සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා. පැත්තකට වී කල්පනා කරමින් සිටින රදීෂ් ළඟට පැමිණෙන  ඔහුගේ අක්කා, දැන්වත් මෙලෙස කල්පනා කරමින් සිහින ලෝක මවන එක නතර කරන්න කියා පවසමින් ඔහු මෙලෙස කල්පනැා කරමින් සිටින්නේ ලිහිණි ගැන කියා ඇය දන්නා බවත් පවසද්දි ඇය කියු දේ ඉවසා ගන්නට නොහැකි වුන රදීෂ් ඇයට සැර කරමින් ඕනේ නැති දේවල් කියන්නට එපා කියාත් ඔහුට ඉවසීමේ සීමාවක් තිබෙන බවත් කියමින් ඇය පිටරට සිටියා කියා අනිත් මිනිසුන්ට අපහාස කරන්නට එපා කියා පවසා සිිටිනවා.ඒ වේලාවේ ඇය මෝඩ බවත් ඇයව කොතරම් කොල්ලෝ රැවට්ටුවාද කියා දන්නා බවත් පවසද්දී එය අසා කේන්ති ගිය රදීෂ්ගෙ අක්කා ඔහු ඇයට කතා කරන්න ඉගෙන ගන්න කියාත් කියමින් එතැනට රමණිට අඬගසනවා.ඒ වෙලාවේ ඔවුන් දෙදෙනාගේ රණ්ඩුව ඇසී එතැනට පැමිනෙන ඩිලාන් ඔවුන්ගේ රණ්ඩුව එළියට ඇසෙන බව කියමින් ඔවුනට බැන වදිද්දී මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න ඇයට කියා දෙන්න කියා රදීෂ් ඩිලාන්ගෙන් ඉල්ලා සිටිනවා.ඉන්පසු ඒ අවස්තාවේ ඩිලාන්ද රදීෂ්ගේ පැත්ත ගනිමින් එලෙස මිනිසුන්ට කතා කරන්නට එපා කියාත් ඇය කතා කරන භෂාව හොඳ නැති බවත් පැහැදිලි කර දෙන්නට උත්සහා කරනවා.

රමණි සමඟින් කතා කරන්නට පැමිණෙන අමීෂා, ඇයට අවන්තව රට යවන්නට සිතෙන බව පවසද්දී එතකොට දෙව්මිට මොකද වෙන්නේ කියා රමණි විමසද්දී එම සම්බන්ධය දැන් නැති බවත් ඇයගේ ගෙදරින් ඇයට මනමාලයකු සොයන බවත් අමිෂා පවසද්දී එය අසා පුදුම වෙමින් රමණි එසේ කරනවා නම් කලින්ම ඔවුන්ට කියන්නට තිබුණු බවත් ඇය නම් මුලසිටම රදීෂ් සහ ලිහිණිගේ සම්බන්ධයට කැමැත්තක් නැති බවත් පවසනවා.ඉන්පසු අමීෂා ඇයටත් ඔවුන්ට පෙන්නත් එක්කම රදීෂ්ට හොඳ කෙනෙකු සොයා දෙන්නට සිතෙන බවත් පවසමින් ඇය දන්න හොද කෙනෙකු ඇයගේ රටේ නැතිද කියා අමිෂා විමසනවා.ඉන්පසු රමණි සිනාසෙමින් ඇයට ඕන තරම් ඇගේ යහළුවන්ගෙ දුවලා ඉන්න බවත් එහෙයින් අවන්තට හොඳ කෙනෙකු සොයා දෙන්නට පුළුවන් බවත් රමණි පවසනවා.ඉතිං එලෙස ඔවුන් කතා කරමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන රදීෂ් ඔවුන් දෙදෙනා මෙලෙස එකතු වී මානමලියෙක් හොයන්නට යන්නේ කාටද කියා විමසද්දී රදීෂ්ට කිසිදෙයක් කියන්නට එපා කියාත් ඔහු හැමදේම ගොස් අවන්තට කියයි කියාත් රමණි පවසද්දී එය කිව්වට කමක් නැති බවත් දෙව්මි මනමාලයෙක් හොයාගත්තේ ඔවුන්ට කියලා නෙමෙයි කියාත් අමිෂා පවසද්දී ඇත්තටම දෙව්මි එසේ කොල්ලෙක්ව සොයා ගෙනද කියා රදිෂ් අසනවා.

ලිහිණිට රදීෂ් දුරකථන ඇමතුම්ක් ලබා ගත් අවස්ථාවේ ඊට පිළිතුරු දෙන ලිහිණිගේ අම්මා ලිහිණි නිවසේ නැති බවත් ලොකු අප්පාගේ ගෙරද ගොස් ඇති බවත් පවසනවා.ඒ වේලාවේ ඇය එද්දී කිය වෙයිද කියා රදිෂ් අසද්දී ඇය හිතන විදියට ලිහිණි එදින එහේ නැවති සිටි හෙට උදෑසනින් ගෙදර එයි කියාත් පවසද්දී ලිහිණි ෆොන් එක අමතකර කර ගිහින්ද කියා අසමින් ඔහු මෙසේ කතා කලේ හදිසියේම ඇය ගමේ ගියේ ඇයිද කියා දැනගන්නට බවත් ඇය ඒ ගැන කිසිදෙයක් ඔහුට කිවේ නැති බවත් රදීෂ් පවසද්දී එය අසා පුදුම වෙන රදීෂ්ගේ අම්මා ඇය මෙලෙස ඇවිත් තිබෙන්නේ ඔහුටත් නොකියාද කියා රදිෂ්ගෙන් අසනවා.ඉන්පසු රදීෂ් එකට කමක් නැති බවත් ඇය ආ ගමන්ම ඔහුට ඇමතුමක් ගන්න කියා කියන්න කියා රදීෂ් ලිහිණිගේ අම්මාගෙන් ඉල්ලා සිටිමින් ඇය ඒ ගැන ඔහුට කිවා නම් ඇයත් සමඟින් ඔහුටත් එන්නට තිබුණු බව රදීෂ් පවසද්දී එය ඇත්ත නමුත් ඔහුගේ  අම්මා අකමැති නිසා ලිහිණි මෙසේ කියන්නේ නැතිවම එන්නට ඇති බවත් ඇය උදේ ආ ගමන්ම ඔහුට කතා කරන්න කියා ලිහිණිට කියන්නම් කියාත් ලිහිණිගේ අම්මා පවසමින් දුරකතන තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *