මේ දින වල චලෝ ටෙලි නාට්‍ය මේ ආකාරයෙන් ගලා යනවා.චලොගේ මව වන නිර්මාලා හට ඇයගේ සේවය කරන ස්ථානයෙන් ඇගේ මාසික දිමනාව හමු වෙනවා නමුත් එය ඇයට ප්‍රමාණවත් තරම් නොවිනිය එය ඇය පැවසු විට එය ඇගේ මුදල බව පවසනවා.ඇය ඉතාමත් දුකින් එතැනින් පිටව යනවා.මේ අතර නිශ්ශංක සර් කෑම්ප් යාමට පිරිමි ළමුන් සුදානම් කරමින් සිටිනවා.ගැහැණු ළමුන් දැන් කම්මැලි වීඇති බව ඔවුන් කියනවා.මේ අතර කබලේ මුදලාලි පැමිණ සේම් සරා හට බැන වදිනවා.කිසිදු දිනක ඔහු මුදල් හම්බනොකල බව මුදලාලි පවසනවා.මේ අතර යමුනා ටීච අඩමින් තමා නොමැතිව දරුවන් හට ඇති දුක කල්පනා කරමින් හඬමින් සිටිනවා.තමා නොමැති උවත් දරුවන් පරාද කල නොහැකි බව ඇය සිතනවා.නිශ්ශංක සර් දැරියන් හට ඇඳුම් ගෙනැවිත් දෙනවා.ළමුන් හරිම ආසාවෙන් එය බලමින් ඉන්නවා.

යමුනා මිස් තම කණ්ඩායමට දැරියන් දෙදෙනෙකු අඩු බව සිතමින් පූර්ණ හට එම දෙදෙනා සොයා දිය හැකි බව සිතනවා.මේ අතර පාසලේ සිටින සමනළුන් පස්සේ යන සඳලි වෙත පැමිණෙන පූර්ණ ඇය වෙත පැමිණ මින්පසු චලෝගේ හිත නොරිද්දන බවත්,ඇය ආස කරන සමනළ උයන ගැනද සර් සමඟ කතා කල බව පුර්ණ පවසා එතැනින් පිටව යනවා.මේ අතර කබලේ මුදලාලි නිර්මලාගේ බාල දියණිය හට ඉඩම් දෙකක් ලිවීමට සුදානම් කරනවා.යමුනා ටීච පාරේ එන විට කබලේ මුදලාලි මුණ ගැසෙනවා.ටීච පාසලේ නොමැති බව ආරංචි වු බව කබලේ මුදලාලි කියනවා.කිසියම් හෝ උදව්වක් උවමනා උවහොත් ඔහුට කියනා ලෙස යමුනා ටීච හට පවසනවා.මේ අතර පාරදෙස බලා සිටින චින් දැක එතැනට යමුනා මිස් එනවා.තමා කණ්ඩායමෙන් අයින් කර වෙන කෙනෙක් අරගෙන ඇති එකට චින් දුක්වන බව කියනවා.චින් නැතුව කණ්ඩායම අසම්පුර්ණ බවයමුනා මිස් කියනවා.මේ අතර නා පැමිණෙන නිර්මලා පසු පස කබලේ මුදලාලි පැමිණෙනවා.ඇය හා දරුවන් හට ප්‍රශ්ණයක් ඇති වුවහොත් ඔහුට පවසන බව කියනවා.ඉන්පසු එතැනින් නිර්මාලා යනවා.මේඅතර යමුනා මිස් දැරියන්ට ඉතාමත් මහන්සි වි පුහුණු වීම් කටයුතු සිදු කරමින් ඉන්නවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *