තරඟය ජයග්‍රහණය කල ළමුන් කැදවා ගුරුවරුන් ඉදිරියේ විදුහල්පත්තුමා ඔවුන්ට සුභ පැතුවා.නගරයේ සිටින පුහුණුකරුවෙකු දුනුනෑව විද්‍යාලයේ ගැහැණු දරුවන් පුහුණු කිරීමට පැමිණියා.පුර්ණගේ පියා නිවසට පැමිණෙනවා.ඇපල් සහ මිදි ඔහු අතට දි චලෝටත් දෙන ලෙස කියනවා.මහන්සි වී පාඩම් කරන ලෙසත් ගමෙන් කොළඹට යා යුතු බවත් පූර්ණගේ පියා කියනවා.මෙ අතර චලෝගේ නිවසට මුදලාලි පැමිණෙනවා.ඔහු මඟ හැර යන්න හැදුවද ඔහු බලෙන්ම චලෝගේ මව සමඟ කතාවට එනවා.ගමේ මිනිසුන්ගේ කතා වලට ඉඩක් නොතියා මෙතැනින් යන ලෙස නිර්මලා ඔහුට පැවසුවා.නිශ්ශංක සර් සහ යමුනා මිස් විදුහල්පතිවරයා මුණ ගැසි ක්‍රීඩා ඇඳුමක් සාදා ගතයුතු බව කතාකරමින් ඉන්නවා.මේ අතර සීතා ටීච විදුහල්පතිතුමා හමු වී නැවතත් ළමුන් ක්‍රීඩා කරන එක ගැන කියමින් නොක්කාඩු කියනවා.ළමුන් සමඟ මේ ගැන කතා කල බවත් විදුහල්පතිතුමා ඇයට කියනවා.පාරේ තනියම එන චලෝ දැක සේම් සරා බලෙන් කතා කරනවා.ඔහුට ගමේ තැන් තැන් වල සේම් සරා ගැන යම් දේ පවසන බව පවසා තමා සාරංග මුදලාලිගේ පුතා පවත් අර කොරා පොර ඔහු අජූතද බවත් ඇයට පවසනවා.එයට කේන්ති යන චලෝ ඔහුට කම්බුලට ගසා එතැනින් පිටව යනවා.මේ අතර ආදිගේ මව චලෝගේ මව මුණ ගැසි මුදලාලි තාමාගේ නිවසට පැමිණෙන බව කඩේ ළඟ කතා වූ බව පවසනවා.තමන් හරියට සිටිය යුතු බව ඇය පවසනවා.පූර්ණ සහ යහළුවන් කැලේට ගොස් ගැහැණු ළමුන් වෙනුවෙන් ඔට්ටපාලු සොයා පැමිණ ගල් තලාවකට වී කතා කරමින් සිටිනවා.ඒඅතර අයෙක් කැලෑවේ සිට තුවක්කුවක් රැගෙන එනවා.එයට රතිඤ්ඤයක් දමා පත්තුකරනවා.එයට බිය වන පූර්ණ ඔහුට බැන වදිනවා.මොවුන් සිටි තැනට පැමිණෙන පිරිමින් දෙදෙනෙකු මොවුන් හට බැනබිය වද්දා එතැනින් පන්නාගන්නවා.

මේ අතර ගැහැණු ළමුන් සවස පුහුණු වීම් වල නිරතවෙමින් ඉන්නවා.කබලේ මුදලාලි වෑන් රථයෙන් පාරේ එන විට චලෝගේ නංගි හමුවෙනවා.ඇය රතුවාගේ පොඩි දුව නේද කියා ඔහු අසනවා.චලො සහ පූර්ණ පාරේ යන විට සේම් සරා පැමිණ චලෝව බලෙන් ත්‍රීවිල් එකට දාගන්න හදනවා.ඉන්පසු පූර්ණ ඔහුව තල්ලු කරනවා සේම්සරා පූර්ණව බිම පෙරළාගන්නවා.ඉන්පසු සේම්සරගේ අත චලෝගේ කනේ වදිනවා එයට කේන්ති යන පූර්ණ ඔහුව තල්ලු කරනවා.මේ අතර පාසලේ රැස්වීමේදි සිසුන් පිනවීඹට ගුරුවරුන් සියලු දෙනා නර්තනයක් ඉදරිපත්කරනවා.මේ අතර කබලේ මුදලාලිගේ නිවසට පැමිණෙන ගෝලයෙක් හේනට පොලිසියෙන් පැන කෙනෙක් අරගෙන ගිය බව පවසා දෙදෙනාම පිටත් වෙනවා.යමුනා මිස් දරුවන් අමතා ඔවුන් රුපියල් 1500ක් වැනි මුදලකට ක්‍රීඩා ඇඳුම් ගැනීමට උවමනා බව පවසනවා.එය අසා සිටින දරුවන් ලොකු මුදලක් නිවසින් ඉල්ලා ගැනීමට නොහැකි බව කියනවා.පසුව ඔවුන් මේ විස්තරය පන්තියෙ පිරිමි ළමුන්ට කියනවා.පිරිමි ළමුන් කතා වී වැලි ගොඩදැමීමට සූදානම් වෙනවා.පූර්ණගේ නිවසට පැමිණෙන චලෝ පූර්ණගේ අතේ තිබු දියපට්ට දැක එය සිදු වූයේ කෙසේද බවත් හවසට පිරිමි ළමුන් යන්නේ කොහේද කියා අසනවා.මේ අතර කන්දේදී පුර්ණ සහ යහළුවන් හසු වූ මිනිසුන් දෙදෙනා විත් පූර්ණගේ යහළුවන් දෙදෙනෙක් බය කරමින් පොලිසියට ඔත්තුව දුන්නේ කවුද කියා විමසනවා.පසුදින පාසලට පැමිණෙන චලෝ සහ යහළුවෙක් පූර්ණ සහ යහළුවෙක් නොමැති නිසා ඔවුන් බැලීමට පාසලෙන් පැන යනවා.පූර්ණගේ නිවසට පැමිණෙන චලෝ ඔහුට කුමක් වීද කියා අසනවා.ඔහුගේ ඇඟට අමාරු බවත් ඔහු කියනවා.පුර්ණ ළඟ සිටින විට තමන්ට තනි නැති බවත් පුර්ණගේ ගෙදර ඇය සිටිමට කැමති බවත් ඇය කියනවා.චලො සහ නංගි දමා ඇති එළවළු ලෑල්ල ළඟට නංගිට විහිළු කරනවා.ඉන්පසු කෑ ගසනවා ඉන්පසු එතැනට පැමිණෙන ගැහැණු ළමුන් ඔවුන්ට පහර දෙනවා.චලෝගේ මව පුර්ණගේ මවට තමා විදේශගත වන බව ඇය කියනවා.නමුත් දරුවන් දමා නොයන ලෙස ඇය පවසනවා.
පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *