නීල පබළු ටෙලි නාට්‍ය මේ දවස් වල ගොඩක් දෙනා ආස කරන ටෙලිනාට්‍යක්..ඉතිං මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ කුරුළු සහ අබිමන්. එ කියන්නේ ටනාෂා සහ සුමිරාන්.. ඉතිං මේ දෙන්නාගේ ආදර කතාව තමයි මේ කතාව තුළින් ගෙන එන්නේ… කෙසේ වුවත් කුරුළු අභිමන් ආදරයට ලොකු බාධකයක් සිටිනවා.. එ තමයි පූජා. එ කියන්නේ නයෝමි තක්ෂිලා.ඇය මේ කතාව තුළ ඉතාමත් නපුරු චරිතයක් තමයි රඟ දක්වන්නේ.. ඇය ඉමහත් සේ අභිමන්ට ආදරය කරනවා එ අතරතුරදී තමයි කුරුළු කියන කෙනා මේ අතරට පැමිණෙන්නේ. එ පැමිණීමත් සමඟ සියළු දේ වෙනස් වනවා. කුරළුට අභිමන් කෙරෙහිත් අභිමන්ට කුරුළු කෙරෙහිත් ආදරයක් ඇතිවෙනවා. එය දැනගත් පූජා හැමවිටම උතසහා කලේ කරුළුට වෛර කරමින් අභිමන්ගේ ආදරය ඇය ළඟම තබා ගැනීමටයි.. නමුත් ටික දිනක් යන විට අභිමන්ගේ සිත කුරුළු කෙරෙහි ආදරයෙන් බැඳුනා.. නමුත් එය දැනගත් අභිමන්ගේ පියා එයට විරුද්ධ වෙනවා.. ඔහු කැමති වුයේ පූජාත් සමඟින් අභිමන් විවාහ වෙනවටයි.. නමුත් ටික දිනක් ගත වෙද්දී ඔවුන්ගේ ආදරයට කොයිතරම් නම් බධා මතු වුවත් ඔවුන් එ සියළු දේ ජයගෙන ඔවුන්ගේ ආදරයට අභිමන්ගේ තාත්තාගෙන් පවා කැමැත්ත ලබා ගන්නවා..

ඉන්පසුව පූජාගේ තරහව, වෛරය තව තවත් දිනෙන් දින වැඩි වෙන්නට පයන් ගන්නවා..ඔහොම ගෙවී යද්දී පූජාට දැනගන්නට ලැබෙනවා ඇය මේ වෛර කරන හතුරුකම් කරන කුරළු කියන්නේ ඇගේ නැඟණිය බව. එය දැනගන්වාත් සමඟම ඇය තවත් කුරුළු කෙරෙහි වෛර බැඳගන්නවා. පූජා කියන්නේ අම්මා තාත්තා නැතිව තනිව හැදි වැඩුණු කෙනෙක්. ඒ නිසා ඇය ඉතාමත් දරදඬු කෙනෙක්. ඉතිං ඔහොම කාලය ගත වී යද්දී පුජා සිතනවා කුරුළු මේ ලොකෙන් ඈත් කරන්න. එ තමන්ගේ ආදරය තමන්ටම ලබා ගැනීමේ අරමුණ නිසයි.. ඉතිං එ නිසා පූජා තීරණය කරනවා කුරුළුව මරන්නට.. එය සිදුවන්නේ කුරුළුව චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම සඳහා තිලක් නම් වු අධ්‍යක්ෂකවරයා විසින් තෝරා ගනු ලබනවා.එ සඳහා කුරුළු සමඟ එම කණ්ඩායම දුර පළාතක රූගත කිරීම් සඳහා යනවා. එසේ යන අවස්ථාවේදී පූජා ප්ලෑන් කරනවා එ අතරතුර ඇයව මරා දැමීමට.ඇය කුරුළු ගමන් කරපු වාහනයේ රියදුරුට කරුළුව මරන්න කියා උපදේස් දෙනවා. ඉන්පසු කුරුළුව ඟඟට වාහනය පිටින්ම එම රියැදුරා ඇඳ දමනවා.. එ අවස්ථාවේදී පූජා සිතුවේ කුරුළු මියගොස් ඇති බවයි.

නමුත් නොසිතු දිනයක කුරුළු ඈත පළාතක වෙනත් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ළඟ ජිවිත් වනවා.. නමුත් සියලු දෙනාම සිතගෙන ඉන්නේ කුරුළු ජිවිතෙන් සමුගෙන ඇති කියායි..කුරුළුගේ ආදරණීය අම්මා මානසිකව වැටී ලෙඩෙක් බවට පත්වෙනවා. එ අතරතුර මහිමා නම් වු කෙනෙකු කුරුළු සේවය කරපු සේවා ස්ථානයට පැමිණෙනවා ඒ රැකියාවක් සොයාගෙන.. මහිමාට එ අයතනයේ ඉන්න අය කුරුළු ගැන විස්තර තියනවා. ඉන්පසුව ඇඟේ පින්තුරයක් දුටුවිටම මහිමාට සිතා ගත නොහැකි වෙනවා. ඒ මන්ද කුරුළුගේ රුව ඇති කෙනෙක්ම තම ගමේ විහාරා නමින් සිටින නිසයි. ඇය එදින සිටම ලොකු සැකයකින් සිටිනවා එ ඉන්නේ කුරුළුද කියා..මෙසේ කාලය ගෙවී යද්දී මහිමා වැඩ කරමින් සිටින අතරතුරේ මහිමාගේ පෙම්වතාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. එ ඇගේ අම්මාට අසනීපවී රෝහල් ගත කළ බව කියා.. එවිට කලබලයට පත් වු ඇය කුමක් කරන්නද කියා සිතාගන්නට නෙහැකිව සිටියදී පූජා ඇයට උදව් කිරීමට පැමි‍ණෙනවා..

මහිමාට ගෙදර යන්න වුවමනා වූ වේලාවේ පූජා ඇයත් සමඟ ඇගේ ගෙදර යාමට එන්න කැමති වෙනවා.. එසේ යන අතරතුරදී මහිමා කුරුළු ගැන සියළු විස්තර හෙළි පූජාට හොළි කරනවා.. එ කුරුළු වගේම කෙනෙක් ඇඟේ ගමේත් සිටිනා බව කියමින්.. පූජා ඒ අවස්ථාවේ විස්මයට පත් වෙනවා. මන්ද ඇය ඇගේ ඇස් දෙකෙන්ම කුරුළු මියගොස් සිටිනවා දැකපු නිසාවෙනි.. නමුත් ඇය මහිමා සමඟ ගොස් ඇයව ගෙදරින් බස්සවා හොටලයකට ගොස් නැවතී හිඳ ඉන්පසු දිනයේ කොළඹ යෑමට සිතුවත් එය එසේ නොවුනා.. එතන සිටි කුරුළුව ගෙදර තියාගෙන සිටිනා ලොකු සර් නම් වු තැනැත්තා ඇයට ඔහුගේ ගෙදර සිටිමට හැකි බව පවසනවා. එම නිසා ඇය ඔහුත් සමඟින් ඔහුගේ නිවසට යනවා. ඉන්පසුව පසුවදා උදේ ඇය එළියට එන විට මල් කඩමින් සිටින කුරුළුව දකිනවා.. එ අවස්ථාවේ ඇය ඉතා බියට පත්වෙනවා.. ඇය කුරුළු කියා නම කීවත් කුරුළු දන්නේ නැ කරුළු කියන්නේ ඇයට කියා. මන්ද ඇයට සිදුවූ අනතුර හේතුවෙන් ඇගේ මතක ශක්තිය නැති වී ගියා. එම නිසා ඇය පූජාව අඳුන ගත්තේ නැහැ.. ඉතිං ඉදිරියේදී කුමක් සිදුවෙයිද? අභිමන්ට කුරුළුව මුණ ගැසෙයිද? කුරුළුගේ මතක ශක්තිය ලැබෙයි ද කියන මේ සියළු දේම අප හැමෝටම කුතුහලයකි..

(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *