අහස් මාළිගා ටෙලිනාට්‍ය සතියේ දින පහේම රාත්‍රී 8.30 හිරු නාළිකාව ඔස්සේ විකාශනය වෙනවා.. මේ නාට්‍ය පටන් ගත් දා සිට මේ දක්වාම ප්‍රේක්ෂක ආදරය , කැමැත්ත නොඅඩුව ලබපු ටෙලිනාට්‍යක්. මේ නාට්‍යෙය් ප්‍රධාන චරිත දෙක වෙන්නේ අහිංසා සහ සූරාජ්. ඒ කියන්නේ උදාරි වර්ණකුලසුරිය සමඟින් විශ්ව කොඩිකාර තමයි මේ නාට්‍යෙය් ප්‍රධාන චරිතය දෙක නිරූපණය කරන්නේ.. ඔවුන් දෙනොගේ ආදර කතාව තමයි මේ දිග හැරෙන්නේ…

අහිංසා කියන්නේ ඉතාමත් ධනවත් පවුලක ඉපදුණ තැනැත්තියක්.. එතකොට සුරාජ් කියන්නේ ඉතා දුප්පත් , එ වගේම තමන්ගේ පවුල බලා කියා ගන්න ඉතා වෙහෙස වන තරුණයෙක්… අහිංසා සුරාජ් පළමු හමුව සිදුවන්නේ අහිංසාගේ විවාහයදා.. එ කියන්නේ ඇය ඒ විවාහ වීමට යන්නේ ඇය අකමැති කෙනෙක් සමඟ.. ඒ රවී විජේවර්ධන.. අහිංසාගේ පියා එරික් කුලකරුසුරිය කියන්නෙ මහ දැවැන්ත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.. ඔහුගේ කැමැත්තට අහිංසාව රවී විජේවර්ධන කියන ව්‍යාපාරිකයාට විවාහ කරදීමට උත්සහා කරනවා.. නමුත් ඇය එදින එම නිවසින් පැන යන අතරතුරේදී තමයි ඇයට සුරාජ්ව මුණ ගැහෙන්නේ… ඇය සුරාජ්ගේ ත්‍රීරෝද රථයට අත දමා එයට නැග ඔහුගේ උදව් ඉලල්නවා.. සුරාජ් එකපාරටම බය වෙනවා කුමක්ද සිදුවන්නේ කියා සිතා ගත නෙහැකිව සිටනවා.. කෙසේ හෝ සුරාජ් අහිංසාව බේරගන්නවා.. එතනින් පසුව අහිංසා සුරාජ් ආදර කතාව පටන් ගන්නවා..

මේ ආදර කතාවේදී අනිත් ආදර කතා වලට වගේම විවධ බාධා මතු වෙනවා..මේ නාට්‍ය තුළත් දුෂ්ඨ චරිත රාශියක් සිටනවා.එයින් කෙනේ තමයි රයිනි කියන්නෙ.. එ කියන්නේ අහිංසාගේ අම්මා නැති විමත් එකක් එරික් රයිනිව ගෙදරට එක්කන් එනවා ඒ ඇගේ දුව අහිංසාව බලා ගැනීමට.නමුත් රයිනි කියන්නේ හොද කෙනේක් නෙමෙයි..ඇය හොඳ මුහුණ පෙන්වුවත් ඇය එරික්ටත් අහිංසාටත් වෛර කරනවා.. ඇය ඒ ගෙදරට ආවේ එරික්ගේ තිබෙන දේපළ වලට තණ්හාවෙන්.. ඉතිං ඔහොම කාලය ගෙවී යද්දී එරිකුත් අහිංසාගේ සහ සුරාජ්ගේ සම්බන්ධනයට විරුද්ධව කටයුතු කරනවා.. නමුත් ඔවුන් දෙදෙනා ආදරය කරන එක නැවත්තුවේ නැ..

දිනක් ඔවුන් දෙදෙනා සියළු දේ අතහැරලා දුර ඈත පළාතකට ගිහින් ජිවත් වෙනවා.. නමුත් ටික දිනක් යද්දී අහිංසාට ආයෙමත් අගේ ගෙදර යෑමට සිදුවෙනවා… ඔවුන් දෙනොගේ ආදරයට දිගින් දිගටම බධා මතුවීම නිසා සුරාජ්ට සියලු දේ එපා වෙනවා.. ඔහු අහිංසාටත් පවසන්නේ ඇගේ තාත්තා මෙයට අකමැති නිසා හැමදාම ප්‍රශ්න නිසා සුරාජ් ඇයගෙන් ඇත් වන්නට හැදුවත් අහිංසා කිසිවටකත් එය කිරීමට සුදානම් වුයේ නැහැ.. කාලය ගත වෙද්දී අහිංසාට දරුවෙක් ලැබෙන්න සිටන බව ඇය දැනගන්නවා.. ඒත් සමඟම ඇය ඒ ගැන සුරාජ්ට කියන්නට කීහිපවතාවක් උත්සහා කලත් ඔහු එය ඇසුවේ නැහැ.

ඉතිං දිනක් අහිංසා රයිනි සමඟින් ඈත පළාතක තිබෙන පන්සලකට යන්නට සූදානම් වුවා.. රයිනි ඒ අවස්ථාවේ සිතනවා අහිංසාව නැති කරොත් ඇයට එරික්ගේ සියලු දේ ලබා ගැනීමට හැකි බව.. ඉතිං රයින් එදා අහිංසාව ඒ පන්සලේ තිබුනු කන්දක් උඩින් පහළට තල්ලු කරනවා.. ඒ එක්කම සුරාජ්ටත් එරික්ටත් එය දරා ගැනීමට නොහැකි වෙනවා.. සුරාජ් එරික්ට චෝදනා කරනවා ඔහු ඔවුන්ගේ සම්බන්ධයට අකමැති වු නිසයි අහිංසා ජිවිතෙන් සමුගත්තේ කියා…

ඉතිං කාලය ඔහොම ගෙවී යනවා.. සූරාජ් ලංකාව අතහැර පිටරටකට යනවා… එ වෙද්දී අහිංසාගේ කුසේ සිටි දරුවා මෙළොව එළිය දකිනවා.. ඇය වෙනත් අම්මා සහ තාත්තා කෙනෙක් ළඟ හැදී වැඩෙනවා. ඇගේ නමත් අහිංසා. ඇය සිතන්නේ ඇගේ අම්මා සම තාත්තා ඔවුන් කියාය.. ඉතිං මේ අතරේ අහිංසා පාසල් යද්දී ඇයට එතන සිටි තරුණයෙක් කෙරෙහි ආදරයක් ඇතිවෙනවා… එ තමයි තේජාන්.. තේජානුටත් අහිංසා තෙරෙහි ආදරයක් ඇතිවෙනවා… නමුත් පාසල් අධ්‍යාපනය අවසන් වුවාට පසු අහිංසාට සංදේශ් කියා තරුණයෙක් මුණ ගැසෙනවා.. සංදේශ් කියන්නේ අහිංසාව බේරාගත් වෙද මහත්තයාගේ පුතා.. ඔහුටත් සුරාජ්ට වගේ ත්‍රීවිලර්යක් තමයි තිබුනේ. ඔහු දුප්පත් කෙනෙක්. නමුත් තේජන් කියන්නේ රවී විජ‍ෙවර්ධනගේ පුතා.. ඉතිං ටික කාලයක් යද්දී සංදේශ් අහිංසාට ගොඩක් උදව් කරනවා..ඉතිං මේ දෙදෙනා අතරේ ආදරයක් ඇතිවෙනවා.. නමුත් මේ ආදරේට අහිංසාගේ ගෙදරින්කැමති වන්නේ නැ. තේජාන් අහංසාගේ පස්සෙන් එන එක නතර කරන්නෙත් නැ..

කොහොමහරි කාලයක් ගත වෙද්දී අහිංසාට දැනගන්නට ලැබෙනවා අහිංසාගේ ඇත්ත අම්මයි තාත්තායි එ අය නෙමෙයි කියලා. ඒ දැන ගන්නේ අහිංසාගේ සීයා වන එරික් කුලකුලසුරියගෙන්… නමුත් ඇය එකපාරින් එය විශ්වාස කලේ නැහැ.. නමුත් ඔහොම කාලය ගත වෙද්දී සුරාජ්ජුත් ලංකාවට එනවා…ඔහු දන්නේ නැ අහිංසා කියන්නේ ඇගේ එකම දුව බව. එරික් එය කියන්නට බොහෝවතාවක් උත්සහා කළත් ඔහු කිසිසෙත් එය විශ්වාස කලේ නැහැ. ඉතිං ටික කාලයකින් එරික්ට දැනගන්නට ලැබෙනවා ඔහුගේ දුව අහිංසා ජිවත් වන බව.. එ සමඟම සුරාජ්ට අහිංසාව මුණ ගස්සනවා.. ඔහුට අදහාගත නොහැකිව පුදුමයට පත්වෙනවා.. මේ වේද්දී අහිංසාගේ චරිතය රඟපාන්නේ උදාරි නෙමෙයි ඉෂාරා සඳමිණි.. ඉතිං ඇගේ දුවගේ චරිතය රඟපන්නේ කවින්ද්‍යා දුල්ෂාණි..

ඉතිං අහිංසා සුරාජ්ට කියනවා අහංසා කියන්නේ ඔවුන්ගේ එකම දුව බව… ඉන්පසුව තමයි සූරාජ් එය පිළිගන්නේ… ඉතිං ඔවුන් තිදෙනා නැවත එක් වෙනවා.. ඔවුන් එ වෙද්දී වෙනත් පලාතක සතුටින් පැළ තවානක් කරමින් ජිවත් වෙනවා..සංදේශ්ත් ඔවුන් එක්ක ඔවුන්ට උදව් කරමින් ජිවත් වෙනවා.. මේ අතරේදීත් තේජාන් අහිංසාගේ පස්සෙන් එන එක නවත්වන්නේ නැහැ.. ඔහු අහම්බෙන් වගේ අහිංසා පැළ තවානක සිටනවා දැක එ වෙත ඔහු පැමිණෙනවා.. ඔහු ඉතා බෑගැපත්ව ඇයට පවසනවා ඔහු ඇයට ආදරේ කරන බව. නමුත් අහිංසා කිසිවිටක ඒවා ගණන් ගන්නේ නැහැ..ඇයට තේජාන් වදයක් වුවා.

ඔහු දිනක පැළ තවානට පැමිණ යළ ගෙදර යන්නේ නැති බව පවසා පැළ තවානටම වී කාපය ගත කරා.. පැළ තවානේ තිබෙන බර වැඩ පවා ඔහු ඇයට තියෙන ආදරය නිසා කලා… රවී ඒ දේට කැමති වුනේ නැහැ. නමුත් රවීටවත් තමන්ගේ පුතා තේජාන්ව නවත්වා ගැනීමට නොහැකි වුවා…දවසක් රයිනි ඇගේ ගෝලයින් දම්මවලා අහිංසාව පැහැරගෙන රයිනි සිටින නිවසට රැගෙන ආවා… සුරාජ් සහ අහිංසා කලබලෙන් සිය දියණිය සේව්වා.. නමුත් ඇය ගැන කිසිදු ආරංචියක් දැන ගන්නට ලැබුනේ නැහැ… තේජාන්ට කොහොමහරි අහිංසා ගෙදර නැති බව දැන් ගන්නට ලැබීමත් සමඟ ඔහු රයිනිට කෝල් කර බැන වැදුනා.. ඒ අවස්ථාවේ රයිනි තේජාන්වත් ඔවුන් සිටින තැනට ගෙන්වා ගන්නවා. ඊටපසු තේජාන් ආ පසු රයිනි ඔහුගෙන් පොරොන්දුවක් ගන්නවා අහිංසා රැගෙන පැනලා යන්න කියා. ඒ අවස්ථාවේ පැහැර ගැනීම කළේ තේජාන් බව සිතු අහිංසා තේජාන්ට කම්මුල් පහරක් ගහනවා..

රයිනි එතනට මැදිහත් වී අහිංසාට පවසනවා එයා කළේ තේජාන් නොවන බව.. ඇය පවසන්නේ ඔවුන් දෙනොට අලුත් ජිවිතයක් පටන් ගැනීමට ඇය උදව් කරනා බවයි.. ඒ අවස්ථාවේ තේජාන් කෑගසා කියනවා අහිංසා ගෙදර යන බව.. රියිනි පුදුම වී බලනවා.. ඔහු අහිංසාගේ අත අල්ලාගෙන ඇයව රැගෙන යාමට උත්සහ කලත් එය එතරම් ලේසි වෙන්නේ නැහැ. එතන සිටි රයිනිගේ ගෝලයින් තේජාන්ට පහර දෙනවා. නමුත් තේජාන් නිකන් සිටින්නෙ නැහැ.ඔහුත් ඔවුන්ට පහර දෙනවා.. අහිංසාව තදින් අල්ලාගෙන සිටි රයිනිවත් තේජාන් බිමට ඇඳ දමා අහිංසාවත් රැගෙන එම නිවසින් පිට වෙනවා… ඒ අවස්ථාවේදී අහිංසා පුදුමයෙන් ආදරයෙන් තේජාන් දිහා ඇසිපිය නොගසා බලා සිටිනවා..ඇය එදා ඔහුගේ ආදරය තේරුම් ගත්තා.. ඉන්පසු තේජාන් අහිංසාවත් රැගෙන අහිංසාගේ නිවසට එනවා.. එ අවස්ථාවේ සුරාජ්ටත් තේජාන් ගැන පැහැදීමක් ඇති වෙනවා.

ඉන්පසු ගෙදරට පැමිණි තේජාන්ගේ අතේ සිදු වූ පුංචි තුවාල වලට අහිංසා බෙහෙත් කරනවා… එය දුටු සංදේශ් ඉතාමත් දුකෙන් වේදනාවෙන් එ දෙස බලා සිටිනවා…ඔහුට ඔවුන්ගේ අතීතිය සිහි වෙනවා.. නමුත් මේ වෙද්දී අහිංසා තේජාන්ට ලංවී හාමරයි..නමුත් අහිංසගේ අම්මා තේජාන් ගැන සැක සිතනවා.ඇය සිතන්නේ රයිනි සමඟින් තේජාන් එකතු වී අහිංසාව පැහැරගත් බව ඇය තදින්ම විශ්වාස කරනවා… එ නිසා අහිංසා ගෙදර අයත් සමඟින් හිත හොඳන් නොවේ සිටින්නේ…ඇයට මේ වෙද්දී තේජාන් ගැන ආදරයක් ඇතිවෙලා.

දිනක් අහිංසා ඇගේ තාත්තා වන සුරාජ් සමඟින් කතා බහ කරමින් මිදුලේ සිටින විට තේජාන් ඔහුගේ යහළුවෙකු සමඟින් අහිංසාගේ ගෙදරට පැමිණෙනවා…එදා දවසේදීත් අහිංසාගේ අම්මා තේජාන් අවාට අකමැත්තේන් සියළුදෙනා ඉිදිරියේ ඔහුව ලැජ්ජාවට පත් කරනවා..ඉතිං එදා අහිංසා තේජාන් සමඟින් සිනාසීසි මිදුලේ කතා කරමින් ඉන්න අතරතරතුර තේජාන් එක සැරටෙම දණ ගසා ඇයට මුද්දක් පෙන්වමිත් සමඟ අහිංසා පුදුමයට පත්වෙනවා.. ඔහු අහිංසාගෙන් ඔහුව බඳින්න කැමතිද කියා අසනවා.. ඒ අවස්තාවේ තේජාන් අහිංසාගේ අත අරගෙන එ මුද්ද පළඳා අතට හුදුවක් දෙනවා… එය දැකපු අහිංසාගේ අම්මා ඉතා කෙන්තියෙන් කෑගසාගෙන ඔවුන් සිටන තැනට පැමිණ අහිංසගේ අතේ තිබුණ මුද්ද ගලවා විසි කර දමා ඇය ගේ ඇතුළට රැගෙන යනවා..ඉන්පසු අහිංසා රවීටත් දුරකථන ඇමතුමක් ලබා දී තේජාන් ගැන පවසමින් බැන විදනවා.

එදිනම රාත්‍රියේ තේජාන් අහිංසාගේ නිවසට පැමිණ අහිංසාගේ කමරයේ දොරට තටුට කරනවා.. තේජාන් අහිංසාට පවසනවා ඇය නොබලා සිටිමට බැරි බව… අහිංසා ඉන්පසු හොරෙන් දොරත් ඇරගෙන තේජාන් ඉ්නන තැනට යනවා.. ඒ අවස්ථවේ කවුරුන් හෝ කට්ටියක් තේජාන්ව සොයා අහිංසාගේ නිවසට පැමැණෙනවා.. තේජාන් එතනින් යන්න හදද්දි අහිංසාත් ඔහු සමඟින් යනවා.. ඉන්පසු අහිංසාගේ අම්මා ඇය ගෙදර නැති බව දැනගෙන කලබලයෙන් රවීට කතා කර දොස් කියනවා.. මේ වෙද්දි අහිංසා තේජාන් සමගින් බසයක නැග කතරගමට යෑමට සූදනාම් නෙවා.. ඒ අසළ සිටි අයෙක් එපාරටම තේජාන්ගේ පර්ස් එකත් උදුරාගෙන බස් එකෙන් පැන යනවා…තේජාන් ඔහු පසු පසු ගොස් ඔහුව අල්ලා ගැනීමට උත්සහා කලත් එය කරගන්නට බැරිවෙනවා..ඉන්පසු ඔවුන් දෙදෙනා වෙරළට වී යන්න තැනක් නැතිව නිදා ගන්නවා..

ඉයපසු දිනයේ තේජාන් පත්තරයක් රැගෙන අහිංසත් සමඟින් ඇයට ඉන්නට තැනක් සොයා බලනවා.. ඊටපසු ඔවුන් ඒ සොයා ගත් නිවසක් වෙත ගොස් අහිංසාව තේජාන් එම නිවසේ තබා ඔහු රස්සාවක් සොයා ගැනීමට උත්සහා කරනවා..රස්සාවක් සොය සොය යන අතරතුරේ තේජාන් දකිනවා මුහුදු වෙරළේ නාමින් සිටි තරුණියන් තුන්දෙනකුට තරුණයෝ කිහිපදෙනකේ කරදර කරනන්ට එනවා… ඉතිං ඒ අවස්ථාවේ තේජාන් ඔවුන් ඒ තරුණයන්ගෙන් බේරා ගන්නවා.. එතන සිටි එක් තරුණියක්ට තේජාන් කෙරෙහි කැමැත්තක් ඇති වෙනවා… ඉතිං ඉදිරියට අහස් මාළිඟා ටෙලිනාට්‍යෙය් මොනවා වෙයිද? ඒ තරුණිය තේජාන්ට ලංවීමට උත්සහ කරයිද? ඉතිං ඒ ගැන හැමෝටම තියෙන්නේ කුතුහලයක්..
(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *