මේ දිනවල සතියේ දින පහේම රාත්‍රි 7.30ට විකාශය වන කිසා ටෙලිනාට්‍යයේ මේ දිනවල සිදුවන දේවල් ගැන මේ ටෙලිනාට්‍ය නරඹන සියළු දෙනාටම විස්මයජනකයි. එ හැමෝම නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉදිරියට කුමක් සිදුවේවිද යන්න පිළිබඳවයි..

ඉතිං මේ වෙද්දි සාප් විවාහ වී සිටින පෙරිල්ගේ කලින් පෙම්වතාගේ පියා විසින් සාප්ව මරා දැමීමට විවිධ උපක්‍රම යොදමින් තමයි සිටින්නේ.. එ මන්ද සාප් විසින් පෙරිල්ගේ කලින් පෙම්වතාව මරා දැමු නිසයි.. ඉතිං ඒ නිසා මේ වෙද්දී සාප්ගේ පළමු බිරිද වන බහාර් සහ ඇගේ දරුවන් දෙදෙනාව පැහැර ගැනීමට ඔවුන් උත්සහා කරනවා.. මේ අතරම බහාර්ට අසනීප වී ඇය වැඩ කරන තැනින් පවා එනවා.ඉන්පසු බහාර්ගේ අම්මා වන අලිස් ඇයව සහ දරුවන් බලා ගැනීම සඳහා බහාර්ගේ ගෙදරට එදින පැමිණෙනවා..ඉතිං මේ අතරතුර බහර්ගේ පුංචි දුව වන මිසන්ටත් උණ හැදිලා අමාරු වෙනවා. ඉතිං මේ දවසේදී තමයි බහාර් සහ ඇගේ දරුවන් දෙදෙනවා පැහැර ගන්නට සැලසුම් කර තිබෙන්නේ. එ හේතුව නිසා ඇගේ ගෙදර ළඟින්ම සිටින අරිෆ්ව ඔවුන්ට එතනින් ඉවත් කරන්නට අවශ්‍ය වුනා. ඒසේ කරන්නේ බහාර්ට තිබෙන එ ආරක්ෂාව නැති කරන්නටයි. එවිට ඔවුන්ට ලෙසියෙන්ම බහාර් සහ දරු දෙදෙනාව පැහැර ගැනීමට හැකිවන නිසාවෙනි..

ඉතිං මේ අවස්ථාව වන විට බහාර්ගේ නිවසට අසල්වාසී ඇගේ යහළුවන් දෙදෙනෙක් වන සෙයිඩා සහ යෙලිස් පැමිණයි සිටින්නේ.. ඒ මිසන්ට අසනීප නිසයි. එ අතරතුර අරිෆ්ගේ තාත්තා බොරු පපුව අමාරුවක් ගනිමින් ඔහුව රෝහලට රැගෙන යන්න කියා කෑ ගසා අරිෆ්ට පවසනවා… එ කැසිල්ල ඇසී අරිෆ් ඉතාමත් බියට පත් වී අසල්වාසි හිතවතුන් දෙදෙනෙක්ද සමඟ ඔහුගේ තාත්තාව රෝහල වෙත රැගෙන යනවා.. එ අතරතුර සෙයිඩා අරිෆ්ට දුරකථන ඇමතුමක්දී කියනවා මිසන්ට අසනීප නිසා ඇයව රෝහලට එක්කගෙන යන්නට පැමිණෙන්න කියා එවිට අරිෆ් සෙයිඩාට පවසන්නේ ඔහුගේ තාත්තාටත් අසනීප වු නිසා රෝහලයකට යන ගමන් සිටින බවයි.

එවිට එකපාරටම දුරකතනයෙන් කතා කරමින් සිටියදීම බහාර්ගේ ගෙදර දොරට යම් කෙනෙක් ඇවිත් තට්ටු කරනවා.. යෙලිස් දොර ඇර බලන විට එසේ පැමිණ තිබෙන්නේ බහාර්ගේ සැමියා වන සාප්ය.. ඔහු දැක යෙලිස් සහ සෙයිඩා පුදුමයට පත් වනවා. ඔහු කිසිවක් නොකියම ගේ ඇතුලට කඩා වැදී බහාර්ට ඔහු සමඟින් යන්න කතා කරනවා. එවිට බහාර් එය ප්‍රතික්ෂේප කරනවා.. නමුත් සාප් ඉතා බෑගැපත්ව ඉල්ලනවා බහාර්ට සහ දරු දෙදෙනාට අනතුරක් සිදු වෙන්නට යන්නේ එ නිසා ඔහු සමඟ වෙනත් තැනකට යමු කියා. නමුත් බහාර් ඔහු සමඟ යෑම දෙතුන්පාරක්ම ප්‍රතික්ෂේප කරනවා…

එ අවස්ථාවේ බහාර්ගේ මව ,සෙයිඩා සහ යෙලිස් බහාර්ට කියනවා ඔහු සමඟින් දරු දෙදෙනාවත් අරගෙන මෙහෙන් පිටවෙන්න කියා..නමුත් ඇය අකමැති වෙනවා ඔවුන්ව තනිකර යෑමට.. ඉන්පසු ඔවුන්ගේ බල කිරීම මත බහාර් දරු දෙදෙනාවත් රැගෙන සාප් සමඟින් පිටවනවා.. ඒත් සමඟම බහාර්ව පැහැර ගැනීමට පැමිණි කාණ්ඩායම ඔවුන්ගේ නිවස ඉදිරිපිටට පැමිණ වාහනය නතර තරනවා… ඒ අවස්ථාවේ සාප් තුවක්කුවක් දික් කරමින් බහාර් සහ ළමයින්ව රැගෙන යාමට උත්සහා කරනවා… ඉතිං සාප් ඔවුන්ගෙන් බේරි බහාර් සහ දරු දෙනො රැගෙන යාමට හැකි වේවවිද? ඉතිං එය කෙසේ සිදුවේවිද යන්න ගැන ගොඩක්දෙනා සිටින්නේ නොඉවසිල්ලෙනි…

(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *