නිර්මාණශීලී දක්ෂ පිටපත් රචකයෙකු වන සද්ධා මංගල සූර්ය බණ්ඩාර මහත්මයා විසින් රචනා කරන්නට යෙදුනු නාඩගම්කාරයෝ අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සම්මානනීය අධ්‍යක්ෂකවරයෙකු වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ සහ චාමර සමරවික්‍රම මහතාගේ නිශ්පාදනයෙන් යුත් මෙම නාටයේ ජ්‍යෙෂ්ඨ ඒ වගේ ම දක්ෂ නවක රංගන ශිල්පීන් ශිල්පිණියන් රැසක් රංගනයෙන් දායක වෙනවා…
ප්‍රේක්ෂක හදවත් සොරා ගැනීමට සමත් වූ මෙම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය පටන්ගත් දින සිටම ප්‍රේක්ෂකයන් හට නැතුවම බැරි ටෙලි කතාවක් වී අවසන්…සරා,කවඩියා,සුද්දා,කිරි පුතා,කුකුළ ළකුණ මුදාලාලි,පාඨලී,ගීතිකා,මාස්ටර්,අංජලී,මාලන්,ගජමෑන්,මුදලාලි ආදී තවත් බොහෝ චරිත මෙම නාට්‍ය හැඩ කරයි….මෙහි සරා,කවඩියා,සුද්දා,කිරි පුතා ගමේ චන්ඩි කමින් කසිප්පු වාඩියක ජීවත් වෙන යාළුවන් හතරදෙනෙකි ගමේ සියලු දෙනාම මොවුනගේ කල්කිරියාවට අකමැති බව දන්නා ගමේ පන්සලේ හාමුදුරුවන් සහ ගමේ නාට්‍ය කරන මාස්ටර් සර් මොවුන්ව නාට්‍යකට සහභාගි කරගෙන ඔවුන් කරන මේ ක්‍රියා වලින් යහ මහ මගට ගන්න මහත් වෙහෙසක් දරයි….මාස්ටර් සර් ගේ ලොකු දුව වන පාඨලී සරාව නාට්‍යයට සම්බන්ධ කරගැනීමට කිසිසේත් අකමැති නොවුනද නමුත් දැන් සරාගේ යම් යම් ක්‍රියා කලාපය නිසා ඇය ඔහුට කැමැත්තක් දක්වයි….මෙම නාට්‍යයේ එන තවත් ආදර කතාවක් වන්නේ කවඩියා සහ ගීතිකයි කවඩියා යනු සරාගේ යාළුවයි ගීතිකා යනු පාඨලීගේ යාළුවයි කවඩියා ගීතිකාට කැමැත්තක් ඇති බව තවමත් ගීතිකාට පවසා නැහැ…තවත් මෙහි එන අමතක කල නොහැකි චරිතයක් වන්නේ මාලන්ගේ චරිතයයි සරා ගේ වචනයෙන් කිව්වොත් ඔහු මනමාලන්ය.මාලන් කොළඹ සිට ආ තමන්ට නොමැති තත්වයක් පෙන්වමින් රතු පැහැතු කාර් රථයෙන් කුකුළා මුදලාලිගේ දුව සමඟ ටෙලිනාට්‍ය කරනවා කියමින් බොරු කියමින් නාතරම ගමට එයි…මෙහි ආගිය අතරතුර සරා සමඟ මොහු හොඳ මිත්‍රකමක් හදාගනී….වැඩි කතාවක් බහක් නැතුව නිහඩ චරිතයක් නිරෑපනය කරන ගජමෑන් මෙම කතාවේ පිස්සෙකි…නමුත් මොහුට කෑම බීම දී බලාගන්නේ ගමේ කඩේ මුදලාලි….
ගමේ පන්සලේ හාමුදුවන්ගේ සහ මාස්ටර්ගෙ බලකිරීමට සරා,කවඩියා සහ සුද්දා නාට්‍යට සහභාගීවෙයි…මෙහිදි ඔවුන්ගේ සහභාගි වීමට අකමැති මාස්ටර්ගේ ලොකු දුවට කැමත්තෙන් සිටින නිතරම මාස්ටර්ගේ වැඩ කටයුතු කරන තරණයෙක් සිටී ඔහු නමින් සුරංග…මොහුට සරා සමඟ තියෙන කේන්තියට ගම පුරා සරා සහ පාඨලී ගැන ලියා කැලෑ පත්තරයක් ඇලවූ අතර මොහු නාට්‍යයෙන් ඉවත් වී ගියා……නමුත් නට්‍ය කරන අවස්ථාවෙදි වන බහින් බස් වීමකදී ඔවුන් මාස්ටර්ට බැන එතනින් ඉවත්ව යයි යලිත් නාට්‍යට නොයෙන බව පවසමින්….මෙහිදි මාලන් සහ කුකුළා මුදලාලිගේ දුවද නාට්‍යක් පෙන්වීමට සැරසෙයි….මෙම නාට්‍යට සුරංග සහ තවත් මාස්ටර් සර්ගේ පංතියේහිටිය කිහිපදෙනෙක් සහභාගි වෙයි….කුකුළා මුදලාලි ඡන්දය ඉල්ලන්න සැරසෙමින් සිටින අතර ඔහුගේ සහයට ඡන්ද වැඩ වලට උදව් වෙන අය කියමින් කැකුළා නමින් කෙනෙක් මුදලාලි හා සමීප වෙයි…මේ අතරතුර කුකුළා මුදලාලිගේ ඡන්ද පෝස්ටර් සුරංග අතින් ලියවෙයි මේ එක පෝස්ටරයක් දුටු සරා කුකුළා මුදලාලි මෙය කලා කියා සිතමින් පෝස්ටර් ඉරමින් යයි මේය දුටු මුදලාලිගේ ගෝලයින් සරාසමග රණඩුවක් ඇති කරගනිමින් එතනින් පටව යිය…පසුව මොවුන් මුදලාලිගේ ආරක්ෂකයන් ලෙස කියන කැකුළා හට මෙය පවසා ඔවුන් සමඟ සරාගේ වාඩියට පැමිණ රණ්ඩුවක් ඇති කර ගනී එහිදී කැකුළා තුවක්කුවක් පෙනවමින් සරාව බිය වද්දා හිසට වැරෙන් පහර දෙයි…මෙහිදි සරා සිහි නැති වී ඇද වැටෙයි….කැකුළා කුකුළා මුදලාලිගේ නිවසට ගොස් මේ විස්තරය කී විගස මාලන් ඉක්මනින් විත් සරාව ඉස්පිරිතාලයට ගෙන ගියේ ඔහුගේ ඇති සැබෑ මිත්‍රත්වය පෙන්වමිනුයි….මේ අතරතුර සරාගේ පර්යේෂණයකට රුපියල් තිස්දහසක මුදලක් වැය වන බව පවසා තිබෙනවා…මෙහිදි එදා වේලවත් හොයාගන්න බැරුව සිටි සරාගේ මව හා පියා මේ ගැන කතා කරමින් ඉන්නවා…මෙහි එන සරාගේ අම්මා ටිකක් නුරුස්සන ගති ඇති කාන්තාවකි…ඇය සතුව තිබී රුපියල් තිස් දහසක මුදලක් පියා අතට දී ඉස්පිරිතාලය වෙත පිටත් කරයි සරාගේ පියා කීප වරක් ඇසුවද මේ සල්ලි කොහෙන්ද කියා ඇය කීවේ ඇයගේ මුදල් කියාය…ඇයට ඒ මුදල් හමු වූ ආකාරය තවමත් රහසකි….මෙසේ ඉස්පිරිතාලයෙ සිටි සරා නැවත් ගමට එන්නේ ඉස්පිරිතාලයට නොදන්වායි..මේ එන අතරතුර සුදු චූටි නොහොත්පාඨලී හා ගීතාකා හමුවෙයි මෙහිදී ඔවුන් සරා ඉස්පිරිතාලයෙන් පැන ආ එකට කෑ ගසයි…මෙහිදී කෑලෑ පත්තරය ගැසූ සූරංග දිනක් සරා මුණ ගෑසී කුකුළා මුදලාලිගේ පෝස්ටර් ඇන්දේ ඔහු බව පවසයි මෙහිදි ඔවුන් තීරණය කරයි මෙය සුරංගගේ ක්‍රියාවක් බව…පසු දින සරා පාඨලී වෙත ගොස් කෑලෑ පත්තරේ ගැසු කෙනා අහු උනොත් මොකද කරන්නේ කියා අසන අවස්ථාවේ ඇය කියා සිටියේ ගසක බැදින්න ඕන කියාය…ඒ ආකාරයටම පසු දින පාරේ ගසක සුරංග බැද ඇති අයුරු මාස්ටර්ට සහ පාඨලී,අංජලී සහ ගීතිකාට දැකගන්නට ලැබුණී….මෙහිදී සුරංග එය කල බව පිළිගත්තේය…
මේ ආකාරයට කතාව ගලාගෙන යද්දි පන්සලේ හාමුදුරුවන් පැමිණ නැවත නාට්‍යයට යන ලෙස සරාට කීවේය…හාමුදුරුවන්ගෙ අදහස පිළි අරගෙන නැවත සරා මේ නට්‍යයට යයිද…නැතිනම් මාස්ටර් සර් නැවත පැමිණ මොවුන්ට නාට්‍යට එන්න කියාවිද මේ දේවල් අපිට තවමත් හිතාගන්නට බැහැ…..සියලු දෙනාම ආදරය කරන ගජමෑන් කැකුළා හට කඩය අසලදි ගලකින් පහර එල්ල කලේ ය මෙහිදි මොහු පිස්සෙක් ලෙස නොසලකා කැකුළා පහර දුන්නේය ඒ අසල සිටි මාලන් මැදිහත් වී මෙය නවතා දැමීය…පසුදින සරා කඩේට ආ විගස ගජමෑන් මේ විස්තරය පවසයි….
මේ මෙතක් සිදු වු කතාවයි…මෙහිදි ගජමෑන් කැකුළා හට පහර දුන්නේ ඔහුට කල විහිළුවටද නැතිනම් සරාහට දුන් පහරටද….තවත් විටෙක ගජමෑන්ගෙ ක්‍රියාවේන් මොහු කලේ මේ කැකුළා ළඟ වූ මේ තුවක්කුව ගෑනීමක්ද….සරා නැවත් මාස්ටර්ගෙන් සමාව ඉල්ලයිද….කැකුළා මුදලාලිගේ ආරක්ෂයාට සරා මොනවගේ දෙයක් සිදු කරාවිද….මේ සියලු දේම අපට කුතුහලයකි….

(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *