2017 අවුරුදදේ දෙරණ නාලිකාවේන් විකාශනය කරන්න අරම්භ කරපු දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් වුනා.ඉතිං පහුගිය කාලේ ටිකේ නම් චරිත කිහිපයක්ම දෙවැනි ඉනිම නාට්‍ය තුළ වැඩිය පෙනෙන්නට හිටියේ නැ.. ඒ අතර අනුහස්ගේ චරිතය තරන රවින් කණිෂ්කව පහුගිය කාලේදී දකින්න ලැබුනේ නැහැ.. එකට හේතුව විදියට ඔහු කියා තිබුනේ ඔහුට ඩෙංගු රෝගය වැළඳිම හේතුවෙන් මාසයක පමණ කාලයක් රූඟතකිරීම් සඳහා සහභාගී නොවුන බවයි.. ඉතිං ඔන්න දැන් ආයෙමත් අනුහස් රූගත කිරීම් පහුගිය දවසක පටන් අරගෙන තිබුනා..

ඉතිං මේ වෙද්දී රදීෂ් ලිහිණිට පොඩ්ඩ පොඩ්ඩ ලං වෙමින් තමයි ඉන්නේ… ඔහුගේ සිතේ ලිහිණි ගැන ඇත්තටම ආදරයක් ඇතිවෙලා. නමුත් ලිහිණි තවමත් ඇයටත් ඔහු කෙරෙහි ආදරයක් තිබෙන බව පෙන්වන්නේ නැ.. මේ අතරේදි ලිහිණිගේ උපන්දිනය එනවා.. ඉතිං ලිහිණිගේ යාළුවෝ එකතුවෙලා ඇයට සප්‍රයිස් එකක් දෙන්න සූදානම් වෙනවා…ඉති මේ අතරතුරදීම කවුරුත් නොහිතන දෙයක් වෙනවා.. එ තමයි අනුහස් ලංකාවට මේ වෙද්දී එනවා.. ඔහු එ ලංකාවට එන්නේ ලිහිණිගේ උපන්දනය දවසමයි.. අනුහස් අම්මවත් පුදුම කරමින් ගෙදරට මුලින්ම එනවා ඒ අවස්ථාවේ උදේනිට එය අදහාගත නොහැකිව සතුටින් ඔහුව වැළඳගෙන අඬනවා.. එ අතර උදේනි අනුහස්ට කියනවා අද ලිහිණිගේ උපන්දිනය බව..

ඒ අතරතුර රදිෂ් ලිහිණිව ගෙදරින් ඇරලන්න ඇයත් සමඟින් රැ පැමිණෙනවා.. මඟකදී ලිහිනි රදීෂ්ට ඇයට ඉතුරුටික තනිව ගෙදර යැමට හැකි බව පැවසුවත් රදීෂ් ඇය සමඟින්ම ගෙදරට එනවා.. ඒ අවස්ථාවේ ගෙදර කරන්ට් එක තිබුනේ නැහැ..ඒ අවස්ථාවේ ලිහිණිව පුදුමයට පත් කරමින් ඇගේ යළුවන් සියලුදෙනාම කේක් එකත් අරගෙන ඇවිත් ඇයව පුදුම කරවනවා..එත් එක්කම අනුහසුත් එතනට පැමිණෙනවා.. එක අහම්බෙන් වගේ දැකපු අක්ෂා පුදුමයට පත් වෙලා බලා සිටිනවා.. එතට සිටිය සියළුදෙනාම අනුහස්ව දැකලා පුදුමයට පත්වෙනවා..

 

අක්ෂා අනුහස්ව දැක ඔහුව වැළඳගනිමින් සතුටු වෙනවා.. ඊටප්සසේ ඔක්කොමලා එකතුවෙලා ලිහිණිගේ උපන්දින කේක් එක්ක කපා ඇයට සුබ පතනවා..එ අතරතුර අනුහස් ගිටාර් එකත් රැගෙනවිත් ලිහිණි වෙනුවෙන් ඔවුන්ගේ යාළුකම ගැන ගීතයකින් කියනවා..එ අවස්තාවේ අක්ෂා තරමක් දුකින් සිටින්නේ…ගීතය ඉවරවෙනවත් සමඟම ලිහිණි අනුහස්ට කියනවා ඇයගේ උපන්දිනය දවසේම ආවට ඔහුට ස්තුතිය කරනවා.. එවිට අක්ෂාගේ හිත රිදෙනවා.. ඇය සිතන්නේත් අනුහස් නොකියාම ලිහිණිගේ උපන්දිනය වෙනුවෙන්ම ආවා කියලයි..එත් එක්කම අක්ෂා එතින්න හිත රිද්දගෙන එළියට යනවා.. අනහසුත් ඇයගේ පිටිපස්සෙන්ම යනවා.. ඒ අවස්ථාවේ අක්ෂා අනුහස් සමඟින් රණ්ඩු වී එතනින් යනවා.. අක්ෂා වහනේ අඬ අඩ ටික දුරක් යනවා.. අනුහස් ඒ වේලාවෙත් ඇයට කෝල් කරලා කියනවා කෙහෙද ඉන්නේ කියලා.. අක්ෂා ඇය ගැන අයිත් හොයන්න එපා කියා කෝල් එක කට් කරනවා…මඟක් යද්දී වාහනේන් බැස අක්ෂා පාර දිගේ ඇවිදගනෙ යනවා.. දිගින් දිගටම අනුහස් ඇයට කතා කරත් ඇය කතා කරන්නේ නැහැ.

මේ අතරේදී ඇය කල්පනා කර කර පාරේ ඇවිදමින් යන අතරතුරේ එකපාරටම වාහනයකට අක්ෂාව accident වෙනවා… අනුහස් අම්මා එක්ක කතා කරමින් ඉන්න අතරතුරේ ලිහිණි සහ රදීෂ් අනුහස්ගේ ගෙදරට පැමිණෙනවා… එ පැමිණෙන්නේ අක්ෂා accident වුන බව පැවසීමයි. එය දැන ගැනීමත් සමඟ අනුහස් කලබලවී ඉක්මනින්ම රෝහල වෙත යනවා..අනුහස් එතනට යනවිට අක්ෂාට සිහිය තිබුණේ නැහැ.අක්ෂාගේ අම්මාත් එතන සිටිනවා.. ටික වේලාවකින් අක්ෂාට සිහිය එනවා.. ඉතිං අක්ෂා අනුහස් එක්ක යාළු වෙයිද? එහෙම නැත්තම් අක්ෂා අනුහස් එක්ක කතා නොකරම සිටිද?
(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *