මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ආලියා ටෙලිනාට්‍ය ප්‍රෙක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යක් විදියට හඳුන්වන්න පුළුවන්.. මෙහි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද් සහ පුබුදු චතුරංගයි. ඉතිං මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ විසිනි.. ඉතිං මේ කතාව තුළ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පීන්, ශීල්පිනියන් රාශියක්ම එකතු වනවා. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ශේෂාද්‍රිගේ පළමු ටෙලි නිර්මාණය මෙයි වීමයි.

ඉතිං මේ කතාවේදී ශේෂාද්‍රි මෝටර් බයිසිකලයිකින් තමයි තමන්ගේ වැඩ කටයුතු සඳහා එළියට යන්නේ. ඉතිං ඇය සිය මෝටර් බයිසිකලයෙන් රැකියාවක් සඳහා අයදුම් කර තිබු සේවා ස්ථානයේ සම්මුක පරීක්ෂණය සඳහා යනවා.ඉතිං එදින ඇය එම සම්මුක පරීක්ෂණයෙන් සමත්වී ඇයට එහි රැකියාවක් කිරීමට හැකියාව ලැබෙනවා. මේ කතාවේදී ඇයගේ නම රිද්මි. ඉතිං ඇය සමාන්‍ය පවුලක හැදිවැඩුණු කෙනෙක්.

ඉතිං එතකොට මේ නාට්‍යයේ ඊළඟ ප්‍රධාන චරිතය තමයි අෂේන් කියන්නේ. එ කියන්නේ පුබුදු චතුරංග. ඉතිං ඔහු නම් පොහොසත් පවුලක හැදිවැඩුණු ටිකක් සේල්ලක්කාර කොල්ලෙක්. ලස්සන ගැහැණු ළමයෙක් දැක්කොත් නම් ඉතිං ඔහුගෙන් ගැලවමක් නැහැ.

ඉතිං ඔන්න රිද්මි එදා දවසේදී සම්මුක පරීක්ෂණයට ගිහින් ඉවර වෙලා ගෙදර එනවා. ඉතිං රිද්මිගේ තාත්තා විදියට රඟපාන කුමාර තිරිමාදුර මේ නාට්‍යයේදී ටිකක් වෙනස් විදියේ චරිතයක් තමයි රඟපාන්නේ. රිද්මි බඩගිනි වී කුස්සියට ගිය අවස්ථාවේ එතන තිබු සියළු වලන් පිගාන් ඓහ මෙහ අත විසි කර තිබෙනවා දැක්කා. ඉතිං ඇය දුකින් වගේ ඒ සේරම අස් කරලා ඉවර කරලා නාගෙන කාමරයට එනවා. එ ඇවිත් පරිඝනකයෙන් ඇය සහතියක් හදනවා. එ සහතිකයට ඇගේ නම ඇතුලත් කරමින් තමයි ඇය එය හැදුවේ.. ඒහි තිබුනේ කෑම පාඨමලාවක් ගැනයි.. ඇය එසේ ව්‍යාජ සහතිකයක් සදාන්නේ ඇයට එය රැකියාවට එන විට ගෙන්න කියු නිසයි.

ඉතිං ඔන්න පසුදින උදේ රිද්මි පාරේ යනවා දකින් අශේන් වාහනයේ ඉඳන් ඇය දිහා බලාගෙන සිටිනවා. පාර මාරු වන රිද්මි දිහා ඔහු ඇසිපිය නෙහෙළා බලා සිටිනවා. රිද්මි ඇගේ බියක් එකට නගිනවත් සමඟ අශේන් එතනට පැමිණෙනවා. ඉතිං එදා තමයි ඔවුන් දෙදෙනාගේ පළමු හමුවිම සිදුවන්නේ. එදා ඇය ඔහුව මග හැර ඔහු සමඟින් කතා නොකරම යනවා. නමුත් රිද්මිට අශේන්ගේන බේරීමක් නම් නැ. ඔහු ඇය පසුපසින්ම ඔහුගේ වාහනයෙන් පැමිණෙනවා. ඉතිං කොහොමහරි අශෙන් ඇය රැකියාවට යන එ ස්ථානය දක්වාම ඇය පසුපසින් එනවා රිද්මි දකිනවා. නමුත් ඇය එය ගණන් නොගෙන අවශ්‍ය ලියකිවිලිත් රැගෙන සේවා ස්ථානයට යනවාත් සමඟ ඇයට සද්දයක් ඇසී ඇය පිටිපස්ස හැරි බලන විට ඇගේ බයික් එක අශේන් ඔහුගේ වහනයේ හප්පවලා බිම දමා තිබෙනවා දකිනවා.

ඒ වේලාවේ රිද්මි පොලිසියට කතා කරලා ඔහුවත් එක්කගෙන පොලිසියට ඇවිත් ඔහුගෙන් සිදුවු කරදරය ගැන කියනවා. ඉතිං මෙතනදී පොලිස් නිලධාරියා විදියට මේ චරිතය රඟපාන්නේ බිමල් ජයකොඩි විසින්. එදා ඔහු රිද්මි සමඟින් කතා කරමින් සිටින විටදී ඔහුගේ අතේ තිබුණු අත් පළඳනවා දුටු රිද්මි ටිකක් කලබලයට පත්වෙනවා. ඇයට කුමක් හෝ දෙයක් මතක් වෙනවා. ඇය ඒ වේලාවේ ඔහු පැමිණිල්ල ලියන්නට යන විටදීම එය එසේ නොකර ඇගේ බයික් එක හදලා දුන්නොත් ඇති බව පවසනවා.

ඉතිං ඇය වෙනත් පොලිස් නිලධාරියෙක්ගෙන් අසනවා ඒ පොලිස් නිලධාරියා ඇවිත් ගොඩක් කල්ද කියා.. ඇයට ඔහු ගැන කුමක් හෝ දෙයක් හිතේ තියන බව අපට හැගෙනවා. ඇයට ඔහුගේ විසතර දැන ගැනීමට අවශ්‍ය වනවා.

ඉතිං ඉන්පසු ඇය වැඩ කරන cofee shop එකට ත්‍රීවිලරයකින් පැමිණ එහි අයිතිකාරයාගෙන් සමාව ගන්නවා. එ ඇය එතනට පැමිණිමට පරක්කු වු නිසයි. නමුත් ඒ වේලාවේ අයිතිකාරයා කේනත්ියෙන් ඇයට බැන වඳිමින් ඇයට එතනින් පිටවවන්න කියා පවසනවා. ඉතිං ඉන්පසු ගෙදර පැමිණෙන රිද්මි පොලිස් නිලධාරියාගේ අතේ තිබුනු එ අත් පළඳනාවේ ඡායාරූප කිහිපයක් බලමින් කල්පනා කරනවා. ඒත් සමඟම ඇය පේට්ටියක් අතට ගෙන එහි තිබුන එ අත් පළඳනාව සහ ඡයාරූප වල තිබෙන්නාවු අත් පළඳනාව දෙස බලමින් කල්පනා කරනවා .ඉන්පසු බිත්තියේ ඇය ඇඳ තිබු සැලස්මක් දෙස බලා ඇය එහි පොලිස් නිළධාරියාගේ ඡයාරූපය අලවනවා. ඇය ඇත්තටම මේ කුමක් ගැනද සොයන්නේ? එය එම පේට්ටයේම තිබුන තවත් ඡයාරූපයක් අතට ගන්නවා. එහි සිටින්නේ උපෙක්ෂා ස්වර්ණමාලි. එ තමයි ඇගේ අම්මා. ඇයට එ අවස්ථාවේ අම්මා ඇයට පුංචි කාලයේ කෑම කවපු හැටි සිහිවෙනවා. ඇගේ ඇස් කඳුලින් තෙත් වෙනවා.

ඉතිං ඔන්න අ‍ශෙන් ගෙදරට පැමිණෙවත් සමඟම ඔහුගේ තාත්තා ඔහු ළඟට පැමිණ බැන වදිනවා. ඒ ඔහුගේ අතින් සිදුවු වරද ගැන කියමින්. ඒ අවස්ථාවේ අශෙන් එම වරදට සමාව ගන්නවා. ඉතිං ඔන්න මේ වේලාවේ එදා අර පොලිස්සියේ හිටපු පොලිස් නිලධාරියා අශේන්ට පවසනවා ඔහු බේරුණේ අනුනමයෙන් බව. ඇත්තටම මේ පොලිස් නිලධාරියා කවුද? ඔහු අශෙන්ගේ කවුද? ඔහු අශේන්ගේ අයියා.

ඔන්න ආයෙමත් දවසක අලියා රාස්සාවක් හොයාගෙන පාරේ ඇවිදන් යනවා. ඔන්න එදා දවසේත් අශෙන් රිද්මිව දකිනවා. එදා දවසේදී ඔහු ඇගේ පස්සෙන් යන්න හැදුවත් ඔහුට ඇයව එකපාරටම මඟ හැරනෙවා. ඉතිං එදාත් රිද්මි ගෙදර ආවේ රැකියාවක් හොය ගැනීමට නොහැකිවයි. ඔන්න ඉතිං ආයෙමත් රිද්මි පොලිසියට එනවා. එ අර පොලිස් නිලධාරියා හමුවීමට.එ අවස්ථාවේ ඔහු අශේන් කියන්නේ තමන්ගේ මල්ලි බව රිද්මිට පවසනවා. ඇය පුදුම වී ඔහු දෙස බලා සිටනවා. ඉන්පසුව ඇය ඇගේ බයික් එකත් රැගන එතනින් පිටව යන්න හදද්දීම එතනට අශේන් පැමිණෙනවා. ඒ වේලාවේ ඔහුගේ අයියා මෙහි සිටින පොලිස් නිළධාරියා කියා දන්නා බව අශෙන්ට ඇය පවසනවා.ඉතිං මේ වේලාවේ අශෙන් ඇයට ඔහුගේ Visting card එක දෙනවා. ඒ අවස්ථාවේ ඇය ගමන්ට් එකක් වැඩ කර තිබෙන බව අශේන්ට පැවසීමත් සමඟ ඔහු පුදුමයට පත් වී සිතා ග්නනට නොහැකිව සිටිනවා.ත ඔහු ඇයගෙන් අහනවා ඔහුගේ ගාමන්ට් එකේ වැඩ කිරීමට කැමතිද කියා. ඒ වේලාවේ ඇය එයට කැමති වනකවා. හැබැයි ඇය ඇත්තටම ගාමන්ට් එකක් වැඩ කරලා තිබුනේ නැහැ. ඇය කුමක් හෝ දෙයක් දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි එයට කැමති වන්නේ…

එලෙස නැවතත් ගෙදරට රිද්මි පැමිණෙන විට ඇගේ තාත්තා ගෙදර සිටියේ නැහැ. ඇය හැම තැනකම කලබල වී ඔහුව සෙව්වා. ඇගේ තාත්තා හොඳට ඇඳ පැළඳගෙන් ගරාජ් එකක් සිටනවා ඇය දකනිවාත් සමඟ ඇය එතනට පැමිණෙනවා. ඉන්පසු ඇය තාත්තාවත් රැගන යළි ගෙදර යනවා. ඉන්පසු ඇය ලැප්ටොප් එකෙන් fashion designing ගැන බලමින් සිටිනවා.

ඔන්න පසු දිනයේ රිද්මි අශේන්ගේ ගාමන්ට් එකට එනවා.. ඉන්පසු ඇය ඇගේ සහතික පත්‍ර ටිකත් රැගෙන් අශෙන්ගේ කාමරයට යනවා. ඉතිං ඉන්පසු ඇයට රැකියාවට එන්න කියා ඔහු පවසනවා. ඉතිං ඉන්පසු ඇය ඇගේ තැනට ගොස් වැඩ කිරීමට සූදානම් වුනා. ඉතිං ඇය ගෙදර ඇවිල්ලත් එහි සිදු කරන්නට තිබෙන්නා වු වැඩ පිළිබඳව සොයමින් ඒවා ඉගෙන ගත්තා. මොකද ඇයට ඒ පිළිබඳ කිසිදු දැනීමක් නැති නිසයි. ඇය තාත්තා සමඟින් වාඩි වී ඒවා බලමින් ඒවා ඇඳීමට උත්සහා කරනවා.. මේ අවස්ථාවේම ඇයට දුරකතන ඇමතුම්ක් එනවා. ඒ අශේන්ගෙන්. ඇය එතනින්ට නැගිට විත් කොල් එක ගන්නවා. මේ වේලාවේ කතාව අහගෙන හිටිය රිද්මිගේ තාත්තා ඇගෙන් අහනවා ඇය කතා කලේ කොල්ලෙක් සමඟද කියා.ඇය බයවී තාත්තා දෙස බලා පිටිනවා. ඒ වේලාවේ තාත්තා ළඟින් වාඩි වී ඇයගේ ජිවිතේ කොල්ලෙක්ට ඉඩක් නැති බව රිද්මි පවසනවා.

මේ වේලාවේ රිද්මිට ඇය වැඩ කරන තැන ඉන්න පිරිමි ළමයෙක් වන කවින්දව හම්බ වෙනවා.. ඉතිං ඇය ඒ අවස්ථාවේ ඔහුට කතා කරනවා ඇයත් සමඟ වැඩ කරන තැනට යන්න බයික් එකට නගින්න කියා. ඒ වේලාවේ ඔහු ඇයගේ බයික් එකේ නැග වැඩ කරන තැනට යනවා. ඉන්පසු කෑම කාමරයට ගොස් රිද්මි සමඟින් ඔහුත් ඇගේ කෑම එක කනවා.ඒ වේලාවේ ඇය ගෙදර ඉඳන් ඇඳගෙන ආව DESINGS ටිකත් පෙනවා ඒවා හොඳදැයි බලන්න කියා රිද්මි ඔහුට පවසනවා. ඉතිං ඊටපස්සේ රිද්මි ඒ ඩිසයින් ටිකත් අරගෙන අශෙන් ළඟට ගිහින් ඒවා පෙන්වනවා. ඉන්පසු එවා බැලු පසු අශෙන් කවින්දගෙන විමනසවා කාගේ ඩිසයින් එකද වැඩේට ගැලපෙන්නේ කියා. ඔහු ඒ වේලාවේ පවසන්නේ අලියාගේ ඩිසයින් එක ගොඩක් හොඳයි කියායි. ඉතිං මේත් සමඟම අලියා සහ කවින්ද විස්තර කතා බහ කරලා ගොඩක් හිතවත් වෙනවා. ඒ වේලාවේ ඇය ඔහුත් සමඟින් ඇයගේ අම්මා අය පුංචි කාලයේදීම නැති වු බව පවසනවා. ඔන්න මේ වේලාවේ අලියාට අශෙන් ඔහුගේ කාමරය එන්න යැයි පවසා ඇගෙ ඩිසයින් ගැන වර්ණනා කරනවා. ඇය එය හොඳට කරලා තිබුණ බව පවසනවා. ඒ වේලාවේ ඇය ජිවත් වන්නේ කොහෙද ඇයගේ පවුලේ විස්තර ගැන අශෙන් අසා දැනගන්නවා.

ඔන්න එදා දවසේදීත් අලියා ගෙදර එන විට ඇගේ තාත්තා සහ තවත් අයෙකු එළියේ වාඩි වෙලා සිටියා. ඔන්න දැන් අලියා තාත්තාට තේ හදමින් ඉන්න අතරතුරදී ආයෙමත් අශේන්ගෙන් ඇයට කොල් එකක් එනවා. ඔහු ඇයට පවසනවා ඔහු මේ වේලාවේ සිටින්නේ ජනතා මාවතේ බව. එය ඇසීමත් සමඟ අලියා කලබල වෙනවා. ඒ වේලාවේ ඇය ගෙදර නැති බව පවසා ඇය ඔහුව කෙසේ හෝ මග අරිනවා. මේ වේලාවේ අශෙන් යළුවෙලා ඉන්න තවත් ගැහැණු ළමයෙක් ඔහු හමුවීමට පැමිණෙනවා.

මේ වේලාවේ අලියා තාත්තා එක්කන් ආවා පුද්ගයා සමඟින් ඇයගේ අම්මා සහ අක්කා නැති වු පවසනවා. අක්කාගේ මරණින් පසු ඇගේ තාත්තාගේ සිහි කල්පනවා අඩු වූ බවත් ඇය ඔහුට පවසනවා. ඔන්න මේ වේලාවේ අශෙන් මඟදී හමුවුන ගැහැණු ළමයා සමඟ හෝටලයකට පැමිණ බීම එකක් බොමින් සිටිනවා. එ වේලාවේ අශෙන්ට ඇය තර්ජනය කරනවා ඇය අත් නොහරින ලෙස.

අලියා මේ වේලාවේ අගේ කාමරයේ බිත්තිය මත ඇඳ තිබු සැලැස්මට අශෙන්ගේ නමත් එකතු කරනවා. එ වේාලවේ එතනට පැමිණෙන තාත්තාට අලියාගේ අක්කාගේ නම මතක් වනවා. ඒ වේලාවේ අලියා ඉල්ලනවා ඔවුන් තිදෙනා එකට හිටිය කාලේ මතක් කරන්න කියා. ඒ වේලාවේ අලියා තාත්තාගෙන් ඉල්ලීමක් කරනවා. එ ඇගේ අක්කා ආදරය කරපු කෙනාගේ නම මතක් කර ඇයට කියනා ලෙස. ඉතිං මේ විදියට ආලිය සොයන්නේ අක්කාව මරපු කෙනාවද? ඇය මේ පළිගන්න හදන්නේ කාගෙන්ද?

මේ වෙලාවේදී අශෙන්ගේ අයියා කාමරය පැමිණ පිංතුරයකු අතට රැගෙන එ දෙස බලා සිටිනවා. ඔහුට මොනවා හෝ මතක් වෙනවා. මේ පිංතුරේ ඉන්න කෙනාම අලියා බිත්තියේ ඇඳලා තිබුන ඒ සැලැස්මෙත් හිටියා..මේ අලියාගේ අක්කාද? ඇය අශේන්ගේ අයියාටද ආදරය කරලා තියෙන්නේ කියන දේ අපට තවමත් සිතා ගැනීමට නොහැක.

ඔන්න පහුවදා උදේත් අලියා කවින්ද සමඟින් කෑම කාමරයට පැමිණ කෑම කනවා. ඔන්න ඊටපසු වැජ ඉවර කරලා අලියා අශෙන් එක්ක ඔහුගේ වාහනයේන් ගෙදරට යනවා.. එ අතරතුර අශෙන්ගෙන් විවිධ ප්‍රශ්න අලියා අසමින් තමයි යන්නේ… ඇයට ඔහු ගැන ලොකු සැකයක් තියෙන බව නම් පැහැදිලිව පෙනෙනවා. ඉතිං මේ අතරේ අශෙන් අලියා එක්ක RESTURANT එකකට යනවා. ඔවුන් දෙදෙනා එතනදීත් ඔවුන්ගේ විස්තර ගැන කතා කරමින් ඉන්නවා. ඉතිං මේ විදියට කතා කරමින් ඉන්න අතරතුරේ අශේන්ව දැකලා එතනට කලින් ඔහුව සොයාගෙන ආපු ගැහැණු ළමා එනවා. ඒ අවස්තාවේ අශෙන්ට කර කියා ගන්නට දෙයක් නැති වෙනවා. ඉතිං ඒ ගැහැණු ලමයාගෙන් බේරණු අශෙන් අලියාත් සමඟ නැවත වාහනයට නැග අලියාව ගෙදරින් අරලවන්න යන අතරතුරේදී අලියා ඔහුට කියනවා ආදරේ වගේ දේයකදී ඇය ඒ ගැන සිරියස්ව සිතන බව. ඇය එහිදී දෙන්නෙක් ලං වෙන්න ඔනේ ජිවිත කාලයම එකට ඉන්න බලා ගෙන කියා පවසනවා.. අශෙන්ට මේ වේලාවේ කියා ගන්න දෙයක් නැතිව අලියා කියන දේ අහගෙන සිටිනවා

ඉතිං ඔන්න පහුවදා උදේත් අලියා ඇවිත් කෑම කාමරයට වෙලා ඩිසයින්ස් හදමින් ඉන්නකොට කවින්ද එතනට පැමිණෙනවා. ඒ වේලාවේ අලියා ඔහුගෙත් උදව් ඇතුව ඇගේ වැඩේ කරගෙන ගියා. ඉතිං එදා දිනයේත් වැඩ ඉවර කරලා ගෙදර ආපු අලියා පොතකුත් අතෙ තියාගෙන ටිවි එක ළඟින් වාඩිවෙනවා.ඒ වේලාවේදී අශෙන්ගේ අයියා වන රජීව් කේසර කියන පොලිස් නිලධාරියා අපරාධ සම්බන්ධව රූපවාහියේ කතා කරනවා ආලියා දකිනවා. එ දිහා ඇය ඉතා විමසිල්ලෙන් යුතුව බලා සිටිනවා.

ඉතිං ඔන්න මේ වේලාවේ මේ ගාමන්ට් එක අයිති අශෙන්ගේ තාත්තා ගාමන්ට් එකට එන බව දැනගැනීමත් සමඟම අශෙන් හොඳටම කලබල වෙනවා. ඒ ඔහු අලියාව ගත්තේ තාත්තාට නොකියා නිසයි. ඔහුට කුමක් කරනන්ද කියා ඒ වේලාවේ සිතා ගැනීමට නෙහැකි වනවා. ඉතිං ඔන්න මේ වේලාවේ අශෙන් කට්ටියටම එන්න කියා අලියාට සහ කවින්දට client කෙනෙක් එන බව පවසමින් අලියාට එ client ව හමුවීමට යා යුතු බවට දැනුම් දෙනවා. ඒ අවස්ථාවේ අලියා ටිකක් බයවෙනවා. ඒ ඇය ඒ ගැන දන්නේ නැති නිසයි. ඇය ඔහුගෙන් ඉල්ලීමක් කරනවා එ තමයි කවින්දවත් ඇයත් සමඟින් එක්කන් යන්නද කියා පවසනවා. ඒ වේලාවේ එකලෙසම අශෙන් එයට කැමති වනවා. මොකද ඔහුටත් අවශ්‍ය වන්නේ අලියාව මේ අවස්ථාවේදී එළියට යවැමටයි. මොකද ඔහුගේ තාත්තා එතනට පැමැණෙනවා නිසා.ඉතිං මේ අවස්ථාවේ අලියා කවින්දට කියනවා client සමගින් ඔහුට කතා කරන්න් කියා. අලියා මේ වේලාවේ ගොඩක් බයවෙලා තමයි සිටින්නේ. නමුත් කවින්දත් එය කල නොහැකි බව පවසනවා. ඉතිං ඔන්න මේ වෙල්වේදී අශෙන්ගේ තාත්තා ඇවිත් එතන වැඩ ගැන බලලා කතා බහ කරලා යනවා. එ යනවාත් සමඟම අලියා සහ කවින්ද යළිත් ඔෆිස් එකට පැමිණෙනවා. ඒ client ආපු නැති බව කියමින්. ඒ අවස්ථාවේ අශේන් කමක් නැ යුනවෙන් පවසා එය මඟහරමින් එතනින් පිටව යනවා.

ඉතිං අලියාගේ අක්කා එක්ක සහ අශේන්ගේ අයියා අතර ආදර සම්බන්ධතාවයක් තිබිලා තියනවා..ඒ අතීතය අශේන්ගේ අයියා වන රජීව්ට සිහිවෙනවා. ඒ මතකන් සැරින් සැරේ ඔහුට මතක් වෙනවා. ඇත්තටම ඇයට මොකද්ද වුනේ? ඉතිං අලියා ඇගේ බිත්තියේ ඇඳ තිබුනු සැලැස්මේ රජිව්ගේ නම වගේම ඔහුගේ පියා වන රිචඩ්ගේ නම සමඟින් ඡයාරූපයකුත් ඇය අලවා තිබුනා. අපිට තේරනෙ විදියට මේ විදියට ඇය ලකුණු කරන්නේ ඇගේ අක්කාගේ මරණයට සම්බන්ධ අයගේ නම් සහ ඡයාරූපයි. ඉතිං අලියා ඇගේ ලැප්ටොප් එකෙන් රිචඩ්ගේ ඡයාරූපයක් ඇගේ පියාට පෙන්වා ඔහු තමයි අක්කාව ඔවුන්ට නැති කල කෙනා බව පවසනවා.

ඉතිං මේ අතර රිචඩ් රජීව්ගේ යහළුවකු සමඟින් රජීව් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධව කතා කරමින් සිටියදී රජීව් එතැනට පැමිණ එ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන පවසමින් එම අපරාධයට සම්බන්ධ වුණ හෝ නමක් හෝ ගැවී ඇති කෙනෙකුට කිසි සමාවක් නැති බව රිචඩ් ඉිදිරියේ පවසනවා.. ඉතිං ඇත්තටම මේ කියන්නේ අලියාගේ අක්කාගේ මරණය සම්බන්ධවද? ඉතිං ඒ සිද්ධිය නිසා හෝ රජීව් ඔහුගේ පියා වන රිචඩ් සමඟින් අමනාපයෙන් තමයි සිටින්නේ. ඔහු ඔහුගේ පියා මෙයට සම්බධ බව විශ්වාස කරනවා. එකට හේතුව ඔහු රජීව්ගේ සහ අලියාගේ අක්කාත් සමඟින් තිබුණු සබඳතාවයට විරුද්ධ වු නිසයි…ඉතිං රිචඩ්ට පුතාලා දෙදෙනෙක් සහ දුවෙක් සිටිනවා. ඉතිං ඔහුගේ දුව ළගදී දවසක රට ඉඳලා ලංකාවට එනවා. ඇය අලියාත් සමඟින් හොඳට එකතු වෙනවා. අලියාත් සමඟ ඇගේ ජිවිතේ හැම දෙයක්ම බෙදාහදා ගන්නවා. ඉතිං මේ වෙද්දී අලියාත් දන්නවා රිචඩ්ගේ දියණිය ඇය බව.

ඉතිං අලියා මේ විදියට මේ අයට ලං වෙලා සිටන්නේ ඇගේ අක්කා වන සමාධිගේ මරණය පිටුපස සිටින්නේ කවුරුන්ද කියා දැනගැනීමටයි. එ නිසාම ඇය අශේන්ටත් ලංවුණා.. ඒ ඇගේ හිතේ ඔහු ගැන ආදරයක් තිබිලා නෙමෙයි. ඇය සිතුවේ ඇගේ අක්කාගේ මරණයට අශේන්ගේ අයියා වන රජීව් සම්බන්ධයි කියායි. නමුත් එක දවසකදී දැනගන්න ලැබෙනවා ඇයට ඇය සිතපු දේ වැරදි බව.

ඉතිං ඔන්න අලිය දවසක් රජීව්ව හමුවීමට පොලිසීයට පැමිණෙනවා. රජීව් ඒ වෙනකොටත් අලියා කියන්නේ සමාධිගේ නංගී බව දන්නේ නැහැ. ඒ වේලාවේ ඇය සමාධි වන අගේ අක්කාගේ මරණය සම්බන්ධයෙන් ඔහු සමගින් කතා කරනවා. ඒ වේලාවේ මේ අපරාධය කල කෙනා ඇය විසින් සොයා දුන්නොත් ඔවනුගේ තරාතිරම නොබලා දඬුවම් දීමට ඔහුට හැකිද යන්න විමසු විට ඔහු එයට එකලෙසම කැමති වුවා. ඒ වේලාවේ සමාධිගේ මරණය පිටුපස රජීව්ගේ තාත්තා වන රිචඩ් සිටන බව ඔහුට පැවසුවා. ඒ වෙලාවේ එකසැරේටම අලියාගෙන් ඇය කවුද කියා රජීව් විමසු අවස්ථාවේ ඇය සමාධිගේ නැගණිය බව ඔහුට පවසනවා. ඉතිං මේ විදියට අලියා කියන නමින් ඇය සිටියාට ඇයගේ ඇත්ත නම අලියා නොවෙයි ඇය රිද්මා. ඉතිං රජිව්ට ඇය සමාධිගේ නැගණිය පැවසීමත් එක්කම ඇය මේ සිටින්නේ රිද්මා බව හඳුනා ගන්නවා. ඔහු ඒ වේලාවේ සමාධි ඇය වෙනුවෙන් කරපු කියපු දේවල් ගැනත් අලියා සමඟින් රජීව් පවසනවා. ඒ වේලාවේ අලියා විසින් ඇය අශෙන්ට ලං වුයෙත් මේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනීමට බවත් පවසනවා.

ඉතිං අලියා පසුදින උදෑසන වරැඩකරන තැනට පැමිණ රජීව්ගේ නංගී වන හිමාෂා සමඟිනුතු මේ සිදුවීම පිළිබඳව කියනවා. ඇය එය ඇසු විට පුදුම වෙනවා. ඔහුගේ තාත්තා මෙවැනි දේයක් කිරීම සම්බන්ධයෙන් ඇය දුන් වනවා. ඉතිං රජීව් ඔහුගේ ගෙදර ඇවිත් ඔහුගේ තාත්තාගෙන් මේ ගැන විමසනවා. ඔහු පතාලයට සම්බන්ධ බවට රජීව් ඔහගේ තාත්තට චෝදනා නගද්දී රිචඩ් එය පිළිගන්නවා. සමාධිවත් ඔහු මැරුවේ කියමින් රිචඩ්ට රජීව් චෝදනා නගද්දී සමාධිව මැරුවේ ජේරාඩ් බව රිචඩ් පවසනවා. සමාධිගේ සහ රජීව් අතර තියන සම්බන්ධය ගැන ඔහු දැනගත්තේ සමාධි මිය ගියාට පසුව බව රිචඩ් පැවසුවා. සමාධි එ කාලේ රිචඩ්ගේ ආයතනයක තමයි සේවය කර තිබෙන්නේ. ඇය ඉතා දක්ෂ ඔහුට සිටිය අවංකම සේවිකාවක් බව පැවසුවා. ඉතිං එදා සමාධිට මිය දවසේම රජීව්ටත් වෙඩි වැදී තිබෙනවා. ඉතිං එදා දවසේදී රජීව් දැන ගන්නවා මේ මරණයට ඔහුගේ තාත්තා වන රිචඩ් සම්බන්ධ නැති බව. ඉතිං මේ වෙද්දී රජීව්ට රිචඩ් පැවසුවා ඔහු කිසිසෙත්ම සමාධි සමඟි ඔහුගේ තිබුණු සම්බන්ධයට ඔහුගේ කිසිම අකමැත්තක් තිබුණේ නැති බව. ඇය වගේ දක්ෂ හොඳ කෙනෙක්ව ඇගේ ගෙදර ලේලි විදියට පිළිගන්න කැමති බවත් ඔහු පැවසුවා. මේ වේලාවේ රජීව්ට දුක දරාගන්නට අමාරු වුනා. ඒ වේලාවේ රජීව්ව බේර ගන්නට ඔහු ජෙරාඩ්ට කප්පම් ගෙවු බවත් රිචඩ් පැවසුවා.

මේ වේලාවේදීම රජීව්ට කෝල් එකක් එනවා පොලිසියෙන්. ඒ ජෙරාඩ් සහ ඔහුගේ ගොලයන් ආයුධත් සමඟින් හමුදාවට අහුවී ඇති බව කියමින්. ජෙරාඩ්ටත් වෙඩි වැදී ඔහු තත්ත්වය තරමක් බරපතළ බවත් ඔහු කියා සිටියා. ඉතිං ඔන්න මේ වේලාවේ රිචඩ් ගැන වැරදි වැටහීමක සිටින හිමාෂාටත් රිචඩ් සිදුවු දේ ගැන පැහැදිලි කර දෙනවා.

ඉතිං මේ වෙද්දී අශෙන් අලියාට ඇත්තටම ආදරය කරන්න පටන්ගෙනයි තිබෙන්නේ. නමුත් ඇය අශෙන්ට ලං වුයේ ඔහුට ආදරයක් ඇතිව නෙමෙයි. ඉතිං අශෙන් අය සිටින්නේ කොහෙද කියා දැන ගැනීමට උත්සහා කලත් ඇයට කෝල් කරත් ඇය ඒවාට පිළිතුරු දුන්නේ නැහැ. ඔන්න ඉතිං ආයෙමත් වතාවක් අලියා රජීව් සොයා පැමිණෙනවා. ඒ අවස්ථාවේ රජීව් සිදු වු සියළුදේ අලියාට පැහැදිලි කරනවා. ඒ වෙලාවේ සාමධි සහ ඔහු අතර සම්බන්ධයක් තිබුනා නම් ඔවුන්ව විවාහ කර දීමට ඔහු කැමැති බවත් ආලියාට පවසනවා. ඉතිං මේ වේලාවේ අලියා තේරුම් ගන්නවා රිචඩ් ඇගේ අක්කාගේ මරණය සම්බන්ධ නැති බව.ඉතිං සමාධි එදා දවසේ ජේරාඩ් සිටින තැනට ගියේ ඇයි කියා දැනගැනීමට හැකි වන්නේ ජෙරාඩ්ගෙන් පමණක් බව රජීව් අලියාට කියා සිටියා. නමුත් මේ වෙද්දී ජෙරාඩ් වෙදී වැදීමෙන් මිය ගිහින් හිටියේ. ඉතිං මේ ගැන දැන් ඔහුගේන් දැන ගන්නට විදියක් නැහැ. මේ වෙලාවේ සංවේදී වු රජීව් ඔවුන් දෙදෙනාගේ ආදරණීය බැඳිම ගැන අලියාට පැවසුවා. ඉතිං මෙ වේලාවේ ඔහු ආලියට පොරොන්දුවක් දෙනවා ඒ සමාධිගේ මරණය පිටුපස සිටින්නේ කවුද කියා සොයා දෙනවා කියායි. ඉතිං එත් එකක්ම අශෙන් ආලියාට ඇත්තටම ආදරය කරන බවත් රජීව් ආලියාට පවසනවා.

ඉතිං මේ වේලාවේ අශෙන් ඔහුගේ අම්මා සමඟින් ආලියා ගැන කියමින් ඇයව සොයා ගැනීමට අවශ්‍ය බව පවසනවා. ඒ වේලාවේ ආලියා ගැන ඇය සියළු දේ සොයා ගත් බව ඔහුට පවසනවා. ඇය ඔහුට ආදරය නොකරන බවත් අශෙන්ට පවසනවා. නමුත් අශෙන් එය පිළි ගැනීමට කැමති වුයේ නැහැ. ඔහුගේ ජිවිතේ පළමු වතාවට ආදරයක් දැනුන එකම කෙනා ආලියා බව අශේන් ඔහුගේ අම්මා සමඟින් පවසනවා.ඔහු ඒ වේලාවේ ගොඩක් සංවේදී වෙනවා. ඉතිං ආලියා ගෙදර එන ගමන් සිටියදී ඇයට පාරේදී කෙනෙකු මුණ ගැසෙනවා. ඔහු ඇගේ තොතරතුරු අසනවා. ඔහු ඇය වැඩ කරන්නේ කේසර ගෘප් එකේ බවත් දැනගෙන තමයි ඇයගෙන් මෙසේ විස්තර අසන්නේ. ඒ වේලාවේ ඇය එතැන වැඩ කරන්නේ රාස්සවකට නොවෙයි කියා දන්නා බවත් ඇයට පවසනවා.මේ වේලාවේ ඇගේ අක්කා කවුද කියා එම පුද්ගලයා අසනවා. එ වේලාවේ කේසර ගෘප් එකේ වැඩ කරපු සමාධි කියලා කීමත් සමඟ ඔහු පුදුමයට පත් වෙනවා. මේ වෙලාවේ සමාධි පතාලයත් සමඟ සම්බන්ධ වී ඇයට තිබුණු ලෙඩකට treatment කිරීමට සල්ලි සොයාගෙන තිබෙන්නේ කියා දැන ගන්නවා. ඒ වේලාවේ ජෙරඩ් සමඟින් සමාධි වැඩ කල බවත් ඔහු කියා සිටියා. මේ වෙලාවේ මේ සියළු විස්තර ගැන අලියා රජීව් සමඟින් පැවසුවා. ඒ වේලාවෙත් සමාධිට කරපු අපරාධේට වගකිව යුතු සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනෙනවා කියා ඔහු අලියාට පොරොන්දු වනවා.ඉතිං රජීව් ආලියාව සහ ඇගේ තාත්තාව ඔහුගේ ගෙදර අයට හඳුන්වා දීමට අවශ්‍ය බව පවසනවා. ඒ වෙලාවේදී ඔහු ඇයට පොරොන්දුවක් දෙනවා ඇයට වත් ඇගේ තාත්තාටවත් නැවතත් කිසිම දුකක් කරදරයක් වෙන්න ඉඩ නොදෙන බවට.

ඉතිං ඔන්න ඔ්‍ය අතරේත් අශෙන් තවතමත් අලියා ගැන සොයන එක නවත්වලා නැහැ. ඔහු පාරේ හැම තැනම ඇවිදමින් ඇයගේ හැඩරුව සොයමින් ඇයව සොයගන්නට උත්සහා කරනවා. නමුත් ඔහුට එය කිරන එක ලේසි වුනේ නැහැ. ඔන්න ටික දවසකට පස්සේ කොහොමහරි අශෙන් අලියාව සොයාගෙන ඇගේ ගෙදරට පැමිණෙනවා. ඉතිං එදා අශෙන් අලියාව සෙයාගෙන පැමිණියේ ඇග ගැන සියළු ඇත්ත දැනගෙනයි. ඒ වේලාවේ අශෙන් ඇයට ඇතත්ටම ආදරය කරන බව පවසනවා. ඒ වේලාවේ ඔහුගෙන් වෙච්ච වැරදි හදාගෙන තමයි ඔහු අලියා ළඟට පැමිණ ඒ සියළු දේ පැවසුවේ. ආලියාත් ඔහු දිහා ඉතාමත් දුකින් බලා සිටියා.ඇය වචනයක්වත් කතා කලේ නැ. එ වේලාවේ ඔහු කඳුලු පිරි දෙනිත් ඇයගේ අනාගතයට සුභ පතිමින් පිටව යනවා. ඉතිං එත් එකක්ම අශෙන් ඔහුගේ තාත්තා ළඟට පැමිණ ඔහු ගාමන්ට් එකෙන් අයින් වීමට අවශ්‍ය බව පවසනවා. ඉතිං ඉන්පසු රිචඩ් එයට කැමති වී ඔහුව එයින් නිදහස් කරනවා.

ඉතිං අශෙන් මේ වෙලාවේ කොහේහරි යන්න තමයි සූදනාම් වෙන්නේ. ඔහු අලියාව හමුවීමට අවසාන වතාවට ඇගේ නිවසට පැමිණියත් ඇය එදා ගෙදර නැති බව ආලියාගේ මිතුරිය පැවසුවා. ඉතිං ඔහු වාහනයේ යන ගමන් අලියාගේ මතකයන් සිහි කරමින් ගියා. ඉතිං එදා ඔහු අලියාට දෙන්න කියා මුදලක් දීලා ගියා. එය ඇය බාරගන්නට කැමති වුයේ නැහැ.. ඇය නැවතත් එය ඔහුට දෙන බව ඇගේ මිතුරිය සමඟින් පවසනවා.

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *