කිසා ටෙලිනාට්‍ය කියන්නේ මේ දවස් වල ගොඩක් දෙනා ආදරය කරන ටෙලිනාට්‍යක්. මෙය තුර්කීයේ නිෂ්පාදනය කරන ලදුව ලංකාවේ සිංහලෙන් හඩ කවා ඉදිරිපත් කරන නාට්‍යක්..
මේ කතාව තුළ තියෙන්නේ තනි මවක් සිය දරුවන්ව සැමියෙක් නැතිව තනිවම හදා වඩා ගන්නා ආකාරය ගැනයි..
ඇයට එ තුළදී විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙනවා.. එත් ඇගේ ඒ ධෛර්ය , උත්සහාය ,අත්ම විශ්වාසය නිසා ඇය වැටි වැටි නැගිටින්න උත්සහා කරන දිරිය කාන්තාවක්.. කිසා කතා මාලාව ආරම්භ වන්නේ ඇගේ සැමියාගේ මරණින් පසු වසර හතරකට පසුව ඇය දරුවන් දෙදෙනා රැක බලා ගැනීමට දරන උත්සහයත් සමඟයි..

ඉතිං මේ නාට්‍ය තුළ සිටින චරිත ගැන කතා කරෝත් මෙහි ප්‍රධාන චරිතය තමයි බහාර්, ඊටපසු ඇගේ දරු දෙදෙනා මිසන් සහ දොරුක්.. එතකොට ඇගේ සැමියාගේ නම සාෆ්.. ඉතිං බහාර්ගේ සැමියා ඇගේ නැගණියගේ වරදින් මිය ගිය බව මෙහි පෙන්වුවත් සාෆ් සැබැ ලෙසටම මියගොස් සිටියේ නැහැ. පෙරිල් නම් වු කාන්තාවක් විසින් ඔහුව බේරා ගන්නවා.. ඉතිං බාහාර් සිතාගෙන ඉන්නේත් සාෆ් ජිවිතුන් අතර නැ කියලා එ වගේම සාෆ් හිතාගෙන ඉන්නෙත් බහාර් සහ ඔහුගේ දරුවන් ජිවතුන් අතර නැ කියයි..

මේ අතරතුර බහාර්ට පොඩි පොඩි අසනීපකම් දැනෙන්න පටන් ගනන්වා..ඇය දැන ගන්නවා ඇයට ලෙඩක් ඇති බව . එත් එක්කම ටික කාලයක් ගත වන විට ඇයට වැඩ කර ගැනීමට පවා අපහසු වෙන තරමට මේ ලෙඩේන් ඇය පීඩා විඳිනවා.. ඇයව ඇය සේවය කරපු තැනින් පවා අයින් කරනවා ඒ ඇයට හරියට වැඩක් කිරීමට නොහැකියි නිසා.. ඉන්පසු ඇයට රස්සාවත් අහිමි වෙනවා.. නමුත් ඇය එතනින් වැටුනේ නැහැ ඇය කෙසේ හෝ හිතේ ශක්තියෙන් ඒ කඩා වැටෙන හැම මොහොතකම සිය දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන සිතා නැගිටිනවා.. ඉතිං මේ කතාව ඇත්තෙන්ම ඉතාමත් හොඳ නාට්‍යක්… මේ නාට්‍ය තුළින් මවක් සිය දරුවන් වෙනුවෙන් කරන්නාවු කැපකීරීම් අසීමිතයි. ඇයට ලෙඩක් ඇඟේ තිබුණත් ඇය එය දරුවන්ට නොපෙනවා ඇය බොහෝ දුක් විඳින කාන්තාවක්.. ඇය ඇගේ දරුවන්ට තම පණටත් වඩා ආදරය කළා.. දරුවන්ගේ හිත් රිදවන්න ඇය කිසිදිනකත් අකමැති වුනා. ඇය ඇගේ සතුට ගැන නොව දරුවන්ගේ සතුට ගැනයි සෑම අවස්ථාවකම සිතුවේ… ඇයට තිබුණු ලෙඩේ නිසා ඇයගේ ඇඟේ පවා විවධ තුවාල සහිත කැළැල් මතු වෙන්න පටන් ගත්තා… නමුත් ඒ හැම වේදනාවක්ම ඇය දරා ගත්තා…

මේ දවස් වල මේ නාට්‍ය සිදුවන්නේ මොනවාද සහ ඉස්සරහට කුමක් සිදුවේවිද කියන එක ගැන ගොඩක් අයට තියන්නේ කුතුහලයක්..

එ් කියන්නේ මේ වෙද්දී බාහර් දන්නවා ඇගේ සැමියා ජිවිතුන් අතර සිටින බව. ඒ වගේම ඔහුට වෙනත් විවාහයකින් තවත් දරුවන් දෙදෙනෙක්ද සිටින බව ඇය පසුගිය දිනක දැනගත්තා… ඔහු ඇයව හමුවීමට පැමිණිය මුල් දවසේ ඇය දැනගෙන සිටියේ නැහැ ඔහු විවාහයක් කරගෙන සිටින බව.. ඉතිං මේ වෙද්දී ඇය දන්නවා ඔහු වෙනත් විවාහයක් කරගෙන ඔහුට දරුවන් දෙදෙනෙක් සිටින බව.. එය දැනගැනීමත් එක්ක ඇයට ඔහු කෙරෙහි එ තිබුණු ආදරය , විශ්වාසය සියළු දේ නැති වී යනවා.. ඇය එ වේදනාවත් කටවත් නොපෙන්වා හිත ශක්තිමත් කරගෙන ඇය ඇගේ දරුවන් වෙනුවෙන් ජිවත් වෙනවා…නමුත් ඉදිරියේදී බහාර් ආයෙමත් සාෆ්ට ලං වෙයිද? එහෙම නැත්තම් ඇය ඔහුව අත්හැර දමා තනිවම දරු දෙදෙනා සමඟින් ජිවත් වෙයිද කියන එක අප සියළු දෙනාටම ප්‍රශ්නයකි…එහෙමත් නැත්තම් බහාර්ගේ ළඟින්ම සිටින ඇයට ආදරය කරන ඇය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන ආරිෆ්ට බහාර් ළං වෙයිද?
(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *