මේ දිනවල සතියේ දින පහේම රාත්‍රි 7.30ට සිරස නාළිකාවේ විකාශය වන කිසා ටෙලිනාට්‍යෙයේ මේ දිනවල සිදුවන දේවල් ගැන මේ ටෙලිනාට්‍ය නරඹන සියළු දෙනාටම විස්මයජනකයි. එ හැමෝම නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉදිරියට කුමක් සිදුවේවිද යන්න පිළිබඳවයි..

ඉතිං මේ වෙද්දී සාප්ට තමන්ගේ බිරිඳ බහාර් සහ දරු දෙදෙනාත් රැගෙන ඔවුන් සිටි නිවසින් මැරයන්ගෙන් බේරි යෑමට හැකිවෙනවා… නමුත් ඒ අවස්ථාව වනකොට එකපාරට බහාර් සිටි නිවස දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ලවන ශබ්දය අරිෆ්ට ඇසෙනවා.. ඔහු ඒ අවස්ථාවේ කලබලයට පත්වී පුදුම වී බලා සිටනවා.. ඔහු බහාර්ගේ නිවසට ගොස් බලන විට බහාර්ගේ හොඳම යෙහෙළිය වෙන යෙලිස්ට ඒ මැර පිරිස විසින් වෙඩි තබා පැන ගිහින් තිබුනා… ටික වේලාවකින් එන්වර් ඒ නිවසට පැමිණෙනවා.. ඒ අවස්ථාවේ අරිෆ් ඇඟ පුරා ලේ තවරාගෙන එන්වර් ඉිදිරියට පැමිණෙන විට ඔහු පුදුමයෙන් බයෙන් ඔහු දිහා බලනවා.. ඒ අවස්ථාවේදී එන්වර්ට ඔහු කියා සිටනවා යෙලිස් ජිවිතයෙන් සමුගත් බව.. සෙයිඩාත් පිස්සුවෙන් වගේ ගෙදරින් අඬා වැලෙපින් සිටිනවා…

මේ වෙද්දී බහාර් සහ දරු දෙදෙනා සාප් ඔවුන් වෙනෙුවෙන් වෙන් කර තිබු නිවසට පැමිණෙනවා.. මිසන්ට ඒ වෙනකොටත් ඇගේ අසනීප තත්ත්වය එන්න එන්න වැඩි වෙමින් තමයි තිබෙන්නේ.. නමුත් බාහර් ඇයව සනසවන්න ගොඩක් උත්සහා දරනවා.. එ වගේම මේ වෙද්දී දොරුක් සහ මිසන් නිවස අසළට තුවක්කුත් රැගෙන ආ මැරයන්ව දැක ඉතාමත්ම බයට පත්වෙලයි සිටින්නේ.. ඒ අවස්ථාවේ සාප් සහ බහාර් කෙසේ හෝ බොරු දේවල් කියමින් ඔවුන් දෙදෙනැාගේ බය නැති කිරීමට උත්සහ ගන්නවා.

එ වෙද්දී බහාර් සාප්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඇයට ගෙදර අයට කතා කිරීමට අවශ්‍ය බව. නමුත් සාප් ඒ වේලාවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.. ඔහු ඇයට කියන්නේ ඒ අවස්ථාවේ ඔවුන්ට කතා කරන එක අනතුරක් බවයි. ඔහු කියනවා ඊළඟ දවසේ උදේ වනතුරු ඉවසන්න කියා. මේ අතරතුරේදී බහාර්ගේ අම්මා සෙයිඩා සහ තාත්තා අරිෆ් සමඟින් ගෙදරට යනවා. එ විනවිට බහාර්ගේ නැඟණිය වන සිරිල් ගොඩක් කලබල වෙලයි සිටින්නේ.. එ ඇගේ අම්මාටත් කරදරයක් වී ඇත්දැයි බය නිසයි…මේ අවස්ථාවේදී සාප් විසින් ඔහුගේ ගෝලයෙක් වෙන මුනිර්ට දුරකථන ඇමතුමක් ලබා දී දුවට ටිකක් අසනීප නිසා doctor කෙනෙක්ව සොයා දෙන්න කියා ඉල්ලීමක් කරනවා.. සාප් ඔහුගේන් එහේ සිදු වු දේ පිළිබඳවත් සොයා බලා කියන්න යැයි පවසනවා..ඔහු ඒ අවස්ථාවේදී දැනටමත් ප්‍රශ්නයක් වී තිබෙනව බව සාප්ට පවසනවා.. ඔහු එ අවස්ථාවේදී බහාර්ගේ යහළුවෙකුටක් වෙඩි වැදී මිය ගිහින් තිබෙන බව සාප්ට පවසනවා..

බහාර් යළිත් සාප්ගෙන් අසනවා එහේ කුමක්ද සිදුවි තිබෙන්නේ කියා.. ඒ අවස්ථාවේ සාප් එය නොකියා කිසි ප්‍රශ්නයක් නැති බව ඇයට පවසනවා..මේ වනවිට සාප් බහර් සමඟින් ඔවුන් නැවතී සිටිනට යන නිවස වෙත පැමිණියා. ටික වේලාවකට පසු සාප් ගෙදර ෆ්‍රිජ් එක ඇර බලා මොනවද කන්නට තිබෙන්නේ කියා බලන විට එහි කිසිදු දෙයක් තිබුනේ නැහැ. එහෙයින් සාප් මුනිර්ට යළිත් දුරකතන ඇමතුමක් ලබා දී එහි අඩුපාඩු තිබෙන බව කියා කේනතියෙන් ඔහුට බැන වදිනවා..ඉතිං එ අතරතුර සාප්ගේ ෆොන් එක බැට්රි නැතුව ඔෆ් වෙනවා.. ඉතිං මේ අතරතුර සාප් එළියේ ඇති සීතල නිසා ගිනිමැලයක් ගේ ඇතුලේ සදා බහාර්ට සහ දරුවන්ට නිදගන්නට සකස් කරනවා. ඒ අතරේ දොරුක් සාප් ළඟට පැමිණි ඔහුට සාප් සමඟින් නිදා ගැනීමට අවශ්‍ය බව පවසනවා.. ඒත් එක්කම මිසනුත් ඇයටත් තාත්තා සමඟින් නිදා ගැනීමට අවශ්‍ය බව කියනවා. ඒ වන විට බහාර්ටත් සාප්ටත් කර කියා ගන්නට දෙයක් නැති වෙනවා.. නමුත් බහාර් මැදැහත් වී හතරදෙනාටම එකට නිදා ගැනීමට නෙහෙැකි බව පවසනවා. එයට හේතුව විදියට ඇය පවසන්නෙ මිසන්ට උණ නිසා අනිත් අයටත් බෝවෙයි කියායි. එ නිසා එසේ එකට නිදා ගැනීමට නොහැකි බව ඇය පවසනවා..ඉතිං මේ වෙද්දී මිසන්ටයි දොරුක්ටයි නින්ද යනවා.. බහාර් මිසන් ලඟට වෙලා හාන්සි වෙලා සිටිනවා.. එවිට සාප් එ අසලට පැමිණ දොරුක් ළඟින් හාන්සි වෙලා ඔහුත් සමඟ නිදාගන්නවා..ආයෙමත් සැරයක් එතනින් නැගිට බහාර් දෙස බලාගෙන ඇයට මොනවාදෝ කියනවා… බහාර් එ වෙද්දී සාප් කියන දේ ඇස් අරගෙන අහගෙන ඉන්නවා.. ඉතිං සාප් ගැන බහාර්ට මොනවා හිතෙයිද? සාප් ගැන ඇයට හිතේ දුකක් ඇතිවෙයිද?

(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *