සතියේ දින වල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සරා හා කවඩියා ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයට යනවා.පාරේ පැමිණෙන බිංදු සිරි හා පිරිසට සරා හා යහළුවන්ගේ පොල්ලෙලි වලට ගිනි තබා එතැනින් පිටව යනවා.ඉන්පසු එතැනට පැමිණෙන කිරි පුතා හා සුද්දා ගිනි ගන්නා පොල්ලෙලි නිවා දමනවා.කවඩියා හා සරා බොහෝ වේලාවක් ගීතානි මිස් එනතුරු බලා සිටිනවා.නමුත් ඇය පැමිණෙන්නේ නැති නිසා ඔවුන් එතැනින් පිටව යනවා.කලායතනය කිරීමට තැනක් නැතිවීම සම්බන්ධයෙන් මාස්ටර් ලොකු හාමුදුරුවන් සමඟ කතා කරනවා.කෝපයෙන් සරා වාඩියට පැමිණෙනවා.කවුරුන් හෝ පොල්ලෙලි ගිනිතබා ඇතිද කියා විමසනවා.කිරිපුතා වාඩියෙන් එළියට ගිය විට සුද්දා සරා හට බිංදුසිරි සැක බව පවසනවා.කෝපයෙන් සරා හා යහළුවන් බිංදුසිරි සොයා යනවා.පාරේ යන සරා හට බිංදුසරි හමුවනවා. වාහනෙන් එළියට ඇඳගන්නා බිංදුසිරි සමඟ සරා රණ්ඩු වනවා.පසුදිනද සරා හා කවඩියා ප්‍රාදේශය ලේඛම් කාර්යාලයට යාමට පැමිණෙනවා.මේ අතර ඔවුන් ඉදිරිපිටට පොල්ලෙලි ලොරිය පැමිණෙනවා.

ඉන්පසු පොල්ලෙලි ගන්න ලෙස ඔහුට පවසනවා.පසුදිනද රස්තියාදු වන සරා හා කවඩියා නැවත එතැනින් කෝපයෙන් පිටව යනවා.මේ අතර පාඨලීගේ නිවසට ඇය විවාහ වීමට සිටින කෙනා පැමිණෙනවා.ඔවුන් කතා කරමින් සිටින විට මාස්ටර්ද පැමිණෙනවා.ඉන්පසු මාස්ටර් පාඨලි ඔහුට අකමැති බව පවසනවා.කෝප වන ඔහු මාස්ටර් හා පාඨලි හට බැන වදිනවා.සරා හා කවඩියා මාලන්ගේ කාර් එකේ නැග පැමිණෙන විට පාඨලි විවාහ වීමට සිටි පුද්ගලයා පැමිණෙනවා.ඉන්පසු ඔහු සරා හට තමා පාඨලි විවාහ වන බව පවසනවා.එය අසා ඉතාමත් දුකින් සරා වාඩියට පැමිණෙනවා.කිසිදු කෙනෙක් සමඟ සරා කතා නොකර සිටිනවා.මේ අතර මාලන් රාත්‍රියේ වාඩියේ සිටිනවා.දුකින් සිටින සරා ඇත්තටම ගමට එන්නේ තමාගේ අක්කා බැලීමට කියාත් අක්කා හට ආදරයද කියා විමසනවා.ඇත්තටම ඔහු රසිකා හට කැමතිනම් ඇයට කෙලින්ම එය පවසා විවාහ වනවානම් එය කරන ලෙස පවසනවා.මන්ත්‍රි කෝපයෙන් ජානකිගේ නිවසට පැමිණෙනවා.තමා උපවාසයක් කරන ලෙස ඔහු පවසනවා.පිට පාරෙන්ම ඔවුන්ගේ පොල්ලෙලි නොගෙන පොල්ලෙලිලොරිය යන අයුරු සරා හා යහළුවන් දකිනවා.ඉන්පසු ඔවුන්ගෙන් පොල්ලෙලි නොගන්නේ ඇයිදැයි විමසනවා.තමා හට බිංදු සිරි පොල්ලෙලි ඔවුන්ගෙන් නොගන්නාලෙස පැවසු බව පවසනවා.

එතැනට පාඨලි සරා වෙත කතා කළද ඔහු එතැනින් පිටව යනවා.නැවතත් පාඨලි සරා සොයා පැමිණෙනවා.එතැනදිද සරා පාඨලි සමඟ කතා නොකර පිටව යනවා.මාලන් සරාගේ නිවසට පැමිණෙනවා.රසිකා හමුවන මාලන් රසිකාගෙන් ඔහු විවාහ කරගැනීමට සරා කැමති වූ බව පවසනවා.එය අසන රසිකා කෝපයෙන් මාලන් හට බැන වදිනවා.බිංදුසරිහා පිරිස කසිප්පු විකිණීමට සුදානම් වනවා.මාස්ටර් කලායතනය නැවතත් වෙනත් තැනක පටන්ගන්නවා.සරාගේ වාඩියට ඔවුන් සොයමින් සිටි ගීතානි මිස් පැමිණෙනවා.ඉන්පසු ඇය ඔවුන් හට උදව්කරන ලෙස පවසනවා. පසුදින සරා හා යහළුවන් පැමිණෙන විට බිංදුසිරිද පැමිණෙනවා.ඉන්පසු සරා පාර හරස් කරනවා.බිංදුසිරි ඉන්පසු ඔවුන් හැප්පීමට හදනවා.ඉන්පසු ඔවුන් වාහනය පසුපස දිව යනවා.ඉන්පසු බිංදුසිරිගේ වාහන නතර වනවා.කෝපයෙන් සරා ඔවුන් වෙත පැමිණෙනවා.සරා හා පිරිස පොල්ලෙලි තැබීමට මඩුවක් සාදනවා.එය අවසන් කර පැමිණෙන සරා හට පාඨලි මුණගැසෙනවා.තමා සමඟ කතා නොකරන්නේ ඇයිදැයි ඇය විමසනවා.සිදුව ඇති දේ ඔහු දන්නා බවත් පවසා සරා එතැනින් පටව යනවා.සරා හා පිරිස කඩයට වී කතා කරමින් සිටිනවා.ගජමෑන් එතැනදි මුදලාලි හට ගසා එතැනින් පිටව යනවා.සරා හා යහළුවන් හට පොල්ලෙලි මඩුව සෑදිමට මාලන්ද උදව් වනවා.

රසිකාද තේ රැගෙන සරා සිටින තැනට පැමිණෙනවා.ඉන්පසු එතැන දි සරා සමඟ එකතු වී රසිකාද සිංදු කියනවා.පාරේ සිටින ගජමෑන්ව පන්සලේපොඩි හාමුදුරුවන් පන්සලට එක්කගෙන යනවා.පසුදින සරා හා යහළුවන් හමුවීමට ගීතානි මිස්පැමිණ අයදුම්පතක්ද සම්පුර්ණකරගන්නවා.ඔවුන්ගේ ව්‍යාපාරයට නමක් යොදාගන්නා ලෙස ගීතානි පවසනවා.ඉන්පසු සරා හා ගීතානි මිස් සමඟ ඔවුන්ගේ වැඩකටයුතු කතා කරමින් පාරේ ඉදිරියට පැමිණෙනවා.ඔවුන් පැමිණෙන විට පාඨලි හා යහළුවන් දකිනවා.එය දකින පාඨලි කෝපයට පත් වනවා.පසුදින රසිකා සොයා ඇය විවාහ වී සිටි ජයන්ත පැමිණෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *