සතියේ දින වල රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල කාගේත් සිත් දිනාගත් ටෙලි නාට්‍යකි.එය මෙසේ ගලා යනවා.කෝපයෙන් එෂාන් වෙත පැමිණෙන අම්මා ඔහුට බැන වදිනවා.එෂාන්ගේ දුරකථනය අම්මා රැගෙන යනවා.එෂාන්ගේ තාත්තා සුසිල් සර් හමුවීමට පැමිණෙනවා.ඉන්පසු ඉරෝෂ් ආරණ්‍යා හට ආදරය කරන බව පවසනවා.එය ඉතාම දරුණු දෙයක් බව පවසනවා.ෆැක්ටරියට යන උවිඳු ජුඩ්ගෙන් මේඝා මිස් ගැන විමසනවා.මේ අතර ආරණ්‍යා මේඝා ලෙස නැවත උවිඳු හට පවසනවා.දේවානිද එතැන සිට උවිඳු කතා කරන දේ අසා සිටිනවා.තමා උවිඳු ගැන සොයාබැලූ බවත් තමා ඔහුට කැමති බවත් පවසනවා.තමා හට උවිඳු කැමතිනම් සවස පාර්ක් එකට එන ලෙස පවසනවා.උවිඳු එතැනින් ගිය විට ගිම්හානි දේවානි සිටින තැනට පැමිණෙනවා.උවිඳු මේඝා හමුවීමට යාවිද කියා දෙදෙනාම කතා කරමින් සිටිනවා.උවිඳු එතැනට පැමිණ තමාට ඉක්මනින් යාමට උවමනා බව පවසා ගිම්හානිගෙන් අවසර ඉල්ලා සිටිනවා.ඉන්පසු උවිඳු එතැනින් පිටව යනවා.එය අසා සිටින දේවානි අඬනවා.

එතැනට පැමිණෙන ගිම්හානි ඇය සනසනවා.මේ අතර අරණ්‍යා දේවානි සමඟ පාර්ක් එකට යනවා.උවිඳු මේ වගේ අයෙක් බව දේවානි කලින් සිතා සිටියේ නැති බව පවසනවා.ඉන්පසු ආරණ්‍යා උවිඳු හට ඇමතුමක් ගන්නවා.එයට උත්තර දෙන උවිඳු තමා හට ඒමට නොහැකි බවත් ආරණ්‍යා හට ඇය අකමැති බවත් තමාට ආදරය කිරීමට කෙනෙක් ඇති බවත් එයාගේ නම දේවානි බවත් පවසනවා.ඔවුන් හට සුභපතන බව පවසා ආරණ්‍යා දුරකථනය විසන්ධි කරනවා.මේ අතර රාත්‍රියේදි දේවානි හමුවීමට ආරණ්‍යා පැමිණෙනවා.දෙදෙනාම සවස සිදු වු දේ ගැන කතා වනවා.මේ අතර මේ බව අම්මා හට කියන ලෙස ආරණ්‍යා දේවානි හට පවසනවා.ඉන්පසු අම්මා හට ඇමතුමක් ගන්නා දේවානි උවිදු තමා හට ආදරය බවත් ඇයත් ඔහුට ආදරය බවත් පවසවනා.දේවානි කුමන තීරණය ගත්තත් තමා ඇය සමඟ සිටින බව දේවානිගේ අම්මා පවසනවා.දේශිත හමුවීමට එන අම්මා ඔහුට අකීකරු නොවනලෙස පවසනවා.අම්මාගේ සතුට නසීරාව ඔහු අමතක කරන එක නම් ඔහු එය කරන බවත් ජීවිත කාලයේම ඔහු තනිකඩව සිටින බව පවසනවා.කාට් රේසින් පදින තැන උවිඳු හා රාදික අතර බහින් බස් වීමක් සිදු ව දෙදෙනාම රණ්ඩුවක් ඇති වනවා.මේ අතර උවිඳු හා දේවානි හට ගිම්හානි තේ වත්තට යන ලෙස පවසනවා.ඉන්පසු දෙදෙනා එතැනින් පිටව යනවා.තනිව කතා කරමින් දෙදෙනාම ඇවිදගෙන එනවා.ඒ අතර උවිඳු දේවානිගෙන් ඔහු ඇසු ප්‍රශ්ණයට උත්තර දෙන ලෙස පවසනවා.

ඉන්පසු තමාත් උවිඳුට ආදරය කරන බව දේවානි පවසනවා.උවිඳු දේවානි ගැන අම්මා හා තාත්තා සමඟ පවසනවා.පසුදින උවිඳුගේ අම්මා හා තාත්තා දේවානිගේ සම්බන්ධය ගැන කතා වනවා.ඉරෝෂ් හමුවීමට පැමිණෙන ආරණ්‍ය ඔහුගේ පියා නරක වැඩ කරන එකෙන් වලක්වන ලෙස ඇයට පොරොන්දු වන ලෙසත් ඔවුන්ගේ සම්බන්ධයට දිගටම ගෙන යාමට පුළුවන් එයින් බව පවසනවා.ඉන්පසු ඉරෝෂ් එයට කැමති වනවා.උවිඳු හා ජෝන් කෑම කමින් සිටින තැනට දේවානි පැමිණෙනවා.තිදෙනාම එකතු වී කෑම කමින් සිටිනවා.ජොන් හට උවිඳු විහිළු කරනවාඉන්පසු කෝප වන ජෝන් එතැනින් පිටව යනවා.තමා හට බත් කටක් කවන ලෙස උවිඳු දේවානිට පවසනවා.දේවානි උවිඳු හට බත් කවන අයුරු ගිම්හානි මිස් දකිනවා.ඉන්පසු ඇය නැවතත් හැරි එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *