★අද මම මේ කතා බහට එකතු කරගන්න යෞවනයාට තවම අවුරුදු 18ක් නෑ නමුත් ඔහු කරලා තියෙන වැඩ දිහා බලනකොට අවුරුදු 18 පැනපු තරණයෙක් කරන දේවල් කරන්න දස්කම් විස්කම් දක්වන හරිම ශූර තරුණයෙක් කියලා කිව්වෝත් නිවැරදි…මේ වෙනින් කවුරුත්නෙවෙයි මේ දිනවල ඔබේ ආදරය නොමදව දිනාගෙන ඉන්න රත්නේ ළමයා….ඔහු තමයි ශාරද් චන්දුම…ඉස්සෙල්ලාම කියමු ඔබේ පවුලේ විස්තර..?
”මමයි අප්පච්චි අම්මයි මල්ලි…”
★නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ගත්තාම අධ්‍යක්ෂණය කලේ ඔබේ පියා..?
”ඔව් ඇත්තටම නාඩගම්කාරයෝ විතරක් නෙවෙයි මම රඟපාපු ගොඩක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කලේ අප්පච්චි තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන්….අප්පච්චි ගැන ඇත්තටම කතා කරන්න ඕන…මෙච්චර දුර ආව රංගන ගමනේ පිටිපස්සෙන් හිටියේ අප්පච්චි ඒ වගේ ම අප්පච්චිගේ නාඩගම්කාරයෝ නිර්මාණයේදි මට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුනා…”
★අප්පච්චිට වද කලාද ටෙලිනාට්‍යට ගන්න කියලා…?
”අපෝ නෑ…නැත්තෙත් නෑ ඉතිං…කලින් ටිකේ O/L නිසා මට කොහොම හරි රඟපාන්න බැරුව හිටියේ….මම අප්පච්චිට කිය කිය හිටියේ මට චරිතයක් කරන්න ඕන කිය කිය ඒ අතර වාරේ තමයි මේ රත්නේගේ චරිතය හම්බවෙන්නේ…2020 නොවැම්බර් වල වගේ තමයි රත්නේ ගැන කියන්නෙ…මට ආසාවක් ආවා රත්නේ කියන චරිතය කරන්න…ඒකත් එක්ක තමයි රත්නේ කියන චරිතය කරන්න ඕන කියන එක හම්බුනේ….”
★දැන් ශාරත්ට හරියටම වයස කීයද..?
”අවුරුදු 17යි මාස 6යි…”
★ඉස්සෙල්ලාම රඟපානකොට වයස කීයද…?
”මම හතරේ පන්තියේ ඒ කියන්නෙ අවුරුදු 12ක් වගේ…”
★ඔබේ ගම..?
”නුවර නියංගොඩ…”
★අධ්‍යාපනය..?
”නුවර ශ්‍රී චන්ද්‍රාරාම බෞද්ධ විද්‍යාලය…”
★දැන් මොන පන්තියේද..?
”දැන් 12 පංතියේ…ලබන අවුරුද්දේ A/L ලියනවා…”
★ඉස්සෙල්ලාම රඟපෑවේ ටෙලිනාට්‍යකද චිත්‍රපටයකද..?
”ටෙලිනාට්‍ය..”
★ඒ මොකක්ද..?
”තිලිණ බොරලැස්ස මාමාගේ මලී දෙක අත්තම්මා කියන ටෙලිනාට්‍යයේ මුලින්මට හරි චූටි චරිතයක් රඟපෑවේ ඊට පස්සේ තමයි අප්පච්චිගේ නිර්භීතයි අපි නාට්‍යයේ රඟපෑවේ….”
★ටෙලිනාට්‍ය කීයක රඟපාලා තියෙනවද නාඩගම්කාරයෝ එකට කලින්..?
”ටෙලිනාට්‍ය 10 විතර රඟපාලා තියෙනවා මම හිතන්නේ…හදාගෙනනම් නෑ කීයක රඟපාලා තියෙනවද කියලා…”
★චිත්‍රපටවල රඟපාලා නැද්ද..?
”චිත්‍රපට දෙකක විතර රඟපාලා තියෙනවා….”
★ඒ මොනවද..?
”එකක් තිරගත වෙලා තියෙන්නේ පහ සමත් කියන චිත්‍රපටය ඒක 2017 අවුරුද්දෙදී,තව එන්න තියෙනවා කදිර මුදිරු කියලා අපේ ගිරා මාමගේ FILM එකක් ඒකෙත් පොඩි චරිතයක් කරනවා… ”
★නාඩගම්කාරයෝ ගැන කතා කරනකොට ශාරත්ට කොහොමද අවස්ථාව ලැබුනේ නාඩගම්කාරයො ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්න…තාත්තා අධ්‍යක්ෂකවරයා වෙච්ච පමණින් ඔබට අවස්ථාව ලැබෙන්නේ නෑනේ..?
”ඔව් ඒක ඇත්ත..රංගනය කියන දේ මගේ විශ්වාසයක් තියෙනවා අපිට උනන්දුවක් තියෙන්න ඕන හැදෑරීමක් තියෙන්න ඕන කරගෙන යන්න…මට ලොකු ආසාවක් තිබ්බා serious comedy චරිතයක් කරන්න…O/L නිසා මට කොහොම හරි අවුරුද්දක් විතර රංගනයෙන් ඉවත් වෙලා ඉන්න සිද්ධ උනා…මම අප්පච්චිගෙන් ඉල්ල ඉල්ල හිටියේ මට චරිතයක් ඕන ඕන කියලා ඒ අතරවාරයේදි මට මේ රත්නේ ගේ චරිතය ගැන කිව්වා ඊටපස්සේ මම මේකට ආස වෙලා මේ චරිතය කරලා කොහොමද මේ චරිතය හදාගන්න විදිහට ගැන හදාරලා තමයි මේ චරිතය හදා ගත්තේ…. ”
★මේ චරිතය රඟපාන්න ලැබිච්ච දවසේ ඉදන් කොහොමද ඔබ මේ චරිතයට ලෑස්ති උනේ…?
”චරිතය ගැන මුලින්ම විස්තරයක් කියන්නේ 2020 නොවැම්බර් වගේ ඒ කියන්නේ මේ නාට්‍ය රූගත කරන්න කලින් ඒ කාලේ මම මේ රත්නෙගෙ ඇවිදින විදිහ කතාකරන විදිහ හදාගන්න ගොඩක් TRY කලා…එදා ඉදන් අද වෙනකොට රත්නේ මගේම කෑල්ලක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා…”
★රත්නේ පොඩි ළමයෙක් උනාට කරන්නේ ලොකු වැඩ කියන්නේ පණ්ඩිත කතා මේ කතා කියනකොට ඇත්තටම ඔබට මොකද හිතෙන්නේ..?
”රත්නේ කියන චරිතයට ගියාට පස්සේ ගොඩක් වෙලාවට ඒ විදිහට හිතෙන්න ගන්නවා…ඇත්තටම ලොකු එක්කෙනෙක් වගේ හිතෙන්න ගන්නවා…”.
★ඔබට රඟපාන්න ලැබෙන්නේ ලංකාවේ ඉන්න ඉතාම දක්ශ රංගන ශිල්පීන් එක්ක විශේෂයෙන්ම ගිරිරාජ් කෞශල්‍ය මහතා,හසිනිකා කරලියැද්ද මහත්මිය,සහ කෝකිල පවන් මේ වගේ අති දැවැන්ත චරිත එක්ක මෙහෙම රඟපාද්දි එක පාරට පුංචි චකිතයක් ආවද හිතට….?
”චකිතයට වඩා මට උනන්දුවක් තිබ්බා ඒ වගේම ලොකු සහයෝගයක් හම්බුවෙනවා විශේෂයෙන්ම ගිරා මාමාගෙන් මොකද දැන් serious comedy character එකක්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතකොට ටිකක් අමාරුයි කරගෙන යන්න මොකද සමහර වෙලාවට මේක comedy වෙනවද නැද්ද කියලා තේරෙන්නේ නෑ…එතකොට ගිරා මාමා තමයි කියන්නේ මේක මේ විදිහට කියන්න මමමේ විදිහට කියන්නම් ඔයා මේ විදිහට කියන්න කියලා…ඉතිං එතකොට මට චකිතයකට වඩා සහයෝගයක් තමයි ඒ අයගෙන් ලැබෙන්නේ….”
★මේ අතරතුර අමතක නොවෙන සිදුවීම් වෙන්න ඇතිනේ…?
”අමතක නෙවෙන සිදුවම් නම් ගොඩයි….මේ ළඟකදිම වෙච්ච එකක් මම මාලන්ගෙන් ගුටිකාලා දුවගෙන යනවා දුවගෙන යද්දි මම රාළහාමිගේ බයිසිකලේ හැප්පෙනවා ඒක අපි රඟපාන්න හිතන් හිටියේ රිදෙන්නේ නැතිවෙන්න පැත්තකින් හැප්පෙන්න කොහොම හරි ඒක ඇත්තටම හැප්පුනා අතේ තාම ඒ පාර තියෙනවා….”
★මේ රත්නේ ළමයාව කොහොමද දකින්නේ ඔබ අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවර ගුරුවරියන් සහ ඔබේ මිතුරන්..?
”ඇත්තටම මේක සාධාරණ දෙයක් මොකද මමපාසල් යනවා හරිම අඩුයි O/L කාලෙත් මම දවස් 20ක් වගේ තමයි ඉස්කොලේ ගිහින් තිබ්බේ මුල් කාලේ මගේ පාසලෙන් හිතන්න ඇති මම අධ්‍යාපනයට මුල්තැන දෙන්නේ නැද්ද කියලා ඒ මොනා උනත් ඉස්කොලෙන් ලොකු උදව්වක් දිලා තියෙනවා මොකද මගහැරුණ පාඩම් කියලා දෙනවා මට විතරක් කතා කරලා තේරෙන්නෙ නැති දේවල් කියලා දෙනවා ඒ දේවල් එක්ක ලොකු සහයෝගයක් හම්බුවෙලා තියෙනවා ඉස්කෝලෙන් සහ ඒ වගේම යාළුවන්ගෙනුත් මට ඒ අයට පාඩම් කරන්න තියෙද්දි NOTE දීලා තියෙනවා…ඇත්තටම ලොකු සහයෝගයක් හම්බවෙලා තියෙනවා…ඒ අය මම ගැන කොහොම හිතනවද දන්නේ නෑ නමුත් මම ඒ අය ගැන බොහොම සංතෝෂයි…”
★නාඩගම්කාරයෝ එකේ ඔබට රඟපාන්න ලැබෙන්නේ සීමිත පිරිසක් එක්කවිතරයි…මුදලාලිගේ ගෙදරේ අය එක්ක විතරනේ ඔබට තියෙන්නෙ රඟපාන්න තව අය ඉන්නවනේ සරා කවඩියා කිරිපුතා මේ අය එක්කත් රඟපාන්න තිබ්බනම් හොදයි කියලා හිතෙන්නෙ නැද්ද..?
”කලායතනේ අයත් එක්ක රඟපාන්න මම ආසාවෙන් ඉන්නේ…සජිත අයියාත් එක්කමට රඟපාන්න හම්බුනා…අනිත් අය එක්ක ඇත්තටම රඟපාන්න හම්බුවෙනවනම් මමකැමති….”
★ඔබ දිගටම මෙහෙම නාඩගම්කාරයෝ එක්ක ඉදිරියට යනවා. තවත් ටෙලිනාට්‍ය චිත්‍රපට වල රඟපාන්න ඔබට ඇරයුම් ලැබිලා තියෙනවද…?
”නාඩගම්කාරයෝ එකෙන් පස්සෙ මේ ටික දවසකට නිර්මාණයකට සහභාගි නොවි ඉන්න තමයි තීරණය කලේ මොකද ලබන අවුරුද්දේ A/L තියෙනවා ඒකට ටිකක් අවදානය දෙන්නඕන කියලා හිතෙන නිසා..එතනින් පස්සෙ දිගටම රඟපෑම්කටයුතු වල නිරතවෙන්න කැමැත්තෙන් ඉන්නවා….”
★ඔබ නාගඩම්කාරයෝ ටෙලිනාට්‍යයේ මේ වෙද්දි රඟපාන්නෙ නෑ කියලා හිතන්න එතකොට ඔබ නාට්‍ය බලද්දි වැඩියෙන්ම හිත ඇඳිලා යන චරිත තුන මොකක්ද..?
”සරා,මාලන්,කුකුළා ළකුණ…..”
★හසනිකා කරලියද්ද දක්ෂ රංගන ශිල්පිනියක් එයත් එක්ක රඟපාන්න ඔබට මොනවගේ සහයෝගයක්ද ලැබුනේ…?
”එතන ඉන්න හැමෝගෙම ලොකු සහයෝගයක් තියෙනවා ඒක වචනයෙන් කියන්න බැරිතරම්….විශේෂයෙන්ම හසනිකා ඇන්ටි එහෙම තමයි මට වැරදෙවා අපි හිතනවනේ ඒ අය ප්‍රවීණ නළුවො විදිහට අයියෝ මේ මොනවද කියලා හිතයි කියලා එහෙම මුකුත් නෑවරදින වෙලාවට උනත් හොදට කරන්න කියලා ලොකු සහයෝගයක් දෙනවා…”
★මුලින්ම නාට්‍යයේ දැක්ක රත්නේ ළමයා දැන් කෙට්ටු වෙලාද කියලා හිතෙනවා…?
”එහෙම වෙනවනම් හොඳයි මම මාස තුන හතරක් තිස්සෙ diet කරනවා කෙට්ටුවෙන්න..”
★ඇයි ඒ කෙට්ටු වෙන්න හිතෙන්නේ…?
”මම පොඩි කාලේ ඉදන් ආසයි ලස්සන ඇඟක් තියෙන්න ඒත් කන එක නිසා ඒක කරගන්න අමාරුයි…Pizza දැක්කම කන එක නවත්තගන්න බෑ…”
★මොකද මේ සුදු ඇඳලා ඇවිත් තියෙන්නේ..?
”ඒකත් මට තියෙන ප්‍රශ්නයක් ඇඳුම් අදිද්දි කළු සුදු විතරයි මම අදින්නේ…මට වෙන පාට ලස්සන නෑ කලිසම් වලට ප්‍රශ්නයක් නෑ….denim අදින්නෙත් නෑ මම t shirt නම් කළු පාට shirt නම් සුදු පාට…”
★ටෙලිනාට්‍යයක රඟ පාද්දි අධ්‍යක්ෂකවරයා තාත්තා වෙන එක ලේසි වගේම අමාරුත් වෙනවා…ඔහු බලාපොරොත්තු වෙන දේ ඔබෙන් ලැබුනේ නැත්තම් ඔහුට කේන්ති යනවාද…?
”අප්පච්චි සාමාන්‍යයෙන් කේන්ති ගන්නේම නෑ…මම දැකලත් නෑ අප්පච්චිට එහෙම කේන්ති ගිහින් ඉන්නවා..අප්පච්චි මේ විදිහට කරන්න කියලා කියන්නේත් නෑ…”
★ඔබ කැමතිම රංගන ශිල්පීන් තිදෙනා කවුද..?
”එහෙම නම් කරන්න හරි අමාරුයි හැමෝටම එක වගේ කැමති…නමුත් ඒ අතරින් ආසයි තුමිදු දොඩම්තැන්න අයියට,රොහාන් විජේතුංග අයියට ඒවගේම සජිත අයියට….”
★නිළි පාර්ශවය ගත්තොත්…?
”සෙනාලි අක්කට…ඒ වගේම කසුනි කාවින්ද්‍යා අක්කා සරාගේ අක්කට ඉන්නේ…මිෂෙල් දිල්හාරා අක්කට ආසයි….”
★ඔබට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නෙ කාන්තා පාර්ශවයෙන්ද පිරිමි පාර්ශවයෙන්ද….?
”එහෙම එකක් නැ හැමෝගෙන්ම එක වගේ ප්‍රතිචාර හම්බවෙනවා…”
★අද වෙනකොට ඔබටම කියලා youtube නාලිකාවක් තියෙනවා..මේ නාලිකාව ඇසුරින් ඔබ තාක්ෂණය අතින් බොහෝ දේ තරුණ පරපුරට කියලා දෙන්න උත්සහ දරනවා …අපි ඒ ගැන කියමු.,?
”මට ලොකු කාලෙක ඉදලා editing වලට මාරම උනක් තිබ්බා මම කොහොම හරි තනියෙන් ඉගන ගත්තා ඊටපස්සේ මට උවමනාවක් තිබ්බා ලංකාවේ හරි අඩුවෙන් තිබබේ editing ගැන කියලා දෙන youtube channelඉතිං ඒ අතරවාරේ මටත් එකක් පටන් ගන්න ආසාවක් ආවා…ඒකත් එක්ක තමයි මම මගේ channel එක පටන් ගන්නේ…”
★කොහොමද ඔයතරම් ලොකු විශය ධාරාක් ගැන ඔබවගේ යෞවනයෙක් මේ තරම් ලොකු වැඩක් කියලා දෙන්නේ..?
”එකක් තනියම ඉගෙන ගන්න එක සහ අප්පච්චිගෙන් ලැබෙන දැනුම….අප්පච්චි ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා…..ඒ දේවල් එක්ක සහ රඟපාන්න ගියාම එතනදි ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා….fillm,tv series බලාලා ලැබිච්ච දැනුම තමයි තියෙන්නේ…ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ දේවල් හොදට ඉගෙන ගෙන අධ්‍යනය කරගෙන යන්න…”
★රංගනයට අමතරව ඔබ අධ්‍යාපනය පැත්තෙන් උසස් අධ්‍යාපනය ලබලා ඉදිරියේදි කරන්න බලාපොරොත්තුවෙන්නේ මොනවද..?
”එහෙම පැහැදිලි අදහසක් නෑ ඇත්තටම…නමුත් මම ගාව අදහස් දෙක තුනක් තියෙනව කරගෙන යන්න පළවෙනියටම මම ආසයි සංස්කරණ ශිල්පියෙක් වෙන්න,director of photography වන්න ආසයි ඒ දෙකම බැරි උනොත් මම pilot කෙනෙක් වෙන්න try කරනවා…ඒ නිසා තමයි මම maths කරගෙන යන්නේ දැනට..”
★ඔබට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට කියන්න මොනවාහරි තියෙනවද…?
”නාඩගම්කාරයෝ එක්ක දිගටම රැදිලා ඉන්න ඉස්සරහට ගොඩක් ලස්සන දේවල් වෙයි සහ ගොඩක් ස්තූති මෙච්චර කල් නාඩගම්කාරයෝ බැලුවට…ගොඩක් ස්තූතියි….”

සාකච්ඡාව – කැලුම් විජේසූරිය
video – https://www.youtube.com/watch?v=Yh55cKOmxT0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *