මේ දින වල හිරු ටීවි නාළිනාව තුළින් විකාශන කරනු ලබන අහස් මාළිඟා ටෙලි නාට්‍යයෙ මොනවද සිදු වන්නේ? ඒ සියල්ල අපට කුතුහලයක්. ඉතින් මේ වෙලාවේ අහිංසා තේජාන්ට ගන්න තීරණයක් හොඳට හිතලා බලලා ගන්න කියා පවසනවා. ඒ වෙලාවෙදි තේජාන් අහිංසාට ඔහුගේ ආදරේ කිසිදිනක වෙනස් නොවන බව තේරුම් කර දෙනවා. ඒ අතරදී සුරාජ් අහිංසාට යළි වතාවක් මෙවැනි ක්‍රියා නොකරන්න කියා අවවාද කරනවා. අහිංසා අරගෙන තිබෙන තීරණයට එකඟ වී ඔවුන්ට උදව් කරන මෙන් ඔහු ඉල්ලා සිටිනවා. නමුත් තවමත් අහිංසාගේ අම්මගේ හිත නම් ඒය පිළිගන්නට කැමති නැහැ. ඇය සිතන්නේ තේජාන් කියන්නේ රවීගේ පුතා නිසා ඇගේ දුවව තේජාන් රවට්ටා ගෙන සිටින බවයි. ඇය නැවත නැවතත් කියන්නෙම රවී කියන්නේ කපටි කෙනෙක් කියායි. ඉතිං අහිංසා සහ සුරාජ් පහුවදා උදෑසනම පන්සලට ගොස් අහිංසා යළිත් ගෙදරට පැමිණෙන මෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලාවෙදිත් සුරාජ් අහිංසාට සියලු දේ තේරුම් කරමින් අහින්සාට සහ තේජාන් ට ආශිර්වාද කරමු කියා ඇයගෙන් ඉල්ලා සිටිනවා.

ඉතිං ඔන්න ඔය අතරේ ආයෙමත් තේජාන්ගෙ යහළුවන් කිහිප දෙනෙක් තේජාන් සිටින ජගත්ගේ ගෙදරට පැමිණෙනවා. ඒ වෙලාවෙදි තේජාන් ඔවුන් අහිංසාගේ අම්මා සහ තාත්තාව හමු වීමට යන බව යහළුවන් සමගින් පවසනවා. ඒ වේලාවේදී තේජාන්ගේ යහළුවන් විසින් තාත්තගේ හිත නොරිදා මේ ප්‍රශ්නය විසඳාගන්න කියා ඔහුගෙන් ඉල්ලීම් කරනවා. ඉතින් එත් එක්කම රවි රයිනි හමුවීමට පැමිණෙනවා. ඒ වෙලාවේදී රවී ඔහුට ඔහුගේ දරුවාව අත් හැරීමට නොහැකි බව රයිනි සමගින් පවසා සිටිනවා. ඉතින් ඔහු ඇයගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒ වෙලාවේ දී ඇයට මේ ප්‍රශ්නය බාර දෙන්න කියා රවීගෙන් රයිනි ඉල්ලමින් රයිනි විසින් තේජාන්ව අහිංසාගෙන් ගලවාගෙන ඔහුට ගෙනත් දෙන්නම් කියා පවසනවා. ඒ වෙලාවෙදි රවී තේජාන්ට එයින් කිසිම කරදරයක් වන්නට බෑ කියා රයිනිට පවසනවා.

ඉතිං ඔන්න මේ වෙලාවේදී අහිංසා සුරාජ් සමගින් ගෙදර එමින් තමයි සිටින්නේ. ඒ එනකොට අහිංසාත් තේජානුත් ඔවුන්ගෙන් නිවසට පැමිණ ඔවුන් එන මඟ බලා සිටිනවා. ඒ වෙලාවෙදි අහිංසා ත්‍රීවිල රියෙන් නොබැස ඔවුන් ඇවිත් සිටියත් දැක්කේ නැති ගානට සිටිනවා. ඉතින් ඉන්පසු අහිංසා ඇගේ අම්මා ළඟට පැමිණ ඇයව වැළදගෙන හඩනවා. ඒ වෙලාවේ අහිංසා ඇගේ අම්මාගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඉතින් ඉන් පසු ඇය අහිංසාට සමාව දී ඇයටත් තේජාන්ටත් ඔවුන්ගේ නිවසේ සිටින්න කියා පවසනවා. ඉන්පසු අහිංසා ඇගේ දුවට, ඇයටත්  තේජාන්ටත් ඇය අකමැති වූයේ ඇයව ගෙදර සිරකාරියක් කරන්නට නොවන බව ඇයට පහදා දෙනවා. ඒ වෙලාවෙදිත් ඇය තේජාන් සමගින් ගිය එක හරි දෙයක් නොවන බව ඇයට යළි යළිත් පහදා දෙනවා. ඉතින් මේ වෙලාවේ සුරාජ් සමගින් තේජාන් කතාබහ කරමින් ඉන්න අතරතුර දී සුරාජ් ඔවුන්ගේ සම්බන්ධයට විරුද්ධ නොවන බව පවසමින් අහිංසාගේ අම්මාගේ විශ්වාසය දිනා ගන්නා ලෙස ඔහුට පවසනවා.. ඉතින් තේජාන්ට මේය කරගත හැකි වෙයිද?

ඉතිං ඔන්න මේ වෙලාවේ සුරාජ් අහිංසා සහ තේජානුත් අහිංසාත් සියලු දෙනා රෑ කෑම සඳහා සූදානම් වෙමින් සිටිනවා. ඉතිං ඒ වෙලාවෙදිත් අහිංසාගේ අම්මා රවී ගැන කියමින් එක එක දේවල් තේජාන්ට පවසනවා. ඉතිං මේ වෙද්දි නම් යම්තාක් දුරට අහිංසාගේ අම්මා ඔවුන්ව තේරුම් අරගෙනයි සිටින්නේ.  මේ අතරේ රයිනි ඇගෙන් ගෝලයෙක් වන අමාලි සමගින් එරික්ට යළිත් ළං වීමට හැකි ක්‍රමයක් ගැන සිතනවා. ඒ ඔහුගේ දේපළ වලට තියන  තණ්හාව නිසයි. ඒ වෙලාවේ අහිංසාව තේජාන්ගෙන් ගලවාගෙන එරික් ළඟට ගෙන යාමට හැකි වුවොත් එරික්ගේ  හිත ඇයට දිනාගත හැකි බව අමාලි සමගින් පවසනවා. ඉතිං ඔන්න මේ වෙද්දි අහිංසාත් තේජානුත් තේජාන්ගේ තාත්තා වන රවි බැලීමට යෑමට සූදානම් වෙමින් සිටින්නේ. ඒ වෙලාවේ අහිංසාගේ අම්මා විසින් ඔවුන්ට එදින නොයා පසු දිනයේ දී ඔහු හමුවීමට යන මෙන් ඉල්ලා සිටිනවා. ඉතිං ඉන්පසු කොහොමහරි තේජානුත් අහිංසාත් එදින ඔවුන්ගේ ඉල්ලීම මත ගෙදර සිටිනවා. ඉතින් මේ වෙලාවේ දී තේජානුත් අහිංසාත් ඔවුන්ගේ මාමා සමගින් කතා බහ කරමින් ඉන්න අතරතුරේ දී මාමා ඔවුන් විවාහවී ඔවුන්ගේ ගෙදර සිටිනවා ද කියා අසන විට ඒ වෙලාවේදී තේජාන්ගේත් අහිංසාගේ තීරණය වූයේ තනිවම ගෙයක් අරගෙන ඔවුන් තනිව ජීවත් වනවා කියන මතයයි. ඒ තුළින් කිසිම කෙනෙකුට දුකක් ඇති වන්නේ නැති බව ඔහු සමගින් තේජාන් පවසනවා.

ඉතිං ඔන්න අහින්සාගේ අම්මා කුස්සියට වී වැඩකරමින් සිටින අතරතුරදී එතනට අහිංසා  පැමිණෙනවා. ඒ වෙලාවෙත් අහිංසාගේ අම්මා ඇයට තේජාන් ගැන විවිධ දේවල් කියමින් තරහෙන් කතා කරනවා. ඒ වෙලාවෙදි අහිංසාගේ අම්මා අහිංසාගෙන් ඉල්ලා සිටිනවා සියලු දේ පිළිවෙලකට සිදුවන තාක් ඇයට ගෙදරින් නොයන්න කියා.  ඔන්න ඒ අතරදී තේජාන්ට ඔහුගේ තාත්තා වන රවියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. එය වෙලාවේ ඔහු තේජාන්ට කතා කරන්නේ බීමතින්. ඒ වෙලාවේදී තේජාන් විසින් ඔහු ඇවිත් යන්න එන්නම් කියා රවීට පවසනවා.  ඉතින් මේ වෙලාවේදී තේජාන් ඔහුගේ තාත්තා බැලීමට යන්න සූදානම් වෙනවා. මුලින්ම ඔහු අහිංසා වත් රැගෙන ඔහුගේ තාත්තා වන රවීව හමුවීමටයි සිතාගෙන සිටියේ. නමුත් ඔහු එකපාරටම අහිංසාට ගෙදර ඉන්න කියා ඔහු ගිහින් එන්නම් කියා සුරාජ්ට සහ අහිංසාගේ අම්මට වැද ගෙදරින් පිටත් වෙනවා. ඒ වෙලාවේ සුරාජ් තේජාන්ට රවි සමග කතා කර ප්‍රශ්න විසඳගෙන එන්න කියා  පවසනවා.

ඉතින් ඉන් පසු තේජාන් ඔහුගේ තාත්තාව හමුවීමට ගෙදරට පැමිණෙනවා. ඒ අවස්ථාවේ රාවි  ඔහු ආවේ කුමකට දැයි විමසනවා. ඒ වෙලාවේ තේජාන් ඔහු සමගින් කතා කර යෑමට පැමිණි බව කියනවා. ඒ වෙලාවේ තේජාන් ඔහු පැමිණියේ රණ්ඩු කිරීමට නොව කතා කිරීමට බව රවීට පවසනවා. ඒ වෙලාවේ රවි අහිංසාව රැගෙන පැමිණියේ නැත්තේ ඇයිදැයි තේජාන්ගෙන් විමසනවා. ඉතින් ඒත් සමගම රවී එතැනින් පිට වෙනවා. ඉන්පසු එතැනට පැමිණෙන ඔහුගේ යහළුවන් ඔහුට එදා දවසේ දී රවි සමඟින් ගෙදර සිට ඔහු සමගින් කතා කර පසුදින යන්න කියා ඉල්ලීම් කරනවා.

ඉතින් ඔන්න මේ වෙලාවේ රවි අහිංසාගේ අම්මට දුරකථන ඇමතුමක් ලබාගෙන සිදු වූ සියලු දේ අමතක කර එක තැනකට ඇවිත් කතා කළ යුතු බව පවසනවා. ඒ වෙලාවේ අහිංසාගේ අම්මා ඇගේ දුව වෙනුවෙන් මේ කසාදයට කැමැත්ත දෙන බව රවි සමඟින් පවසනවා. ඒ වෙලාවේ රවීත් ඔහුටත් තේජාන් වෙනුවෙන් ඒ දේ කරන්න සිදුවන බව අහිංසා සමගින් පවසනවා. ඒ වෙලාවේ රවි විසින් අහිංසා එවැනි තීරණයක් ගත්තාට ඔහු සතුටු වෙන බව පවසනවා. ඒත් සමගම අහිංසාගේ අම්මා කොන්දේසි කිහිපයක් තිබෙන බව පවසනවා. ඒ වෙලාවේ තේජාන් අහිංසාව කළ පසු  ඔවුන් දෙදෙනා ඔවුන් සමගින් ඔවුන්ගේ නිවසේ සිටිය යුතු බවට කොන්දේසියක් දමනවා. ඒ ආකාරයට එම කසාද සිදු කෙරෙනවා නම් එය සිදුකරන බවත් එසේ නොකරනවා නම් මෙම කසාද සිදුවෙන්නේ නැති බවත් අහිංසා රවී සමගින් පවසනවා.  මේ වෙලාවේ රවී නම් ඒ කොන්දේසියට වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ. ඔහු කියා සිටියේ ඔවුන් විවාහවී රවීගේ ගෙදර සිටිය යුතු බවයි.

ඉතින් ඔන්න මේ වෙලාවේ අහිංසාගේ අම්මා සුරාජ් සමගින් අහිංසා සහ තේජාන් ගැන කතා කරමින් සිටිනවා. ඒ වෙලාවේ  කසාදය සිද්ධ වෙනවා නම් රවි සහ සෙලීනාත්  කසාදෙට කැමති වන්නට ඕන බව අහිංසා සුරාජ් සමගින් පවසනවා. ඉතින් මේ වෙලාවේ අහිංසා   අම්මා සහ සුරාජ් කතාකරන සියල්ලක්ම අහගෙන තමයි සිටින්නේ. ඒ වෙලාවේ අහිංසාගේ අම්මා, රවි සහ සෙලීනාගේ අකමැත්තෙන් මේය සිදු නොවන බවත් සුරාජ් සමගින් පවසනවා.   ඉතින් මේ වෙලාවේ තේජාන් රවී ළඟට පැමිණ ඔහුගේ හිත හදනවා. ඒ වෙලාවේ තේජාන් ඔහුගෙන් ඉල්ලීමක් කරනවා ඒ ඔහුගේ ජීවිතය සොයා ගෙන යෑමට ඔහුට ඉඩ දෙන ලෙසයි. ඒ වෙලාවේ තේජාන් ඔහුට මේ අවස්ථාවේ අවශ්‍ය ඔහුගේ ආශිර්වාදය බව රවී සමගින් පවසනවා. ඒ වෙලාවේ ඉතා සංවේදී වූ තේජාන් ඔහු වෙනුවෙන් කළ සියලු දේ රවිට මතක් කර දෙමින් සංවේදී වුවා. ඉතින් මේ දේවල් අසා සිටින රවිත් ඒත් සමගම ඉතා සංවේදී වූවා.

ඉතින් මේ වෙලාවේ අහිංසා සමගින් තේජාන් කතා කරමින් ඉන්න අවස්ථාවේ රවී එතැන සිට ඔහුගේ කතාව අසා සිටිනවා. ඉතින් මේ වෙලාවේ රවී තේජාන්ට කතා කර ඔහු කැමැති තීරණයක් ගන්න කියා පවසා සිටිනවා. ඒ වෙලාවේ ඔහු මොන දෙයක් කළත් ඔහුගේ ආශිර්වාදය තේජාන්ට තිබෙන බව පවසා සිටිනවා.  ඉතිං ඔන්න මේ වෙලාවේ රයිනි පුටුවට වී වාඩි වී සිටින අතරතුර දී ඇයට ඇය කරපු වැරදි සිහි වෙනවා. ඒත් සමගම ඇය අසලට නාගයෙක් පැමිණෙනවා. ඉන්පසු ඇයට එම නාගයා දෂ්ට කරනවා. ඉතින් එසේ එම නාගයා දෂ්ට කළේ ඇය විසින් මේ තාක් කල වැරදි වලටයි. ඉතිං ඇයට ලැබුණු දඬුවම වූයේ මරණයයි. ඉතිං රයිනිව  ඒ වෙලාවේ කාටවත් බේරා ගැනීමට නොහැකි වූවා. ඇය ඒ අවස්ථාවේම  එතැනම මියගියා.

ඉතිං සුරාජ් සහ මාමා සමගින් අහිංසා කතා කරමින් සිටින අතරතුර දී තේජාන් එතැනට පැමිණෙනවා. ඉන්පසු තේජාන් අහිංසා ළඟට පැමිණ ඇය තරම් මේ ලෝකෙ කිසිම දෙයක් ඔහුට වටින්නේ නැති බව පවසමින් රවි ඔවුන්ට ආශීර්වාද කළ බව පවසනවා. ඉතින් මේ  වෙලාවේ ඔවුන් දෙදෙනාගේ සතුට ඉතිරී ගියා. ඒ වෙලාවේ තේජාන් ඔවුන් දිනපු බව අහිංසාට පවසනවාත් සමගම අහිංසාගේ අම්මා කේන්තියෙන් ඔවුන් සිටින අසළට පැමිණ අහිංසාට කෑගසා එන ලෙස පවසනවා. ඉන්පසු අහිංසා තේජාන්ගේ අතින් අල්ලාගෙන අහිංසාගේ අම්මා ළඟට පැමිණෙනවා. ඒ වෙලාවේ අහිංසාගේ අම්මා අහිංසාගේ අතට යමක් ලබා දෙනවා. ඉන්පසු අහිංසාගේ අම්මා තේජාන්ගේ අත අරගෙන අහිංසාව හොඳින් බලාගන්න කියා ඔහුගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ තේජාන්ටත් අහිංසටත් සිතාගත නොහැකි වනවා. ඉතිං ඒ වෙලාවේ අහිංසාව ඔවුහු හොඳින් බලාගන්නා බවට ද අහිංසාගේ අම්මට පොරොන්දු වෙනවා. ඉතිං ඉන්පසු අහිංසාගේ අම්මා ඔවුන් දෙදෙනාගේ අත්දෙක එකතු කර ඔවුන්ට ආශිර්වාද කරනවා. ඉතිං අහස් මාලිගා අවසානය එයයි. කෙසේ හෝ අහිංසාගේ සහ තේජාන්ගේ ආදරය ජය ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *