රානි මුකර්ජි? රානි මුකර්ජි බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් බව නොරහසක්. රානි මුකර්ජි ඔබ හමුවට පැමිණෙන මර්දානි 2 හින්දි චිත්‍රපටයේ සංවේදී කතාවටයි අද මේ වචන පෙළ දිව යන්නේ.

ඉන්දියාව කිව්වාම ඔබට එක් වරම සිහියට නැගෙන්නේ කුමක්ද? ඉන්දියාව බොහෝ දේවල් වලට නම් දරාපු ආසියාතික රටක්. නමුත් මර්දානි 2 නැරඹීමෙන් අනතුරුව ඉන්දියාවේ සිදුවන ස්ත්‍රී දූෂණ පිළිබඳවත්, ස්ත්‍රී දූෂණ වලට යොදවන්නන්, ඒ සඳහා ඔවුන් යොදාගන්නා උපක්‍ර්‍රම හා ඒවායේ ඇති අමානුෂික බව ඔබට වැටෙහෙනු ඇති.
මර්දානි පළමුවන චිත්‍රපටය දෙදාස් දහ හතර වර්ෂයේදී ඉන්දියාවේ තිරගත වුණා. නමුත් අද සටහන දිව යන්නේ 7.3ක IMDb අගයක් වාර්තා කරමින් 2019 වසරේදී නිකුත්වූ මර්දානි හි දෙවන චිත්‍රපටය වෙතට. ඉතින් මර්දානි 2 කොහොමද පටන් ගන්නේ. කතාවේ ආරම්භයම ඉන්දියාවේ වාර්ථාවක් ප්‍රේක්ශකයාට දිස්වන්නේ නරඹන්නන්
මවිතයට පත් කරමින්. එහි සඳහන් වන්නේ ඉන්දියාවේ සෑම වසරකම අවුරුදු දහ අටට අඩු පිරිමි ළමුන් විසින් සිදුවන ස්ත්‍රී දූෂණ අපරාධ ගණන දෙදහසකට වැඩිවන බව.
ඉන්දියානු ජාතික අපරාධ වාර්තා කාර්‍යාංශයේ වාර්ථාවක් උපුටා දක්වමින් කතාවේ ආරම්භයේදීම එසේ දක්වා ඇත.නමුත් මතක තබා ගන්න මේ ඉන්දියාවේ වසරකට වාර්තා වූ ප්‍රමාණය විතරක් බව.

මර්දානි පටන් ගන්නේම කාන්තා හිංසනයකින්. පළමු ජවනිකාවෙන්ම කතාවේ හැඩය ප්‍රේක්ශකයාට සමීප කරනවා. මෙහි එන නව යොවුන් තරුණයෙකු තම අදහස් මර්දානි නරඹන අපි වෙනුවෙන් ප්‍රකාශ කරමින් ඉදිරියට ඇඳේ. ඔහු එකවරම විරසකව රංඩු කරනා පෙම් යුවලක් දකී. එහි පෙම්වතිය පෙම්වතාට ඉතා තදින් බණිමින් පසුවෙයි. මෙහිදී ඔහු එතන සුවිශේෂී යම්ක් පවසනවා. ඒ තමයි “මේ කෑගහන කෙල්ලා ඉන්නවනේ, ඒ තමයි මගේ ටයිප් එක. මන් ඒ වගේ උන් ගැන ආචාර්ය උපාධියක් කරලා තියෙන්නේ.” මෙම ප්‍රකාශයෙන්ම මේ ශිව් ප්‍රසාද් යනු කවරෙකුදැයි අපට වැටහෙයි. අනතුරුව ඔහු එම අවස්ථාවේදී උපක්‍රමයක් යොදමින් එම විරසක වූ පෙම්වතියව තම මෝටර් රථය තුළට උපක්‍රමශීලීව පමුණවා ගනී. මේ සඳහා ඔහු යොදා ගන්නා උපක්‍රමය ඔබට මර්දානි නැරඹීමෙන්ම දැක බලා ගැනීමට හැකිය.

අනතුරුව මොහු ඇයව කාරයට ගෙන්වා අමානුෂික ලෙස පහර දී ඇයව පාළු පෙදෙසකට ගෙන යයි. ආරම්භයේදී එම තරුණිය කෑ ගසමින් මොරදෙන හඬ පමණක්
ප්‍රේක්ශකයාට අසන්නට සළස්වමින් ප්‍රේක්ශකයාගේ බිය තැතිගැනීම හා කුහුල එක්කමින් මර්දානි ආරම්භ වෙයි. අනතුරුව කතාවේ ප්‍රධාන චරිතයක් වන රානි මුකර්ජි,
කෝටා පොලීසියේ නව පොලිස් අධිකාරී ලෙස ශිවානි රෝයි ලෙස මර්දානි හමුවේ ඔබට දැක ගත හැකිය. ඉතින් මේ කෝටා පොලිසියේ පොලිස් අධිකාරී මර්දානි
පැමිණෙන්නේ හඳුනා නොඟත් තරුණියකගේ මළ සිරුරක් පිළිබඳව ආරංචියක් ලද සැණින්නය.

ඒ පිළිබදව පරීක්ෂණය භාරව ඇත්තේ ශිවානිටයි. ඉතින් මෙම මළසිරුර පවතින ස්ථානයට පැමිණ ඇය මළසිරුර බැලීමට යාමේදී ඇය දකින්නේ ඉතාමත් ඛේදනීය දසුනක්.
ඒ තමයි එම කාන්තා මළ සිරුර ඉතාමත් අමානුෂික අන්දමින් කපා කොටා හිරි හැර කොට, අමානුෂික අන්දමින් දූෂනය කර ඇති බව.ඇය එම අපරාධ ස්ථානය පරීක්ෂණයෙන් හඳුනා ගන්නේ එම අපරාධකරුවා වමත්කරුවෙකු බවටය. මෙසේ ඉතා අමානුෂික ආකාරයට මේ අපරාධය කළ තැනැත්තා වෙන කවරෙකුවත් නොව ඉහත සඳහන් කළ ශිව් ප්‍රසාද් නම් යොවුන් වියේ පසුවන තරුණාය.

මේ කතාවේ ආරම්භයේ සිටම මෙහි අපරාධකරුවා කවුරුදැයි පෙන්වයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ මේ කතාවේ අපරාධකරු තම අපරාධය වසන් කිරීමට ගන්නා
උත්සාහය, එළෙසම තව තවත් ස්ත්‍රී දූෂණ සිදු කරමින්, පොලිසියට නැතුවම බැරි අපරාධකරුවෙකුගේ වාර්තාවක් තබමින් මොහු ක්‍රියා කරන ආකාරයි.
මෙහි ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය වන ශිවානි මේ පුද්ගලයා පොලිස් රැහැනට අසු කරගන්න විවිධ ක්‍රම යොදාගත්තද ඒවා අසාර්ථක වනේ බාල වයස්කාර
අපරාධ කරුවාගේ කුඨ උපක්‍රමයන් කෙතරම් දක්ෂදැයි ප්‍රේක්ශකයා ඉදිරියේ තබමින්. කෙසේ හෝ ශිවානිගේ එක දිගට සිදුවන අසාර්ථක වීම් නිසා කෝටා ප්‍රදේශයට වෙනත් පොලිස් පරීක්ෂකවරයෙකු පත් කිරීමට සූදානම් වෙයි. ශිවානි හට තවත් දින දෙකකින් සේවා කාලය නිම කර නික්මීමටද සිදු වෙයි. ඉතින් කතාවේ උද්වේගකර බව ඇති කරමින් ශිවානි අදිටන් කර ගන්නේ එම දවස් දෙක ඇතුළතදී කෙසේ හෝ අපරාධකාරයා නිතීය හමුවට ගෙන එන බවය.

ඉතින් කතාව නැරඹීමෙන්ම ඔබට දැක ගත හැකියි. ශිවානි අපරාධකරුවා අල්ලා ගනීද? නැතිනම් අපරාධකරුවා ශිවානිවත් අමානුෂික ලෙස ඝාතනය කරාවිද යන බව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *