මේ දින වල නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුල සිදුවන විස්තර කෙසේදැයි අපි විමසා බලමු.
සරා සහ ඔහුගේ යාළුවන් කැකුළා හට පහරදුන් පසු ඔහු සහ කළුවා කැකුළා මුදලාලිගේ නිවසට රැගෙන යයි.එහිදි හොඳටම පහර දි ඇති බව කැකුළා මුදලාලිගේ බිරිඳට පවසයි.මේ අවස්ථවේදි ඔවුන්ගේ ටෙලිනාට්‍ය ඉවර වන තෙක් මාලන් එම නිවසේ රඳී සිටී.මෙම ප්‍රශ්ණ සියල්ලටම මුහුණ දෙන මාස්ටර් සර් තමන්ට මේ ප්‍රශ්න හිසට වදයක් ලෙස පවසමින් මෙම කැකුළා මුදලාලිගේ ක්‍රියා පිළිබඳ මාස්ටර් සර්ගේ නිවසේ සියලු දෙනාම කතාවෙයි.මේ අතර කිරිපුතාගේ රුපියල් 4000ක් නැති වී ඇති බව ඔහු වාඩියේ සිට කෑ ගසයි.උදේ පාන්දර සියල්ලෝම වාඩියේ සිටිය අතර කවඩියා වාඩියේ නොසිටි හෙයින් කිරිපුතා ඔහු මේ සල්ලි ගත් බවට සැක කරයි.මේ අතර මාලන් සහ රත්නේ අතර බහින් බස් වීමක් වී මාලන් රත්නේගේ පිටුපස ලුහු බඳින විට එම ස්ථානයට පැමිණෙන රාලහාමි මහතාගේ බයිසිකලයේ ගැටෙයි.රාලහාමි මහතා සමඟ පැමිණෙන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ය.මෙහිදි හාමුදුරුවන් මාලන්ගෙන් ටෙලිනාට්‍ය කෙසේදැයි විමසයි.මාස්ටර් සමඟ කැකුළා මුදලාලි අතර ඇති වූ ආරවුල නවත්වන ලෙස පවසයි.මෙහිදි මාලන් හාමුදුරුවන් වෙත නාට්‍ය පෙන්වයි.මාස්ටර් සහ ඔහුගේ දියණියන් දෙදෙනා වෙනත් ස්ථානයක් බැලීමට තීරණය කරයි.මේ අතර සරා සුද්දා සහ කිරි පුතා කවඩියා ගියෙ කොහෙදැයි සාකච්ඡාකරමින් ඉන්න අතරතුර කවඩිය එතැනට මාළු දෙදෙනෙක් රැගෙන පැමිණෙයි.

එහිදි ඔහු එම මාළු ටවුමෙන් ගත් පවත් ඔවුන් ගැනීමට කිරිපුතාගේ සල්ලි ගත් බවත් පවසයි.සරාගෙ නිවසේ සිටින අම්මා තාත්තා සහ අක්කා සරා නැවත නිවසට නොපැමිණි හේතුව කතා වෙමින් සිටි එහිදි සරාගේ අක්කා පවසන්නෙ සරා පාඨලී සමඟ එකතුවෙනවනම් ඇය කැමති බව පවසයි.එතැනට වඩින පොඩි හැමුදුරුවන් සරාගෙ පියාගේ බේත් හේත් ආදිය රැගෙන එයි.නාට්‍ය පෙන්වීමට වෙන තැනක් සෙවීමට ගිය මාස්ටර් සහ දියණියන් දෙදෙනාට හාමුදුරුවන් සහ රාලහිමි මුණ ගැසෙයි.ඒ අතරමග හාමුදුරුවන්ට වෙනත් ස්ථානයක් තමන් සොයාගන්න බව මාස්ටර් සර් පවසයි එය ඉතාමත් හොඳ කටයුත්තක් බව හාමුදුරුවන් පවසයි.මේ අතර ඡන්දය කල් ගිය බව සිරිසේන මහතා කඩේ අසලටපැමිණ මුදලාලි සමඟ පවසයි.කැකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන මන්ත්‍රීතුමා ඔහුට ඡන්ද වැඩ කරන ආකාරය පැහැදිලි කරයි.මේ අතර මිනිසුන් ඔවුන්ගෙන් ඉවත් වූ බවත් කැකුලා තවමත් සිටින බවත් පවසයි ඒ අවස්ථාවේදි ඔහුව නොයවන බව පවසයි.මේ අතර කවඩියාගේ වාඩියට පැමිණෙන පොඩි හාමුදුරුවන් ඔවුන්ට සිල් සමාදන් වෙන්න පවසමින් ලොකු හාමුදුරුවන් ඔවුන්ට සිල් සමාදන් වීමට ඇඳුම් එවූ බව පවසා පසු දින උදේ සීල ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස පවසයි.

මාස්ටර් සහ දියණියන් දෙදෙනා පාරේ යන අතරවාරයේ එතැනට මාලන් පැමිණෙයි එවිට ඔහු පැමිණ තමන් සමඟ තරහද අසා නාට්‍ය පෙන්වන තැන ගන්න පවසමින් තමා වෙනත් ස්ථානයක් සොයාගන්නම් පවසයි.මාලන්ගේ උවමනාවට එසේ නොකල බවත් කැකුළා මුදලාලිගේ කැමැත්තට එය සිදු වූ බව පවසයි. සරා සහ යාළුවන් සියලු දෙනාම සිල් සමාදන් වීමට යාම තීරණය කරමින් සිටි.සිල් ගැනීමට යා යුතුයි බව කවඩියා පවසයි ඇඳුම් ආදිය එවූ බැවින් අනිවාර්යෙන් යා යුතු බව සුද්දා පවසයි.කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන මාලන් තමන් වෙන තැනකට ගොස් නාට්‍ය පෙන්වන බවත් මාස්ටර් ඒ අයගේ ස්ථානයේ නාට්‍ය පෙන්වන බව පවසය.ඒ අවස්ථවේ කුකුළා මුදලාලි මාලන්ට බැන වදිමින් තමා මේ නාට්‍යට වියදම් කලේ මාස්ටර්ට පාඩමක් උගන්වන්නට උවමනා නිසාත් එම ස්ථානයෙම නාට්‍ය පෙන්විය යුතු බවත් ඒ විදිහට මාලන් හට සිටීමට නොහැකිනම් නැවත යන බවත් පවසයි.එයට අකමැති වන මාලන් තමා මේ නාට්‍ය අරගෙන යන බව පවසයි.තමාට යන්න පුළුවන් කුකුළා මුදලාලි දුන් සියලු මුදල් තමා සතු කර පසු බවට කුකුළා මුදලාලි පවසයි.මේ අතර පන්සලට පැමිණෙන ග්‍රාමසේවක මහතා සහ ලේඛම් මහතා පැමිණ සිල් සමාදන් වීමට සරා සහ යහළුවන් එන බව ආරංචි වූ බවත් ඒ සදහා ඔවුන් අකමැති බවත් පවසයි.මේ ආකාරයට ගලාගෙන යන නාට්‍ය ඉදිරියේදි කුමක් සිදුවීද යන්න හිතාගත නොහැක.
(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *