මේ දින වල නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුල සිදුවන විස්තර කෙසේදැයි අපි විමසා බලමු.කැලෑ පත්තරය සුරංග විසින් ගැසූබව දැනගත් සරා ඔහුව ගසක බැඳ තිබෙනු දුටු මාස්ටර් ඔහුව ලෙහා යවන ලදී.ඔහු තම දියණියන්ට පවසා සිටියේ සිදු වූ දෙය නොදන්නා නිසා එසේ කළ බවයි.පසුව සරා කවඩියා සහ සුද්දා සුරංගව නැවතත් මාස්ටර් වෙත ගෙනවිත් ඔහු මෙය කල බව ඔප්පු කලේය.පසුව මාස්ටර් සුරංග වෙත වැරෙන් පහරක් ගැසීය.මේ සිදුවීම් වී අවසන සරා කවඩියා සහ සුද්දා එන මග අතරතුර කුකුළා මුදලාලි සහ කැකුළා මොවුන්ට හමුවිය.ඒ අතර මැද වන බහින් බස් වීමකදී කැකුළා සරා වෙත පිස්තෝලය දිග් කරයි…පිස්තෝලය නැතුව හුස්මක්වත් ගන්න එපා යැයි සරා කැකුළාට පවසයි.මේ අතර මාස්ටර් සර් කලායතනයේ දරුවන්ගේ නාට්‍ය සඳහා ඇඳුම් පරීක්ෂා කරමින් සිටී.අනෙක් පසකින් මාලන් ඔහුගේ නාට්‍යයේ පටිගත කිරීම් කුකුළා මුදලාලි සහ නිවසේ අයට පෙන්වමින් සිටි.සුරංග මාස්ටර් ගේ නිවසට පැමිණ සමාව ගැනීමට පාඨලී වෙත යයි එහිදි පාඨලි ඔහුට ඉදලෙන් ගසා නිවසින් පන්නගනී.සරාලගේ වාඩිය පැමිණෙන පන්සලේ හාමුදුරුවන් පැමිණ නැවත නාට්‍යට එනන කියා කියාසිටි.මේ අවස්ථවේ පාඨලි අංජලී සහ ගීතිකා පාරේ යන විට කැකුළා සහ කළුවා හට හමුවෙයි එහිදි ඔවුන් පාඨලී හට විහිළුකරයි අංජලී ඔවුන් දෙදෙනාටම බැන එතනින් එළවගනී.මේ අතර කැකුළා කඩය අසලට ගොස් ගජමෑන්සහ මාලන් අතර රණ්ඩුවක් ඇතිකර ගනී ඉන්පසු ගජමෑන්ගෙ හිනාවට කැකුළා ඔහුට පහර දෙයි ඉන්පසු ගජමෑන් නැවතත් ඔහුට පරහ දෙයි.ඉන්පසු කැකුළා ගජමෑන්හට පහරදෙයි.මාලන් ඔහුව බේරාගනී.ඉන්පසු මෙම විස්තරය මාලන් කුකුළා මුදලාලිට පවසයි.ඉන්පසු මුදලාලි මාලන් හට අයින් වී සිටින බව පවසා කැකුළාගෙ පැත්තගනී.මෙහිදි මාස්ටර් අසලට පැමිණි පන්සලේ හාමුදුරුවන් පවසා සිටින්නේ නැවත සරා නාට්‍යට පැමිණියොත් බාරගන්නා ලෙස ඉල්ලා සිටි.මේ අතරතුර සරා කවඩියා සහ සුද්දා කඩයට පැමිණි විට ගජමෑන් හට කුකුළා ගැසූබව පවසයි.ළඟදිම දවසක ඔහුට පාඩමක් ඉගැන්විය යුතු බව පවසයි.මේ අතර මාලන්ගෙ නාට්‍ය පෙන්වීම සඳහා DIGITAL SCREEN එකක් සොයයි නමුත් ඔහු හට හැමෝම පවසන්නෙ පිරිස ඒවා අරන් ඉවර බවයි.මේ අතර පාඨලී මාස්ටර්ගෙන් විටින් විට අසා සිටින්නෙ සාරා නැවත් නාට්‍යට ගන්නවාද කියාය.මාස්ටර් සහ ළමුන් කිහිප දෙනෙක් නාට්‍ය පෙන්වීම සඳහා ස්ථානයක් සොයා යයි.පසුව එතනට පැමිණෙන ලේඛම් මහතා ඔවුන්ට කතන්දර කියයි.මාලන් හට මෙම නාට්‍ය කටයුතු ඉවරවන තෙක් කුකුළා මුදලාලිගේ නිවසේ සිටින්න උවමනා බව පවසයි.ඉන්පසු මාලන් ඔහුට නාට්‍ය පෙන්වන්න ස්ථානයක් පෙන්වීමට යයි.මාස්ටර් සහ ළමුන් කිහිපදෙනෙක් ඔවුන්ගෙ නාට්‍ය පෙන්වන ස්ථානයට ගොස් සුද්ද පවිත්‍රකරමින් සිටි මෙම ස්ථානයට සරා කවඩියා සහ සුද්දා ඔවුන්ගේ උදව්වට පැමිණ මාස්ටර්ගෙන් සමාවද ගෙන උදව් කිරීමට අවසර ඉල්ලයි ඒ අතර මාස්ටර් ඔහුගේ අතින් වූ දෙයටත් සමාවන ලෙස සරාට පවසයි…

වේදිකාවක් ගැසීමට උවමනා නොමැති බවත් නගරයෙන් යකඩ වේදිකාවක් ගේන බවත් මාස්ටර් පවසා සිටි.මේ අතර ඒ ස්ථානයට මාලන් සහ කුකුළා මුදලාලි පැමිණෙයි ඔවුන් දෙගොල්ලන්ම එකම තැන තොරාගෙන ඇති බව තේරෙයි මෙම ස්ථානය පෙර සිටම නාට්‍ය පෙන්වා ඇති බවත් පවසයි..මේ අතර ඔවුන් බහින් බස්වෙයි මාලන් මැදිහත් වී වෙන තැනක් සොයාගන්නා බව පවසයි ඉන්පසු කුකුළා මුදලාලි ඔහුට බැන වදි.සරා මැදිහත් වී කුකුළා මුදලාලි සමඟ රණ්ඩුවෙන්න යයි.ඉන්පසු මාස්ටර් මැදිහත් වී එය නවත්වයි.මේ අතර පාඨලි අංජලී සහ ගීතිකා වැඩ කරන අයට තේ රැගෙන එන විට නැවතත් කළුවා සහ කැකුළා හමුවෙයි.කළුවා පැමිණ පාඨලිගේ අතින් අල්ලයි ඒ විටම සාරා සහඔහුගේ යාළුවන් එතනට පැමිණෙයි.ඉන්පසු සරා කැකුළා හට මේ ඉන්නේ ඔවුන්ගේ සහෝදරියෝ බවත් ඔවුන්ට කරදර නොකරන බවත් කියා සිටි.ඉන්පසු කැකුළා කළුවාට කියා සිටින්නෙ පාඨලීව බයිසිකලය දාගන්න ලෙසයි.ඉන්පසු ක්‍රියාත්මක වන සරා කළුවාට පහර දෙයි.කැකුළා පැමිණ සරාවෙත පිස්තෝලය දිග්කරයි.ඉන්පසු සරා ඔහුට වෙඩි තියන ලෙස කියමින් කෑගසයි.ඉන්පසු පඨලී සරාගේ ඉදිරියට පැන එය වලක්වයි.ඉන්පසු සරා කැකුළාගේ අතර පහරදෙයි විසික්වී යන පිස්තෝලය බිම වැටෙයි එය අහුලාගන්න කවඩියා එය බොරු පිස්තොලයක් බව දැන සරාට පවසයි.ඉන්පසු සරා සහ යහළුවන් ඔවුන්ට පහර දෙයි.ඉන්පසු සරා වෙත පැමිණෙන පාඨලි ඔහුට බැන වදි එසේ කලේ ඇයි පවසා.තුවක්කුවක් ඉදිරියේ එසේ නොසිටන ලෙස පවසයි.මේ අතරතුර කුකුළා මුදලාලි නිවසට පැමිණෙන විට කැකුළා සහ කළුවා පාරේ යනු දුටු ඔහු වාහනය නතරකර කුමක් සිදුවීද අසයි.ඉන්පසු සිදු වූදෙය ඔවුන් පවසයි.

මෙසේ ගලාගෙන යන මේ කතාව ඉදිරියේදි කුමක් සිදු වෙයිද…පාඨලීගේ ආදරය දැන් ටිකෙන් ටික සරා දැනගනීවිද,නැවතත් කැකුළා මේ සිදු වූදෙයින් පාඩමක් ඉගෙන ගනීද,බලාපොරොත්තු වූ අයුරුන් මාස්ටර් හට නාට්‍ය පෙන්වීමට හැකි වෙයිද,නැතිනම් මේ කළදේට පලි ගැනීමට කැකුළා නැවත සරාට කුමක් සිදු කරයිද…මේ සියලු දේ ඉදිරියේදී දැනගැනීමට අපි සියලු දෙනාගෙම හදවත් තුල ඇත්තේ කුතුහලයකි.

(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *