජීවිතයට මුහුණ දීමට පුරුදු වූ බව පවසයි.එය ඉතාම සාවදානයෙන් අසා සිටින චලෝ කිසිවක් නොකියාම බලා සිටි.පසු දින චලෝවද කැටුව යමුනා මිස් පැමිණෙයි ඇය සමඟ චලෝ එනු දුටු ඇගේ යහළුවන් ආදරයෙන් ඇයව වැළඳගනී.ඉන්පසු ඇය යහළුවන් සමඟ දිව යන අයුරු පූර්ණ ඉතාමත් ආදරයෙන් බලාගෙනසිටි.මේ අතර මෙම පාසලේ සිටින ඉතාමත් සැර ගුරුවරියක් වන සීතා ටීච කිසි සේත්ම දරුවන්ට බුරුලක් නොදෙනා ගුරුවරියකි.ඇය නිතරම දරුවන්ගේ වැරදි සොයමින් පාපන්දු කණ්ඩායමටද නිතර බනිමින් සිටි.ඇයගේ ඇති නපුරුකමට ඇය ඇයගේ උගන්වන්නා වූ විශයේ විභාගයක් දරුවන්ගේ ක්‍රීඩා පුහුණු දවසේම යොදාගනී. චලෝගේ නිවසේ අම්මා නංගි සහ චලෝ අතර කතාබහකි ඇයගේ නැගනියගේ කනේ කරාබු දෙකක් නොවීය ඒ වෙනුවට ඇයගේ කණට අම්මා දැමුවේ කරපිංචා නැට්ටකි.පාසලේ පුහුණු කාලයේ දී කණ්ඩායම රණ්ඩු වෙමින් ක්‍රීඩා කරයි මේ අතරට එන නිශ්ශංක සර් ඔවුන්ට අවවාද කරයි.මේ අතර සීතා මිස් විදුහල්පතිතුමා හට මේ දරුවන් පන්තියේ නොසිටින බවත් පාසල් වෙනදාට වඩා ආවත් ඔවුන් පිට්ටනියට යන බව පවසයි.ඇයගේ සිතේ උන් සියල්ල පවසිමින් ඇය විදුහල්පතිතුමා අමතා පවසයි.ඒ සියල්ල අසා සිටින විදුහල්පතිතුමා ඇයට මෙහි කිසිදු ප්‍රශ්ණයක් නොමැති බවත් මේ වගකීම යමුනා මිස්ට තමාම භාරදුන් බව ඔහු පවසයි.මේ දේවල් අසා සිටි යමුනා මිස් නිශ්ශංක සර් සමඟ සිදු වූදේ පවසයි.ඔහු මේ දේවල් අසා සිට මේ දේ කිසි දිනක අත නොහැර ඉදිරියට ගෙන යාමට ඇයට ධෛර්ය දෙයි.මේ අතර ගමේ චන්ඩියෙක් වන සේම් සරා නැමැත්තා පිට්ටනියේ සෙල්ලම් කරමින් සිටි ගැහැණු ළමුන් හට ගල් ගසමින් උසුළු විසුළු කරමින් සිටි එය දැනගත් පන්තියේ පිරිමි ළමුන් ඔවුන් හා එක්ව රණ්ඩුවක් ඇතිකර ගනී එතැනට පැමිණෙන නිශ්ශංක සර් ඔවුන්ගේ රණ්ඩුව සමතයකට පත්කරයි.මේ අතර චලෝගේ නැගනිය සහ චලෝ බඩ ඉරිඟු සහ කොළ මිටි දෙක තුනක් දමා විකිණීමට ලෑල්ලක් සාදා විකුණයි.මේ අතර චලෝගේ පන්තියේ පිරිමි ළමුන් සීතා මිස්ට පාඩමක් ඉගැන්වීමට ඇයගේ නිවසේ පෙරේත තට්ටුවක් තබා යයි.

ඉදිරියේදි මෙහි කුමක් සිදු වේවිද පූර්ණට සේම් සරා සමඟ ඇති වූ ප්‍රශ්නය කුමක්ද.මේ විදිහට මතකය ආවර්ජනය කරනා පූර්ණ සියලු දෙනාටම හංගන්නා වූ කතාවක් ඇතිද.චලෝ නොමැතිව වර්තමානයේ පූර්ණ පමණක් නැවත පාසලට පැමිණෙන්නේ මන්ද..පූර්ණ බලාපොරොත්තු වූ ආකාරයටම චලෝට ජීවිතය ජය ගැනීමට හැකි වූවාද,නැතිනම් කුමක් හෝ වැරැද්දක් සිදු වී ඇතිද.ඒ සියලු කුතුහලයන් ප්‍රේක්ෂක හදවත් තුල ඉතිරිකරමින් නාට්‍ය ඉදිරියටත් ගලාගෙන යාවි.
පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *