★ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම….සාමාන්‍යයෙන් ලංකාවේ මේක ලෝකේ කොහොමද දන්නෙ නෑ ලංකාවෙත් හැම teledrama එකකටම නෙවෙයි….teledrama එකක් ගැන කතා වෙනකොට මිනිස්සු හොයන්නෙ අධ්‍යක්ෂක කවුද,ඒ ඒ නාට්‍යට ඒ ඒ විදිහට වෙන් වෙච්ච අධ්‍යක්ෂකවරයාත් එක්ක තමයි teledrama එකට බනිනවානම් හොඳ කියනවනම් හැම දේම වෙනස් වෙන්නෙ නෑ….හැබැයි මේ trend එක වෙනස් උනා දෙරණේ යන teledrama කිහිපයක් සිඳු,දෙවනි ඉනිම කියනකොට ඔබ දන්නවා කවුද කතා කරන්නෙ කියලා….මට තියෙන ප්‍රශ්ණේ ඇයි මේකේ හොඳ නරක හැමදෙම අධ්‍යක්ෂකට නැතුව රචකයත් එක්ක එකතු වෙන්න කියලා ඉතිං මම හිතුවා දෙවනි ඉනිම ගැන කතා කරනවානම් මුලින්ම ගෙන්නවන්න ඕන අනිවාර්යෙන්ම ගෙන්විය යුත්තේ එහි රචකයාව….ආයුබෝවන්…..සමන් එදිරිමුණි….Brand එකක්…ඒක හදන්න කොච්චර කල් try කලාද….?
”උත්සහ කලේ නෑ….Brand එකක් ද කියලා එහෙම දන්නේත් නෑ….”
★brand එකක් නිසානේ දෙවනි ඉනිම කිව්වාම සමන් එදිරිමුණි මතක් වෙනවා සමන් එදිරිමුණි කිව්වාම දෙවනි ඉනිම මතක් වෙනවා….?
”ඒක මම දන්නෙ නෑ….මතක්වෙනවනම් මතක්වෙන්නෙ දෙවනි ඉනිම නිසා නෙවෙයි සිඳු පටන් ගත්තාම චීවරය විකුණනවායි,බුද්ධාගම විකුණන් කනවා කියලා comments තිබ්බා….මුල්කාලේ මගෙත් තිබ්බා නොදුනුවත් කමට සහ තරුණකමට පැටළුනා මම ගිහින් comments වල…රණ්ඩුවීම හරහා තමයි ඔය අයිතිය හම්බුනේ මම හිතන්නේ…මමලියන කෙනා විදිහට ඒ දේවල් වලට උත්තර දෙනවා ඒ දෙනකොට මාත් එක්ක තමයි මේ සංවාදය හදාගත්තේ එළියේ ඉන්න ප්‍රේක්ෂකයා…එතකොට මම හිතන්නෙ ඒක හරහා තමයි මේ සහ එක දිගට ආපු teledrama කිහිපයේම මිනිසුන්ගෙ ආදරයට ලක් උනා…”
★ඔබ හිතනවද ආදරයට ලක් උනා කියලා….?
”ඔව්…..ආදරෙන් බලපු අය තවමත් බලන අය ඉන්නවා නැත්තේ නෑ….”
★බලපු අය තවමත් ඉන්නවා….ඒ කියන්නෙ දැන් ඒකේ පොඩි පසුබෑමක් වෙලාද….?
”ගිය සතියේ rating එකේ එක දෙක තුන තියෙන්නෙ මම ලියන drama තුන…..”
★මේ rating බලන්නේ කොහොමද….?
”LMRB rating කොහොම බලනවද කියලා හරියටම කියන්න දන්නෙ නෑ……”
★හරියටම දන්නේ නෑ කියන්නේ….සල්ලි දීලා පුළුවන්ද ratingයන්න…..?
”ඔයාට හිතෙන්නේ කොහොමද ගන්න් පුළුවන් ඇත්ද….”
★මේ rating එක හැම නාලිකාවකටම,හැම නාට්‍යටම පොදුයි…..නමුත් හැබැයි මේකේ YOUTUBE කියන කොටස අපිට දකින්න පුළුවන් ඒ කෑල්ල විතරයි ඒකේ දෙවනි ඉනිමට තියෙන views වැඩිම උනොත් ලක්ෂ තුනහමාරක් හතරක්….හැබැයි නාඩගම්කාරයෝ ලක්ෂ 15ක් වගේ views යනවා ඒ කෑල්ල ඇතුලේ අපිට නිකං නිර්ණය කරන්න පුළුවන් ඇයි මේ channel වලට එන්නේ නැත්තේ මේ දේවල්….?
”තාරුණ්‍ය ඉන්න තාක්ෂණය භාවිතා කරන පිරිසක් කියලා අපිට කියන්න පුළුවන්…අළුත් දේවල් හොයන තාක්ෂණය හසුරවන්න පුළුවන්,data වලින් ජීවත් වෙන තාරුණ්‍යක් තියෙනවානේ බුද්ධි මට්ටම ගැන මම දන්නෙ නෑ මගේ පුතා හත වසරේ ඒත එයාට phone එකක ඕනම වැඩක්කරන්න ඉතිං කොහොමද බුද්ධි මට්ටම තීරණය කරන්න….ඒක බුද්ධිය එක්ක සම්බන්ධ නෑ ඇබ්බැහිය සහ ආශාව සහ සමජයේ තියෙන වේගය ඒවත් එක්ක ගණුදෙනු කරන අය එතකොට ඒ පිරිස online ඉන්නවා මේ පිරිසම තමයි දෙවනි ඉනිම බැලුවේ ඉස්සර,ඔය පිරිසම තමයි නාඩගම්කාරයෝ,තනමල් විල කොල්ලෙක්,කූඹියෝ,දෙවනි ඉනිම,සංගීතේ එකම ටිකක්….rating වලට මේක මීට වැඩිය ව්‍යාප්ත වෙනවා rating වලට වයස අවුරුදු 70 කෙනාත් අහු වෙනාව චූටිම කෙනත් අහු වෙනවා ඒවා බලලා average එක තමයි අපිට එවන්නේ…එතකොට එතන තාරුණ්‍යයේ අයත් ඉන්නවා වයසක අයත් ඉන්නවා පොඩි අයත් ඉන්නවා….T V LMRB මනිනවා කියන එකේ තේරුම තමයි සාලයේ එකට වාඩි වෙලා හැමොටම බලන්න පුළුවන් නිර්මාණයක් කියලා…අපි එක පිරිසක් ඉලක්ක කරලා ගත්තොත් එහෙම ආදරයම විතරක් දැම්මොත් එහෙම තරුණ අයම විතරක් බලන්න ගන්නවා ගොඩක් වෙලාවට….එහෙම නැත්තම් crime series එකක් උනොත් ඒවට කැමති අය ඒවට වෙලාවලුත් තියෙනවානේ උදාහරණයක් විදිහට 7.30,8.30 වගේ වෙලාවල් වලදී මේවා දන්නෙ නෑ මට මතකයි ගිනි අවි සහ ගිනි කෙලි ඒක දැම්මේ 9.30 හෝ 10 මට මතක විදිහට….ඒ වෙලාවේ සෑහෙන්න rating එකක් ආවාදෙරණේ ඉතුරු teledrama වලට සාපේක්ෂව….පිරිමින් අතර තමයි මේක ජනප්‍රිය උනේ….youtube එකයි LMRB කියන්නෙ දෙකක්…මම මේක ඕන තැනක කියලා තියෙනවා YOUTUBE VIEWS වලින් නාට්‍යට තියෙන ජනප්‍රියතාවය ගැන දළ අදහසක් ගන්න පුළුවන් හැබැයි YOUTUBE VIEWS ඉලක්ක කරගෙන අපි කවදාවත් නාට්‍ය කරන්නේ නෑ…RATING ඉලක්ක කරගෙන තමයි නිර්මාණ කරන්නේ…මම TV DRAMA ලියන්න ගත්තේ 2015 ඉදලා මම RADIO DRAMA ලියන්නේ 2007 ඉදලා හිරු එකේ අනුත්තරා කියන එකෙන්….දැනුත් ලියනවා FM දෙරණේ අපූර්වා කියලා එකක් ඒකත් ලියන්නෙ මම….ඒ තාක් කාලයක් මම හැමදාම RATING FOLLOW කරනවා….එතකොට ඒ බැලෙන්නෙ මගේ ඒවා විතරක් නෙවෙයිනේ…මගේ ළඟ තියෙන RATING වල කවුද ඉන්නේ ඒවා මොන විදිහටද යන්නෙ ඒවා අධ්‍යනය කරමින් තමයි මම ලියන්නේ…youtube එකේ බලනවා youtube එකේ දෙවනි ඉනිම පසු කරගෙන නාඩගම්කාරයෝ ගිහින් තියෙනවා ඒ කියන්නෙ youtube සමාජ ජාලයේ online ඒ ජනප්‍රියතාව වැඩි වෙලා තියෙනවා….දෙවනි ඉනිම ලක්ෂ 10 පන්නපු episode තියෙනාව ඒත් හැමදාම ලක්ෂ 10 පැන්නුවේ නෑ….දැන් 6ක් 7ක් වගේ තියෙන්නේ rating වලත් පොඩි පසුබෑමක් තියෙනවා ඒකට මම දකින හේතුව තමයි මේ කොරෝනා නිසා නළු නිළියන් කීපදෙනෙක් shooting ගෙන්න ගන්න බැරි උනා,සමහර අය නිරෝධායන උනා,location ප්‍රශ්න ආවා මෙහෙම ප්‍රශ්න මැද්දෙ තමයි මේක කරගෙන යන්නේ ඒ format එක අපිට වෙනස් කරගන්නත් බෑ….රවි නිවසනම් රවි නිවස ඒක අපි වෙනම හදාගන්නවානම් ඒ විදිහටම හදාගන්න ඕන…ප්‍රායෝගික හේතු නිසා තමයි දෙවනි ඉනිමට මෙහෙම උනේ….”
★ඒ කියන්නෙ පුංචි හෝ අඩුපාඩුවක් තියෙනවා…?
”අඩුවීමක් තියෙනවා අනිවාර්යෙන්…”
★මේ රචනා කටයුතු වලට මුලින්ම එන්න යොමු උනේ කොයි කාලයේද…?
ලියන එකට ඉස්කෝලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඒ කාලේ ඉඳලම තරඟ වලට ඉදිරිපත් වුණා…ජනමාධ්‍යයට එනවා කියලා අදහස තිබ්බ කොහොමත් 7 වසර 8 වසර වගේ ඉඳලා….”
★ඔබ අධ්‍යාපනය ලබන්නේ ….?
” උඩ වලව මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ….”
★ගමේ ඉඳන් කොළඹට එන චරිතයක්…?
ඔව් හැබැයි මම ඉපදුනේ කොළඹ….කොළඹ ඉපදිලා මුල් අවුරුදු 18 ම උඩවලවෙ තමයි ගත කළේ …දැන් මේ හෙට ඇවිල්ල අවුරුදු විස්සක්….prince of wales උසස් අධ්‍යාපනය කලේ….”
★මට කියන්න නාඩගම් කාරයෝ ඔබ දකින විදිහට කොයි වගේ ද ….?
“නාඩගම්කාරයෝ ගැන කතාබහක් තියෙනව…මම episode දෙකක් විතර බලලා තියෙනවා…මේ තියෙන වැඩත් එක්ක මම මගෙ ටෙලි නාට්‍ය තුන බලනවා …. ඒ ඇරෙන්න ඒකෙ අභ්‍යන්තරයේ කතා කරන දේවල් මොනවද කියලා මම දන්නේ නැහැ….සරාගේ චරිතය මනමාල ඔන්න ඔහොම නම් ටිකක් නිතර පේනවනේ…තව කොච්චර රචකයො ඉන්නවද ලංකාවේ මාව දාලා මිම්ස් හදනවා කියන්නේ මම කොච්චර ජනප්‍රියද ….”
★එතකොට ඔබ වැඩ කරන්නේ කරන්නේ ජනප්‍රිය වෙන්නද….?
“නැත්තං ජනප්‍රිය වෙන්නේ නෑ අපි හැමදේම කරන්නේ …..ඉස්කෝලෙක කතික තරගයකින් ඒ ළමයා කතාවක් පවත්වන්නේ මොකක් බලාපොරොත්තුවෙන් ද අතපය මහත් කර ගන්නද නැහැ පාසලේ ජනප්‍රිය වෙන්න ….මම ඉස්කෝලේ යන කාලේ මේක බලන ඕන කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් 8 වසරේ ඉඳලා ජනප්‍රියම ළමයා මම….මම හැමදේම කළේ ජනප්‍රිය වෙන්න…..ජනප්‍රිය වීමයි ඒ හරහා ආදායම සකස් කර ගැනීමයි ….”
★එහිදී ඇතුලේ ඇතුලේ සමාජයට මේක ගැලපෙයිද සමාජයේ ස මිනිසුන්ට අල්ල ගන්න පුළුවන් වෙයිද ඒ දේවල් බලන්නේ නැද්ද ..?
” එහෙනම් මිනිස්සු අතඅරිනවා නේද මිනිස්සු ඒත් අල්ලගත්තා නේ….දැන් ඉස්කෝලේ කියලා drama එකක් යනවා බලන්න එකේ මොනාද අවුල් කෑලි තියෙන්නේ කියලා මොකුත්ම අවුල් කෑලි නැහැ…..දෙවෙනි ඉනිම සහ සංගීතයේ තියෙන්නෙ ආදරය සහ පවුලේ බැඳීම මොනවද එකේ තියෙන අවුල් අම්මා පුතෙක්ට ආදරේ කිරීම වරදක්ද මොකක්ද එකේ තියෙන අවුල …..සමාජය ඒක අපෝ එපා කියනවද තාත්තලා දුවලා දුවලගෙ සම්බන්ධකම් අම්මලා පුතාලා ගේ සම්බන්ධකම් පවුලේ තියෙන බැඳීම් කැපකිරීම් ආදරය ජීවිතය කඩා වැටීම් ඒවා වලින් කොහොමද ආයි නැගිටින්නේ මොනාද අවුල් දේවල් තියෙන්නෙ….”
★කතා තුනක් එක පාර ලියද්දි ඔය තුන මාරු වෙන්නෙ නැද්ද…?
“ඔයා මිනිස්සු කීයක් විතර දන්නව ද ඔයාට අද තමයි මාව හම්බුනේ තව අවුරුදු පහකින් විතර මාව දැක්කොත් ඔයාට මාව මතක් වෙනවා අනන්‍ය ලක්ෂණ දෙකක් දැක්ක ගමන් ඔයාට මතක් වෙනවා මේ අහවල් එක්කෙනා කියලා ….ඔය වගේ මිනිස්සු කී දෙනෙක් ඇත්ද අපේ ඔළුවේ….අනුහස් කවුද උදේනි කවුද කියලා ඒ චරිතයත් එක්ක අපේ ඔළුවේ තියෙනවා ඒක මා විසින් මවපු චරිතයක් වුණාට ඒක පණ තියෙන චරිතයක් සේ තමයි ඔළුවේ තියෙන්නේ එතකොට අමතක වෙන්නේ නැහැ ….සමහර වෙලාවට අලුත් drama එකක් පටන් ගත්තහම දැන් තමයි ඉස්කෝලේ නම් ටික මට මතක හිටින්නෙ නම්වලින් නෙමෙයි මතක මම AD ට කතා කරලා අහනවා මල්ලි අර යහපත් දේ අම්මට මොකක්ද අපි දාපු නම එතකොට එයා මට මතක් කරලා දෙනවා…හැබැයි episode 100 පන්නන කොට මට ඒක මතකයි …..”
★ඉස්කෝලේ teledrama එක ගත්තොත් episode සීයට වඩා යනවා……?
“ඔය හැම එකක්ම 100ට වඩා යනවා….සීයට වඩා යනවා rating ආවොත් නැත්නම් නවත්වනවා ඒ නවත්තන්නෙ මම නෙමෙයි චැනල් එකෙන්…”
★ඒ කතාව ඔබ කොච්චර ආදරෙන් ලිව්වත් rating නැත්තම් channelඑකෙන් අයින් කලොත් ඔබට ප්‍රශ්නයක් නැද්ද ….?
“හිතේ කනස්සල්ලක් ආව කියමුකෝ ….අඬන්නද එහෙම කරන්න එපා කියලා…වෙන වැඩක් හොයන්න ඕන….rating සල්ලි දීලා ගන්නවද කියල ඇහුව නේ ඔබ rating සල්ලි දීලා ගන්න කවුද දන්නව නම්…channel එකෙන් නේ ගන්නවා නම් ගන්න ඕනේ දිනෙත් ජයවීර ඇයි teledrama හයක් විතර තියෙන channel එකේ මගේ drama තුනටම සල්ලි දීලා rating අරන් දීලා අනිත් අයට නො ගෙන ඉන්නේ ….එහෙම අරන් දුන්නොත් මම එතනින් අයින් වෙලා ගියොත් එහෙම….”
★මම හිතන්නේ ඔබට එතනින් යන්න බෑ ඔබට අවුරුදු පහක agreement එකක් තියෙනවා දෙරණත් එක්ක..?
“ඔව් 2023 ඒක ඉවරයි ….දෙරණත් එක්ක අවුරුදු පහක් නෙවෙයි මගේ වැඩ වලට rating තියෙනවා නං ඉල්ලන වෙළෙඳපොළ වටිනාකම තියෙනවා නං මගේ නිර්මාණ වලට ඒ ගොල්ලෝ මට වැඩ දෙනවා මටත් කොහෙවත් යන්න අවශ්‍යතාවයක් නැහැ ආයිත් ගිහිල්ලා වෙන චැනල් එකක ඒත් චැනල් එකක්නෙ….තව දෙයක් දෙරණත් එක්ක වැඩ කරන කොට පුදුම පහසුවක් තියෙනවා අනිත් channel වලට වඩා කවුරු කොහොම කිව්වත් teledrama කරන අය දන්නවා…සමහර නාලිකා කෝටි ගණනින් ණයයි producer ට සමහර ජනප්‍රියම නාලිකාවක producer කෙනෙක්ට කෝටි හයක් හරි අටක් හරි ඒ මනුස්සය මැරුණා wife ඒක කරගෙන යනවා ඒත් wife ට ණයයි channel එක…ඒ සල්ලි දෙන්නේ කියල දැන දැනම producer ආයිත් ඒ වැඩේම කරනවා…නමුත් දෙරණේ ගිය සතියේ එක මේ සතියේ දීලා තියෙනවා…කිසිම ප්‍රශ්න නැහැ….මම මගේ invoice එක දාන්නේ මේ මාසේ ඉවර වෙන්න කලින් …”
★මෙතනින් පස්සෙ ඔබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ….රටට ඔබේ ජීවිතයට…?
”මම දිගටම ලියයි…”
★ආසාවක් නැද්ද රචනයත් නිර්මාණත් දෙකම එක කරන්න…?
”මට ඒකට මහන්සි…දැන් මම මේකට පුරුදු වෙලා මම ඉදලා හිටලා location එකට යනවා ඒ ගිහින් බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් ඒ අවුව ඒ එළි මහන දූවිලි එක්ක ඒක ටිකක් මහන්සි මට….ඒක මට පුරුදු නැහැනේ…මට පුරුදු පුටුවේ වාඩිවෙලා ලියන එකනේ …අරක් ශාරීරිකවත් වෙහෙසක් ගන්න ඕන වැඩක් සහ අධ්‍යක්ෂණයේ තිබ්බ mechanism එක මම දන්නෙ නෑ…විනාඩි 12ක් පහළවක් ඇතුලත මම එක sean එකක් ලියනවා…ඒක shoot කරන්න ඒ අයට පැය එක හමාරක් විතර යනවා එතනින් හිතාගන්න පුළුවන් නේද පරිශ්‍රමය..episode එකකට seance 06යි ඒ 6 ලියන්න මට පහළොවේ ඒවා 6ක් …නමුත් මේ seance 6 ගන්න ඒගොල්ලන්ට යනවා පැය එකහමාරේ ඒවා 6ක්…එතකොට පැහැදිලිනේ ලියන එක පහසුයි කියලා….අඩුම ඒ අය පැය 10ක් 12ක් වැඩ කරන්න ඕන….ජීවිතේ වාසනාව කියන එක මම විශ්වාස කරනවා උත්සහයයි කැපවීමයි මේ සේරම එක්ක වාසනාවත් තියෙන්න ඕන…මට ඒ වාසනා ගුණය තිබ්බා කියලා මම විශ්වාස කරනවා….”
★සාමාන්‍යයෙන් ඔබ ලියන්නේ කොයි වෙලාවටද….?
”දාගත්ත වෙලාවල් නෑ….සමහරක් වෙලාවට හෙට තියෙන එක අද ලියනවා සමහරක් වෙලාවට හෙට telecast වෙන ඒවා අද shoot කරන්න වෙනවා…ඒක මමවිතරක් නෙවෙයි ඕන කෙනෙක් කරනවා…ඒක අරුමයක් නෙවෙයි….පොඩි ටෙලිනාට්‍ය තියෙනවානේ 100ට අඩු හරි කොටස් 45 හරි තියෙනවනේ අපි ගමු කොටස් 60ක් ටෙලිනාට්‍යක් channel එකට ගිහින් දෙනවා මේ බොරු නෙවෙයි….කොටස් 60ම ඉවර වෙලා නෙවෙයි මේ කතාව channel එකට දෙන්නෙ උපරිම විස්සයි නැත්තම් දහයයි දෙන්නේ පස්සේ හරි අපි මේක ගන්නවා කියලා කිව්ව ගමන් වැඩ පටන් ගන්නවා…”
★ඔබ හිතන විදිහට දෙරණ කවදා දෙවනි ඉනිම නවත්වයිද….?
”rating නැති වෙනකල් නවත්තන එකක් නෑ….සමාන්‍යයෙන් ටෙලිනාට්‍යක් විකුණන්න rating හතරක් පහක් තිබ්බානම් විකුණන්න පුළුවන්…සමහක් ඒවා rating තුනක් තිබ්බත් top 30 වලත් තියෙනවා…ජනප්‍රියතාවය අනුව පෙළගස්වනවා program 30ක්…ඒක සෑම නාලිකාවකම සෑම program එකක් ටෙලිනාට්‍ය විතරක් නෙවෙයි artist ලා එන ඒවා,News පවා අන්න ඒ top 30 වලින් යටට බැස්සොත් පොඩ්ඩක් අමාරුයි විකුණගන්නා…top 30 වලින් පහළට ගියොත් තමයි ප්‍රශ්ණය වෙන්නේ…පන්තියේ ගණන් පේපරේට ළමයෙක්ට ලකුණු 35ක් ගන්න බැරිනම් එයා පංතියේ පළවෙනියා වෙන්න try කරලා වැඩක් නෑනේ..ඒ වගේ තමයි මේ 30 ඇතුලේ ඉන්න බැරිනම් වැඩක් නෑ…මගේ පසුබහින කාලයේ කියලා මම හිතන්නේ අර කිව්වා 30න් දහයෙන් පහලා වගේ වැටුනොත් තමයි….තව දෙයක් තියෙනවා එක එක කාලෙට එක එක teledrama එනවා දෙවනි ඉනිම එක්කතර්ක කරනවා කියන එක ප්‍රෙක්ෂකයෝ හදපු දෙයක්නේ….පාලිත තත්වයන් යටතේ නේ තරඟයක් තියන්න ඕන කොටස් දාහක් විතර ගිය drama එකක් එක්ක කොටස් 40ක් විතුර ගිය drama එකක් compare කිරීම මොඩ වැඩක්…අපි ගමු සංගීතය tele drama එක ඒකේදි තව පනිසීය වෙනි episode එකේ rating කීයද ඒ වගේම වෙනත් channel එකක් වෙනත් කතාවක පන්සීය වෙනි episode එකේ rating කීයද…අන්න එහෙම තමයි compare කරන්න ඕන….මම හැමදාම කියන එකක් සහ විශ්වාස කාරන එකක් තමයි එක වෙන්න යන ගමන තියෙනවා නේද ඒ එක වෙන්න යන ගමන ඒගමන හරිම ලේසී….පහලට බහින අය ගැන වැඩිය කවුරුත් කතා කරන්නේ නෑනේ පඩියෙන් පඩිය නැගලා උඩම level එකට යනවානේ එතනට ගිහින් ඉන්නවා කියන එකනේ ප්‍රශ්නේ…ඔයා හිතන්න කන්දේ තුඩද target වෙන්නෙ කන්දේ මැදද…උඩ top එකනෙ target වෙන්නේ…යට මිනිස්සු දාහක් ඉදගෙන උඩට ගල් ගහන්න පුළුවන් target කරලා උඩ ඉන්න එකා පහළ කාට ගහන්නද….යට ඉන්න උන් ගහන ගල් එකතු කරගෙන ගෙයක් හදාගන්න තමයි තියෙන්නේ….එතන තනි කකුලෙන් ඉන්නවා කියන එක තමයි අමාරු….අපි කණ්ඩායමක් විදිහට දෙවනි ඉනිම කොටස් දාහක් වෙනකල් එකේම තියන් හිටියා නොසෙල් වී එකේම තියන් හිටියා…දෙවනි ඉනිම පටන්ගත්ත දවසේ ඉදලා ඊයේ ආපු rating එක දක්වා දෙවනි ඉනිම පහු කලානම් පහු කලේ ගිය සතියේ සංගීතය විසින් විතරයි…..එතනට යන්න පුළුවන් නමුත් එතන ඉන්න එක අමාරුයි යන්න පුළුවන් ගිහින් touch කරලා එන්න පුළුවන්….එතන ඉන්න ඕන….”‘
★එතනත් ඔබේ අතත් එක්කනේ හැමදේම තීරණය වෙන්නේ සංගීතය උඩට යන්නත් දෙවනි ඉනිම පහලට එන්නත්…?
”එහෙම නෑ…ඇයි දෙවනි ඉනිමෙන් සංගීතය පොඩ්ඩක් උඩට ගියේ…එහෙම උනේ මම කිව්ව වගේ අපිට කණ්ඩායමේ සම්පත් අහිමි උනා ටික වෙලාවකට මේ කොරෝනා ප්‍රශ්ණයත් එක්ක අපිට කීප වතාවක් නවත්වන්න උනා ඒ වගේ ප්‍රශ්ණ තිබ්බා ඉතිං දැන් නැවත ඒ පිරිස වැඩ කරන්න අපිට හම්බුණාම අපි නැවත එතනටම මේක ඇරන් යන්න උත්සහ කරනවා…”
★ඒත් ඔබට පරාද කරනවානම් පරාද කරන්න වෙන්නේ ඔබේම නාට්‍යක් තමයි….ඒ සංගීතය තමයි…?
”එහෙම කියන්න බෑ ඉතිං නාඩගම්කාරයෝ උඩට අවොත් තරඟයක් තියෙනවා…සමහරු කියනවා මට තරඟේ මමමයි එහෙම නෑ මේ field එකේ තරඟයක් තියෙනවා…ඒ තරඟය දැනෙන නිසානේ ඔබ උනත් මේ ප්‍රශ්න අහන්නේ….අනිත් එක tv,youtube, කියන එක ගත්තාම ඒක දෙකක්නේ ඔයාට දෙවනි ඉනිම දැන් ගිහින් බලන්න පුළුවන්නේ ඕනම වෙලාවක නමුත් tv එකේ බෑනේ…ඒ මොහොතේ telecast එක බලන්න වාඩි වෙනවා කියන එක අතිශයින් වැදගත් ඒ වලාවට තමයි add ටික සේරම යන්නේ…තරඟය තියෙන්නේ මම කියන්නේ t v එකේ…මම Tv නේ ලිව්වේ මට ඕන තරම් ආරාධනා ඇවිත් තියෙනවා youtube drama එකක් ලියමුද කියලා මම කියන්නේ මගෙ මිල youtube tv වලට අඩු වැඩි වෙන්නේ නෑ…ඒවා ලියන විනාඩියට හදන ගාන බලලා තමයි මම කියන්නේ… හැබැයි Tv එකට ගෙවන ගාන ගෙවාගෙන youtube කරන්න….tv එකෙන් youtube හැදෙනවා youtube එකෙන් tv එක හැදෙනවා මෙහෙම තමයි වෙන්නේ…youtube views වැඩිම වෙන තරමට tv rating අඩු වෙනවා මොකද මිනිස්සු Tv බලන්නේ නෑනේ..ඒනිසා සමහර CHANNEL මට මතකයි දැන්නම් ඒක කරන්නේ නැද්ද කොහෙද tV එකේ යන TELEDRAMA එක දැම්මේ නෑ කාලයක් අන්න ඒකත් මෝඩ වැඩක්….”
★යම් විදිහකට මෙහෙම වෙන්නේ නැති වෙයි අනුහස් අවන්ත ලිහිණි මේ තුනත් එක්කනේ කතාව ලිය වුනේ මේ හතර දෙනාම නැති උනොත් ඔබට බැරිද ලියන්න….?
”ලියන්න බෑනේ….එක්කෙනෙක් අයින් උනොත් ඒ වැඩේ ගොඩ දාගන්න වෙලාවක් ඕන ඊට පස්සෙ අපි ඒ අළුත් PLAN එකක් ගාහල අරගෙන යනවා අපිට තේරුනෝත් ඒකත් FAIL කියලා අපිට ඒක ඉස්සරහට ගෙනියන්න බෑ….උදාහරණයක් විදිහට අනුහසුයි අවන්තයි දෙන්නම නැති උනොත් ඔව් මේක කරන්න බෑ….”
★හැබැයි ශනුද්‍රි නැති වෙන වෙලාවේ වැඩේ ගොඩ දාගෙන ගියා…?
” ඔව් ශනුද්‍ර නැති වෙන වෙලාවේ අනිත් අය සේරම හිටියනේ….ශනුද්‍රි අයින් වෙනවා කියලා කියනකොට අපි සැලසුමක් හැදුවා…එකටත් ඇය උදව් කලා…..”
★ ඒ කියන්නේ මේ ඕනම නාට්‍යක් රඳා පවතින්නෙ නළුවා මතද…?
”අනිවාර්යෙන්…නළුවා නිළිය,director,writer,CHANNEL එක මේ හැමදේම…CHANNE එකත් බලපානවනේ…දැන් දෙරණේ දැන් මොන teledrama එක දැම්මත් rating තුනක් හතරක් එනවා මොකද ලංකාවේ අංක එකේ නාලිකාව නිසා….දෙවනියට හරි තුන්වෙනියට හරි තියෙන ඒ නාලිකා වලත් එහෙම තමයි…එතකොට rating නැති අට වෙනියට වගේ තියෙන නාලිකාවක යටම තියෙන නාලිකාවක දෙවනි ඉනිම දැම්මොත් දශමයක් වත් ගන්නබෑ….ඇයි මිනිස්සු බලන්නේ නෑ එච්චර නාලිකා…tv එකෙන් drama පෝෂණ වෙනවා drama වලින් tv එක පෝෂණය වෙනවා….දෙවනි ඉනිම බලන්න ප්‍රෙක්ෂකයො වැඩි වෙනවා දෙවනි ඉනිම නිසා වැඩි වෙච්ච Tv rating එක දෙවනි නාට්‍ය ලෙස සංගීතය දානකොට එකෙන් මේක ගන්නවා එහෙම එකක් තියෙන්නේ..rating වැඩිනම් ජනප්‍රියයිනම් නාලිකාව ඒකේ පොල් පිත්තක් දැම්මත් එනවා Rating හතක් අටක්….”
★ඔබේ මේ රචනා කටයුතු තවත් කෙනෙක්ට කියාදෙන්න අදහසක් නැද්ද උගන්වන්න අදහසක් නැද්ද…?
”‍මෙහෙම දෙයක් තියෙනවා මුලික ටිකක් උගන්වන්න පුළුවන් ඒවා මම ඉගෙන ගත්ත ඒවා නෙවෙයි ඇත්තටම ලක්සිරි සර් අපේ team එක කතා කරනකොට අපි අපිම ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ ඊට පස්සේ ටෙලි නාට්‍ය බලනකොට ඒ කෑලි අහු වෙලා….ලියනවා කියන දේ උගන්වන්න බෑ..ඉගෙන ගන්න දේවල් තියෙනව නැත්තෙ නෑ හැබැයි ඒකට මූලික අමුද්‍රව්‍ය ඇඟෙන් එන්න එපැයි ඒ කෙන් අපිට හදාගන්න පුළුවන්….ලියනවා කියන එක joly වැඩක් නෙවෙයිනේ stage එකක නටලා සිංදුවක් කියනකොට අත්පොඩි ගහනවා පේනවා හෙන ආතල්නේ මේක කාබරේට වෙලා ඔහේ ලියනවා දවසට පැය අටක් දහක් ලියනවා ඒ ඔහේ ලියන එක අවුරුදු අටක් නවයක් කරන්නත් ආසාවක් කැමැත්තක් නැත්තම් කරන්න බෑනේ…මම ඒකේ ආතල් එක තියාගෙනඉන්නේ මට හැමදාම අළුත් සිද්ධි මැවෙනවා අළුත් චරිත අහු වෙනවා උන් එක්ක මම හිතින් කතාබහ කරනවා ඒ ආතල් එක ඊට පස්සේ ඒක tv එකේ යනකොට ඒකට සාරංග හරි දිලූක හරි ඒකට වෙනම treat එකක් දීලා….ඒක බලනකොට ඒක හෙනම ආතල්…සමහර ඒවා මතක නෑ මම ලිව්වද කියලා ඒ කියන්නේ මාසෙකට විතර කලින් ලිව්ව එකක් අද යනකොට මයිකා එහෙම කියන විහිළු කතා වලට මටත් හෙන ආතල් මටම හිතෙනවා යකෝ මමම ලිව්ව එකක්ද කියලා…..”
★අපි දැකලා තියෙනවා දෙවනි ඉනිම පැත්තකින් තියා ගෙන ඒකට මඩක් ගහන ගමන් තව දේවල් promot කරන්න සමහරක් විට මිනිස්සු කියන්නත් පුළුවන්…අපිට කියන්න බැහැ නේ දෙවෙනි ඉනිම තමයි තියෙන හොඳම නාට්‍ය කියලා එක එක්කෙනාගෙ දෘෂ්ටිකෝණයන් වෙනස් වෙන්න පුළුවන්….ඔබ ඒක දකින්නේ කොහොම ද…?
“එක්කෙනයි promotion campaign වල හැඩයන්නේ ඉතිං අපි නං කරල නැහැ….අර නාට්‍ය පෙන්නලා මේකට එහෙම කියලා ඕකේ සමහරු මේක හිතලම කරනවා…දැන් එය කරන ගති වැඩියි …ප්‍රේක්ෂකයා තමයි ඒක කරන්නේ ….ඔයා දැකල තියෙනව ද කොල්ලෝ ඉන්නවා රංචු රංචු බෝක්කු උඩ පාලම් උඩ හන්දිවල හවසට බීඩි බිබී සිගරට් බිබී දැන් ඉන්නවද එහෙම පොඩි කාලේ දැක්කා නේද වැඩ ඇරිල කෙල්ලෙක් යනකොට විසිල් පාරක් ගහලා එහෙම සෙට් එකක් හිටිය නේ දැන් ඒ ඔක්කොම face book එකේ තමයි ඉන්නේ පාරවල් වල නෑ face book එකේ අවලාද කියනවා විසිල් ගහන එක මැසේජ් එකකින් යන්නේ හායි කොහොමද ලස්සනයි ඔයා ඉස්සර මූනට කියන දේ දැන් හොරෙන් ගිහිල්ලා කියනවා….එතකොට ඒ සෙට් එකත් ඕකේ ඉන්නවා…ඒ වගේම අර ටවුන් එකෙන් ඩොක්ටර්ස්ලා යනවා ඉංජිනේරුවෝ යනවා ටීචර්ස්ලා යනවා ඔවුනුත් ඉන්නවා දැන් මේකේ මේක ඒ සමාජ ජාලාව ම තමයි…සියලු දෙනා ඉන්නවා මේකෙ පොඩි පොඩි වෙන එකක් වෙලා තියෙනවා ඉස්සර පොලිස් ජීප් එකේ යනකොට අඩෝ කියලා කුණුහරුපෙන් බනින්නෙ නැහැ නේ ඒත් දැන් පොලිස්පතිටත් ගිහිල්ලා අඩෝ කියලා එනවා…පාර්ලිමේන්තුවෙදී මැති ඇමැතිවරු සාකච්ඡාවලදි බැන ගන්නවා දේශපාලනය නේ ඒ හින්දා මේ කියන්නේ social media වලට විනයක් නෑ….විනයත් සහ ප්‍රතිපත්ති ඒ මුකුත් නෑ ඒගොල්ලො හැමෝටම බනිනෝ හැමදේකටම බනිනවා…හොඳයි කියන්නේ ඕක තව මරු දෙයක් වෙනවා මැරයෙක් ඉන්නවා සිප්පියා කියලා මුලින් මාලු බිස්නස් කරලා ටික ටික දියුණු වෙලා ඒ අස්සෙ ගංජා විකුණලා කුඩු විකුණලා සල්ලි ටිකක් හොයාගෙන ඇමති කෙනෙක් ගාවට ඇවිල්ල ඉවර වෙලා ඡන්ද කාලෙට ඒ වැඩ ටික කරන්න පොඩි පාතාල සීන් එකක් දාලා දැන් ඇමතිගෙන් හොඳ යාළුවෙක් වුණා දැන් මෙයා තමයි ඇමතිගේ නිල නොලත් චන්ඩියා….දැන් ඉතින් ජෙට් නැව් එහෙම තියන හෙන පාතාලේ පොරක් වෙලා අපි හිතමු මූ වෙඩි කාලා මැරෙනවා කොහේ හරි මැරුණට පස්සේ social media වල මුලින්ම යන්නේ හොඳ වැඩේ ඕක මෙහෙම කරා මෙහෙම කරා ඕකට හෙන ගහන්න ඕනේ කිය කිය මේකට අපි බනිනවා….දවස් හතරක් පහක් යනකොට ඊට පස්සේ කියන්න ගන්නවා මොනවා උනත් වුනත් මූ හොඳ එකා මුගෙ මෙහෙම ගතිගුණ තිබ්බා මට මතකයි දන්සලක් දෙන්න හාල් කොට්ට 50ක් දුන්නා ඒ වගේ හොඳ ගතිගුණ පස්සේ එන්න ගන්නවා …..දහ වෙනි දවස වගේ එනකොට කවි එනවා ආදර සොයුරාන වගේ කවි එනවා….ඊට පස්සේ වූ වීරයෙක් වෙලා නවතිනවා … ඒ වගේ මාර තර්ක දානවා ඒ වගේ තර්ක දාන අය කරන්නේ ඒ වගේ දේවල් විතරයි ….සමහරක් වෙලාවට රවීන් කණිෂ්ක ට කෙශාන් සචින්ද්‍රට ලවන් අභිශේක් ට මල් නළුවෝ එහෙම කියලා මං ඊට පස්සේ ඒ comment වලට ගිහින් බලනවා මිනිසුන්ට කැප් ඇයි ලස්සනයි කියලා කියන්න හොඳ නැහැ නමුත් එහෙම පේනවානේ ලස්සන එවුන් එවුන්නේ එවුන් නේ ජනප්‍රිය නළුවා බවට පත් වෙන්නේ අර වට ගිහින් බැලුවහම කළුයි කෙට්ටුයි උන්ගේ ලස්සන කැතක් පේන්නෙත් නැහැ අවුරුදු 18යි 19යි…මේක මොකක් හරි පොඩි ඉරිසියාවකුත් තියෙනවා…හැමෝම එහෙම නෑ සමහරු විතරක්…ගොඩක් අය මට මැසේජ් දාලා තියෙනවා ඔක්කොම බලන්න මට වෙලාවක් නැහැ…රසිකයො හිතනවා මම ඒවා දැකලා නොබලා ඉන්නවා කියලා එහෙම වුණාට පස්සේ අවුරුදු දෙක තුනක් යනකොට බනින්න ගන්නවා… ”
★ මේ මේ දේවල් මොන විදිහට තිබ්බත් සමන් එදිරිමුනි තමන්ගේ වැඩ කටයුතු ඒ විදියටම කරගෙන යනවා…?
“අපොයි ඔව්…ඉතාම සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් මට ලැබිලා තියෙනවා…යාලුවෝ ටිකක් හම්බ වෙලා තියෙනවා ඒ මිනිස්සුත් එක්ක ආදරයෙන් වැඩකටයුතු ටික කරගෙන යනවා…social media වල බයිනවා නේ ඒ බනින්න තරම් නරක නැහැ…”
★දෙවෙනි ඉනිම නවත්තන කොටස මොකක්ද…දෙවෙනි ඉනිම නවත්තන විදිය ඔබ තීරණය කරල ද තියෙන්නේ …?
ඔව් ….ඒක අපි ඊයෙත් නැවත කතා කළා දෙවෙනි ඉනිමේ අන්තිම සීන් එකත් අපි කතා කරලා තියෙන්නේ…”

(සාකච්ඡාව -කෝනාර ව්ලොග්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *