දෙරණ නාලිකාවේ මේ දවස් වල විකාශය වන derana dream star season 10 මේ දින වල අවසන් තරඟකරුවන් ‍24දෙනාගේ වටයේ සිටින අවසන් තරඟකරුවන් කණ්ඩායම පසුගිය සතියේ ගීත ගායනා කරණු ලැබුවා.වෙනදා වගෙම කීර්ති පැස්කුවෙල් මහතා,උමාරා සිංහවංශ මහත්මිය,සමිතා මුදුන්කොටුව මහත්මිය සහ නදීක ගුරුගේ මහත්මයාගෙන් යුත් විනිශ්චය මණ්ඩලය පැමිණ තිබුණි.

සංගීතයෙන් සහය ලබා දෙන්නෙ ලසන්ත කාරියවසම් ප්‍රධාන සික්ෂා සංගීත කණ්ඩායමයි.අංක 1 රජිත භානුක,අංක 2 ශ්‍රීනි ගමගේ ,අංක 3 මිහිදුන් කීර්තිසිංහ ,අංක 4 නිර්මානි ශාලිත්‍යා,අංක 5 ලුක්ෂාන් ගමගේ ,අංක 6 දුලංග සම්පත්,අංක 7 වෙනුසර වින්දන,අංක 8 උදිත් මේනක,ගීත ගායනා කරනු ලැබීය. මෙම තරඟකරුවන් ඉදිරියට ගෙය යාම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වෙයි.අංක 1 රජිත භානුක ආත්මා ලියනගේ මහත්මයාගේ සමනලියා ගීතයද අංක 2 ශ්‍රීනි ගමගේ සමන්තා පෙරේරා හමත්මියගේ සුවඳයි මල් සුවඳසේ ගීතයද,3 මිහිදුන් කීර්තිසිංහ ඉන්ද්‍රචාපා ලියනගේ මහත්මයාගේ පියවුනා ගීතයද,අංක 4 නිර්මානි ශාලිත්‍යා munbe vaa en anbe vaa දමිළ ගීතයද,අංක 5 ලුක්ෂාන් ගමගේ භාචි සුසාන් මහත්මයාගේ රුදුරු රළ පෙළ ගීතයද,අංක 6 දුලංග සම්පත් ෂෙල්ටන් පෙරේරා මහත්මයාගේ බුදුනේ බුදු පියාණනේ ගීතයද,අංක 7 වෙනුසර වින්දන කසුන් කල්හාර මහත්මයාගෙ සඳ ඕනා ගීතයද,අංක 8 උදිත් මේනක ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ අඩවන් දෑසින් සිංදවට මෙම වටයේ ගායනා කරනු ලැබීය.අංක 8 උදිත් මේනක මේනක 50512 ද,අංක 6 දුලංග සම්පත් මනාප 46453ද,අංක 1 රජිත භානුක මනාප 43405 ද,අංක 5 ලුක්ෂාන් ගමගේ මනාප 41533ක්ද ,අංක 7 වෙනුසර වින්දන මනාප 38293ක්ද ,අංක 4 නිර්මානි ශාලිත්‍යා මනාප 31189ක්ද 3 මිහිදුන් කීර්තිසිංහ මනාප 28502ක්ද ලබා ගනිමින් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීය. අංක 2 ශ්‍රීනි ගමගේ මනාප 26303ක් ලබා ගනිමින් එදින තරඟයෙන් ඉවත්ව යාමට සිදුවිය.ලබනසතියේ කවුරුන් ඉදිරියට යාවිද කියා තවමත් කිව නොහැක.තරඟකරුවන් සියලුම දෙනා එක හා සමානව ඉතාමත් දක්ෂ ලෙස ගායනා ඉදිරිපත් කරනු ලබයි.
(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *