මේ විශ්වයේ සිටින එකම ඔබවගේ පුද්ගලයා ඔබද? ඉතින් මේ සංකල්පයෙන් බැහැරව විශ්වයන් අතර විශ්වයන් නිර්මාණය කරමින් මාවර්ල් ස්ටූඩියෝ හරහා තිරගත වූ Doctor Strange in the Multiverse of Madness ගැන තමයි අද මේ සටහන.

මන් මුළින් කිව්වා මේ විශ්වයේ සිටින එකම ඔබවගේ පුද්ගලයා ඔබද? කියලා. ඉතින් Doctor Strange in the Multiverse of Madness නැරඹුවාම අපිට නිරායාසයෙන් හැඟෙන දෙයක් තමයි මං වගේම තවත් අය මේ සුවිශාල විශවයේ ඇතැම් විට ඉන්නවා ඇති වගේ හැඟීමක්. ඉතින් ඒ වගේ හැඟීමක් ඇති කිරීමට සමත් මේ කතාව Doctor Strange කතා මාලාවේ දෙවන කතාව ලෙසටයි එළි දැක්වුණේ. Doctor Strange හී පළමු කතාව තරමට IMDb අගයක් නොළැඹුණද මෙම කතාව තුළ පවතින සිනමා රසය නොඅඩුව ලබා දීමට මාවල් ස්ටූඩියෝ සමත්වී තිබෙනවා.

මෙම කතාව කතාව මුල්ම සිදුවීම වන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සහ කතාවට ආගන්තුක ප්‍රධාන චරිතයක් වන ඇමරිකා චාවේස් යන දෙපල වෙනත් පිටසක්වල ග්‍රහලෝකයක් තුළදී සිදුවන කෙටි සිද්දි දාමයකින්. ආරම්භයේදී එය ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නින්දෙදී දකින සිහිනයක් ලෙස පෙන්වුවද, මේ කතාවේද එක් ස්ඨානයකදී පෘතුවිය තුළ සිටින ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හා මෙහි ආගන්තුක ප්‍රධාන චරිතයක් වන ඇමරිකා චාවේස් අහඹු ලෙස මුණ ගැසීමෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් තේරුම් ගන්නෙ එය ස්වප්නයක් නොව සත්‍ය වශයෙන්ම සිදුවූවක් බවයි. කොහොම වෙතත් මේ ගැන සැක පහළ වූ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ පිළිබදව ඇමරිකා චාවේස්ගෙන් විමසයි. ඒ අනුව සිදුවන කතා බහෙන් අනතුරුව කතාවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හා ඇමරිකා චාවේස් මුහුණ පාන ක්‍රියාදාම සිදුවීම රාශියක් ඔස්සේ Doctor Strange in the Multiverse of Madness දිවයයි.

මේ කතාවේ ඇමරිකා චාවේස් කියන්නෙ සුවිශේෂි චරිතයක්. ඒක හේතුව විශේෂිත බලක් ඇය තුළ පැවතීමයි. මේහි විශේෂත්වය වනේ ඇයට එක් විශ්වයක එක් ස්තානයක සිට තවත් විශ්වයක වෙනත් සිතානයක් වෙන ගමන් කිරීමේ හැකියාවයි. නමුත් ඇමරිකා චාවේස්ට මේ බලය ලැබුණේ කොහොමද? ඒ බලය පාවිච්චි කරන්නෙ කොහොමද? එය පාලනය කරෙන්නෙ කොහොමද යන්න කිසිදු අවබෝධයක් නම් නැහැ.

ඉතින් මේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක් තමයි වැන්ඩා මැක්සිමොෆ් කියන්නේ. ඔබ ඇවේන්ජර්ස් කතාමාලාව බලලා තියෙනවනම් වැන්ඩා මැක්සිමොෆ් ඔබ දන්නවා ඇති. වැන්ඩා මැක්සිමොෆ් මෙම කතාවේදි ඉතා වේදනාවෙන් සහ වියරුවෙන් සිටින අතර ඇය ඇයගේ පවතින මයා බලයෙන් ඇය වගේම කාන්තාවක් වෙනත් විශ්වයක සිටින බව දකියි. නමුත් ඇයට සිතට රිදුම් දෙන කාරණය වන්නෙ ඒ කාන්තාවට තමන්ගේම දරුවන් දෙදෙනෙකු සිට නිසා හා තමාට එළෙස දරුවන් වැදිමේ හැකියාව නැති නිසාත්, ඇයට ඒ වෙනත් විශ්වයක එසේ සතුටින් සිටින එම කාන්තාව සහ එම දරුවන් දුටු විට ඇයට දාරක ප්‍රේමය හට ගැනීමත්ය. ඉතින් මේ හරහා කතාව දිව යන අතර වැන්ඩා මැක්සිමොෆ්ට එම වෙනත් විශ්වයක සිටින තම දරුවන් දැකීමේ හැකියාව නැති නිසා සහ ඇමරිකා චාවේස්ට විශ්වයන් අතර ගමන් කිරීමේ අද්විතීය බලයක් ඇති බව දැන ගැනීම නිසාත් මෙම කතාවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සහ වැන්ඩා මැක්සිමොෆ් අතර විශාල ගැටුමක් නිර්මාණය කර කතාව සිද්ධි දාමය දිවයයි.

වැන්ඩා මැක්සිමොෆ් ඩාක් හෝල්ඩ් යන ශාපලත් ග්‍රන්තයක් භාවිතා කරමින් තම බලය ඒ මඟින් යොදවමින් ඇමරිකා චාවේස්ගේ බලය ඇය සතු කරගැනීමට ඇය දැඩි සටනක යෙදෙයි. මෙහිදි ඇමරිකා චාවේස්ව ආරක්ශා කරන්නෙ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ය. එහිදී විශාල වශයෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හා වැන්ඩා මැක්සිමොෆ් සමඟ ගැටුම් නිර්මාණය කරමින් කතාවේ උද්වේගකර බව ඉස්මතු කර පෙන්වයි.

ඉතිම් මේ අත්භූත වූ, වෙනම සංකල්පයක් වෙත මාවල් සිටූඩියෝ සිනමා රසිකයිනව ප්‍රවිශ්ඨ කරමින් තිරගත වු Doctor Strange in the Multiverse of Madness තවමත් නරඹලා නැත්තම් ඉක්මණිනම ඔබත් මේ චිත්‍රපටය නරඹන්න ලෙස ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *