හිරු නාළිකාව ඔසේසේ සෑම සතියේ දින පහේම රාත්‍රී 8.30 ට විකාශනය වන අහස් මාළිගා ටෙලිනාට්‍ය මොනවද ඉදිරියේදී සිදුවන්නේ කියන එක මේ ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයාගේ හිතට කුතුහලයක්..ඉතිං අපට හිතෙන හැටියට නම් මේ දවස්වල මේ නාට්‍යෙය් අවසාන කොටස් කිහිපය තමයි විකාශනය වෙන්නේ…

ඉතිං මේ වේලාවේ අහිංසාත් තේජානුත් යන එනමක් නැතිව ගහක් යට එදා දවස රැය ගෙවනවා.. එතනිදී අතීතයේ සිදු වූ දේවල් පිළිබඳව අහිංසාට මතක් වෙද්දී තේජානුත් සිදු වූ දේවල් මෙනෙහි කරනවා.. ඉතිං ඊටපහුවදා උදේ අහිංසාත් තේජානුත් කල්පනා කරනවා ඉදිරියට මොනවාද කරන්නේ කියන එක ගැන. ඒ වේලාවේ අහිංසාට එකසැරටම ඔවුන් නැවතීමට තැනක් තිබෙන බව තේජාන්ට පැවසීමත් සමඟම ඔවුන් දෙදෙනා අහිංසා පුංචි කාලේ සිට ආදරයෙන් රැකබලා ගත් ඇගේ අම්මයි තාත්තාය වන චන්දි සහ ජගත්ගේ නිවසට පැමිණෙනවා. ඒ වේලාවේ ඔවුනුත් ගොඩක් සතුටින් ආදරයෙන් ඔවුන් දෙදෙනාව පිළි ගත්තා..

ඉතිං ඔන්න මේ වේලාවේ තේජාන් එම නිවසේ සිට ඔහුගේ තාත්තා වන රවීට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. ඒසේ කතා කර ඔහු හොඳින් සිටන බවත් ඔහු ගැන හොයන්න එපා කියාත් ඉල්ලීම් කරනවා. නමුත් රවී එයට එකඟ වන්නේ නැහැ.ඔහු දිගින් දිගටම පැවසුවේ ගෙදර පැමිණෙන්න කියායි. නමුත් තේජාන් එය ප්‍රතික්ෂේප කරමින් දුරකථනය තිබ්බා..ඉතිං මේ වේලාවේ අහිංසාට චන්දි ඇගේම අම්මා නොවුනත් ඇයට ආදරය කරපු හැටි මතක් කරමින් සංවේදී වනවා.. ඒ වේලාවේ චන්දි අහිංසාට සහ තේජාන්ට ඔවුන්ගේ නිවස කියා සිතා ඒ ගෙදර නවතින්න කියා පවසනවා.

ඉතිං ඔන්න ඉන්පුසු තේජානුත් අහිංසාත් චන්දි සහ ජගත් සමඟින් රැ කෑමට සඳහා සූදානම් වුවා. ඒ වේලාවේ චන්දි බත් පිගාන අතට අරන් අහිංසාට කෑම කැව්වා. එ අවස්ථාවේ චන්දිට අතීතය මතක් වී ඇයට සතුට දරාගත නොහැකිව ඇය බොහෝම සංවේදී වුවා. ඒ වේලාවේ ඇය සතුටින් ඉනන්වා හැරනේනට තමන්ට තවත් සතුටක් නැති බව චන්දි පැවසුවා. ඉතිං ඔන්න ඔය වේලාවේදීත් රවී තේජාන්ගේ යළුවන් සමඟින් තේජාන්ට දොස් කියමින් ඔහුව ගෙදරට ගෙන්වා ගැනීමට ක්‍රමයක් ගැන සිතුවා..ඉතිං මේ වේලාවේ තේජාන් සමඟින් ජගත් ඔවුන් දෙදෙනාගේ අනාගතය ගැන කතා කලා.. ඕනැම දෙයකදී චන්දි සහ ජගත් ඔවුන් සමඟින් සිටින බව තේජාන්ට පැවසුවා.

මේ අතරදී සූරාජ් පැළ තවානේ වැඩ අවසන් වී ගෙදරට පැමිණෙනවා. ඒ වේලාවේ ඔහු ගෙදර ඇතුළට ගොස් ඇයව සොයන විට ඇය ගෙදර සිටියේ නැහැ. ඉන්පසු ඇය කොහේ ගියාද කියා සොයාන්නට සූරාජ් ඉක්මනින්ම මාමා සමඟින් ත්‍රිවිලරයේ ගියා. ඉතිං මේ වෙද්දී සූරාජ්ගේ බිරිඳ අහිංසා තනිව පාරේ ඇවිදින ගමන් ඇයට අතීතයේ සිදුවු දේවල් සිහි කරනවා. ඒ වේලාවේ ඇයව රයිනි විසින් කන්දක් උඩින් තල්ලු කරපු අකාරය සිහි වෙනවා. ඒ සිහිවෙනවාත් සමඟම ඇයට ක්ලාන්තයක් ඇවිත් ඇයව බිඳ ඇද වැටෙනවා…ඉතිං සුරාජ් තවමත් අහිංසාව සොයමින් මාමා සමඟින් යනවා. නමුත් ඔවුන් ගොඩක් දුරකට පැමිණියත් ඇයව ඔවුන්ට හමු වුයේ නැහැ.

ඉතිං මේ වේලාවේ තේජාන්ගේ යහළුවන් කිහිපදෙනා ඔහු සොයා ජගත්ගේ නිවසට පැමිණ ඔහුට ගෙදර යන්නට එන්න කියා ඉල්ලීම් කරනවා. නමුත් ඒ අවස්ථාවේත් තේජාන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.. ඔහු අහිංසාට සහ තේජාන්ට අශ්ර්වාද කරනකන් ගෙදරට නොයෙන බව ඔවුන් සමඟින් පවසනවා. ඉතිං රවීගේ හිත නුදුරරේදීම වෙනස් වී අහිංසාව සහ තේජාන්ව පිළිගනීවිද?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *