දෙරණ නාලිකාවේ මේ දවස් වල විකාශය වන derana dream star season 10 මේ දින වල අවසන් තරඟකරුවන් ‍27 දෙනාගේ වටයේ සිටින අවසන් තරඟකරුවන් කණ්ඩායම පසුගිය සතියේ ගීත ගායනා කරණු ලැබුවා.වෙනදා වගෙම කීර්ති පැස්කුවෙල් මහතා,උමාරා සිංහවංශ මහත්මිය,සමිතා මුදුන්කොටුව මහත්මිය සහ නදීක ගුරුගේ මහත්මයාගෙන් යුත් විනිශ්චය මණ්ඩලය පැමිණ තිබුණි.සංගීතයෙන් සහය ලබ දෙන්නෙ ලසන්ත කාරියවසම් ප්‍රධාන සික්ෂා සංගීත කණ්ඩායමයි.

එදින වේදිකාවේ අංක 1 කළණ නුවන්ජිත්,අංක 2 දිල්මි ධනංජනා,අංක 3 දිනිදු ෂේන්,අංක 4 ශ්‍රීනි ගමගේ,අංක 5 උදිත් මේනක,අංක 6 අංජලී මෙත්සරා,අංක 7 වෙනුසර වින්දන,අංක 8 නිපුන් කල්හාර,අංක 9 තීක්ෂණ දෙවන්මිනි තරඟ කිරීමට නියමිතව තිබිණි.මෙම තරඟ තුල ප්‍රේක්ෂකයින් හට තරඟකරුවන්ගේ අංක සදහන් කර sms යවා ඔවුන්ඉදිරියට ගෙනයාමට හැකියාව තිබේ.එදින දිනිඳු ෂේන් තරඟකරු හට තරඟයට සහභාගි වීමට නොහැකි විය.ඔහුගේ වම පසුගිය දිනක මෙලොවින් සමු අරන් තිබිම හේතුවෙන් සහ ඔහු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බැවින් සහභාගි වීමට නොහැකි විය.මුලින්ම තරඟයට මුහුණදුන්නෙ අංක 1 තරඟ වැඳි කළණ නුවන්ජත් පණ්ඩිත් අමරදේවයන්ගේ මින්දද හී සර ගීතය ගායනා කරණු ලැබීය.අංක 2 දිල්මි ධනංජනා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතයද,අංක 3 දිනිදු ෂේන් තරඟටය සහභාගි නෙවුනත් ඔහුට සමිතා මුදුන්කොටුව මහත්මිය ඇයගේ vote එක ලබා දිය.අංක 4 ශ්‍රීනි ගමගේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ අහසයි ඔබ මට ගීතයද,අංක 5 උදිත් මේනක ජෝතිපාල මහත්මයාගෙ රන්වන් පහන කෝ ගීතයද,අංක 6 අංජලී මෙත්සරා mohe raga do laal හිංදි ගීතයද,අංක 7 වෙනුසර වින්දන කසුන් කල්හාර මහත්මයාගේ ප්‍රේමයේ මං තලාවේ ගීතයද,අංක 8 නිපුන් කල්හාර විශාරද නන්දා මාලනී විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරීන් ගේ සක්වල එතෙරට ගීතයද,අංක 9 තීක්ෂණ දෙවන්මිනි නිශාන්ත ප්‍රදීප් මහත්ගේ සලා දෙනෙත් යුග ගීතයද ගායනා කරනු ලැබීය.අංක 8 නිපුන් කල්හාර මනාප 49660 ක් ලබාගනිමින් ප්‍රථමයෙන් ද අංක 6 අංජලී මෙත්සරා මනාප 46229ක් ද අංක 5 උදිත් මේනක මනාප 44651 ක්ද අංක 1 කළණ නුවන්ජිත් මනාප 34382ක්ද අංක 3 දිනිදු ෂේන් මනාප 32339ක් ද අංක 7 වෙනුසර වින්දන මනාප 31373ක් ද අංක 4 ශ්‍රීනි ගමගේ මනාප 29694 ක්ද ලබා ගනිමින් ඉදිරි තරඟ වටය සඳහා සුදුසුකම් ලැබූ අතර අංක 2 දිල්මි ධනංජනා මනාප 28748 තරඟයෙන් ඉවත් වීමට සිදු විය.

(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *