මෙය තුර්කි කතාවකි.මෙම කතාව ළමා නිවාසෙක තමන්ගේ දෙමව්පියන් නොමැතිව ජීවත් වෙන ගැහැණු ළමුන් පස්දෙනෙකුගේ කතාවකි.ඔවුන් සොංගුල්,කදර්,සිම්රේ,එව්ලිල්,මෙරාල් වෙයි.මොවුන් පස් දෙනා විවිධාකාර විදිහට මෙම ළමා නිවාසයට පැමිණ හොඳම යහළුවන් බවට පත්වෙයි.මුල් කාලයේ කුඩා අවදියේ පටන් මෙම ළමා නිවාසයේ ජීවත් වන්නේ කදර් සිම්රේ සහ සොංගුල්ය.සොංගුල් කුඩා අවදියේම පියා හිරේ ගොස් ඇති බැවින් මෙම තැනට පත් වෙයි.අනතුරුව මෙම ළමා නිවාසයේ පාලිකාව වන්නේ නෙරිමන් මැඩම්ය ඇය ඉතාමත් දැඩි තීරණ ගන්න දරුවන්ට සැර වැර කරන දරුවන් ගැන නොහිතන කෙනෙකි.මීට අමතරව මෙම ළමා නිවාසයේ පාලිකාවක් ලෙස ෆෙරිදා මැඩම් සිටි.ඇය දරුවන්ට ඉතාම ආදරයෙන් සලකන අයෙකි මෙහි සිටිනා තවත් කරුණාවන්ත අය වන්නේ හෙඩී ආන්ටි සහ මුරකරු වන රුස්ටම් අන්කල්ය.මෙහිදි කතාවේ ප්‍රධාන චරිතය ලෙස එව්ලිල් නම් වේ.ඇයගේ මව දෙවන විවාහක් කරගනී ඇයට නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් සිටී මෙහිදි ඇයට මවගේ දෙවන විවාහයේ ස්වාමියා නොහොත් කේමාල් ඇයට අතරවර කිරීමට තැත් කරයි.කීප විටක එය කරත් ඇය එය මවට පැවසුවද මව ඇයව විශ්වාස නොකරයි ඒනිසා ඇගේ මව ඇයව මෙම ළමා නිවාසයට බාරදෙයි.මෙහි සිටියදීද ඇයට කේමාල් වරින් වර අතවර කිරීමට තැත් කරයි.

ඇයට පැහැරගෙන ගොස් සඟවාද තැබීය.ඉන් අනතුරුව එව්ලිල් ඒ සෑම ක්‍රියාවකින්ම බේරෙයි පසුව එක් අවස්ථාවක මෙම කේමාල් හට විදුලි සැර වැදි මියයයි.එහිදි එව්ලිල්ට තිබු කරදරයද නැති වෙයි..ඒ වෙද්දි එව්ලිල්ගේ මවට ඇය කල ක්‍රියාව ගැන පැහැදිලි වී කේමාල් මැරීමට ගිය අවස්ථාවේ ඇය මිය ගියාය.ඉන් පසු එව්ලිල්ගෙ මල්ලි සහ නංගි හදාවඩා ගැනීමට ළමා නිවාසයේ ෆෙරිදා මැඩම් සහ ඇයගේ ස්වාමියා වන ටොබ්රැක් සර් ඉදිරිපත් වෙයි.ඒ ඔවුන් හට කිසි දිනක දරුවන් හැදීමට නොහැකි බැවිනි.මේ කතාවේ එන සිම්රේ කතාව පටන් ගද්දීම ඉතාමත් පොහොසත් පවුලක දැරියකි.ඇය මුල් කාලයේ මම ළමා නිවාසයේ දරුවන් හට විහිළු කරමින් කරදර කරමින් සිටි අයෙකි.මේ අතර මෙම දැරියන්ට දුශ්ඨකම් කරනා තවත් අයෙවලුන් සිටි ඒ අතර ඩෙෆ්නේ සහ නසාන් මැඩම්ය.එවුන් මොවුන්ට බොහෝ සේ කරදරයි කරයි.සිම්රේද ඔවුන් සමඟ එකතු වී සිටි.පසුව සිම්රේගේ දෙමව්පියන් සිය දිවි නසාගැනීමෙන් අනතුරුව සිම්රේද ළමා නිවාසයට යාමට සිදු වෙයි.ඉන් පසු මේ දැරියන් පස් දෙනා විවිධ ගැටළු වලට මුහුණ දෙමින් මෙම ළමා නිවාසයේ ජිවත් වෙයි.නසාන්ගේ පුතා වන සර්කන් සිම්රේගේ පෙම්වතා වන අතර සොංගුල්ගේ පෙම්වතා ගුසේ නම් වෙයි මොවුන් ඉතාම පොහොසත් පවුල් වල දරුවන් වෙයි.මේ අතරතුර සොංගුල්ගේ පියා හිරෙන් නිදහස් වී පැමිණෙයි ඉන්පසු සොංගුල් සහ පියා වෙනත් නිවසක ජීවත් වීමට යයි ඉන් පසු අසල්වාසි කාන්තාවක් වන සේරා ආන්ටි සමඟ විවාහ වෙයි ඇයටද දියණියක් සිටි.ඇය ඉතාමත්කපටි ගැහැණියකි ඇයට උවමනා කර තිබුනේ සොංගුල්ගේ සහ තාත්තාගේ නිවස තමා සතු කර ගැනීමයි මේ අතර සොංගුල්ගේ පෙම්වතා ගුසේ බවත් ඔහු ධනවත් පවුලක අයෙක් බවත් දැනගත් සේරා කපටිකමින් සොංගුල්ව ඉක්මනින් ගුසේට විවාහ කර දෙයි.ඉන් පසු ඔවුන් දෙදෙනා වෙනම ජීවත් වීමට තීරණය කරයි.

එයට කෝප වූ ගුසේගේ මව ඔවුන් සිටි නිවස කඩා දමයි පසුව සේරා සොංගුල්ගේ නිවසේ නතරවීමට තීරණය කරයි මේ අතර සොංගුල්ගේ පියා වෙඩි පහරකින් මියයයි.මේහි එන නසාන් ආන්ටි සිම්රේගේ දෙමව්පියන්ට අයිති මුදල් වලින් ජීවත් වෙන බවත් ඔවුන් සිටිනා නිවසද ඇයට අයිතිබවත් ඇය දැනගනී පසුව එය නැවත් ඇයට දෙන ලෙස නසාන් වෙත ඇය පවසයි.නිවස සිම්රේට දෙන නසාන් දුප්පත් පවුලක් බවට පත් වෙයි ටික දවසකින් සර්කන් හට පිළිකාවක් වැලඳි ඇති බව වෛද්‍යවරුන් පවසයි ඔහු හොඳ කර ගැනීම සඳහා සිම්රේ නසාන්ට උපකාර කරයි අනතුරුව නසාන්ගේ ඥාතියෙකුගේ වියෝවෙන් පසු ඇය නැවතත් පොහොසත් වෙයි මේ අතර සිම්රේ තව දුරටත් සර්කන්ගේ පෙම්වතිය වනවාට ඇය අකමැති වෙයි. පත්තරේ තිබි දියණියක් සොයන පොහොසත් සීය කෙනෙක්ගේ විස්තරයක් සේරා අතට පත් විය.ඇය මෙයට මෙරාල්ට ඉදිරිපත් වන ලෙස පවසයි.ඇය ඉන්පසු ලොකුම්කුන්ජේ නැමති පුද්ගලයා වෙත ගොස් තමා ඇය සොයන මිනිබිරිය බව පවසයි ඇය විශ්වාස කරන ඔහු තමන්ගේ මිනිබිරිය ලෙස ඇය පිළි ගනී මේ අතර ඔහුගේ ඇත්ත මිනිබිරිය කදර් බව ඇය සොයාගනී.කදර්ගේ මව ලොකුම්කුමජේගේ පුතාගේ පෙමවතිය බවත් ඇය සොයාගනී මෙම රහස ඇය සේරා වෙත පැවසුවද ඇය මෙය සියලු දෙනාගෙන්ම වසන් කරන ලෙස ඇයට අණ කරයි.ඉන්පසු කාලයක් ගත වීමෙන් පසු මෙරාල් ඇගේ සියලු දේවල් ඇයට පැවසීමට යාමට පෙර එම නිවසේම සිටින ඊදර් අන්කල් කදර්ට සියලු දේ පවසයි.

ඒ වෙද්දි ඇයට මෙරාල් මේ බව පවසන්නට ආ බව ඇය නොදනී.ඉන් පසු සියල්ලෝම මෙරාල් වෙත බැන ඇයව යහළුකමින් ඉවත් කර දමයි.පසුව වූ විවිධ ආරවුල් නරවුල් කරගනිමින් මේ දේවල් යෙහෙළියන් හතරදෙනා විසදාගනී.සියලු දේපල කදර්ට හිමිවෙයි.මෙම නිවසේ සිටි ලොකුම්කුම්ජේගේ දෙවන විවාහයේ බිරිඳ මොවුන්ව රවටා සියලු මුදල් රැගෙන පලා යයි.ආයතන වලින් සියලු දෙයින්ම කදර් පාඩු ලබයි. සොංගුල් සහ ගුසේ හට දරුවෙක් ලැබෙන්නට සිටි.ඒ ලැබෙන්නට සිටින්නෙ ගැහැණු දරුවෙක් බව ඔවුන් දැනගනී.සර්කන් සහ ඩෙෆ්නේ ළමා නිවාසයකින් අරන් හදාගත් දරුවන් දෙදෙනෙකි.ඔවුන් සොයා ඔවුනගෙ පියා නැවත පැමිණෙයි. නමුත් ඔහු ඔවුන්ගේ පියා බව නසාන් ඔවුන්ට නොපවසයි.ඉන් පසු ඔහු එම නිවසේම රැදී සිටී මේ අතර ඔහු කදර්ට ඇල්මක් දක්වයි දිනක් මොහු කදර්හට කරදර කිරීමට යයි.මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය දැනගත් නසාන් ඔහුට බැන වදි ඔහු නසාන්ගේ ගෙල සිර කර තමාවත් මරණ ලෙසට පවසයි.ඉන්පසු නසාන් තම දරුවන්ගෙන ඇත්ව සිටින ලෙස ඔහුට පවසයි.මේ අතර ටූනා හට කදර්ගේ ආදරය ප්‍රකාශ කරයි එය දුටු සර්කන් සිම්රේ ගැන තිබු වැරදි වැටහීම ඉවත් කර නැවතත් ඔවුන් යහළුවෙයි මෙතැනට සර්කන්ගේ පියා පැමිණෙයි.ඔහු සර්කන් හට තමන් පියා බව පවසයි එතැනට පැමිණෙන නසාන් යාවුස් හට බැන වදී.ඉන්පසු ඔහු සර්කන් සමඟ කතා බහ කරමින් සිටි.රාත්‍රි කෑම ගැනීමට පැමිණෙන ඩෙෆ්නේ හට සර්කන් යාවුස් පියා බව පවසයි.එය ඇත්තක් බව නසාන් පවසයි.නමුත් ඇය එය නොපිලිගනිමින් එතනින් දිවයයි.මේ අතර ඩෙෆ්නේ එව්ලිල් සිම්රේ සහ මෙරාල් සිටින තැනට පැමිණෙයි.ඉන්පසු ඇය නිවසින් පැන ආ බවත් මෙහි සිටීමට උවමනා බවත් පවසයි.මේ අතර සොංගුල් සහ ගුසේගේ නිවසට ඇයගේ කකුලේ ආබාධයක් හේතුවෙන් පැමිණෙයි.මේ අතර කදර්ගේ නිවස උකස් වී ඇති බව ඔවුන් දැනගනී පසුව සේරා නිවසේ ඇති බාණ්ඩ සියලු දේ විකිණීමට සූදානම් වෙයි.ඒ අතරතුර උකස් මුදල් කදර්ට දීමට සූදානම් වෙයි…

(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *