මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකශය වන පාර දිගේ ටෙලිනාට්‍ය ප්‍රවීණ රචකයෙකු වන සද්ධාමංගල සූර්ය බණ්ඩාර මහතාගේ තිර රචනයෙන් ,ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ අධ්‍යක්ෂනයෙන් සහ චාමර සමර වික්‍රම මහතාගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ටෙලිනාට්‍යකි…මෙම කතාව මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වන තරැණ පිරිමි ළමුන් හතර දෙනෙක් සහ එක ගැහුණු ළමයෙකුගේ චරිත අරත දෝලනය වන කතාවකි…කතාව හදුන්වාදෙත්ම පෙන්වන්නෙ මෙම පිරිමි ළමුන්ගෙන තුන්දෙනෙකු පාරේ සිංදු කියමින් අත මිට කීයක් හෝ හොයා ගනී මේ අතර මොවුන් සිංදු කියන තැනට පැමිණෙන අනෙක් පිරිමි ළමයා නොහොත් බණ්ඩා කතාවේ විදිහට පිට් පොකට්කාරයෙකි…ඔහු කරන්නේ යහළුන් තිදෙනා සිංදු කියන තැනට විත් පිට් පොකට් ගැසීමයි මේ අතර මෙහි එන ගැහැණු දරුවා නොහොත් බන්ටි කරන්නේ මෙම ස්ථානයට පැමිණෙන පිරිමින් තමන්ගේ ග්‍රහණයට නතු කරගනිමින් ඔවුන්ව පාළු ස්ථාන වලට කැදවාගෙන ගොස් ඔවුන්ට පහර දී ඔවුන්ගේ මුදල් කාඩා ගැනීමයි…කතාවේ ආකාරයට මැණික් ව්‍යාපාරිකයෙකු වන නානායක්කාර මහතාත් මැයගේ බැල්මට නතු වී ගොස් ඔහුගේ මුදල් පසුම්බිය නැති කරගනී…

මේ අතර තුර මේ කතාවේ එන ප්‍රධානම චරිතයක් වන රෙහාන් අළුවිහාරේ වන මොහු ප්‍රධාන විදායකවරයෙකු ලෙස ආයතනයක සේවය කර ඔහු වෙනත් ආයතනයක් සඳහා සම්මුඛ සාකච්ඡාවකට යයි මෙහිදි මිලියන 6ක මුදලකට මෙම සමාගමේ විදායකවරයෙකු ලෙස මොහුට සේවය කිරීමටනම් මොහු විවාහ වී සිටිය යුතුයි නමුත් මොහු පෙර විවාහ වී තිබුණද දැන් ඔහු දික්කසාද වී සිටි ඒ නිසා මොහුගෙන් විවාහ සහතිකයක් අවශ්‍ය බව මෙම සමාගමේ ප්‍රධානින් පවසයි..මෙම අළුවිහාරේගෙ මිතුරෙකු වන රෙක්සි රූපලාවන්‍යාගාරයක හිමිකාරයෙකි…මොහු මෙම අළුවිහාරේ හට විවාහ වීමට ගැහැණු දරුවෙකු මාසයක් ඇතුලත උවමනා බව මෙම කතාවේ එන බණ්ඩාගේ යාළුවෙක් හට පවසයි මෙම යාළුවා මෙය බණ්ඩා හට පවසයි…පසුව මොවුන්ට කෙනෙකු සොයාගැනීමට නොහැකි වී බන්ටිව ඒ සඳහා යොදාගනිමින් අළුවිහාරේගේ නිවසට යයි..මෙහිදි ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන් ඇඹිලිපිටියේ සිට ආ බවත් බන්ටිගේ නම සරනි බවත් ඇය මේ වැඩේට කැමති උයේ පියාගේ වකුගඩු සැත්කමකට බවත් පවසයි..මෙහිදි අළුවිහාරේ කියා සිටින්නේ ඔවුන්ගේ දෙමව්පියන් හා කැටුව එන ලෙසත් සහ ග්‍රාමසේවක සහතිකයක් රැගෙන එන බවත්ය…
පසුව මැණික් ව්‍යාපාරිකයෙක් වූ නානායක්කාර හට බණ්ඩා කතා කරමින් ඔහු කෙල්ලෙකුගේ පස්සෙන් ගිය වීඩියෝව බිරිඳට දෙන බවා පවසා ඔහුගෙන් සල්ලි ගැනීමට තැත් කරයි…මේ අතර අළුවිහාරේගේ නිවසට ගෙන යන්න සරනිගේ අම්මා තාත්තා වෙනුවට වෙනත් දෙදෙනෙක් ලෑස්තිකරගෙන යන්න සැරසෙයි මේ අතර බණ්ඩා නානායක්කාරගේ ගෝලයින් පැහැරගෙන ගොස් තබා ගනී එදින අළුවිහාරේගේ නිවසේ විවාහය ගිවිසගැනීම සිදු කිරීමට නියමිතිය මෙය හොර රහසින් කරන දෙයකි.මුදලින් රුපියල් ලක්ෂ 10ක් දෙන බව සහ මාසයකට රුපියල් පනස්දාහක මුදලක් දෙන බව ඔවුන්ගේ මතයයි…

මෙහිදි බණ්ඩා පැහැගත් බව දැනගත් ඔහුගේ යළුවන් ඔහු සෙවීමට යයි.නානායක්කාර මේ දේ කර බව ඔවුගේ මතයයි…මෙහිදි බණ්ඩා හට පහර දෙමින් තමුන් ළඟ ඇති වීඩියෝව දෙන පවසයි මෙහිදි ඒ දේ නැති බව ඔහු කීවත් ඔවුන් එය විශ්වාස නොකරයි…මෙහිදි බණ්ඩගේ යාළුවන් වන මොවුන් නානායක්කාර මහතාගේ නිවසට පැමිණ ඔහුවා පැහැරගෙන යයි ගොස් ඔවුන්ගේ යාළුවා එවන ලෙස පවසයි..මේ අතර බන්ටි සහ ඇයගේ බොරු දෙමව්පියන් දෙදෙනා අළුවිහාරේගේ නිවසට යයි..පසුව බණ්ඩා ඔහුව සිරකර තිබූ තැනින් පැණ ගැනීමට සමත් වෙයි ….පසුව ඔහුගේ යාළුවන් නානායක්කා නිදහස් කරයි..මේ අතර තුර නානායක්කාරගේ බිරිඳ මේ බව පොලිසිය දැනුවත් කරයි…නානායක්කාර ගෝලයින් සමඟ නිවසට පැමිණෙන විට පොලිසියෙන් දුටු ඔවුන් එතනින් පිට වන්නේ තමන් පොලිසියට අහු උනොත් සියළු දේ කියන්නට වන නිසාවෙනි…
මෙහිදි බන්ටි සහ බණ්ඩා සියල්ලෝම විවාහ ගිවිස ගැනීම සිදු කර නිවසට යයි..මෙහිදි ඔවුන්ට ලක්ෂ 10ක මුදලක් හමුවිය…නානායක්කාර මේ වෙලාවේ තමන්ගේම බිරිඳගෙන් ලක්ෂ 50ක් ඉල්ලා සිටි තමන්ව සිර කර ඇතිබවත් බොරු කියමින් මොහු තමන්ගේ ගෝලයන් සමඟ සැඟවී සිටි…මේ අතර මොහු මෙම සිද්ධියට බණ්ඩාව අසු කිරීමට ඔහුට අමතා ඔහු ඉල්ලන ගානක් දෙන්නම් පවසා මෙය නවත්වන ලෙස පවසා සිටී..මේ අවස්ථවේ ඔහුගෙ කපටි අදහස දැනගත් බණ්ඩා නානායක්කාරගේ බිරිඳට මෙම තමන්ගේ සැමියා කරන බොරුව පවසා ඔහු සැඟවී සිටින තැන පැවසීය ඒ අනුව ඇය පොලිසිය කැටුව එම ස්ථානයට යයි ඒ යන අතර මඟ නානායක්කාර එහි සිට පලා යයි….අළුවිහාරේ හට ඔහුගේ රැකියාව හිමි වෙයි..මේ අතර එම ආයතනයේ ප්‍රධානින් අළුතින් ගෙනා මනමාලි බැලීම සඳහා රෑ කෑමට එන බව පවසයි….

මෙහිදි අළුවිහාරේ ඒ බව බණ්ඩාට පවසා සරනිවත් එක්කගෙන එන බව පවසයි…බණ්ඩා සහ සරනි අළුවිහාරේගේ නිවසට යයි…පසුව දින බණ්ඩ ඔවුන්ට ලැබී ඇති නැති වී ඇති බව සියලු දෙනාටම දන්වයි….සරනිගේ දෙමව්පියන්ලෙස ගෙන ගිය ඩාලින් අක්කා හා සිකුරා අයියා හට මේ බව පවසා සිටියද ඔවුන් මෙය විශ්වාස නොකරයි…නමත් සල්ලි නැති උනේ නැති බවත් එය තමන් හැංගීබත් බණ්ඩා තම මිතරන්ට පවසයි…ඔහු ඒ මුදල් තම යාළුවන් අතර බෙදා ගනී නමුත් ඩාලින් අක්කා හා සිකුරා අයියා ට මේ බව නොපවසා සල්ලි අමාරුවෙන් සොයා ගත් බව පවසයි නමුත් එවුන් ඔහු සමඟ වාද කර ලක්ෂය මුදලත් මදි බවත් ලක්ෂ තුන් වත් උවමනා බවත් පවසයි….එය ප්‍රතික්ෂේප කරමින් බණ්ඩා එයින් පිට වෙයි…පසුව මෙම ඩාලින් අක්කා හා සිකුරා අයියා අළුවිහාරේගේ නිවසට ගොස් තමන්ට ලැබුණු මුදල බණ්ඩා විසින් තියා ගත් බවත් පවසා පසුව ඔහුගෙන් නැවත ලක්ෂ 6ක් ඉල්ලා සිටි…අළුවිහාරේ මේ අවස්ථාවේ බණ්ඩා සමඟ තමන් කතා කරන්නම් ලෙස පවසයි…තවත් පසෙකින් අළුවිහාරේගේ ආයතනයෙන් party එකක් සංවිධානය වන බව පවසා ඒකට අළුවිහාරේගේ බිරිඳත් එක්කගෙන එන ලෙස ඔවුන් පවසා සිටි නමත් අළුවිහාරේ ඒ ප්‍රතික්ෂේප කළද ඔවුන් ගේ කරදරට අළුවිහාරේ කැමතිවෙයි…. ඩාලින් අක්කා හා සිකුරා අයියා ගියබවදැනගත් බණ්ඩා මොවුන් දෙදෙනා ඇති කල ප්‍රශ්ණය ඉතාමත් සූක්ෂම ආකාරයට විසදයි….නානායක්කාරගේ ප්‍රශ්ණයට බණ්ඩා සහ ඔවුන්ගේ යාළුවන් සොයා පොලිසිය පැමිණෙයි මේ අවස්ථාවේ ඔවුන් දුවන්නට සැරසෙයි…නමුති බන්ටි සහ තවත් ඔවුන්ගේ යාළුවෙක් පොලිසියට හසු වෙයි…
දැන් කතාවේ අළුවිහාරේගේ party එකට යාමට සරනිට කතා කරනවිටත් සරනි පොලිස් කූඩුවේ සිටිද නැතිනම් ඔවුන්ගේ වෙලාවට ඇයව නිදහස් කරයිද…මේ සියළු දෙවල් අතර බන්ටි හා බණ්ඩා කරපු මේ ක්‍රියාව අළුවිහාරේ හට හසු වෙයිද….මේ සියලු දේවල් plan කලා වගේම බණ්ඩා මේ දේත් විසඳයිද….ඩාලින් අක්කා හා සිකුරා අයියා මේ ආකාරයටම දිගටම මොවුන්ට වදයක් වෙමින් ඉඳිද..මේ සියලු දේවල් දැනගනීම සඳහා අපි සියලු දෙනාගේම ඇත්තේ කුතුහලයකි….
(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *