ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයෙන් මේ දින වල ITN නාලිකාවේ මේ දින වල විකාශය වන කොළඹ ඉතාලිය ප්‍රේක්ෂක හදවත් මේ වෙද්දිත් සොරාගෙන අවසන්.
මෙම කතාවේ තරුණ පිරිමි ළමුන් දෙදෙනෙක් බොට්ටුවෙන් ඉතාලියට යාමට ගොස් මුහුණු දෙන ගැටළු හා ඔවුන්ගේ ජීවිත කොයි ආකාරයට ගෙවෙයිද යන්න පසුබිම්වයි…මෙහි එන පිරිමි ළමුන් දෙදෙනා සුලලිත සහ චන්දනයි..මොවුන් දෙදෙනා හොඳම යාළුවන් වෙයි.
මෙහි එන සුලලිත්ට අම්මා තාත්තා සහ නංගි සිට මොහු තමන්ගේ ජීවිතය ගොඩ දා ගැනීමට ඉතාලියට බොට්ටුවේන් යාමට තමන්ගේ නිවස සහ ඉඩම උකස් කරයි… මෙහිදි මොහුව ගිහින් දැමීමට එන චන්දනට මෙම පිරිස අතේ ඇති මුදල දී ඉතාලියට යවන බව පවසමින් ඔහුවද බොට්ටුවට නැග ගනී..මෙහිදි මොවුන් රෑ බෝ වූ පසු බෝට්ටුවේ පිරිස මොවුන්ට ඉතාලියට පැමිණ් බවත් ඉක්මනින් බහින බවත් පවසා සිටී…එහිදි ඔවුන් එහෙ මෙහෙ අත ඇවිදින විට ඔවුන්ට මේ ඉතාලිය නොවන බවත් ඔවුන්ට කූඨජාවාරම්කාරයින්ට හසු වී ඇති බවත් තේරුණි…මේ අතර මෙම ජාවාරමේ මොළකරු හෝටලකයක අයිතිකරුවෙකි මොහු නිවසේ අයටත් නොකියා මෙම ජාවාරම කරගෙන යන්නෙ පිටරිටින් උම්බලකඩ ගෙන්නව මුවාවෙනි…මොහුට දුවක් සිටී….

චන්දන හා සුලලිතගේ ගමේ සිටින තවත් කෙනෙක් තමයි මේ ටිකිරා මොහු ගමේ නයි අල්ලමින් ගමේ රස්තියාදු වූ තරුණයෙකි මොහු තම නැන්දාගේ බල කිරීමට කොළඹ නිවසක වැඩට එයි ඒ පැමිණෙන්නේ මෙම ඉතාලි ජාවාරමේ සිටින මොලකරුගේ නිවසටයි මෙහිදි ඔහු පඩියක් නොමැතිව මෙහි වැඩ කිරීමට කැමති වන්නේ එම නිවසේ සිටින ජාවාරම්කරුගේ දුව නිසාවෙනි…. කූඨජාවාරම්කාරයින්ට හසු වූ චන්දන හා සුලලිත කරකියා ගත නොහැකිව පාරවල් ගානේ ගොස් රස්සාවක් සොයයි…නිවස හා ඉඩම බේරාගැනීමට තිබෙන බැවින් චන්දන නැවත නිවසට යන්න බැරි බව පවසයි…චන්දන එනතුරු නැවතත් ඔහුගේ පෙම්වතිය වන ප්‍රියන්වදා මග බලන් සිටි මේ ගමන එන බව නොදන්නා ඇය බියෙන් හැඩූ කදුලින් ජීවත් වෙයි..දින කීපයක්ම මොහුගෙන් ආරංචියක් නොමැති නිසා ඇය පොලිසියේ පැමිණිල්ලක් දමයි..මේ අතර චන්දනගේ අච්චි සහ තාත්තා ඉතාලියට ගිය පුතා තවමත් කාතා නොකාරන එක ගැන බියෙන් සිටි….පසුව ඇය ප්‍රියන්වාදාවද කැටුව අඳුනක් බැලීමට යයි එහිදි පවසා සිටින්නේ ඔවුන් යහතින් ඉන්නව බවත් සුලලිත එයින් පෙන්නුම් නොකරන බවත්ය…

මෙහිදි මෙම යාළුවන් දෙදෙනා මෙම ජාවාරම කර පුද්ගලයින් සොයාගැනීමට උවමනා බැව් පවසා මෙහි රැකියාවක් කිරීමට තීරණය කරයි. මුලින් මොවුන් බෝතල් පත්තරකාරයින් හට යකඩ කෑලි ටින් විකුණා යම් මුදල් ප්‍රමාණයක් සොයාගනී….නමුත් ඔවුන්ට එය දිගටම කරගෙන යාමට නොහැකි විය..පසුව ඔවුන් දෙදෙනා තැනින් තැනට ගොස් දේශණ පවත්වන අයෙකු වෙත පාරේ ඔරලෝසු විකුණමින් සිටි අයෙක් කැදවාගෙන යනවා.දින කීපයක් ඔවුන් මොහුගේ කීමට තැනින් තැනිට ගොස් ඔහුගේ දේශණ වලට පැමිණෙන ලෙස මිනිසුන්ට ආරාධනා කිරීමට පාරේ බොහෝ විට රස්තියාදු උනි..එයිනුත් ඔවුන්ට කිසිදු හොදක් සිදුවනු නොමැති නිසා ඔවුන් මෙම තත්වයට ඔවුන් ඇඳ දැමු කෙනා සොයාගැනීමට මෙතනින් පැනයාමට තිරණය කරයි…මෙහිදි ඔවුන් දෙදෙනා මොවුන්ව බෝට්ටුවෙන් ගිහින් දැමු ගාමිණි නැමැත්තා සොයාගැනීමට හැකියාවක් ලැබේ…මෙහිදි ඔවුන් ඔහු සමඟ වන බහින් බස් වීම දුරදිග ගොස් ගාමිණි පොලිසිය වෙත මේ බව පවසා ඔවුන් අත්අඩංගුවට ගන්න බව පවසා සිටී…මෙහිදි ඔවුන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුනි එයින් පසු මොවුන් එහි සිටි සිරකරුවෙක්ගේ දුරකථනයක් ගෙන දෙදෙනාව බේරා ගන්නා බව දේශණ පවත්වන්නා වූ පුද්ගලයාට දැනුම් දෙනු ලැබුවේය…

නැවතත් ඔහුවෙත පැමිණ කටයුතු කරන ලෙස පවසා ඔහු මොවුන් දෙදෙනා නිදහස් කරගනු ලැබීය.
එහිදි මොවුන් හට ආපරාධයක් කිරීමට මොහු විසින් අණ කරනු ලබයි එමනිසා මොවුන් එතනින් නැවතත් පැනයාමට තීරණය කරණු ලබයි…මේ ගිය අවස්ථවේ ඔවුන් එක්තරා හෝටලයක පැමිණ ආහාර ගනී මෙහිදි ඔවුන් පැමිණෙන්නෙ ඔවුන් මේ තත්වයට ඇද දැමූ පුද්ගලයාගේ තැනකට බව ඔවුන් නොදනී…පසුව ඔවුන් මෙම හෝටලයට පැමිණ කෑම කෑ විට ඔවුන්ට ඒ සඳහා ගෙවීමට මුදල් නොමැති බැවින් එම හෝටලයේ පිඟන් සේදීමට ඔවුන්ට සිදු විය.එහිදි ඔවුන්ට මුන ගැසෙන ටිකිරා ඔවුන් හට පවසන්නෙ ඔහුට දිනකට රුපියල් 1000ක් ලැබෙන බවත්ය..ඉන් පසු මොවුන් දෙදෙනා මෙම හෝටලයේ අයිතිකරු අමතා ඔවුන්ට වැඩ දෙන ලෙස ඉල්ලි සිටි….ඔහු මුකුත් නොපවසා කියා සිටියෙ සිටියේ බලමු කියාය….මෙසේ චන්දන එනතුරු බලන් සිටි ප්‍රියන්වදා හට ඇයගේ මව බල කරමින් පොලිස්කාරයෙක් හට විවාහ කරදීමට සූදානම් වෙයි….

මෙසේ ගලාගෙන යන මෙම කතාව ඉදිරියේදී කුමක් සිදු වෙයිද..චන්දන හා සුලලිත් ඔවුන් සිටින්නේ ඔවුන් සොයපු තැන බව දැනගනීද…ප්‍රියන්වදාගේ හිත වෙනස් වී අම්මා සොයාදෙන විවාහයට ඇය කැමති වෙයිද…මේ කිසිවක් තවමත් අපිට හිතාගනීමට නොහැක…
(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *