මේ දිනවල විකාශය වන කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය පසුගිය සතියේ දී සුලලිත හා චන්දන කඩයේ නැවති වැඩ කිරීමට තීරණය කරයි.ඒ අතර ප්‍රියන්වදාගේ මව ඇයව විවාහ කරගැනීමට එන පොලිස් නිළධාරියා වෙත විවාහ කර දීමට සැරසෙයි නමුත් ප්‍රියන්වදා කිසිදු කැමැත්තක් හෝ ඔහුට නොපෙන්වයි..

ඉන් පසු ඇය කරනා සියලු දේ ඔහුට තේරෙන බවත් ඇයගේ හිතේ වෙනත් කෙනෙකු සිටින බවත් ඔහු පවසයි.මේ අතර කඩයට හොරු පනී එහිදි මුදලාලිගෙන් කප්පම් ඉල්ලයි ඒ අතරට එතැනට පැමිණෙන මුදලාලිගේ දියණිය ඇගේ කරේ තිබු මාලය ගලවා දීමට සැරසෙද්දි එතැනට සුලලිත ඇගේ හැපී බිමට වැටෙයි එවිට චන්දන දුවගෙන විත් තුවක්කුව ගෙන හොරාගේ දෙසට දික් කරයි.මේ අතර මුදලාලිගේ බිරිඳ හමුවී කඩේ වැඩ ඉල්ලාගෙන රණ්බණ්ඩා නමින් කෙනෙක් පැමිණෙයි.මේ අතර සුලලිත සහ චන්දන සොයා ඔවුන් පෙර සිටි ආයතනයේ ප්‍රධානියාගේ ගෝලයින් පැමිණෙයි.මේ අතර සුලලිත් සහ චන්දන ටිකිරාට ඔවුන්ගෙ නිවසට ගොස් ඉතාලියේ සිට ආ බවත් ඒ පැමිණෙන විට ඉතාලියෙන් රැගෙන ආ විදිහට බඩු බාහිරාදිය රැගෙන යන බවත් පවසයි.මේ අතර තිදෙනාම ඔවුන්ගෙ ගමට යයි.සුලලිත චීස් ෆැක්ටරි එකක වැඩ කරනව බවත් චන්දන අශ්වයින් බලාගන්න ස්ථානයට සිටින බවත් පවසන ලෙස ටිකිරාට පවසයි.

ටිකිරා සුලලිතගේ නිවසට ගොස් ඉතුරු බඩුබාහිරාදිය අරගෙන ගොස් ඉතිරි ටික ගැනීමට පැමිණෙද්දි නැවත සුලලිතගේ පිටුපසින් ඔහුගේ තාත්තා පැමිණෙයි මෙය දකින චන්දන සහ සුලලිත ඉක්මනින් වාහනයේ සැඟවෙයි..ඉන්පසු සුලලිතගේ නිවසට යන ටිකිරා ඔවුන් දුන් තෑගි නිවසේ අයට බෙදාදෙයි.මේ අතර ටිකිරාට කිතුල් රා දෙයි එයින් හොදටම බී ටිකිරා හට නැගිටගැනීමටද පවා නොහැකි විය.කෙසේ ඔහු බීමත්ව සිටියත් ඔහු නමුත් ඔවුන්ගේ බොරු පැවසුවේ නැත.මේ අතර බලන් ඉදබැරිම තැන සුලලිත ඔහුට ඇමතුමක් දී ඔතන වැඩිවෙලා නොසිටින බවත් ඉක්මනින් පැමිණෙන බවත් පවසයි.ඉන් පසු ටිකිරා එම නිවසේ පුටුවක නිදාගනී.ඉන්පසු සුලලිතගේ ආච්චි මොහුගේ කකුල්දෙකේ භූමිතෙල්ගායි අනතුරුව ඔහු පැමිණ වාහනේට ගොඩ වෙයි.

ඒ සමඟම ගමේ රා මදින මනුස්සයාද මොහු සමඟ එයි.ඔහුවත් town එකෙන් දාන ලෙස පවසයි ඒ යන අතරමග ඔහු සුලලිත සහ චන්දනට බනී.ඔවුන් නරක පුද්ගලයින් බවත් ටිකිරාටත් පරිස්සමින් ආශ්‍රය කරන ලෙසත් පවසයි.පසුව ටිකිරා සහ සුලලිත,චන්දන නිවසට පැමිණෙයි.ඉන් පසු සුලලිත් හා චන්දන ටිකිරාට බැන වදි ඔහු නිවසට ගොස් කල ක්‍රියාවට.මේ අතර මුදලාලිගෙ දියණිය බැලීමට මනමාලයෙක් එන බවත් ඔහුට කැමති වෙන බවත් පවසා ඔහුට සල්ලි තියෙන බවත් පවසයි.ඉන් පසුව නතාලියා ඔහුට කැමති වන්නෙ කොච්චර සල්ලි තිබ්බත් බොකුටු කොණ්ඩයක් නොමැති නම් අකමැති බවත් පවසයි.

(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *